සුළි කුණාටුවකට මහසෙන් යන නම යෙදීම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජාතියෙන් සමාව ඉල්ලීම නිසා ඊට එරෙහිව පැවත්වීමට තිබූ මහා උද්ඝෝෂණ ව්‍යාපාරය නවතා දමන බව උතුම් වූ ශ්‍රීලංකාණ්ඩුවටත් ශ්‍රී ලංකා වාසි ජහමනයා මහජනයාටත් ජාති ආලයෙන් ( 83 මාදිලිය) යුක්තව මෙයින් දැනුම් දෙමු.
මීට.
ගරු සභාපති
ර.වා.ජ. දු.ව.ක.ර.පො.නො.(කා.පො.ප.යො) පා.ශ්‍රි.උ. සි.බෞ.වි. ( දෙ. නො) ද.දෙ.වැ.සි. කෘ.වි. සං.
(රජරට වාරි ජලයෙන් දුම්කොල වගා කරන රසායනික පොහොර නොයොදන( කාබනික පොහොර පමණක් යොදන) පාරම්පරික ශ්‍රී ලංකා කාර උඩරට සිංහල බෞද්ධ විවාහක ( දෙවරකට නො වැඩි ) දරු දෙදෙනෙකුට වැඩියෙන් සිටින දේශප්‍රේමි කෘෂිකාර්මිකයන්ගේ විශ්‍රාමික සංගමය)
සටහන- මහසෙන් නම අල්ලාගෙන මේ විකාරකාරයන් නටන අයුරු දුටු මගේ සිතට කරුණු දෙකක් මතක් විය. එකක් ඒබ්‍රහම් ලින්කන් ද වැම්පයර් හන්ටර් චිත්‍රපටයයි. අනික මහාවංශයේ අතිශයෝක්තියෙන් උත්කර්ෂයට නංවන ලද මහසෙන් නම ඇති කුඩු කාරයන් , බඩු කාරයන් ,හොරුන් කී දෙනෙක් අද සමාජයේ සිටියිද යන්නයි.
