තරඟේ ඒ තරම් නැගලා යනවා.
මහින්ද මාමී යුද්දේ කලා, පාරවල් හැදුවා ,එයාර්පෝර්ට් හැදුවා( ප්ලේන් නාවාට මොකෝ) , වරායවල් හැදුවා( නැව් නම් නෑ තමා) .
එතකොට මෛත්‍රී මාමා යහ පාලනේ ගේනවා, ඒකාධිපතියෝ එලවනවා, දූෂණේ නැති කොරනවා
මං කියන්නේ කොහොමද මං වගේ හුදී ජනයෙක් මේ දෙන්නා ගෙන් කෙනෙක් තෝරා ගන්නේ.
ඕන්න ඔය වෙලාවේ තමා හුට්ටප්පරේ සිද්ද වුනේ.
අපේ මහින්ද මාමට සපෝර්ට් එක දෙන්නේ ලංකාවෙන් විතරක් නෙවේ කියලා ආරංචි වුනේ.
එයාගේ චන්ද කෙරුවාවට සපෝර්ට් එක දෙන්න ඉන්දියාවෙනුත් ඇවිල්ලා
සල්මන් කානුයි ජැකලයින් කෙනඩියි... වැරදුනා ජැකලයින් ෆර්ඩිනන්ඩ්ස්
ආයේ තවත් මොනවද
ජැකලයින් ෆර්ඩිනන්ඩ්ස් මේ ඇස් දෙකට පණ පිටින් දකින්ඩ සලස්සපු පුණ්‍ය කර්මේම මදිද මහින්ද මාමට චන්දේ දෙන්න
වේලක් ඇර වේලක් කෑවත් මදිද මේ වගේ පිං කඳක් මේ ඇස් දෙකින් දැක්කට පස්සේ.
ඔන්න මම නම් මහින්ද මාමට
සටහන- සල්මල් කාන් / ජැකල්යින් ෆර්ඩිනන්ඩ්ස් ලංකාවට ඇවිත් මහින්ද මාමට සපෝර්ට් එක දෙන්ඩ ලක්ෂ පන්සීයක් ගත්තාලු. ඉතින් මොකද? ලංකාවේම ඉන්න අත්තන ඇට නායකලා ත් ඉතින් නිකම්ම ආවය මහින්ද මාමිට සපෝර්ට් එක දෙන්ඩ
(photo from Lankadeepa)

