Showing posts with label ජාතික හෙල උරුමය. Show all posts
Showing posts with label ජාතික හෙල උරුමය. Show all posts

Saturday, October 25, 2014

රතන සාදු කීවේ කුමක්ද?


පසුගිය දිනක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කිරීමට අරලිය ගහ මන්දිරයට ගිය රතන සාධු මන්ත්‍රී තුමා හා චම්පික රණවක හිටපු විදුලි බල ඇමතිතුමා සාකච්ඡාව අතර මැදදී ජනාධිපතිවරයා නැගිට ගිය පසු ඔල්මොරොන්දන් වී එලියට පැමිණෙන අතර රතන සාදු චම්පික ඇමතිවරයාට කීවේ කුමක්ද?
(නිවැරදි පිළිතුර දෙන කෙනෙකුට හක් ගෙඩියක් පුරවා දෙනු ලැබේ)

1. වවුලාගේ මගුල් ගෙදර ගියානම් එල්ලිලා ඉන්ට වෙනවා බං

2. ඌරාගේ මාලු ඌරාගේ පිටේම තියලා කැපුවනේ

3. මොකෝ බං ගලක් උඩ රීපු බළලෙක් වගේ ඉන්නේ

4. කුම්බලා මාලු කෑවනම් දුක විඳපන් බළලෝ

5. මේවාට තමා කියන්නේ අපි හදපු නරි අපිටම හූ කියනවා කියලා

Sunday, May 4, 2014

අනුෂාංගික පහසුකම් සැපයීම්ට රෙඩි වෙමු




කැසිනෝ වලට අවසර දෙන්නේ නැතිනම් ලංකාවට එන්නේ නැතැයි කියා කැසිනෝ කිං පැකර් තුමා කිව් බව අලස් තුමාගේ මව්බිම පත්තරේ පල වී තිබුනේය. 

කැසිනෝ පනතේ කැසිනෝ කියා කොහෙකවත් ලියවිලා නැත. ඇත්තේ අනුෂාංගික පහසුකම් කියලාය. ඒ අනුෂාංගික පහසුකම් වලට කැසිනෝ අයිති වෙන්නේ නැතිය කියලා ලොකු තැනම කිව්වේය.  ඒ කියන්නේ අදාල හෝටල් වල කැසිනෝ පටන් ගන්න බලපත්‍ර දෙන්නේ නෑ කියන එක වෙන්ට ඇතිය.

හැබැයි ඔය කියන හෝටල්වල කැසිනෝ පටන් ගන්න අලුතෙන් බල පත්තර ඕනෑ නැත. පැකර් තුමාගේ ලංකාවේ හවුල්කාරයා රවි විජේරත්න තුමාය. එතුමාට දැනටම කැසිනෝ බල පත්තර දෙකක් තියෙන බවත් ඒක නිසා කැසිනෝ පටන් ගන්න පුලුවන් බවත් රවී තුමා වීරවංශ තුමාගේ අඩවියට කියා තිබුනි. ඒ කියන්නේ කවුරු මොනවා කිව්වත් කැසිනෝ පටන් ගන්න බවය. 

ඉතින් රතන සාදු සිවුර කැස පිට ගහ ගෙන දැඟලුවත් චම්පික රනවක තුමා සරම ඇඳගෙන ඔලුවෙන් හිටගෙන හිටියත් වැඩක්  නැත. හැබෑ දක්ෂයා කැසිනෝ චන්දේ වෙලාවේ පාර්ලිමේන්තුවේ වැසිකිලියට රිංගාගෙන හිටි වීරවංශ තුමාය. එතුමාට පැකරුත් ෂේප්ය. මහතුමාත් ෂේප්ය.

සටහන- පැකර් ලංකාවට එන්නේ නැහැයි කියලා අලස් තුමා ගේ පත්තරේ කියන්නේ ආන්ඩුව ගොඩ දාන්ට මිස වෙන දේකට නෙවේය.  දැන් ඉතින් කැසිනෝ එන නිසා ආන්ඩුවට චන්දේ දුන් දේශප්‍රේමින්ට තියෙන්නේ අනික් අනුෂාංගික පහසුකම් සල්ස්සන්ට තමන්ගේ අඹුවන් යවන්ට විතරය. 

Thursday, February 20, 2014

අනේ සොරි මෙයාලා මං දන්නේ නෑ නේ



සොරි සොරි අනේ සොරි සොරිම සොරි
කියමින් වැඳ වැටෙයි ගොම්මන්පිල ගොයියා
රජයේ නිලදරුවන්ට දෙස්පාලනය
තහනම් බව දන්නේ නැතිලු මේ නීතිඥයියා

ඕනැම හරකෙකුට චන්දය ඉල්ලිය හැකිය
ඒ බව ඇත්ත එනමුත් චන්දය දා උදයේ
බූවල්ලක් ‍රැගෙන ගොසින් හත් පාරක් තලනු වටී
මේ වගේ හරකුන්ට චන්දය දෙන  හරකුන්ට
-රංචාගොඩ ළමයා-

Tuesday, October 22, 2013

පැකර් තුමා




රුපියල් දෙකට බූරු අතක්  ගැහුවාම

කුදලාගෙන ගොහින් කූඩුවේ දාලා

දහදාහයි දඩේ නොගෙව්වොතින්

මාස හයක්  ආන්ඩුවේ බෝඩිමට



පැකර් තුමා කැසිනෝ  ගෙන වැඩියාම

කකුල්  ඉඹලා පිලි අරගෙන වඩම්මලා

මදි නොකියන්ට බදු සහනත් දෙනවා

දරුමද්වීපේ ආස්චර්ය  එහෙම තමා


-රංචාගොඩ ළමයා-

Saturday, July 13, 2013

කෝ බොලව් මුං


ලෝකේ හොඳම සෞඛ්‍ය සේවාව තියෙන රට වන ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය එහි සෞඛ්‍ය බලධාරින්ගේ අප්‍රතිහත ධෛර්ය හා කැප වීම නිසා තුරන් කර දමා ඇති  මේ වගේ වෙලාවක ආණ්ඩුවේ හැම දේටම විරුද්ධ වන මම මගේ ඇති කුප්ප කමට ඩෙංගු රෝගය හදා ගත්තේ ආණ්ඩුවට රිදවන්නටමය.

ඩෙංගු හදාගෙන ආන්ඩුවට රිද්දන්නට ගොස් හොඳටම කෙලවා ගත් මම යම්තම් නොමැරී පණ බේරාගෙන ආපහු ආවත් තාම ඉතින් ලෙඩා දුකාය.බැරි බැරි ගාතේ එලියට ඇවිත් ගෙදර ලොයි බංකුව උඩ වාඩි වී වට පිට බලමින් හිටින විට මගේ ලෙඩ මොලේට එකපාරටම තේරුම් ගියේ අවට වටපිටාව ,මුලු පරිසරයම මහාම පුදුමාකාර විදියට නිස්සබ්ද බවයි.

මම අසනීප වී ඇඳට වැ‍ටුන කාලේ මුලු වටපිටාවම මහා ගෝසාවකින් පිරී තිබුනා වගේ යාම්තමට  මතකය.

"ඉඩම් පොලිස් දෙන්නෙම නෑ, දහතුන අපිට එපා , ඕක අපේ ඇඟේ බලෙන් ගහපු එකක්,මේක අපේ රට , ඉන්දියාවට ඕනෑ විදියට අපි නටන්නේ නෑ "  වගේ සද්ද බද්ද ඒ කාලේ කන් පිරෙන්නටම තිබුනේය. 

මොකෝ ආච්චියේ මේ කිසි සද්දයක් නැත්තේ? මට තේ කෝප්පෙකුත් හදාගෙන ආපු අපේ ආච්චිගෙන් ඇහුවෙමි.

" මෙනන් , කොලුවෝ, මෙනන්" කියාගෙනම ආච්චි ගේ ඇතුලට රිංගා ගත්තේ මට ප්‍රශ්නයක්වත් අහන්නට ඉඩ නොදීය.

මේ මොන අන්ඩර දෙමලයක්දැයි  කල්පනා කර කර උන්නු මට ආයේම සිහි උනේ   " දහතුන වෙනස් නොකොලොත් ආන්ඩුවෙන් යනවා " වගේ කතා කිය කිය හිටපු වීරවංශලා චම්පිකලා කොහේ ඉන්නවදැයි කියාය.

අක්කාගේ හීන් එකා මොන්ටිසෝරි ඇරී ගෙදර ආවේ ඔය වෙලාවේය.උගේ අතේ බිත්තර කට්ටක්ය.

"මොකද පුතේ ඔය අතේ බිත්තර කට්ටක් ?"  මම හීන් එකාගෙන් ඇහුවෙමි.

" මම මේ වීරවංශ මාමා  මේක ඇතුලෙවත් හැංගිලා ඉන්නවද කියලා බැලුවා මාමේ,  සිස්සත්තේ පාස් වුනාම ගෙයක් ඉල්ලගන්ට"  ඌ කිව්වේය. 
 මේ මඤ්ඤං කතා අසා මගේ ඔලුව මඤ්ඤං වීම නිසා නැවතත් මම ඇඳේය.



Friday, March 22, 2013

මුංට හොඳ පාඩමක් .........



ජීනිවා වලදී ලංකාවේ ආණ්ඩුවට විරුද්ධව ඇමෙරිකාව ගෙන ආ යෝජනාවට පක්ෂව ඉන්දියාව චන්දය ප්‍රකාශ කිරීම නිසා මල පැන්න චම්පක රණවක ඇමතිතුමා ඉන්දියාවට සම්බාධක දැමිය යුතු බව කියන්නේය.

එතුමා කියා සිටින්නේ කියන්නේ ඉන්දියන් ව්‍යාපාරිකයන්ට හා  සංචාරකයින්ට කිසිම ඉඩ කඩක් ලබා නොදිය යුතු  බවයි.

මේවා ඉතාම හොඳ යෝජනා බව අපිටද හිතේ. එම නිසා එම යෝජනා ක්‍රියාත්මක කරන මෙන් අපි ලංකාණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

නමුත් මේ අවස්ථාවේදී අපට මතක් වෙන්නේ ජීනිවා සමුලුවේදී ලංකාණ්ඩුවට එරෙහිව යෝජනාව ගෙන ආවේ ඇමෙරිකාව බවත් ඉන්දියාව ඇතුල්ව  තවත් රටවල් 25ක් එම යෝජනාවට පක්ෂ වූ බවත්ය.

එක්සත් ජනපදය, ජර්මනි, අයර්ලන්තය, ඉතාලි, ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, බෙනින්, කොස්ටරිකා අයිවරි, ලිබියාව, සියරා ලියෝන්, ඉන්දියාව, කොරියාව, චිලි, පේරු, ඔස්ට්‍රියා, චෙක් ජනරජය, එස්තෝනියාව, මොන්ටිනෙග්‍රෝ, පෝලන්තය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, රුමෙනියාව, ගෝතමාලාව, මෝල්ඩෝවා ජනරජය යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් රටවල්ය.


මේ කාලකණ්නි රටවලටද ඉන්දියාවට මෙන්ම   මතක හිටින පාඩමක් ඉගැන්විය යුතුය. ඒ සඳහා ක්‍රියාත්මක කල හැකි යෝජනා කීපයක් පහත දැක්වේ. මේ ජාතික කලබල අවස්ථාවේ අපට සියලු රටවලට කල යුතු දේවල්  ගැන සිහියට එන්නේ නැතත් ,අඩුම තරමෙන් ප්‍රධාන රටවල් කීපයකට හෝ ඉතා ඉක්මණින් පාඩම් ඉගැන්වීම අරඹා අනිත් රටවලට පසුව ඉගැන්විය හැකිය.

අවශ්‍ය වුවහොත් මාරන්තික උපවාස පවා කරමින්  මේ යෝජනා  ක්‍රියාත්මක කරන මෙන් ආණ්ඩුවට බල කිරීමට හෙල උරුමය, දේශහිතෙෂී ජාතික ව්‍යාපාරය, බොදු බල සේනාව, රාවණා නිකාය ඇතුලු සියලු දේශප්‍රේමින් ඉදිරියට ආ යුතුය. උපවාස කරන්නේ නම් ලෙමන් පෆ් ආදිය සපයමින් අපටද ඒ සඳහා උදව් කල හැක.

1. ඇමෙරිකානු පුරවැසි භාවය හිමි සියලු ලාංකිකයන් එම පුරවැසි භාවය අත හැරිය යුතුය.

2. ස්විස් බැංකුවල ඇති  ශ්‍රී ලාංකිකයන් සතු ගිනුම් වසා දමා ඒවා ලංකාවේ බැංකුවල දැමිය යුතුය.

3. කොරියාවේ හා ඉතාලියේ ‍රැකියා කරන ශ්‍රී ලාංකිකයන් වහාම නැවත ගෙන්විය යුතුය.

4. ජර්මනිය ............

(ම්ම්ම් අනිත් රටවලට  කල යුතු දේ පස්සට.)
( Pic from FB)



Tuesday, February 26, 2013

ඉන්ධන මිල හලාල් වීම



22 දා  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට ජමියතුල් උලමා සංවිධානය තීරණය කර තිබේ. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින්ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 6කින්ද, සුපිරි ඩීසල් ලීටරයක් රපියල් 3කින්ද ඉහළ දමා තිබේ.
මෙම මිල වැඩි කිරීමට අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170ක්ද, ඔක්‍ටේන් 90 පෙට්‍රල් ලීටරයක් නව මිල රුපියල් 162ද වනු ඇත.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක නව මිල 121ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපිල 145ක් වනු ඇත.

ජමියතුල් උලමා සංවිධානය කල මේ මිල වැඩි කිරීම තමන් දැඩි ලෙස හෙලා දකින බවත් ඊට එරෙහිව උද්ඝෝෂණය කරන බවත් බොදු බල සේනාව කියා සිටී.

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරන ජාතික හෙල උරුමයේ ච. රණවක මහතා මෙම ඉන්ධන මිල වැඩි වීමට හේතුව හලාල් කරණය බවත් තමන් හලාල් කරණයට ඊට එරෙහිව අරගලයක් අරඹන බවත් කියා සිටී.