අප යුගයේ සිටි විශිෂ්ටතම බුද්ධිමතුන් කිහිප දෙනා අතර ප්රමුඛයෙකු වශයෙන් හැඳින්විය හැකි , කීර්තිමත් භාෂා විශාරදයෙකු, විචාරකයෙකු හා මාක්ස්වාදියෙකු වන මහාචාර්ය සුචරිත ගම්ලත් මිය ගොසිනි.
අප ඔහු ගැන ගුණ ගායනා නොකරමු.අප එයට සුදුස්සන් නොවේ.
අනික මේ වන විට බොහෝ දෙනෙකුන් එය කරමින් සිටිති. සමහරුන් අවංකවමත් තවත් සමහරුන් තමන් ද ඔහු මෙන් බුද්ධිමතෙකැයි පෙන්වීමට " ගම්ලතුයි මමයි, අපි ඒ කාලයේ " පන්නයේ ලිපිත් ලියනු ඇත.
මේ ආකාරයේ ලිපියක් කාලයක් තිස්සේ අතුරුදහන්ව සිට නැවත කරලියට පැමිණ සිටින පරණවිතාන නැමත්තෙක් තම බ්ලොගයේ පල කර තිබේ.
තනතුරු හා දේශපාලන බලය වෙනුවෙන් කිසි හිරිකිතයක් නැතිව පාලකයින්ට කඩේ යන ඔහු මේ ලිපියෙන් පෙනී සිටීමට උත්සාහ කරන්නේ තමන් ගම්ලතුන්ගේ අතිජාත මිත්රයෙක්ව සිටි බවයි.
ගම්ලත් මහදුරුගේ ලිපි සිළුමිනේ පල වුනේ ඔහු නිසාලු. වෙනකක් තබා සුචරිත ගම්ලත් , ඔහුගේ සුප්‍රසිද්ධ ශබ්ද කෝෂය මුද්‍රණය කිරීමට ක්‍රමයක් නැතිව තමා ලඟට ආ බවත් එවිට තමා මැදිහත් වී එයට මග පාදා දුන් බවත් ඔහු කියයි.
තම රැකියාව අහිමි කර සිටිද්දි පවා එය නැවත ලබා ගැනීමට දේශපාලකයින් පස්සේ නොයා ඉංග්‍රීසි ටියුෂන් දෙමින් දිවි ගැට ගසා ගත් සුචරිත ගම්ලත් මහාචාර්යවරයා තම පොතක් මුද්‍රණය කර ගැනීමට පරණවිතාන වැනි දේශපාලන ඇම්බැට්ටයෙක් පසුපස ගියේ නැත.
අනික ඔහුට තම පොත් මුද්‍රණය කර පල කරවා ගැනීමට කිසි අපහසුවක් තිබුණේත් නැත. ඔහුගේ පොත් පල කරන්නට ඕනෑ තරම් ප්‍රකාශකයෝ සිටියහ.
පරණවිතාන මහතානනි.
මියගිය ශ්‍රේෂ්ඨ මිනිසුන්ට අපහාස කිරීම සදාචාරාත්මක දෙයක් නොවේ.
