දැන් ලංකාවේ ඇති වූ අලුත් තත්වයත් සමග ලංකාවට ඇමෙරිකානු සහකාර ලේකම් වරියක නිශා බිස්වාසි " අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය නැත, දේශීය පරීක්ෂණයක් පවත්වන්න" යි කියන විටද ඉහත පිරිස් නැවත හඬ තලමින් , " මේක මර උගුලක්, බටහිර කුමන්ත්‍රණක්, අපි ඉවරයි, අපි නැතෝ, අපිව කන්ට හදනවෝ " ආදි වශයෙන් කියමින් ඔව්හු නැවතත් හඬ තලමින් සිටිත්.
මෙයනම් පුදුම තත්වයකි. දේශීය පරීක්ෂණත් විජාතික කුමන්ත්‍රණය. අන්තර්ජාතික පරීක්ෂණත් කුමන්ත්‍රණය.
දැන් මොවුන් කියන්නේ කුමක්ද?\
කිසිම ආකාරයක පරීක්ෂණයක් අවශ්‍ය නැති බවද?
සියළුම ආකාරයේ පරීක්ෂණවලට විරුද්ධ වන්නේ සඟවා ගැනීමට යමක් තිබෙන නිසාද?
කරුණු එසේ නම් ඒ " යමක්" මොනවද?
පරීක්ෂණයක් අවශ්‍යම වන්නේ ඒ " යමක්" නිසා නොවේද?
