ජීනිවා වල මොන යෝජනා ගෙනාවත් අපිට කමක් නැත. 28 දා ජිනීවා වල චන්දෙන් මොනවා උනත් අපි බය නැත. අපි බය 29 දා ලංකාවේ තියෙන චන්දේ ගැන විතරය. ඒ මොකද කිව්වොත් මේ චන්දෙන් අපි ඇන්නොත් ආයේ ඉතින් ඩොමිනෝ කැට වගේය. එක පෝලිමට යනවා ෂුවර් නිසාය.
ජිනීවා ගැන අපිට බය නැත. ඔය සුද්දොන්ට බය වෙන්නේ ජාති දේශ ද්‍රොහීන්ය. අපි එහෙම නැත. දේශපෙරේමිය.
ඔය පර සුද්දෝ කියන මොනවත් අපි පිලිගන්නේ නැත. සම්පූර්නයෙන්ම ප්‍රතික්ෂේප කරනවාය. එහෙම කරන්ට අපි බය ද නැත. ඇයි අපිට මොනවා කරන්ටද? වැඩිම උනොත් ආර්තික සම්බාදක දාන්ට ඉඩ තිබේය. ඉතින් අපිට පාං ද?
සුද්දොන්ගේ ආර්තික සම්බාදක වලට බය වෙන්නේ බයියන්ය. ඔවුන් සම්බාදක දැම්මොත් බෙහෙත් නැති වෙන්නේ තඹුත්තේගම ඉස්පිරිතාලේ මිසක් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් ඉස්පිරිතාලේ නොවෙයිය. තඹුත්තේගම ඉස්පිරිතාලෙන් අපි තියා අපේ බල්ලොවත් බෙහෙත් ගන්නේ නැත. බැරිම වුනොත් අපි ඇමෙරිකාවේ ගොහින් ඉන්නවාය. අපේ කට්ටිය එහෙත් පුරවැසියෝය.
ඒක නිසා තමුන්නාන්සේලාත් ජිනීවාවල මොනවා වුනත් බය වෙන්ට එපාය. තමුන්නාන්සේලාට තියෙන්නේ 29 දා පාන්දරින් ගිහින් අපිට චන්දය දීලා ඇවිත් රෑට සොට් දෙකක් දාගෙන චන්ද ප්‍රතිපල අහන්ටය.
ඉතිරි ටික අපි බලා ගන්නම්ය.

