Showing posts with label විදුලි බිල. Show all posts
Showing posts with label විදුලි බිල. Show all posts

Monday, March 17, 2014

විප්ලවවාදි පන්නරය හා විදුලි බිල


විමල් වීරවංශ කියන්නේ ලංකාවේ විප්ලව දෙකක්ම කරපු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක  ලේකම්ය. හිටපු පාර්ලිමේන්තු කණ්ඩායක් නායකය. එතුම ජවිපෙ ඉන්න කාලේ ෆුල් විප්ලව වාදියෙක්ය. හිරු පත්තරේ කරන කාලේ ජුලියස් පුචික් වර්ගයේ විප්ලවවාදි  පත්තර කාරයෙක්ය. ඒ කාලේ එතුමාට කන්ට බොන්ට තියා සීගිරි යන්ටවත් වෙලාවක් නැතුව විප්ලව කරාය.

එතුමා උපන් ගෙයි විප්ලව කාරයෙක්ය. එතුමා කොයි දේ කරත් කලේ විප්ලවවාදි විදියටය. එතුමගේ පක්ෂේ ෆුල් ටයිමර් ලා කන්ට බොන්ට නැතිව ඉද්දි, ෆුටාර් එකේ, බස් එකේ පයින් ගමන් බිමන් යද්දි  එතුමා කල්පනා කලේ විප්ලවවාදි විදියටය. පක්ෂේ ඔක්කොම එකම විදියට හිඟන්නෝ වගේ ඉන්න කොට කිසිම විප්ලවවාදි ගතියක් නැති නිසා එතුමා විප්ලවවාදි විදියට රුපියල් දහ පාලොස්දාහ වියදම් කොරලා ඔලුවේ ජෙල් ගාගත්තෙය.ඊටත්  වඩා සුපිරි විප්ලවවාදි සෙල්ෆෝන් දෙක ගානේ බෙල්ලේ එල්ලා ගෙන හිටියේය. පක්ෂේ අනිත් උන් කැට හොල්ලද්දී එතුමා ඒ සම්ප්‍රදායෙන් මිදී විප්ලවවාදියෙක් විදියට ඩිස්නිලන්තේ බලන්ට ගියෝය.

එතුමා ජවිපෙන් අයින් වී ජානිපෙ හදා ගෙන මහින්ද මාමගේ සාටකේ එල්ලුනාම මේ විප්ලවවාදි ගති නැති වෙලා යයි කියලා හැමෝම හිතුවෝය. ඒ වුනත් එහෙම නැතිය. එතුමා කලින් කිව්ව විදියට උපන් ගෙයි විප්ලව කාරයෙක්ය. හිතන්නේම විප්ලව කාරයෙක් විදියටය. 

ඔන්න රටේ සාමාන්‍ය ජනතා මෝල් ගස් සම්ප්‍රදායික විදියට හිතලා විදුලිය අඩුවෙන් පාවිච්චි කරලා විදුලි බිල අඩු කරගන්ට උත්සාහ කරද්දි අපේ ගරු විමල් ඇමති තුමා විදුලිය පාවිච්චි කරන්නේ ද විප්ලව කාරි විදියටය. එතුමාගේ මාසික විදුලි බිල ලක්ෂේ පනින්නේ ඒකය. එතුමා විප්ලව කාරයෙක් නිසාය. එහෙම විප්ලව කායෙක් වෙන්ට ලේසි පුතයෙකුට බැරිය. අපි ඒ ගැන එතුමාට සුබ පැතිය යුතුය.

ලබන මාසේ විදුලි බිල ලක්ෂ දෙක පන්නන්ට යෝද බල යෝද දහිරිය ,විප්ලවවාදි පන්නරය එතුමාට ලැබෙත්වා.

Friday, May 24, 2013

වර්ජනය අසාර්ථක වීමේ හේතුව දිවයින කතුතුමා හොයාගනී.




පසු ගිය දා පැවති සංකේත වර්ජනය අසාර්ථක වීමේ හේතුව දිවයින  පත්තර කාර මහත්තුරුන් හොයාගෙන තිබේ. පහතින් දැක්වෙන්නේ ඊයේ දිවයින කතුවැකියේ ඒ ගැන තිබූ ආකාරයයි.

ඉහත සඳහන් කළ සහ නොකළ සියලු දුක්‌ගැහැට, නොපනත්කම් මධ්‍යයේද ජනතාව රජය සමඟ සිටින්නේ මන්ද යන්න රජයට වැටහෙන්නේ නැති බව සත්‍යයකි. තම සුවිශේෂී නායකයාගේ ආලෝකයෙන් බබළමින්ද, වාචාල කතා කියමින්ද හතර අතේ පිස්‌සු කෙළින ඇතැම් අමාත්‍යවරුන්ට අනුව මේ වූ කලී සදාකාලික රජයකි. .......

එහෙත් මේ එකකුවත් සැලකිල්ලට නොගන්නා යථාර්ථය ඒ එකදු විකාරයක්‌වත් නොවේ.

ත්‍රස්‌තවාදීන්ගේ නිජබිමක්‌ බවට පත්වන්නට තිබූ රටක්‌, අධිරාජ්‍යවාදීන්ගේ කෙළි බිමක්‌ බවට පත්වන්නට තිබූ රටක්‌, ඒ බිහිසුණු ඉරණමෙන් මුදා ගැනීමේ පුණ්‍යකර්මය හිමිකරගත් නායකයකු වටා තවමත් පෙළගැසීමේ යථාර්ථයම වෙයි.

ඒ නායකයා මේ රටේ අඛණ්‌ඩ උරුමයේත්, සාරයේත් වටිනාකම අවබෝධකොට ගෙන ඒ අනුව කටයුතු කරන්නකු වීම ඊට අනුබද්ධ යථාර්ථයම වෙයි.

එහෙත්, උද්ධච්ච මදාවියන්, ලුම්පන්වරුන් තම රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද වශයෙන් යොදා ගැනීම සේම, අදක්‍ෂ ලෙසද, කුමන්ත්‍රණකාරී ලෙසද රාජ්‍ය කළමනාකරණයේ යෙදෙන්නන් තම මෙහෙයුම් මණ්‌ඩල තුළ තබා ගැනීමද ඔහු විසින් නොකළ යුත්තක්‌ වේ.

මේ මහත්තුරු අපිට කියන විදියට  " රාජපක්ෂලා නම් සුපිරිසිදුයැ. පිංවත්යැ. මනරම්යැ. සිල්වත්යැ. ජනතා හිතවාදියැ.ලුම්පන් ද නැතියැ.

සියලු අසත්පුරුෂ, දුර්ජන , ජනතා ද්‍රෝහී ,කඩප්පුලි වැඩ කරන්නේ ඇමතිවරුන්යැ.ඉදින් මේ අදක්ෂ,වාචාල පිස්සු කෙලින  ඇමතිලා නැත්නම් මේ රට මෙලහකටත්  සුරපුරක්ය. ( වෙල්ගම ඇමතිතුමාත් ඔය කියන ඇමති සැට් එකේ සාමාජිකයෙකුදැයි අපි නොදනිමු)

මේ කතාවෙන් මෙරට හුදී ජනයා වන අප තේරුම් ගත යුත්තේ විදුලි බිල වැඩිවන්නේ විදුලි බල ඇමති ( හෝ ඇමතිනිගේ)  වරද නිසාය. උසස් අධ්‍යාපනයට වෙන් කල මුදල් කපා දමන්නේ ඇස්.බී ඇමතිය. සෞඛ්‍යට වෙන් කල ප්‍රතිපාදන කපා දමා සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුධයට යවන්නේ මෛත්‍රීපාල උන්නැහේය.නැව් නො එන වරායවල් , කුරුල්ලන් පමණක් ගොඩබාන ගුවන්තොට හැදීමට කෝටි ගනන් මුදල් වියදම් කරන්නේ ඇමතිවරුන්ගේ තනි කැමත්තටය.කෙටියෙන්ම කිව්වොත් මේ අදක්ෂ , වාචාල ඇමතිලා තනතුරුවලට පත් කර ගෙන ඇත්තේ තම තමන්මය.

මේ කිසි දේකට ආලෝකයෙන් බබලන නායකතුමා සම්බන්ධ නැත.එතුමා දන්නවා නම් කරන්ට දෙන්නේත් නැත.එතුමාගේ හැටි එහෙමය.

දිවයින කත්තුරු තුමා කියන විදියට මිනිස්සු වර්ජනය නොකලේ ඒ නිසාය.

සටහන-බෝතල් පත්තර කාරයින්ගෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු වෙන්නද?







Thursday, May 23, 2013

වර්ජනේ අසාර්ථකයි(ලු)


අනේ සුසානෝ මම කොලඹ යනකොට
කුණු ගඳ ගහන මල මිනියක් නැගිට
මයික් ගොඩක් ලඟ ඉඳගෙන ටෝක් දෙසයි
අසාර්ථකලු ඊයේ කොරපු වර්ජනේ

මොකාදැයි කියලා  හොඳ හැටි බලන කොට
ඇස් නැති අමරසිංහ හිටපු විප්පල නායකයා
දෑත් ශක්තිමත් කොරනට දුව ආපු
ගඳ ගස්සනවා අයියෝ සිරි ලංකාව

-රංචාගොඩ ළමයා-



Tuesday, May 21, 2013

වර්ජන හා තර්ජන හා ගර්ජන



දැනට පෙනෙන්නට ඇති හැටියටනම් සහභාගිත්වය අතින් අද දින වර්ජනය එතරම් සාර්ථක නැත. එහෙත් අනික් අතට  ඊයේ සවස් වන විටම වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම සාර්ථකය.

ඒ ඔවුන් කොතරම් දුබලදැයි මේ ආණ්ඩුවේම බලවතුන් සිය දහස්වතාවක් කියා ඇති විපක්ෂය විසින් කඩිමුඩියේ , කිසිම සැලස්මක්, සංවාදයක්, සාකච්ඡාවක්, නැතිව තම තමන් හිතු මනාපයේ සංවිධානය කල මේ වර්ජනය හමුවේ ආණ්ඩුව හා එහි ලොක්කන් බක්කන් බිය වී ඇති තරම නිසාය.

ආණ්ඩුව ,මේ වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා මහා පරිමාණ යුද්ධයක් දියත් කලේය. මහා පරිමාණ මඩ ව්‍යාපාර දියත් කලේය.

ඒ අතර නොයෙකුත් චක්‍රලේඛ නිකුත් කරමින් අද දින සේවකයින් වැඩට ගෙන්වා ගැනීමට උත්සාහ කලේය. වෙනකක් තබා ඊයේ දිනට ගෙවීමට තිබූ ගුරු වැ‍ටුප් ගෙවීමත් අදට කල් දැම්මේ , අප්‍රේල් මස මුලදී වැ‍ටුප් ලබා ගැනීමෙන් පසු අතේ ශතේ නැතිව සිටින ගුරුවරුන් අද වැ‍ටුප් ලබා ගැනීම සඳහා පාසලට ගෙන්වා ගැනීමටය.

එම ක්‍රියාවල ප්‍රතිපල කුමක් වේදැයි අපිට දැන්ම කියන්නට නොහැකිය. එහෙත් ආණ්ඩුව බය විය. ආණ්ඩුවේ මැති ඇමති වරු වැඩි දෙනෙක් මේ ගැන වචනයක්වත්  නොකියා සිටින්නට වග බලා ගත් අතර හැම දේටම බුරා පනින වීරවංශ හා නඩය පවා අසාමාන්‍ය ලෙස නිශ්ශබ්දය. ඔව්හු ලොවෙත්  නැති උතුරේ චන්දයක් හා අසාර්ථක ලෙස හැපෙමින් සිටිති.

තමන්ට සුපුරුදු අධිතක්සේරුවෙන් යුතුව , කිසිම සැලස්මක් හා වෙනත් කණ්ඩායම් හා මහජනයා සමග නිසි සංවාදයකින් තොරව ජවිපෙ විසින් මෙම වර්ජනය කැඳවූ ආකාරය වෙනම කථා කල යුතුය. මේ එයට වෙලාව නොවේ.



Wednesday, May 15, 2013

විදුලි බිල වැඩි කරව්




අද දින විදුලි බිල වැඩි වීමට එරෙහිව පවත්වන උද්ඝෝෂණය නමැති විජාතික කුමන්ත්‍රණය පැරදවීම සඳහා දේශප්‍රේමි මාලු පාන් කිරි පැකට් හමුදාව සක්‍රීය සේවයට කැඳවනු ලැබේ.( බලන්න අද දිනමිණ)

සියලු දෙනාම හතර හතරේ පරාල ‍රැගෙන සේවයට වාර්තා කල යුතු අතර පැමිනෙන සියලු දෙනාට උපරිම අන්දමින් සංග්‍රහ කරන බව හිටපු ජේවීපී මන්ත්‍රී සිරිපාල අය්යා අමරසිංහ පැවසීය.

ඇත්තෙන්ම විදුලි බිල වැඩි වී නැති බවත්, සිදුව ඇත්තේ විදුලි බිල අඩු වීමක් බවත් දැන ගන්නට ලැබී තිබේ. විදුලි බිල වැඩි යැයි කියන්නේ දේශද්‍රෝහින් නිසා දේශප්‍රේමින් විදුලි බිල අඩු යැයි කිව යුතු බවත් පොදු මහජන  මතයයි.

ඒ අනුව අද පැවත්වෙන දේශප්‍රේමි මාලු පාන් කිරි පැකට් හමුදාවේ උද්ඝෝෂණයේ ප්‍රධාන සටන් පාඨය වනු ඇත්තේ විදුලි බිල වැඩි කරව් යන්නය.

Wednesday, May 8, 2013

ආර්ථික ඝාතකයාගේ උප්පරවැට්ටි



මේ පහතින් තියෙන්නේ හිරු ,ලක්බිම වගේ පත්තරවල හිටපු විප්ලවකාරි මාක්ස්වාදි පත්තර කාරයෙක් හා ජනතා විමුක්ති පෙරමුනේ හිටපු විප්ලවකාරි නායකයෙක් වෙන දැන් වීරවංශ ඇමති තුමා පහු ගිය මැයි දිනේ කරපු කතාවෙන් කොටහක්. 

දැන් ලැබුණු ප‍්‍රවෘත්තියක් කියලා මම යළි අපේ කතාව කියන්නම්. එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින රැලියේදී දැන් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කරලා තියෙනවා, ‘ඒකක 60දක්වා කිසිදු විදියකින් විදුලි බිල වැඩි කරන්නේ නැහැ. ඒකක 180දක්වා පරිභෝජනය කරන අයටත් සැලකිය යුතු සහනයක් දෙනවා’ කියලා. එතුමාට අපේ ආචාරය, ගෞරවය මේ මැයි දින වේදිකාවේ සිට පුදකර සිටිනවා, අපේ මතය, ජනතා මතය පිළි අරගෙන ජයසුන්දර ආර්ථික ඝාතකයා හදපු විදුලි බිලේ පීඩාවෙන්, උගුලෙන් අපේ මහජනයා නිදහස් කර දීම සම්බන්ධයෙන්.


ඇත්තෙන්ම මේ විදියට, අඩුවෙන් විදුලිය පාවිච්චි කරන අයට වැඩියෙන් විදුලි බිල වැඩි වෙන්නත්, වැඩියෙන් විදුලිය පාවිච්චි කරන අයට අඩුවෙන් විදුලි බිල වැඩි වෙන්නත් මේ යෝජනාව හැදුණෙත් පී. බී. ජයසුන්දර අතින්. නමුත් මේකට සම්පූර්ණයෙන් වගකිව යුතු කෙනාගේ නම එජාපය කියන්නේ නැහැ. වෙනත් අයව පටලවනවා. ඒ ඇයි? මේ රටේ විදුලිය අඩුවෙන් පාවිච්චි කරන මිනිහගේ ඔලූවට හෙණ පතයක් යවපුවාම ආණ්ඩු විරෝධී බලවේග ශක්තිමත් වෙනවා. ජයසුන්දරලාට  ඕන විදුලි බිල නිකං වැඩි කරන්න නොවෙයි, අඩු ආදායම්ලාභීන්ට සහ පහළ මධ්‍යම පන්තියේ ජනතාව සහ ආණ්ඩුව සමග ඉන්න බලවේග ආණ්ඩුවට විරුද්ධව පාරට බස්සන්න.

ජනාධිපතිතුමා විදුලි බිල වැඩි කිරීම සංශෝධනය සඳහා පියවර ගත්තේ මේ ජයසුන්දරගේ උප්පරවැට්ටිය තේරුම් ගෙන. ඒ තීරණය එන්නේ මේ ආර්ථික ඝාතකයාගේ උප්පරවැට්ටිය තේරුම් ගැනීමත් සමග.


සටහන- ඈ යකෝ දැන් උඹ අපිට කියන්නේ පී.බී ජයසුන්දර කියන ආර්ථික ඝාතකයා කොරන එකම වැඩේ මේ ආණ්ඩුව ජහමනයාට එපා වෙන කුමණ්ත්‍රණ කර කර ඉන්න එක කියලද? විදුලි බිල ඌ වැඩි කොරේ ආණ්ඩුවේ කාගෙන්වත් අහන්නේ නැතිව, කාටවත් කියන්නේ නැතිව උගේ හිතුමනාපෙට කියලද? ඌ එහෙම කරන්නේ ජහමනයා ආණ්ඩුවට විරුද්දව පාරට බස්සන්න කියලද? උඹ අපිට කියන්නේ ජනාදිපතිතුමා මැයි දිනේ දීපු ඊනියා සහනේ දුන්නේ පී.බී ගේ කුමන්ත්‍රන දැන ගෙන ඒක පරද්දන්න කියලද?

ඇයි යකෝ උඹලාගේ ජනාධිපතිතුමාට කියපන්කෝ ඔය පී.බී වගේ ආර්තික ඝාතකයන්ගේ  කුමන්ත්‍රන පරද්දන්න කාලේ නාස්ති කොර කොර ඉන්නේ නැතිව එක පාරටම ඌව අස් කරලා දාන්න කියලා.එතකොට පුරස්නේ ඉවරනේ. උඹටත් ඇහැකිනේ පී.බී ජයසුන්දර එලවන කම් මාරන්තික උපවාසයක් කරන්න. එහෙම කලොත් මමත් එන්නම් උඹේ සපෝර්ට් එකට ලෙමන් පෆ් පැකට් එකකුත් අරගෙන


Monday, May 6, 2013

මහා අඩු කිරීම- The Great Reduction



ජනාධිපති තුමා හම්බන්තොට පැත්තේ ඊවිනින් වෝක් එකක් දමමින් සිටිද්දී හමු වූ පාක්ෂිකයෙක් ආණ්ඩුව විදුලි බිල වැඩි කර ඇති බව එතුමාට කියන කම් ඒ ගැන දැන නොසිටි එතුමා  වහාම කොළඹ පැමිණ ඒ  ගැන සොයා බලා මැයි දිනයේදී ඓතිහාසික ටෝක් එකක් දී විදුලි බිල අඩු කලේය.

මේක ආරංචි වුන විමල් වීරවංශ ඇමතිතුමා ඉංජිනේරු සංස්ථාවෙන් හදා දුන් වේදිකාවේ උඩ සිට කස්තිරමක් අල්ලා "අපි කිව්වේ නැත්ද? ජනාදිපති තුමා විදුලි බිල වැඩි කරපු එක ගැන දැනගෙන හිටියේ නෑ.ඕක වැඩි කලේ පී.බී ජයසුන්දර. ජනාධිපති තුමා  දැන ගත්තානම් වැඩි කරන්ට දෙන්නේත් නෑ. ඔය දැනගත්ත  ගමන්ම අඩු කලා දැක්කා නේද? " ආදි වශයෙන් හේමාකර්ට් කම්කරුවන් මිනී වලේ ඇඹරෙන ජාතියේ ටෝක් එකක් දුන්නේය.

ජනාදිපතිතුමාගේ මේ ජනහිතවාදි, මානවප්‍රේමි ක්‍රියාව දිවයින පත්තරේ ලැප්ටොප් සුමනසේකර විස්තර කරන්නේ මෙහෙමය.

"විදුලිබල මණ්‌ඩලයේ අදාළ බලධාරීන් මෙන්ම ඒ සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලන අධිකාරිත්වයේ අදූරදර්ශී හා අසමර්ථභාවය විසින් වර්ධනය කරමින්, නඩත්තු කරන ලද විදුලි අර්බුදයේ විපාක ජනතා හිස මතට කඩා පාත් කරවීමට දරන ලද ප්‍රයත්නය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සාධනීය මැදිහත්වීම නිසා නතර වී තිබේ. ජනාධිපතිවරයා විසින් මැයි දිනයේදී මේ රටේ වැඩ කරන ජනතාවට ලබා දෙන ලද අගනා ත්‍යාගයක්‌ ලෙසද අපි එය සලකන්නෙමු. ඒ සඳහා අපගේ ප්‍රශංසාවද පළ කරන්නෙමු. "

වීරවංශලා,සුමනසේකරලා කියන විදියට දැන් ජහමනයා සද්ද වසා දමා චිත්තප්‍රීතියෙන් යුතුව ජනාදිපතිතුමාට ආසිර්වාද කරමින් සිටිය යුතුය. එතුමා විදුලි බිල අඩු කර ඇති නිසාය.

මේ කට්ටිය කියන ඔය මහා අඩු කිරීම ( The Great Reduction ) මොකක්ද කියා අප දැන් බලමු.

ඒකක 60 යනකම් කිසිම සංශෝධනයයක් නැත. ශත පහක් වත් වැඩි වන්නේ නැත. ඒකක 60 කියන්නේ විදුලි බලය පාවිච්චි නොකරනවා හා සමානය. බල්බ දෙකක් පැය කීපයක් පත්තු කර තබන්ටත්, අයි ටී ඇන් එකේ ප්‍රවෘත්ති හා කුණු රස ටෙලි නාට්‍ය දෙකක් බලන්නටත් අමතරව ඉස්කෝලේ යන පොඩි එවුන්ගේ ඇඳුම වල ඉස්සර පලුව මැද ගැනීමටත් පුලුවන. පිට පලුවත් මදින්ට ගියොත් සොරි තමා.ශීතකරණ , හීටර, බීටර, ග්‍රයින්ඩර, වතුර මෝටර, සුම්මාය.

මේ අඩු කිරීමෙන් පවුල් ලක්ෂ විසිපහකට සෙත සැලසෙන බව මේ මහත්තුරු අපිට කියන විට අපි තේරුම් ගත යුත්තේ පවුල් ලක්ෂ විසිපහක් ගල් යුගයට ටිකක් මෙහායින් නතර කර දමා ඇති බවය. ආශ්චර්ය කියන්නේ ඕකටය.60ට වැඩියෙන් පාවිච්චි කරන අනිත් අයටත් කියන්නේ උඹලාත් ගල් යුගේට පලයල්ලා කියලාය.

ඊ ලඟට 61 සිට 180 දක්වා ඒකක භාවිතා කරන අයගේ ඉන්ධන ගැලපුම් ගාස්තුවෙන් 25% කපා දමනු ලැබේ. මාරය. මාරම මාරය. එතුමාගේ මේ සහනය නිසා ඒකක 91 භාවිතා කරන කෙනෙකුට ලැබෙන සහනය කොහොමද?( මෙය 96 දක්වා වැඩි  කර ඇති බව කීයයි.)

වැඩි වීමට කලින්- රු.983

වැඩි කල පසු- රු.3372.00

ඊනියා සහනය ලැබුනු පසු- රු.3100 පමණ

සුම්මට අකලා නේද?

බොරුවේ උපත වන දේශපාලුවන් වේදිකා පලමින් අපි ජනයාට  මහා සහන දුන්නා යැයි කීම අපට සිතා ගත හැකිය. එය සැම දා සිදු වූ අතර ඔවුන්ගේ රක්ෂාවයි. එහෙත් කුප්ප බෝතල පත්තර කාරයින් තමන්ට ලැබෙන කේක් කෑල්ලට, අරක්කු බෝතල් කාලකට මෙතරම් පහත් අඩියකට වැ‍ටුනු යුගයක් අපි නොදනිමු. කණගා‍ටුව නම් දයාසේන ගුණසිංහ වැනි මහා පුරුෂයන් අභීතව අදීනව වැඩ කල තැනක දැන් සිටින්නේ  කුක්කන් වීමයි.

මේ මහා අඩු කිරීම( The Great Reduction) ගැන W3LANKA හි අජිත් පැරකුම් ලියු ලිපියකට දැමූ කොමෙන්‍ටුවක මෙසේ තිබුනි.

පුක පලනකම් බලා සි මැහුම් දැම්මාට පින් දුන්නා වාගෙයි“

වෙන මොකක්ද?

Tuesday, April 30, 2013

කරන්ට, කරන්ට ,අනේ කරන්ට


"ජනාධිපතිවරයා එසේ දේශපාලන පාඩමක්‌ කියා දුන් පසුව ජනක ඇමැතිවරයා ප්‍රදේශයේ පැරැණි ශ්‍රීල.නි.ප. මන්ත්‍රීවරයකු ගැන එක්‌තරා ආරංචියක්‌ ජනාධිපතිවරයාට කීවේය. 
සර්... පළාත් සභාවේ හිටපු අපේ පැරැණිම සාමාජිකයෙක්‌ වන අංගම්මන මන්ත්‍රීතුමා පහුගිය කාලේ නැති වුණා. එතුමගෙ පවුලේ අය අද බොහොම අමාරුවෙන් ජීවත්වෙන්නෙ. එතුමාගේ හොස්‌පිට්‌ල් බිලම ලක්‍ෂ 80 ක්‌ විතර වෙනවලු. එයා මියගියාට දවස්‌ ගාණකට පස්‌සෙ තමයි පළාත් සභා මන්ත්‍රීවරුන්ට වෙහිකල් පර්මිට්‌ එක දුන්නෙ. බැරිද සර් අපිට එයාට උදව්වක්‌ කරන්න. පවුලේ අයට...

ඔව්... අපි ඒක කරමු... ජනාධිපතිවරයා කීවේය. "



(උපුටා ගැනීම දිවයින ලැප්ටොප් සංග්‍රහය)

සටහන- ඔව්, ඔව් , කරන්ට , කරන්ට ,එයාට කරන්ට.ඔයාලටත් කර ගන්ට.  ඔයාලටම කර ගන්ට. එදාවේල කන්ට නැති දුප්පතාගේ ලයිට්  බිල වැඩි කරලා ඒ ගන්න සල්ලි වලින්  කරන්ට. සීනි ටිකට, පරිප්පු සීයට, මිරිස් තුනපහ ටිකට, අල ගෙඩියට විතරක් නෙවේ මන්දපෝෂණෙන් පෙලෙන පොඩි එකා ගේ කිරි පිටි පැකට් එකටත් බදු ගහලා ඒ සල්ලිත් අරගෙන කරන්ට. අපි ඒ අතරේ  බනිසක් කාලා කිරි පැකට් එකක් බීලා  දුමින්ද සිල්වා වෙනුවෙන් රතිඤ්ඤා පත්තු කරන්නම්.

Monday, April 29, 2013

ගෝරි මතක නෑ පොලිටික්ස් මතකයි



ගෝරි  මතක නෑ පොලිටික්ස්  මතකයි 

පසුගිය ඉලැක්ෂන් කාලේ

මා  හිස මුදුනේ නැහැනේ බුලට් වැදුනේ..
 (සොරි !සොරි! පද වරදිනවා හේමන්ත ලොක්කා)

මා හිස මුදුනේ එකයි බුලට් වැදුනේ

ඒ හිස  ඔබ දෙස බලා සිටිත්දී

කෑලි කරන  ආශාවෙන්…

නොසිතූ ලෙසින් මා  ආපසු  ආවේ  

ලයිට් බිලට තග්ස්  ඕනෑ කාලේ 

ගෝරි  මතක නෑ පොලිටික්ස්  මතකයි .......

Saturday, April 27, 2013

දුමින්දට සුවය දුන් හාස්කම මෙන්න





හාස්කමකින් සුවය ලැබූදුමින්ද සිල්වා අද රෝහලින් පිට වී ගෙදර යන බව ඔහුගේ අයියා ලෝකයට දැනුම් දී තිබේ.‘Haaskamkin Suwaya Lebuu Parlimenthu Manthri R. Duminda Silva heta Perawaru 11.15ta Nawaloka Rohalen Pitathwa Yai‘

මෙතුවක් දවසක් උසාවියටවත් ඒමට නොහැකි පරිදි මාරාන්තික තුවාල ලබා රෝහල් ගතව සිටි   එතුමාට ඇප ලබා දුන්  විගස සුවය දුන් හාස්කම කුමක්ද?

එසේ සුවය ලබා දුන් හාස්කම් කාරයා   කවුද?

මෙය මොලය හරවන ප්‍රශ්නයක් නොවේ. උත්තරය හරිම සිම්පල්ය.

වැඩි වූ විදුලි බිලෙන් ජනතාවට වඩා කරන්ට් වැදී දඟලන්නේ ආණ්ඩුවය. ජනතාවගේ දැඩි විරෝධය වැඩි වූ විදුලි බිලට එල්ල වෙද්දි ආණ්ඩුවේ  ඇමතිවරු ඒ ගැන වාද කරමින්  එකිනෙකාගේ බෙලි මිරිකාගනිමින් සිටිති.

මේ අසීරු වෙලාවේ ආණ්ඩුව බේරාගන්නට කුමක් කළ යුතුදැයි සිතූ එතුමානෝ වීරවංශ කැඳවා උතුරේ මැතිවරණයට විරුද්ධව තුන්වැනි ලෝක යුද්ධය පටන් ගන්නට යැයි කීවේය. වීරවංශයා ද තමන්ට ලැබුනු උපදෙස් පරිදි උතුරේ පවත්වනවා යැයි කියන මැතිවරණයට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කලත් විදුලි බිලෙන් කරන්ට් වැදී සිටී ජනතාව එය වීරවංශට ගිය දේශප්‍රේමි පඩයක් තරම්වත් ගණන් ගත්තේ නැත.

විදුලි බිලෙන් ජනයා අහකට ගැනීමට නම් මීට වඩා ආතල් හා කලම්බන නිව්ස් අවශ්‍යය.

උසාවි ඒමටවත් රෝහල් ඇ‍ඳෙන් නැගිට ගැනීමට බැරිව සිටි දුමින්ද සිල්වා ඇප ලබනවා මදිවාට හාස්කමකින් සුවය ලබා රෝහලෙනුත් පිට වී යන්නේ ඒ නිසාය.

දැන් විදුලි බිල ප්‍රශ්නයෙන්  ආණ්ඩුව බේරාගැනීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ හිරුණිකා අතය.

Thursday, April 25, 2013

රට ඉවරයි හත්තිලව්වේ



විදුලි බිල රටේ සමාන්‍ය ජනතාවට දරා ගත නොහැකි ගානට වැඩි කරමින් ආණ්ඩුව හිතුවේ තම දේශප්‍රේමි අමුඩයෙන් එයද වසා දැමීමට හැකි වනු ඇති බවයි.

එහෙත් තම ගණන් බැලීම වැරදි බවත් වැඩි කල විදුලි බිල සමග අනපේක්ෂිත විරෝධතා ‍රැල්ලක් මතු විය හැකි බවත් ඔවුන්ට  පෙනී ගොස් තිබේ.විපක්ෂයේ දුර්වලතා නිසා විරෝධතා වල තත්වය කෙසේ වුවත් විදුලි බිලේ වැඩි වීම නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය නම් එල්ල වෙමින් තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ  ආණ්ඩුව  මතු විය හැකි විරෝධය හා අප්‍රසාදය වෙන අතක හරවනු වස් කුමක් කළ හැකිදැයි සොයන්නට විය. බොදු බල සේනා හරහා ඉස්මතු කිරීමට උත්සාහ කළ මුස්ලිම් විරෝධය තමන්ට පාලනය කල නොහැකි හේතු නිසා හා බො.බ.සේ කාරයින්ගේ නෝර්වේ සබඳතා හෙලි වීම නිසා අලුත් වැඩ සටහනක වහාම නිෂ්පාදනය කර ගත යුතුව තිබිණි.කොන්ත්‍රාත්තුව ලැබුනේ වීරවංශට හා කැපී සිටින චම්පිකටය.

විමල් වීරවංශ, හෙල උරුමය පමණක් නොව සිරස රූපවාහිනිය පමණක් දන්නා ජනසෙත පෙරමුණේ සීලරතන නම් වූ උන්නාන්සේද ඉදිරියට පැමිණ උතුරේ චන්දය නොපැවත්විය යුතු යැයි මේ දිනවල හඬ නගන්නේ ඒ අරමුණ වෙනුවෙනි.  විදුලි බිලෙන් ජනතාව ඉවත් කර තැබීමටය.13 ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කළ යුතු යැයි මර හඬ දෙන්නේ විදුලි බිලට එරෙහිව නැග එන විරෝධය දියාරු කරනු පිණිසය.

" මේ මල හත්තිලව්වේ විපක්ෂයේ ඉන්න උන්නැහෙලා විදුලි බිල වැඩියි කියලා කියනවා . අපි මේ හත්තිලව්වේ තේරුම් ගන්න ඕනෑ මේ වෙලාවේ විදුලි බිලද උතුරේ චන්දයද කියලා. උතුරේ චන්දේ තිබ්බොත් රට ඉවරයි හත්තිලව්වේ." ආදි වශයෙන් කියමින්  වීරවංශ සහ සමාගම ලඟදීම වේදිකා දෙවනත් කරනු ඇත.

එපමණක් නොව ඔහුගේ ගේ පක්ෂය වෙනම මැයි දිනයක් පැවත්වීමට පවා උත්සාහ කරමින් සිටින්නේ " යකෝ ඔය විදුලි බිල මොන කජ්ජක්ද. මේ උතුරේ චන්දේ තමා කජ්ජ" යනුවෙන් කීමටය.

වීරවංශලා මෙලෙස මෙහෙයවීම තුල රාජපක්ෂලා වාසි දෙකක්ම අපේක්ෂා කරයි. එනම් විදුලි බිල ජනයාට අමතක කරවීමට අමතරව, තමන්ට නියත පරාජයක් හිමි උතුරේ චන්දය රටේ ජනතාව විරුද්ධ යැයි කියමින් නොපවත්වා සිටීමය.

එහෙත් තමන් ගෙදර හාම්පුතාගේ ලොකු පුතා ලෙස පෙනී සිටීමට උත්සාහ කලත් වීරවංශ යනු හාම්පුතාට රෙදි නැතිව කඩේ යන හා ඉතිරි සල්ලි මාටියා ගහන කුඩා  මෙහෙකාර කොලුවෙක් පමණක් බව රටේ ජනතාව අවබෝධ කරගනිමින් සිටී. එම නිසා වීරවංශ මහත්තයෝ ඔයාගේ වැඩේ ඉස්සරහට අමාරු වෙයි.








Tuesday, April 23, 2013

විදුලි බිල සහ ජිනීවා උගුල නොහොත් දේශපෙරේමියෙකුගේ විලාපය




විදුලි බිල වැඩි කලැයි ආන්ඩු විරෝධීන් ආණ්ඩුවට පස් පංගුවේ බනිමින් සිටී. කරුණු කාරණා  නොසොයා එහෙම බැනීම වැරදිය.ඇත්තටම කිව්වොත් අපි, ඒ කියන්නේ මේ කනාමැදිරියා පවා විදුලි බිල වැඩි කිරීම ගැන ආණ්ඩුවට බැන්නෝය.  ඒක වැරදිය. සහමුලින්ම වැරදිය.

විදුලි බිල වැඩි කලේ ආණ්ඩුව නොවේය.වෙන කට්ටියක්ය.  ඒ බව හොයා ගත්තේ ලංකාවේ සිටින අංක එකේ දේශප්‍රේමියෙක්, දේශහිතේෂීයෙක්, දේශමාමකයෙක්, දේශපාලුවෙක් වෙන දත්දොස්තර දේශහිතේෂී මහලේකම්  වසන්ත බංඩාර මහතාය. ඒ මහතාගේ නිල කාර්ය ඊටත් වඩා දේශප්‍රේමියෙක් වෙන ඇමති වීරවංස තුමාගේ උපදේශක කමයි.

එහෙව් වසන්ත බංඩාර මහත්තයා කියන්නේ මෙහෙව් කතාවකි. මේ කතාව එතුමා කියලා තිබුනේ වීරවංශ චී නිව්ස්   සී නිව්ස් එකේය. ( ලින්ක් දාන්නේ නැති බව කරු. සලකන්න)

ලංකාවේ තියෙන දේශප්‍රේමි බටහිර බලවේග, අධිරාජ්‍යවාදින්, බහුජාතික සමාගම්, දෙමල ඩයස්පෝරාව, එන්ජීඕ කුලී සේනාංක, ආර්ථික ඝාතකයන් ඇතුලු එකී, මෙකී නොකී බොහෝ දෙනාගේ එකම වැඩේ ලංකාවේ දේශප්‍රේමි ආණ්ඩුවට විරුද්දව,ආණ්ඩුව වැට්ටවීමට  කුමන්ත්‍රණ කිරීමය.

මේ කුමන්ත්‍රණ නඩය නොයෙක්  ජාතියේ කුමන්ත්‍රණ කලත් හරි ගියේ නැති  තැන අන්තිමට විදුලි බිල වැඩි කලේය. මේක ජීනිවා උගුලක්ය. ආන්ඩුව ජනතාව අතර අපකීර්තියට පත් කරන්ට බටහිර ඒජන්තයින් කරපු වැඩක්ය.මොලේ තියෙන ආන්ඩුවේ හැම දේශපාලකයෙක්ම මේකට විරුද්දය.

කොටින්ම කිව්වොත් එතුමා අපිට නොකියා කියන්නේ  එම නිසා අපි මේ ආන්ඩුව ‍රැක ගත යුතු බවය.

අහිංසක ආණ්ඩුව! පව්! ඔයාලත් විදුලි බිල ගැන ආන්ඩුවට බයින්න එපා හොඳේ.

සටහන- මේ පහතින් තියෙන්නේ එම වසන්ත බංඩාර මහත්තයාගේ ලිපියට එන්ජීඕ කාරයෙක් දාපු කොමෙන්‍ටුවක්ය. ඒක දැම්මේ අපි නොවේය.ඒ නිසා එහි ඇති දේවල් ගැන අපේ වගකීමක් නැත.


මුන්ට හැම රෙද්දටම ජාතියන්තර උගුල්. මුන් හිතන් ඉන්නේ අපි මීහරක් කියලද? එතකොට කාර් රේස් තියල විදුලිය මුදල් නස්තිකරන්නේ ජාත්‍යන්තරයද? චන්ද්‍රිකාවක් යවල මෙලොරහක් නැතුව කෝටි ගානක් විනාස කලේ ජාතියන්තරයද? 1000 CC වෙනකන් බයික් ගෙන්නන්න ලම්බෝගිනි ගෙන්න බදු අඩු කරන්නේ ජාතියන්තරයද? කට කදෙනකන් කිඋවත් වැඩක් නෑ. මහින්ද රාජපක්ෂ මහා රජතුමා මේ ක්‍රියාකරන්නේ ඇමරිකන් නියාය පත්‍රය කියල කාටවත් තම තේරෙන් නෑ. විපක්ෂේ උන් බලන් ඉන්නවා ජිනීවා වලින් සම්බාදක දානකන්. බලන් හිටපියවූ කට ඇරගෙන . උන් කවදාවත් අපිට සම්බාදක දැන් නෑ. උන් ඔය කරන ටික කරන්නෙත් ඉන්දියාව ටිකක් අන්දලා තියාගන්න. මෙහෙ රාජපක්ෂ සමගම යනු ඇමරිකාවේ බළල් අත් පමණයි. උතුරු ප්‍රදේශ ඉන්දියාව සතු කරගන්න LTTE එක හරහා යොදපු උපක්‍රම වලින් ඉන්දියාව පරාජය කරන්න චීනය ඇතුළු මුළු යුරෝපයටම ඕන වුන. රාජපක්ෂ සංගමය හරහා ඔවුන් එක කල. දැන් ත්‍රිකුණා මලය ඇතුළු උතුරේ දකුණේ වටින් ස්ථාන ටික චීනය ඇතුළු යුරෝපා රටවලට විකුනනවා. ඉතින් මොකටද උන් අපිඅට සම්බාදක දන්නේ. සම්බාදක දන්නා කලින් ඔය ග්‍රීන් කඩ තියෙන උන් දෙන්නගේ පුරවැසිබාවය තහනම් කරන්න තිබ්බනේ ඇමරිකාවට. මුන් අපිව අන්දනවා අපේ සිංහල ගොන්නු ටික අන්දෙනවා


Friday, April 19, 2013

නොමිලේ කොන්ඩම් ලබා දියව්



විදුලි බිලට කෙලවා තිබේ. පොඩි මිනිහා නැත්තට නැති වෙන්නටම කෙලවා තිබේ. වැඩි කරන්නේ 60%  කිව්වත් ඒකක 90 ට වැඩියෙන් එක ඒකකයක්වත් ගියොත් වැඩිවීම 100% විතරය.පොඩි එකාට එහෙම කෙලිද්දි ඒකක 900 පාවිච්චි කරන සල්ලි කාරයාගේ වැඩි වීම 3% විතර සොච්චමකි. ඉස්සර හිටි සරදියෙල්ලා රොබින් හුඩ්ලා පොහොසතාගෙන අරගෙන දුප්පතාට බෙදුවත් දැන් ඉන්න සොරදියෙල්ලා දුප්පතාගෙන් අරගෙන පෝසතාට බෙදයි.

ඒකක 90 ට රේට් එක රු. 8.50 ය.ඒකක 91 ට රේට් එක රු.15ක්ය. ඉස්සර නම් තිබුනේ  ඒකක 90 ට යනකම් 8.50 අරගෙන වැඩි වන එකට විතරක් 15 ගානේ ගන්න ක්‍රමයක්ය.අලුත් සොරදියෙල් ක්‍රමය අනුව මුලු ඒකක 91 ටම ගාස්තුව රු. 15 ගානෙය. ඒ සමීකරණයට කියන්නේ කොස්තා -රාජපක්ෂ ප්‍රමේය කියලාය.

කොස්තා කලින්  කිව්වේ බිල වැඩි කිරීමට කලින් මහජන අදහස් අහලා ඒ අනුව කටයුතු කරනවා කියලාය. දැන් ඔය කරලා තියෙන්නේ මහජන අදහස් අනුව වෙන්නට ඕනෑය.

නැව් නො එන වරායවල් හදන්ට, ගුවන් යාන නො එන ගුවන් තොට හදන්ට, නෙලුම් පොකුනු, නෙලුම් කුලුනු, හදන්ට, හැමදාම කැඩෙන බලාගාර හදන්ට, කුනු තෙල් ගේන්ට, ප්ලේන් පිටින් ගෝලබාලයෝ පුරවගෙන රට සවාරි යන්ට, පාරවල් වහලා කාර් රේස් තියන්ට, අල්ලපු ගෙදරට යන්ටත් හෙලිකොප්ටර් පාවිච්චි කරන්ට , ඕනෑ කරන  රුපියල් කෝටි දහස් ගනන් වියදම් පියවන්ට අය කරන්නේ එදා වේල පිරිමහන වැලේ වැල් නැති දුප්පතුන්ගේ තුට්‍ටු දෙකට කෙලලාය.

තමන්ගේ බොක්කේ පතුලටම කෙලපු මේ වගේ වෙලාවකවත් ජනතාව පාරට බහින්නේ නැතිනම්, විරෝධය දක්වන්නේ නැත්නම් ඒ ජනතාවට මක බෑ වෙලා ගියාට කමක් නැත.

ඒවගෙම මේ වගේ වෙලාවකවත් ඇඟට දැනෙන උද්ඝෝෂණයක් කරගන්ට බැරි විපක්ෂයට කියන්ට තියෙන්නේ අඩු ගානේ එක ගෙදරකට කොන්ඩම් පැකට් එක ගානෙවත් නොමිලේ අරං දෙන්ට සටන් කරන්ට කියලාය. නැත්නම් කරුවලේ ජරමරේ වී ජනගහණය වැඩිවෙන්ට පුලුවන.අනික විදුලි බිල වැඩි වී තිබෙන විදියට කොන්ඩම් මිලත් සෑහෙන්ට ගනන් යන්ට ඉඩ තිබේ.

සටහන- එහෙම කිව්වාට මේ අහිංසක මෝඩ ජනතාව ගැන මගේ හිතේ අනුකම්පාව පිරිලාය. ඒක නිසා ජනතාවට පුංචි උපදේශයක් විදියට කියන්ට තියෙන්නේ ලයිට් නැතිව අඳුරේ ඉන්න වෙලාවට කනා මැදිරි එලියක්වත් හොයා ගන්ට කියලාය.



Saturday, April 13, 2013

ප්‍රභාගේ අලුත් බංකරේ



එන්න සුදා  එන්න සුදා  නැගිටලා
මෙන්න සුදා අපේ අලුත් බංකරේ  
විදුලි බිලෙන් කෙලෙව්වාට
බස් ගාස්තු නැග්ගුවාට 
යමුකෝ සුදෝ දැක ගන්නට බංකරේ


හා එන්න සුදෝ මෙන්න අලුත් බංකරේ
බස් අරගෙන ගොහින් බලමු බංකරේ
මාතලේ වල වහල දාන්ට 
සපෝර්ට් දීපු බංකරේ
යමුකෝ සුදෝ දැක ගන්නට බංකරේ


Tuesday, March 12, 2013

වැඩි කරන්ට රත්තරනේ, වැඩි කරන්ට.



විදුලි මිල වැඩි කරන්න ඕනෑ ද එපාද කියලා ජහමනයාගෙන් මහජනයාගෙන් අහන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාරිය ජ.කොස්තා මහතා කියා තිබේ.ඒ සඳහා මේ මාසේ 28 දක්වා කල් දී තිබෙන බවද , 28 දා මහජන හමුවක් පවත්වා ඒ ගැන තව දුරටත් අසා ජනතා මතය අනුව තීරණයක් ගන්නා බවද ආචාරිය තුමා කියා තිබේ.

ඕක ආයේ අමුතුවෙන් අහන්ඩ දෙයක් නැත.

අපි , ඒ කියන්නේ ජහමනයා මහජනයා විදුලි බිල වැඩි කරනවාට එක පයින් කැමතිය. අපිට තියෙන එකම අවුල ප්‍රමාණවත් ලෙස වැඩි කරයිද කියන එකය.

අඩුම තරමෙන් සීයට හාර පන්සීයකින්වත් වැඩි කරන්ට කියලා අපි ඉල්ලා සිටිනවාය.

විදුලි බිල වැඩි කරනවාට මේ රටේ දේශප්‍රේමි  ජනයාගෙන් සීයට අනූ පහක්ම කැමතිය. ඕකට අකැමති වෙන්නේ හම්බන්තොට ගල් වරාය, මත්තල මාරයි මාරයි ගුවන් තො‍ටුපල වගේ ආශ්චර්යන්ට කැමති නැති දේශද්‍රෝහින් හතර පස් දෙනෙක් විතරය. අනික් සියලුදෙනා කැමතිය.

මං කියන දේ බොරු නම් ඔන්න බලන්න, 28 දා උදේ පාන්දර ජයතිස්ස හා රොසලින් මැති තුමා මාධ්‍යවලට ඇවිත් එතුමාට ප්‍රතිචාර දක්වපු ජනයාගෙන් සීයට 98.3457852 ක්ම විදුලි බිල වැඩි කරන්ට කැමත්ත පල කරලා තියෙනවා නොකිව්වොත් මම මගේ කණ කපා ගන්නවාය.

ඒ විතරක් නොවේ එතුමා 28 දා තියන්ට ලෑස්ති වෙන ජනතා හමුවට ගෙන්නන එන අයගෙනුත් සීයට 99.99923498 ක්ම ඔය වැඩි කිරීමට කැමති වෙනවා ෂුවර්ය.

ඒක නිසා බය නැතිව වැඩි කරන්ට රත්තරනේ, වැඩි කරන්ට.

Sunday, March 10, 2013

ජිනීවා- රමණය හා සුරතාන්තය




මේ දිනවල ලංකාවේ සිටින තමන් දේශප්‍රෙමීන් වශයෙන් හඳුන්වා ගන්නා අය හා එම ඊනියා දේශප්‍රේමින් විසින් දේශද්‍රෝහින් වශයෙන් හඳුන්වන අය යන දෙගොල්ලන්ම ජිනීවා හා රමණයේ යෙදෙමින් සිටිති.

මේ දෙපිරිසටම අවශ්‍ය සැඩ පරුෂ ප්‍රචණ්ඩ ,සිරුර වෙව්ලුවා දමන සුරතාන්තයකි.

එනම් ලංකාවට එරෙහිව  ප්‍රබල බලපෑමක් සහිත යෝජනාවක් සම්මත වීමය.

එවිට එම සුරතාන්තය මතක් කරමින් ලබන මාර්තු වෙන තෙක් මෙරට ජනතාව සුරතල් කිරීමට දේශප්‍රේමින්ට හැකි අතර තමන් ජය ගත්තා යැයි සතු‍ටු වීමට  අනික් කණ්ඩායමටද  හැකිය.

එම සුරතාන්තයෙන් ලැබෙන සතුටේ   ප්‍රමාණයට අනුරූපව විදුලි බිල වැඩි වන ප්‍රතිශතය  100% ක්ද ,200ක්ද , 300% ද යන්න  තීරණය වනු ඇත.

එහෙත්  එසේ රමණයේ යෙදෙන අතරම  ,ආණ්ඩුව ඉන්දියාව හා ඇමෙරිකාව සමග ඩීල් එකක්  දමා ගැනීමට හැකි වුවහොත් සුරතාන්තය එතරම් පලක් නැති දියාරු එකක් වනු ඇත.

එම නිසා රති ක්‍රීඩාවේ උච්ච ස්ථානයකට ඒමට ප්‍රථමයෙන්ම, එනම් පෙර ක්‍රීඩාවේ නියලී සිටින අතරේම  සමහර විට විදුලි බිල මෙන්ම තව බොහෝ දෑ මිල ඉහල යාම ට ඉඩ තිබේ.

කෙසේ නමුත් රමණයේ සතුට බොහෝ දෙනෙකුට දැනෙනු ඇත්තේ මාර්තුවේ අප්‍රේල් මාසයේ අවුරුදු කන විටය.