Showing posts with label ඇමෙරිකන් විරෝධය. Show all posts
Showing posts with label ඇමෙරිකන් විරෝධය. Show all posts

Friday, September 26, 2014

මේ ඔබාමා ඒ ඇමෙරිකාවේ නොවේ. වෙන ඇමෙරිකාවක . ඒක හරි හොඳයි


ඇමරිකාව හා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 5 විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කොට තිබූ යෝජනා පසුගිය බ්‍රහස්‌පතින්දා වැඩි ඡන්ද 11 කින් සම්මත විය. යෝජනාවට පක්‍ෂව ඡන්ද 23 ක්‌ ලැබුණු අතර රටවල් 12 ක්‌ විරුද්ධව ඡන්දය දුන්හ. රටවල් 12 ක්‌ ඡන්දය දීමෙන් වැළැකී සිටියහ.
............
ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාව සම්මත කර ගැනීම සඳහා ඇමරිකාව හා බ්‍රිතාන්‍යය පසුගිය කාලය තුළ දැවැන්ත මෙහෙයුමක්‌ දියත්කොට තිබිණි. ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්‌වාල්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මිෂෙල් ඡේ. සිසන්, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජෝන් රැන්කින් ආදීන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සහාය ලබාගැනීම සඳහා සාමාජික රටවලට විශාල ලෙස බලපෑම් කළ අයුරු පසුගිය කාලයේ අපට දැකගත හැකි විය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, නෝර්වේ ආදී රටවල් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අවස්‌ථාවේදී, යුද්ධය නතර කොට සටන් විරාම ගිවිසුමක්‌ මගින් කොටි නායකයන් බේරා ගැනීම සඳහා නොයෙකුත් අයුරින් බලපෑම් කරමින් ප්‍රබල උත්සාහයක යෙදුණි. ..............


තමන්ගේ අපේක්‍ෂාවන් සහ අරමුණු ඉටුනොවීමත්, ශ්‍රී ලංකාව තමන්ගේ කීමට පිටුපා ගොස්‌ යුද්ධය අවසන් කිරීමෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ආදි රටවලට මහත් මදිකමක්‌ විය. එබැවින් ඔවුන් එදා සිට ශ්‍රී ලංකාවට එරෙහිව නොයෙකුත් යෝජනා ගෙන එන්නේ ශ්‍රී ලංකාවට පාඩමක්‌ ඉගැන්වීමටය. එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්‌ඩුව පෙරළා දැමීම ඔවුන්ගේ එකම අරමුණ වී තිබේ.

ඉන්පසු 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා පොදු අපේක්‍ෂකයකු ලෙස හිටපු යුද හමුදාපති සරත් ෙµdන්සේකා මහතා ඉදිරිපත් කළේද ඇමරිකාවේ උවමනාව මත බව පැහැදිලිය.

මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව පෙරළා දැමීමට නොහැකි වූ නමුත් ඇමරිකාව ඇතුළු රටවල් ඔවුන්ගේ අරමුණ අත්හැර නැත. සෑම වසරකම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට ඇමරිකාව ආදී රටවල් කටයුතු කරන්නේ ඒ නිසාය. ..................


ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව කොටුකර ගැනීමට මාන බලන අතරම ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් දෙමළ ජාතික සන්ධානය සහ උතුරු පළාත් සභාව මගින් උතුරේ වෙනම පාලනයක්‌ ඇති කිරීමටද පියවර ගනිමින් සිටිති. ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති මිෂල් ඡේ සිසන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ජෝන් රැන්කින් ආදීන් පසුගිය කාලයේ නිතර නිතර උතුරට ගොස්‌ උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ඇතුළු ප්‍රධානින් හමුවූයේ නිකම්ම නොවේ. එමෙන්ම දෙමළ ජාතික සන්ධාන නායකයෝද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට ගෙන්වා කීපවරක්‌ම සාකච්ඡා පැවැත්වූ බව රහසක්‌ නොවේ.

ඇමරිකාව ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාව සම්මත කර ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකයන් විශාල කාර්යභාරයක්‌ ඉටු කෙළේය.

ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවට සහාය පළකරමින් ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදුකළ යුතු යෑයි කියෑවෙන යෝජනාවක්‌ උතුරු පළාත් සභාවේදී සම්මත විය. එ

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ ඇම්. ඒ. සුමන්දිරන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන මහත්වරු ඉකුත් දිනවල දකුණු අප්‍රිකාව, බොට්‌ස්‌වානා, නැමීබියා යන රටවලට ගොස්‌ ඇමරිකානු යෝජනාව සම්මත කර ගැනීමට සහාය දෙන්නැයි එම රටවල නායකයන්ගෙන් ඉල්ලා තිබිණි. එම සන්ධානයේ එස්‌. ශ්‍රීධරන් මන්ත්‍රිවරයාද ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකට ගොස්‌ ඇමරිකානු යෝජනාවට සහාය ඉල්ලා සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් විය. 

 පරීක්‍ෂණ පැවැත්වීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණි විට ඔවුන්ට පූර්ණ සහාය දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා, ඇමරිකානු යෝජනාව සම්මත වීමෙන් පසු මාධ්‍යවලට පවසා තිබිණි.


(ලිපිය උපුටා ගැනීම  2014/03/30  දිවයින ලැප්ටොප් සංග්‍රහයෙන්)

Sunday, April 21, 2013

ඔබ මා සමග අතිනත ගන්නා දවස- Obama samaga athinatha ganna dawasa



අපේ පාආන්ඩුව පුදුමාකාර විදියට අදිරාජ්‍ය විරෝදිය. ඇමෙරිකන් විරෝදීය.ඇමෙරිකන් කාරයෝ පෙන්නන්ට බැරිය. පහුගිය ජිනිවා සමුලුව කාලයේ ආන්ඩුවේ ලොක්කන් බක්කන් ඔක්කොම වේදිකා උඩට නැග ඇමෙරිකාව පතුරු ගැහුවෝය. හම ගැහුවෝය.පට්ට ගැහුවෝය.

තව සමහරු , විමල් වීරවංශලා ,ගුනදාස අමරසේකරලා වගේ අය ඔය එක එක යෝජනා ගේන්නේ නැතිව  ෆේස් ‍ටු ෆේස් වරෙව් කියා රූපවාහිනි නාලිකාවලට ගොහින් ඇමෙරිකාවට  කෑගැහුවෝය.හොඳ වෙලාවට ඇමෙරිකාව තිබුනේ ලංකාවට සෑහෙන්න දුරින්ය. නැත්නම් එහෙම මේ කට්ටිය ඇමෙරිකාව හක්කේ තියා සෙම අරිනවාය.

මේකටම සෙට් වෙච්චි දිවයින ,දිනමින වගේ කඩමාලුවල හා , නයිටීඇන්,විරූපවාහිනි ,සුවර්නවාහිනි වල වැඩ කරන  බෝතල් පත්තර  කාරයිනුත් ඇමෙරිකාවට විරුද්දව කොච්චර ඇඹරිල්ලක් ඇඹරුවද කීවොත් දිනමින හා නයිටීඇන් විතරක් බලන සමහරුන්ට ඇමෙරිකාව තියා ඇයන්නක් ඇහුනත් සලිත වෙන ගානට ඇමෙරිකන් විරෝදීන් වුනාය.

රටේ එහෙව් ඇමෙරිකන් විරෝදයක් පතුරන් හිටි ආන්ඩුවේ ලොකු තැන  මෙන්න බොලේ ඇමෙරිකාවේ බෝම්බයක් පුපුරලා තුන්දෙනෙක් මලා විතරයි ඇමෙරිකාවේ  ජනාදිපතිට ශෝක පනිවිඩයක් යවනවා.මාර ශෝකයක් .

කවුරු මැරුනත් ඒ ගැන කනගා‍ටුව පල කරන එක හොඳ වැඩක්. ඇමෙරිකාවට බැන බැන හිටියත් එයාලා කරදරේක වැ‍ටුනාම ශෝක පනිවිඩයක් යවපු එක උතුම් වැඩක්ය, ඒක තමා අපේ සිංහල බෞද්ධ  හැදියාව  කියලා කියන්ට ඕනෑ තරම් කට්ටිය  ඉඳියි.

ඒ වුනාට මට තියෙන ප්‍රශ්නේ තමා හතුරු ඇමෙරිකාවට එහෙම ශෝක පනිවිඩ යැව්වට අපේ රටේ අතිජාත මිත්‍රයෝ වෙන ඉරානේ බෝම්බ පුපුරලා හතලිහක් විතර මැරුනාම මොකද ශෝක නැත්තේ කියලා. සිරියාවේ, ඇෆ්ගනිස්තානේ හැමදාම බෝම්බ පුපුරද්දි එක ශෝක පනිවිඩයක්වත් යවන්න අමතක වුනේ මොකද කියලා. ඊශ්‍රායෙල් කාරයන්ගේ මිසයිල් ප්‍රහාරවලින් පලස්තීන දරුවෝ මැරෙද්දි පලස්තීන මිත්‍ර සංගමේ මුක පූට්‍ටු මොකද කියලා.

ඔය ඔක්කෝටම වඩා බරපතල් ප්‍රශ්නේ තමා තමන්ගේ ගෝල බාලයෝ දාලා හතර අතේ ඇමෙරිකාව පතුරු ගහන ගමන් ඇමෙරිකන් කාරයෝ යාලු කරලා දෙන්න කියලා ඇමෙරිකන් කාරයෙකුටයි, මිනිහාගේ ඩ්‍රයිවර්ටයි කෝටි ගනන් ගෙවන්නේ මොකද කියලා.

දන්න කවුරුත් එහෙම ඉන්නවද?