මෙය ඉතාමත් හොඳය. පසුගිය රජයේ රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ අත වැසියන් විසින් සොරකම් කළ සියලු මහජන දේපල සොයා යලිත් ඒවා රටේ සුභසිද්ධිය වෙනුවෙන් යෙදිය යුතුව තිබේ.එසේම මේ කම්බා හොරුන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය.
සොරකම් මෙන්ම රාජපක්ෂ රෙජිමය පසුගිය කාලයේ කළ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් ගැනද ඒ හා සමාන උනන්දුවකින් සෙවිය යුතුව තිබේ . ඒ ලෙසම රටේ ජනතාවගේ මානව හිමිකම් කෙළසූ සියලු දෙනා නීතිය ඉදිරියට ගෙනවුත් උපරිම දඬුවම් ලබා දිය යුතුව තිබේ.
පසුගිය කාලයේ මහත් සේ ආන්දෝලනයට ලක් වූ සිද්ධීන් ගණනාවක් වන අතර ඒ සියල්ල ගැන පූර්ණ හා කඩිනම් පරීක්ෂණ පැවත්විය යුතුය.
1.උතුර නැගෙනහිර ජනයාට එරෙහිව කළ මානව විරෝධී ක්‍රියා සඳහා අණ දුන්නේ කවුද? ඒවා ක්‍රියාවට නැගුයේ කවුද?
2. ප්‍රදීප් එක්නැළිගොඩ ට වූයේ කුමක්ද? ඒ සඳහා වග කිව යුත්තේ කවුරුන්ද?
3. මාධ්‍යවේදින්ට කළ පහර දීම් වලට වග කිව යුත්තො කවුද?
4. කටුනායකදී වෙඩි තබා කම්කරුවෙකු ඝාතනය කර කම්හල්වලට පහර දීමට අණ දුන්නේ කවුද?
5. රතුපස්වලදී ජලය ඉල්ලා සිටි ජනතාවට ගිනි බිඳ ඔවුන් මරා දැමීම පසුපස සිටියේ කවුද?
6. හලාවතදී ධීවරයින්ට වෙඩිතබා ඝාතනය කිරීමට අණ දුන්නේ කවුද?
7. ජානක ඒකනායක හා සිසිත ප්‍රියංකර සරසවි සිසුන් දෙදෙනාගේ ඝාතන ගැන අභිරහස
8. සරසවි සිසුන් හා කම්කරුවන් ගේ සටන් වලට මැරයින් යොදා කළ පහර දීම්





