Showing posts with label ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. Show all posts
Showing posts with label ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. Show all posts

Monday, January 18, 2016

ආණ්ඩුවට අභියෝගයක්

 
රනිල්-මෛත්‍රී යහපාලන ආණ්ඩුව  රටට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට සැරසෙයි.

රනිල් ගැනත් මෛත්‍රී ගැනත් ඒ දෙපොලගේ යහපාලන ආණ්ඩුව ගැනත් බොහෝ දේ කීමට තිබුනත් මේ සැරසෙන්නේ ඊනියා යහපාලනය විවේනය කිරීමට නොවේ. ඒ සඳහා ඕනෑ තරම් කල් තිබේ. මෛත්‍රී කියන විදියට නම් අවුරුදු පහක්ම තිබේ..

පුරවැසියන්ගේ අදහස් ද  ව්‍යවස්ථාවට එකතු කර ගන්න  බව ඊයේ ජාතිය අමතමින් රනිල් තුමා කියා සිටි නිසා මම මේ සූදානම් වෙන්නේ පුරවැසියෙක් විදියට මගේ යුතුකම් ඉෂ්ඨ කිරීමට නොහොත් ගෙන එනවායැයි කියනු ලබන ව්‍යවස්ථාවට මගෙනුත් අදහස් කීපයක් ඉදිරිපත් කිරීමටය.

නිදහසින් පසු හා ඊට පෙර ගත වූ කාලය දෙස විමර්ෂණාත්මකව බලන්නේ නම් , මේ රට ගොඩ ගැනීමට මගේ මේ යෝජනා අත්‍යවශ්‍ය බව ඕනෑ මෝඩයෙකුට තේරුම් යනු ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය  අනිවාර්යෙන්ම පහත කොන්දේසි අඩංගු විය යුතුයැයි මම යෝජනා කර  සිටිමි.

1. රාජ්‍ය හා ආගම අතර ඇති සියලු සම්බන්ධතා නතර කිරීම .

2. කිසිම ආගමකට විශේෂ සැලකිල්ලක් නොදැක්වීම

3. ආගම් වල පැවැත්ම වෙනුවෙන් රාජ්‍ය අරමුදල් වෙන් නොකිරීම

4. ආගමික අධ්‍යාපනය පාසල් විෂය ධාරාවෙන් අයින් කිරීම

5. ආගමික ගැ‍ටුම් ඇති කරන්නන්ට තද දඬුවම් පැනවීම

6. බාල වයස් කරුවන් පූජක පදවියට බඳවා ගැනීම තහනම් කිරීම

හැකි නම් මෙයින් එකක්  හෝ කර පෙන්වන්න