ගරු චම්පික ඇමතිතුමාගේ විද්යා , තාක්ෂණ හා පරමාණුක බලශක්ති අමාත්යාංශය අලුත්ම සොයා ගැනීමක් කර තිබේය. ඒකේ නම සූර්යතාපයෙන් මාළු විජලනය කිරීමේ තාප කුටීරයය.
මේක හදන්නට ගිය වියදම රුපියල් එක්ලක්ෂ හැත්තෑදාහක්ය.
ඊටත් වඩා වියදම් කර අණබෙර ගසා ෆොටෝ එහෙම අල්ලා සූර්යතාපයෙන් මාළු විජලනය කිරීමේ පලමුවැනි තාප කුටීරය පසුගියදාක මැති ඇමතිවරුන්ද පිරිවරාගෙන ආපු ඇමත්තෙක් අතින් විවෘත වුනේය. ඒ අහලම අකුරු කොටපු ගලකුත් හිටෙව්වේ මේ නව තාක්ෂණේ උරුමක්කාරයෝ කවුද කියලා අනාගත ප්රම්ප්රාවට කියලා දෙන්ටය.
සූර්යතාපයෙන් මාළු විජලනය කිරීමේ තාප කුටීරය හදා ඇත්තේ කොහොමදැයි හොයා බැලූ විට දැන ගන්ට ලැබුනේ යකඩ දැල් තට්ටු කීපයකට ගසා ඒ වටේට කපුටන්ට එන්ට බැරි වෙන්ට තව දැලක් දමා තිබීමය.
කොටින් කිව්වොත් සූර්යතාපයෙන් මාළු විජලනය කිරීමේ තාප කුටීරය කිය කියන්නේ අව්වෙන් කරවල වේලන තට්ටුවටය.
ලංකාවේ විද්යා ,තාක්ෂණ හා පරමාණුක බලශක්ති අමාත්යාංශයේ අලුත් සොයා ගැනීම මාලු අව්වේ දැම්මාම කරවල හැදෙන බවය.
මේ හොයා ගැනීම නිසා සමහර විට චම්පික ඇමතිතුමාට නෝබෙල් තෑග්ගත් හම්බ වෙන්ට ඉඩ තිබේය.අපි එතුමාට සුභ පතමු.
සටහන- මේ ගැන එක් බ්ලොග් අඩවියක තිබූ සටහනට පහත කොමෙන්ටුව දමා තිබුනේය.
"ආහාර කල්තබා ගැනීමේ නව ක්ර මයක්. දියුණුවේ මං සලකුණු."
නයි කයිද රෝස්පාන් කිව්වලු
(ඡායාරූපය ලංකා ඊනිව්ස් වෙතින්)
