ආණ්ඩුවේ ඇමතියෙකුගේ කාර්යාලයකට මෙසේ කඩා වැදී චණ්ඩිකම් පාන්නට තරම් නානසාරලා බලවත් වූයේ කෙසේදැයි යන්න ඇසිය යුතු ප්‍රශ්නයක් නොවන්නේ රටම හා ලෝකයම එය දන්නා බැවිනි.
නමුත් මෙම සිදු වීම් දෙස බලා සිටින විට මගේ සිතේ ප්‍රශ්න කීපයක්ම පැන නැගුනි.
1. වටරැක විජිත හිමි පසුපස මෙසේ මහා අපරාධ කරුවෙක් මෙන් නානසාරලා පන්නන්නේ මන්ද? ඔහු කර ඇති අපරාධය කුමක්ද?
2. ඔහු අපරාධයක් කර ඇත්නම් එයට දඬුවම් දීමට නානසාරට පමණක් නොව ඔහුට අනුබල දෙන උන්ටවත් අයිතියක් ඇත්ද? එය අධිකරණයේ හා පොලිසියේ වැඩක් නොවේද?
3. බැරිවෙලාවත් වටරැක විජිත හිමි මෙම මැරයින්ට මහියංගනයේදී හෝ බදුර්ඩීන් ඇමතිවරයාගේ කාර්යාලයේදී මෙම මැරයින්ට අසු වුනා නම් නානසාරලා ඔහුට කුමක් කරන්නට සිතා සිටින්නේද? මරාදමන්නටද?
4.මේ රටේ වැසියන්ට ඉදිරියේදී හුස්ම ගැනීමටත් නානසාරලාගේ අවසරය අවශ්‍ය වෙයිද?
5. නානසාරලා ඉදිරියේදී හිට්ලර්ගේ එස් එස්.හමුදාව මෙන් සුලුජාතින්ට හා විපාක්ෂිකයන්ට පහර දීමට සූදානම් කරන කල්ලියක්ද?
6. රටේ සුලුතර ජාතින්ට ප්‍රසිද්ධියේ අපහාස කරමින් ,පහරදෙමින් නානසාරලා නටන මේ නාඩගම නිසා රටට සිදුවන හානිය තේරුම්ගැනීමට තරම් මොලේ කලඳක්වත් ඇති එකෙක් ආණ්ඩුවේ නැතිද?
7.ඉදිරියේදී බෞද්ධයන් පන්සිල් ගන්නවාද, පෝයට සිලගන්නවාද යන්න ආදියත් බැලීමට නානසාරලා සූදානම් නොවෙයිද?නැතිනම් යෝජිත ආගමික පොලීසිය පිහිටුවන්නේ ඒ කාරියටද?


