හෙදියන්ට මෙම පුහුණුව ලබා දීමට මූලික වශයෙන් විරුද්ධ වන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයයි.
මෙම කරුණ ගැන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ විරෝධය , එය කොතරම් අසාධාරණ හා මෝඩ එකක් වුවත් අපට තේරුම් ගත හැක.
එය වනාහි හුදු ඊර්ෂ්‍යාව හා සෞඛ්‍ය ශ්‍රේණින් අතර කොහොමටත් පවත්නා පටු ගෝත්‍රවාදි ආකල්ප මත පදනම් වූවකි.එසේම මෙය ලියා පදිංචි වෛද්‍ය වරුන් හා එම්.බී.බී.ඇස් වෛද්‍යවරුන් අතර පවතින ගැටුම බඳු එකකි. පවුල් සෞඛ්‍ය සේවිකාවන් බිය වී ඇත්තේ තම සේවය වඳ වී යාවි යැයි කියාය.
ඇත්තටම සිදු විය යුත්තේද එයයි. කළ යුත්තේ හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලැබීම වැළක්වීම නොව වින්නඹු අම්මලාටත් හෙද පුහුණුව ලබා දීමට සටන් කිරීමයි. රෝගීන්ට වඩාත් හොඳ සේවයක් ලබා දිය හැක්කේ සෞඛ්‍ය සේවකයින්ගේ දැනුම කප්පාදු කිරීමෙන් නොව වඩ වඩාත් දැනුම ලබා දීමෙනි.
අපට තේරුම් ගත නොහැක්කේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මෙයට දක්වන විරෝධයයි. ඔවුන් විසින් මේ සඳහා දක්වන හේතුව වන්නීඅ එය වෛද්‍ය ආඥා පනතට එරෙහි බවත් එම පනතට අනුව සූතිකාගාර කටයුතු වල යෙදිය යුත්තේ වෛද්‍ය වරුන් හා වින්නඹු අම්මලා පමණක් බවත්ය. නමුත් දැනටත් සූතිකාගාර වල බාරකාරත්වයේ සිට නොයෙකුත් කටයුතු සඳහා හෙදියන් සහභාගි වේ. ඔවුන්ටත් සූතිකාගාර කටයුතු පිලිබඳව නිසි පුහුණුවක් ලබා දීමෙන් රෝගින්ට යහපතක් වේම ගැන පාදෙණියලාට ඇම්මක් වීනේ ඇයිදැයි අපට නොතේරේ.
අනිත් අතට වෛද්‍ය සේවයේ වෛද්‍ය ආඥා පනත පමණක් නොව සදාචාර ධර්මද බිඳිමින් කටයුතු කරන වෛද්‍ය වරුන් මෙම කරුණේ දී නීති ගරුක බවක් පෙන්වීමට තැත් කිරීම විහිලුවකි.
හෙදියන්ට සූතිකාගාර පුහුණුව් අ ලබා දීම ආඥා පනතට විරුද්ධ නම් කල යුත්තේ එම යල් පැන ගිය නීති රීති වෙනස් කිරීම මිස මෙසේ නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමට කුමන්ත්‍රණ කිරීම නොවේ.

