Showing posts with label ජනතා විමුක්ති පෙරමුණ. Show all posts
Showing posts with label ජනතා විමුක්ති පෙරමුණ. Show all posts

Sunday, November 13, 2016

කිසිවක් සිදුව නැත ---------



මහවත්ත කදු බිම නිසලය
උසැති ගල්කුලු අතර
දැවී නටඹුන් වූ පැලකි...
පෙර මග බලා සිටිනා......
කිසිවෙකුත් නැත
නිදිකුම්බා මලක්වත්.......
පෙරලුණු බූරූ ඇද
වේ පසින් වැසින
සමන් පිච්ච පදුර අස
ගවුම් පොඩියක් දිරා යයි
බෝනික්කෙකුගේ හිසක්
උදුරා නොදැමුණු අනිත් ඇසින්.....
අරංගල පල්ලම දෙස බලා සිටී
කිසිවක් ...
කිසිවක් සිදු නොවු ලෙස
කිසිවක් සිදුව නැත
කොලුවකු එළිපත්ත මත
වාඩි වී සිටී
බෙදු බත් පිගානක් කුස්සියේය
කිසිවක් සිදුව නැත
_________________________
 
1989 දී හමුදාව විසින් අරංගල මහ වත්තේදී තම පවුලේ සියල්ලන් ඝාතනය කල පසු සිර කදවුර තුල උමතු වූ පාලිත සහෝදරයාගේ මතකය නිර්නාමික සහෝදරයෙක් ලියා තිබූ අයුරු

Thursday, November 10, 2016

යට ගිය දවස දකුණේ සංහාර සාක්‍ෂි යළි කියවා බැලීම -මරණයේ මාසය

1989දී පැහැරගත් සිය පුතුන්ගේ සේයා රූ සමඟ මාතලේ උකුවෙල වරාකන්දවත්තේ කේ.ජී. කමලාවතී මාතාව 2013 වසරේ දී
 
ත්තොට, ගුරුබැබිල පදිංචි ටී.එම් මුදලි මැණිකේ අම්මා වරක් ජනාධිපති ප්‍රේමදාසට මෙසේ ලියා යැව්වා ය.
"උතුමාණනි,
ගරු ජනාධිපතිතුමන් වෙත ඉතා සංවේගයෙන් ලියමි.
ටී.එම් මුදලි මැණිකේ වන මගේ පුතු ටී.එම් තෙන්නකෝන් බණ්ඩා ය. මාගේ පුතු 27 හැවිරිදි ය. මාතලේ රත්තොට පොලිසියේ නිළධාරීන් පුතු සෙවීමට පැමිණි විට මම ඔහු  රැගෙන ගොස් එම නිළධාරින්ට භාර කළා. එම බාර දීමෙන් පසුව කිසිම තොරතුරක් ලැබුනේ නැත.
මම මේ ලිපිය ලියන්නේ ඔබතුමන්ගේ සහයෝගය ඇතුව මගේ පුතා සොයා ගැනීමටයි. ගරු ජනාධිපතිතුමනි, මගේ පුතා සොයා දෙන්න කියා මම ඉල්ලා සිටිමි. මගේ පුතාට විපතක් කරදරයක් වෙන්න ඉඩ නොදී සොයා දෙන්න කියා මම මෙතනනින් නවතිමි.
මෙයට පුතුගේ මව් ටී.එම් මුදලි මැණිකේ"
 
දශක දෙක හමාරකට කලින් මේ ලිපිය ලියූ අම්මාට සිය පුතු හමු වී යැයි කියන්නට කිසිදු සාක්‍ෂියක් අප හමුවේ නොවේ. එහෙත් දස දහස් සංඛ්‍යාත මනුෂ්‍යයන් රහසේ මරා පුළුස්සා දැමූ හෝ මිහිදන් කළ  ඒ අන්ධකාර යුගයේ දි ගුරුබැබිල මුදලි මැණිකේ අනන්ත දුක් විඳ උස් මහත් කළ තෙන්නකෝන් බණ්ඩා ද ඇතැම් විට එසේ මැකී ගිය මිනිස් ප්‍රාණයන් අතර එක් ගොදුරක් වන්නට ඇතැයි අනුමාන කළ හැකි බොහෝ සාක්‍ෂි ඕනෑ තරම් ඇති බව අපි දනිමු. සිය පුතුට නපුරක් නොකොට යළි තමන් වෙත එවන්නැයි රටේ පාලකයාට ආයාචනා කරමින් ෆූල්ස් කැප් කොලයක ඇය ලියු ලිපියේ  නිළ මුද්‍රාවන් කිහිපයක්ම සටහන්ව තිබේ. අකුරු වියැකී දුර්වර්ණ වන තරමට රාජ්‍ය ආයතනයෙන් ආයතනයටත්, නිලධාරීන් අතින් අතටත් යන්නට ඇතැයි සිතිය හැකි ඇගේ ලිපිය අවසානයේ නතරව ඇත්තේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් පත්කරනු ලැබු  වයඹ, මධ්‍යම, උතුරුමැද හා ඌව පළාත්වල පැහැරගෙන යාම් හා අතුරුදහන් වුවන් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ ය.

ජීවිතයකට ජීවිතයක්
එවකදී 60 වැනි වියෙහි පසුවු මුදලි මැණිකේ මාතාව, ටී. සුන්දරලිංගම් සභාපතිත්වය දැරු අදාළ කොමිසම හමුවේ 1995 සැප්තැම්බර් මාසයේ 18 වැනි දා සාක්‍ෂි දෙමින් මෙසේ කියා සිටියාය.

''අතුරුදහන්ව සිටින තෙන්නකෝන් බණ්ඩා මගේ පුතා. අතුරුදහන් වන විට වයස අවුරුදු 23 යි.1989 දි පුතාව පොලිසියෙන් හෙව්වා. හමුදාවෙන් ගෙදරට ආවා පුතාව හොයාගෙන. ඒ නිසා පුතා හැංගිලා හිටියේ. පුතා වෙනුවට වීරසිංහ බණ්ඩා බෑනාව හමුදාවෙන් අරන් ගියා. 1989 නොවැම්බර් 23 දින පුතාව එක්ක ගිහින් රත්තොට කඳවුරට භාරදුන්නා. පුතා භාර දුන්නම බෑනා එව්වා. පසුව පුතා බලන්න ගියාම කිව්වා පුතාව විජය කොලජ් එකේ රැඳවුම් කඳවුරට යැවුවා කියලා. ඊට පසුව කවදාවත් පුතාව විජය කොලෙජ් එකේ කඳවුරේදි දැක්කේ නැහැ. කඳවුරුවල හොයලා බැලුවත් අද වන තුරු දැක්කේ නැහැ. මාත් එක්ක අද ඇවිත් ඉන්න මගේ දුව රත්තොට කඳවුරේදි වරක් පුතාව දැක්කා කිවුවා''.

එම කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් රත්තොට පොලිස් වසමේ ගුරු බැබිල, මැටිහක්‍ක ග්‍රාමයේ පදිංචි වීරසිංහ කඩේ ගෙදර වීරසිංහ බණ්ඩා කියා ඇත්තේ සේවය අවසන්ව නිවසට පැමිණෙමින් සිටියදි යුද හමුදාව තමන්ව අල්ලා ගෙන රත්තොට කඳවුරට රැගෙන ගිය බවයි.
''මම විවාහ කරගෙන ඉන්නේ තෙන්නකෝන් බණ්ඩාගේ සහෝදරියව. 1989 සැප්තැම්බර් 19 වැනි දින මාව හමුදාවෙන් අල්ලාගෙන රත්තොට හමුදා කඳවුරට රැගෙන ගියා. මාව අල්ලා ගෙන තෙන්නකෝන් බණ්ඩා කියන්නේ කවුද, දසනායක කියන්නේ කවුද කියලා ඇහුවා. ඒ අයගේ ගෙවල් පෙන්වන්න කිවුවා. දසනායකගේ ගේ පෙන්නුවාම ඒ මහත්තයාගේ ළමයාව අල්ලා ගත්තා. එතනදීම මගේ කමිසය ඉරලා අත් දෙක පිටු පස්සට කරලා බැන්ඳා. පස්සේ තෙන්නකෝන්ගේ විස්තර කියන්න කියලා මට ගගහා කෑම්ප් එකට අරන් ගියා. 23 වැනිදා මාව නිදහස් කළේ තෙන්නකෝන්ව අත්අඩංගුවට ගත්තට පසුවයි''.


මුදලි මැණිකේ සිය පුතු රත්තොට පොලිසියට භාර දෙන්නට ඇත්තේ තම දියණියගේ සැමියා බේරා ගැනීමේ අටියෙන් මුත් එය ජීවිතයකට ජීවිතයක් හුවමාරු කිරීමකැයි ඇය කිසිවිටක නොසිතන්නට ඇත. නමුත් ඈ වැනි බොහෝ දෙනෙක් නින්දා තර්ජන හා පරුෂ බස් ඉවසා හමුදා කඳවුරුවල යකඩ වැටවල්වලින් එබී බලමින් තම ආදරණීයයන් ඒවායෙහි සිටි දැයි කොතෙක් සොයන්නට ඇතිදැයි මතක ඇත්තෝ දැන් විරල ය. නමුත් අතුරුදහන්කෙරු, පැහැරගෙන ගියා වු හෝ මරා දැමුවා වු තම සමීපතමයා තමන් සමග සිටි අවසන් තත්පර කිහිපය පිළිබඳ මතකය කැටිකොට ඔවුන්ව සොයා දෙන්නැයි ආයාචනා කරමින් බලධාරින් වෙත ලියා ඇති පැරණි ලිපි යළි කියවීම හද කම්පා කරවන සුළු ය. මතකයෙන් මකා දමන ලද ඉතිහාසයේ එක් යුගයක් නිරවුල් විනිශ්චයට ලක් කිරීමට හැකි එවන් සටහන් සහ සාක්ෂි සම්පිණ්ඩනයන් යළිත් පෙරළා බලන කවරෙකු හෝ රණකාමී වීරත්වය පිළිබඳ වත්මනෙහි රජයන බොල් විශ්වාසයන් හි සරණ යතැයි සිතීම අසීරු ය. යුක්තිය ඉටු නොවූ අතීත සංහාරයක බිහිසුණු උරුමය අමතක කොට  'අපේ හමුදා යුද අපරාධ නොකළ බව'ට අදහන්නට දශක දෙක හමාරක් තිස්සේ හුරු කළ පරම්පරාවන් මේ සටහන් යළිත් කියවා බැලීමට පොළඹවාලිය යුත්තේ ජනවාර්ගික බෙදුම්රේඛා නොතකා යුක්තිය ගැන සිතන්නට අවශ්‍ය විචාර බුද්ධිය අවදි කරනු පිණිස ය.


පිළිස්සූ මළ සිරුරු


මාතලේ, උඩස්ගිරිය, කොස්වත්ත ග්‍රාමයේ පදිංචිව සිටි එවකට 33 හැවිරිදි වියේ පසුවු එරමුදු ගෙදර කාන්ති පුෂ්පලතා නැමැත්තිය 1995 සැප්තැම්බර් 27 දින අදාළ කොමිසම හමුවෙහි සාක්ෂි දෙමින් තම විවාහක පුරුෂයා වු පී.ඩී කරුණාරත්න නැමති අයගේ අතුරුදහන්වීම සම්බන්ධව කියා සිටිනුයේ මෙවැන්නකි:


''පී.ඩී කරුණාරත්න මගේ ස්වාමී පුරුෂයා 1989 නොවැම්බර් 04 වැනි දින සවස 4ත් 5 ත් අතර කාලයේදි නිවස අසල කඩයේදි  යටවත්ත හමුදා  කඳවුරෙන් පැමිණි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මගේ මහත්තයාව අත්අඩංගුවට අරගන්නවා කඩේ මුදලාලිත්, ගුණසේන යන අයත් දැක තිබෙනවා. මහත්තයාව රැගෙන යාමට පැමිණි හමුදා නිළධාරින්ව හොඳින් හඳුනමි.ඔවුන් යටවත්ත හමුදා කඳවුරේ පළමුවැනි හමුදා රෙජිමේන්තුවේ කෝප්‍රල් විමලසිරි, කැප්ටන් බණ්ඩාර ඇතුළු පිරිසකි. මගේ මහත්තයාව දින හයක් යටවත්ත කඳවුරේ තියාගෙන සිටියා.

ඔහු බේරා ගැනීම සඳහා කොම්පඤ්ඥවීදිය හමුදා කඳවුරේ ලොකු නිළධාරියෙකුගෙන් ලිපියක් අරන් ඇවිත් දුන්නා. ඒ අතර මගේ මවත් හමුදාවෙන් අල්ලන් ගියා. ලිපිය දෙන්න යන කොට මාවත් අල්ලා ගත්තා. යටවත්ත කඳවුරේ මහත්තයා සිටිය කාමරයටම මාවත් දැම්මා. පසුදා තුනට මාව නිදහස් කළත් පුරුෂයාව තියා ගත්තා."1989 දෙසැම්බර් 25 වැනි දින පුරුෂයා බැලීමට මම කඳවුරට ගියත් ඔහු එහි සිටියේ නැහැ. මට කිව්වා මාතලේට අරන් ගිය බව. නමුත් ඔහු වෙන කිසිම කඳවුරක සිටියේ නැහැ. පස්සේ මට ආරංචි වුණා වල්ලේවෙල හන්දියේ පුච්චලා දමා තිබෙන බවට. මා එහි ගොස් බැලුවේ නැහැ. මට දරුවො දෙන්නෙක් ඉන්නවා. වැඩිමලා දුව වයස අවුරුදු 14 යි. දෙවැනි පුතාට වයස අවුරුදු 12 යි''

කාන්ති පුෂ්පලතාගේ සැමියාගේ අතුරුදහන්වීම පිළිබඳව එගොඩපිටියේ ‍ගෙදර අනුර ජයරත්න නැමැති අය  අතුරුදහන්වුන් පිළිබඳ කොමිසමේ සභාපති ටි.සුන්දරලිංගම් ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටිනුයේ යටවත්ත කඳවුරේ තමන් සමග එකට සිටි 'රසික' නම් රැඳවියෙකු දිනක් තමන් හමුවට පැමිණ හමුදාවෙන් කරුණාරත්නට පහරදී මරා දමා පුළුස්සා දැමීමට රැගෙන ගියා යැයි කියු බවයි.

ඔහුගේ ප්‍රකාශයෙ හි මෙසේ සඳහන් වේ: ''මම එගොඩපිටියේ ගෙදර අනුර ජයරත්න. පදිංචිය එගොඩපිටිය, උඩස්ගිරිය, මාතලේ. වයස අවුරුදු 28 යි. සිංහල බුද්ධාගම. අතුරුදහන් කරුණාරත්න යන අය මා ගමේදි හොඳින් හඳුනමි. ඔහුව යටවත්ත හමුදා කඳවුරෙන් 1989 නොවැම්බර් 04 වැනි දින රැගෙන ගිය බව ආරංචි වුණා. හමුදා කඳවුරට පැමිණෙන ලෙස මගේ අම්මා අතේ මටත් දන්වා එවා තිබුණා. මා 1989 නොවැම්බර් 11 දින යටවත්ත කඳවුරට ගොස් භාර වුණා. එහිදි වරෙක කරුණාරත්න මට කිවුවා මල්ලිලා ආව එක හොඳයි කියා. එම කඳවුරේ මා දින 12 රඳවාගෙන සිටියා. එක් දිනක් රාත්‍රි 9 ට පමණ ගහන්න එපා‍‍, ගහන්න එපා යනුවෙන් මහ හඬින් කෑගසනවා ඇසුනා.පසු දිනෙක එම කඳවුරෙම රඳවා සිටි රසික නම් අයෙක් මට ඇවිත් කිවුවා හමුදාවෙන් කරුණාරත්නට ගහලා,ගහලා මරලා දාලා පුලුස්සා දාන්න වාලවෙල හන්දියට ගෙන ගිය බව''.

මාතලේ දිස්ත්‍රිකය පුරා තැන තැන ස්ථානගත කොට තිබුණු හමුදා කඳවුරු, රැඳවුම් මධ්‍යස්ථානයන් මෙන්ම නොයෙක් නම්වලින් පසුකලක හඳුනා ගත් වධකාගාරයන් බොහෝමයක සිදුවු දෑ එයින් වසර කිහිපයකට පසුව යම් තරමින් හෝ හෙළිදරව් වුණද ඒවායෙහි ගොදුරු බවට පත්වුවන්ට ඉටුවු යුක්තියක් නොමැත. එනිසාම බොහෝ දෙනෙකුට සිදුවුයේ බලාපොරොත්තුව පමණක් ඉතිරි කොටගෙන පැමිණිළි කළ හැකි, යුක්තියක් යැදිය හැකි තැනින් තැන රස්තියාදු වී හිස් අතින් පිටව යෑමට ය. ඉක්බිති ඉටු නොවූ යුක්තිය පිළිබඳ වේදනාවෙන්ම  මිය යාමට ය.

මාතලේ ඕවිලිකන්ද ,රත්තොට ආදි ප්‍රදේශයන්හි පිහිටුවා තිබුණු හමුදා කඳවුරුවලටත්, විජය විද්‍යාලයේ පිහිටුවා තිබුණු හමුදා වධකාගාරයටත් රැගෙන ගිය බොහෝ දෙනෙකුන් නැවත පණ පිටින් පැමිණි නැති බව අදාළ පුද්ගලයන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කොට ඇති පැමිණිළි සහ ලිපි මගින් සනාථ වේ. ජනාධිපති කොමිසම් සභා සහ වෙනත් පුද්ගලයන් වෙත ඉදිරිපත් කොට ඇති ලිපිවල ඉතා පැහැදිලිව සඳහන් වන්නේ 'ඕවිලිකන්ද සහ රත්තොට හමුදා කඳවුරුවලින්' පැමිණි හමුදා පිරිස් දිනපතාම ප්‍රදේශයේ නිවෙස් වටකොට විශාල වශයෙන් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඇති බවටයි.

ඕවිලිකන්ද සහ රත්තොට වධකබිම්

මේ ‍ඕවිලිකන්ද, රත්තොට මෙන්ම  මාතලේ අනෙකුත් ප්‍රදේශයන්වලින් වාර්තා වු පුද්ගල අතුරුදහන් කිරීම් සහ ඝාතන කිහිපයකි.
මාතලේ, මුවන්දෙනිය, වැටස්යාය ලිපිනයේ පදිංචිව සිටි එවකට 68 වන වියේ පසු වු වාසලආරච්චි සරත් චන්ද්‍රසිරි නැමති අය සිය පුත්‍රයා වු ඩබ්ලියු. ඒ. සිසිර කුමාර වාසලආරච්චි ගේ අතුරුදහන්වීම පිළිබඳව කොමිසම හමුවේ ලබා දී ඇති සාක්ෂියේ මෙසේ සඳහන් වේ.

''මගේ පුතා 1989 නොවැම්බර් 10 වැනි දින රාත්‍රි 2.30 ට පමණ නිවසේ සිටියදි අල්ලාගෙන ගියා. කළු පාට ටී ෂර්ට් සහ කළු කොට කලිසම් ඇඳ ටී 56 තුවක්කු අරන් ඇවිත් තිබුණේ. පුතාව එළියට අරන් වෙඩි 6ක් විතර තිබ්බා. ගෙයින් පිටත 25 පමණ රැඳි සිටියා. පුතා අරන් යන කොට මමත් පස්සෙන් ගියා. වාහන දෙකක් පාර අයිනේ තිබුණා. අංක තහඩු නැහැ. පැජරෝ එක නිල් පාටයි. ඩෙලිකා එක සුදුපාටයි. එදා සිට පුතාව හෙව්වත් හමුවුණේ නැහැ. පුතා හමුදාවේ ඉංජිනේරු අංශයේ කෝප්‍රල් කෙනෙක්. පුතා පැහැර ගන්න කොට හමුදාවෙන් ඉවත් වෙලයි හිටියේ. පුතා ගැන හමුදාවෙන් විමසුවා.

මාතලේ විජය කඳවුරේ 'ගෝඨාභය රාජපක්ෂ' මහතාගෙන් විමසුවාම අපි නොවෙයි ගෙනාවේ පොලිසියෙන් යැයි කිවුවා. පොලිසියට ගිහින් පොලිස් අධිකාරි මහින්ද බාලසුරිය මහතාගෙන් විමසුවත් ඔහු කිවුවෙත්  අපි ගෙනාවේ නැහැ කියලයි. පස්සේ මාතලේ පොලිසියේ 'අයි ශාඛාව' භාරව සිටි නාවලගේ මහාතාගෙන් විමසුවා. ඔහුත් කිවුවේ අපි ගෙනාවේ නැති බවයි. මගේ පුතාව ගෙනිච්චේ කවුද? එයාට මොනවද වුණේ? පුතා පැහැරගෙන යන විට පුතාගේ දරුවට මාස දෙකයි''.

මාතලේ, ඕවිලිකන්ද, වදේමඩ ලිපිනය සඳහන් ගල්පොත්තාගාව ගෙදර චන්ද්‍රාවතීගේ කතාවද එයට නොවෙනස් එකකි. ඇගේ සැමියා වන ඒ.පී.රූපසිංහ 1989 ඔක්තෝබර් 07 වැනි දින හමුදා අත්අඩංගුවට පත්වන්නේ එදින ඕවිලිකන්ද ගම්මානයේ සිදුකරන හමුදා වැටලිමක් අතරවාරයේ ය. අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව ඕවිලිකන්ද කඳවුරට රැගෙන යන ඔහු ඇතුළු පිරිස යළි කිසි දිනක ඔවුන්ගේ ඥාතීන්ට දක්නට නොලැබුණු බවයි ඇය කියා සිටිනුයේ. එසේම ඕවිලිකන්ද හමුදා කඳවුරේ රඳවා සිටි කාලයේ දි තම සැමියා බලන්නට උත්සහ ගනු ලැබුවද එහි සිට හමුදා සෙබළුන් තම කොණ්ඩය කපා එළවා දැමු බව ඇය සාක්‍ෂි දෙමින් කියා තිබේ.

ස්වාමි පුරුෂයන් අහිමි වු බිරින්දෑවරුන්ගෙනුත්, දරුවන් අහිමි වු මව්පියන්ගෙනුත් නැගෙන  ඕවිලිකන්දේ ශෝකාලාපයන් ඒ සංහාරය නිමා වූ පමණින් අවසන් නොවේ. හමුදා සෙබළුන් තම දරුවන්, විවාහක පුරුෂයන් උදුරාගෙන යන විට පිළිසරණක් නොමැතිව සිටියවුන් එයින් සය වසරකට පසු පත්කරන ලද ජනාධිපති කොමිසම් සහ පරික්ෂණ මණ්ඩලයන් හමුවේ යළි යළිත් සාක්ෂි දෙන්නේ තමන්ගෙන් උදුරා ගත් දරුවන් දෑසින් දැකගැනීමේ  ආශාව අත් නොහරිමිනි. නමුත් වැදගත් ප්‍රශ්නය වන්නේ, ඒ තරම් වූ දුක් තැවුල් විඳි ජන සමාජයක් වන්නියේ මිනිස් සංහාරයෙන් සය වසරක් ගෙවෙන මේ වසරේදීත් සිය දරුවන් සොයා ඇවිදිමින්, මළවුන්ට යුක්තිය අයදින දෙමළ ජනයාගේ ඉරණම නොතකා ඒ දුක් ගැනවිලි මැඩලන්නට කල්පනා  කරන්නට පුරුදු වූයේ කෙසේද යන්නයි. 

මාතලේ ඕවිලිකන්ද ඇටිපොල වත්ත පදිංචිව සිට ඇති 70 හැවිරිදි ගලහෑන හේනේගෙදර ධර්මකීර්ති දේවගේ ජිනදාසගේ පිරිමි දරුවන් තිදෙනාම එකම දිනෙක හමුදාවෙන් රැගෙන යන්නේ ඕවිලිකන්ද හමුදා කඳවුරට ගෙන යන බව පවසමිනි. ඒ 1989 ඔක්තෝබර් 07 වැනි දා ය.ප්‍රේමසිරි, සෝමසිරි සහ කුසුම්සිරි යන තම දරු තිදෙනා කඳවුරට රැගෙන යාමෙන් පසුව ඔවුන් බැලීමට තමන් ගිය බවත් කඳවුරෙ සිටි 'ජයතිස්ස' නැමති හමුදා නිළධාරියෙක් තමන්ට පහර දී එළවාගත් බවත් ඔහු කියා සිටියි. පසු දිනෙක ප්‍රේමසිරි සහ සෝමසිරි යන දරුවන්ව නිදහස් කර එවු බවත්, කුසුම්සිරිව ට්‍රක් රථයකට පටවාගෙන යනු දුටු බවත් එයින් පසුව ඔහුව යළි කිසි දිනෙක නොදුටු බවත් ඔහු කොමිසම හමුවේ කියා තිබේ.

කඳවුරෙන් නිදහස්ව පැමිණෙන එච්.ඩී.සෝමසිරි, කොමිසම හමුවේ කියා සිටිනුයේ කඳවුරට රැගෙන යාමෙන් පසුව තමන් සහ සහොදරයන් දෙදෙනාව බිල්ලෙකුට පෙන්නු බවත්, බිල්ලා කුසුම්සිරි දෙස බලා හිස සැලු පසු හමුදාව ඔහුට පහරදී ඉවතට රැගෙන ගිය බවත් ය.
ඕවිලිකන්ද, පන්වත්ත පදිංචිව සිට 19 හැවිරිදි පාසැල් ශිෂ්‍යයකු වු කේ.පී. සිරිසේනව 1989 නොවැම්බර් 04 වැනි දින  උඩුපිහිල්ල හමුදා කඳවුරෙන් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් විසින් රැගෙන යන්නේ ‍ඕවිලිකන්ද කඳවුරට පසුදා පැමිණ දරුවා භාර ගන්නා ලෙස පියාට දැනුම් දෙමිනි. ඔහු රැගෙන යාමෙන් වසර කිහිපයකට පසුව, එනම් 1995 සැප්තැම්බර් 25 වැනි දින මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අතුරුදහන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කොමිසම හමුවේ සාක්ෂි දුන් එච්.පී.ගුණපාල නැමැත්තා කියා ඇත්තේ තම ඥාති පුත්‍රයා හමුදාවෙන් රැගෙන යනු තමන් දුටු බවයි. එසේම කිසිදු බියක් ඇතිකර නොගෙන පසුදා ඕවිලිකන්ද කඳවුරට පැමිණ ඔහුව භාර ගන්නා ලෙසට සිරිසේනගේ පියාට හමුදා නිළධාරියෙක් කියා සිටිනු තමන්ට ඇසුනු බවද ඔහු සඳහන් කරයි. නමුත් එසේ රැගෙන යාමෙන් පසු යළිත් සිය ඥාති පුත්‍රයාව කිසිවකුටත් දක්නට නොලැබුණු බවයි ගුණපාල තම සාක්ෂියෙන් සඳහන් කර සිටිනුයේ.

ජයතිස්සගේ මිනිස් දඩයම්

මිනිසුන් පැහැර ගැනීමට ඕවිලකන්ද හමුදා කඳවුරෙන් පැමිණි හමුදා භටයන්ට නායකත්වය දී ඇත්තේ ජයතිස්ස නැමති නිළධාරියෙක් යැයි අවස්ථා කිහිපයකදිම හෙළිදරව් වී තිබේ. ඔහු විසින් කරන ලද තවත් පැහැර ගැනීමක් පිළිබඳව කතාව කොමිසමේ සාක්‍ෂි ලියැවිලි අතර මෙසේ දැක් වේ

ඕවිලිකන්ද, පරගස්තැන්නේ පදිංචිව සිටි 23 හැවිරිදි එක් දරු පියෙකු වු ඊ.ජී. ජයතුංග නැමැත්තාව ඕවිලිකන්ද හමුදා කඳවුරෙන් පැමිණි බැව් පවසා රැගෙන යන්නේ 1989 නොවැම්බර් 14 වැනි දා ය. ඔහුගේ බිරිඳගේ මව කියා ඇත්තේ එදින රාත්‍රි 12 ට පමණ පැමිණි පිරිසක් තම බෑණනුවන්ව පැහැරගෙන ගිය බව ය. පැමිණි පිරිස ඕවිලිකන්ද කඳවුරට අනුයුක්ත කොට සිටි 'ගජබා රෙජිමේන්තුවේ' අය බවටත්, එක් අයෙක් ජයතිස්ස යන නිළධාරියා බවටත් පසුව හඳුනා ගන්නට ලැබුණු බවඇය කියා සිටියි. එසේම තම බෑණා රැගෙන යාමට පැමිණි දින අසල නිවෙස්වල තරුණයන් තිදෙනෙක් සහ තරුණියක්වද හමුදාව විසින් රැගෙන ගිය බවත් එසේ රැගෙන ගිය අයවලුන් යළි කිසි දිනෙක නොපැමිණි බවත් ඇයගේ සාක්‍ෂියෙහි දැක් වේ.

හමුදා නිලධාරී ජයතිස්සගේ මිනිස් දඩයම් ‍එතෙකින් අවසන් නොවේ. මෙයද එවන් කතාවකි.

ඕවිලිකන්ද හොරගහපිටියේ පදිංචිව සිටි 42 හැවිරිදි, ඉඩම්ගෙදර සමරසිංහ කියා ඇත්තේ එන්.පී.උපසේන නැමති අය තමන් සමග 1989 ඔක්තෝබර් 22 දින  ඕවිලිකන්ද පාලුවත්ත කුඹුරේ වැඩ කරමින් සිටියදි එහි පැමිණි ජයතිස්ස නැමති හමුදා නිළධාරියා සහ පිරිසක් විසින් ගිණි අවි පෙන්වා රැගෙන ගිය බවයි. ඔහුගේ ඉරණමද සෙස්සන්ගේ ඉරණමට වෙනස් නොවේ.

ඕවිලිකන්ද, පන්වත්තේ පදිංචිව හුන් 50 හැවිරිදි උඩගම්මැද්දේ ගෙදර දිනදාස සහ ඔහුගේ පුතු වු 25 හැවිරිදි යු.ජී. චන්ද්‍රපාලව 1989 නොවැම්බර් 12 වැනි දින ඕවිලිකන්ද හමුදා කඳවුරට රැගෙන යන්නේ ද මෙම ජයතිස්ස නැමති නිළධාරියා විසිනි. පසුව නිදහස්ව පැමිණෙන දිනදාස නැමැති අය කියා සිටිනුයේ  ඕවිලිකන්ද කඳවුරට රැගෙන යාමෙන් පසුව තමන්ට පහර දී උඩුපිහිල්ල කඳවුරට  රැගෙන ගිය බවයි.

'කඳවුරුවලදි අපි දෙන්නට පහර දුන්නේ ජයතිස්ස සහ ප්‍රේමදාස කියන නිළධාරීන්. පසුව මගේ දෑස් බැඳ උකුවෙලට ගෙනත් දැම්මා. නමුත් වරින් වර හත් වතාවක් මාව කඳවුරට අරන් ගිහින් පහර දුන්නා. නමුත් ඒ කිසිදු අවස්ථාවක මට මගේ පුතාව දකින්න ලැබුණේ නැහැ'.

සමුහ වැටලීම්
පැහැරගෙන යාම් හැමවිටම එකා දෙන්නා වශයෙන් නොවේ. ඇතැම් තැනෙක සමූහ වශයෙන් කරන ලද බලහත්කාරී පැහැරගෙන යාම් සමූහ අතුරදහන්වීම් වශයෙන් ඉතිහාසයට එක්ව තිබේ.

රත්තොට පොලිස් වසමේ කයිකාවල පොල්වත්තේ දි 1989 ජූලි මාස15 වැනි දින එකවර පැහැර ගනු ලබන පුද්ගලයන් 13 දෙනෙක් පිළිබඳව ලියැවි ඇත්තේ එවැනිම සාක්ෂි සටහනකි. කයිකාවල පොල්වත්ත නැමති ප්‍රදේශයේ නිවසක පැවති දානමය පිංකමක් වෙනුවෙන් උදව් උපකාර කිරීමට පැමිණ සිටි බව පැවසෙන පිරිසක් අතරින් තෝරා වෙන්කොටගත් 13 දෙනෙක් මෙසේ පැහැරගැනීමට ලක්ව තිබේ. සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂිවලට අනුව ටී 56 සහ එල්.එම්.ජී. ස්වයංක්‍රීය ගිනි අවි සහ අත් බෝම්බවලින් සන්නද්ධව අංක තහඩු රහිත වාහනවලින් පැමිණ මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ  අදාළ නිවසේ ගෘහ මුලිකයා වු ඒ. දයානන්ද බණ්ඩා, කරුණාරත්න බණ්ඩා, ආර්.ඒ රණසිංහ, ආර්.ඩබ්ලියු.ඩබ්ලියු විජේසිංහ, එම්.ජිනසේන, ලැම්බට් පෙරේරා, එච්.ගුණසිරි, කේ.ජි.රත්නපාල, ජිනසේන ප්‍රනාන්දු, සුදත් නොහොත් සනා, ආර්.එම් කරුණාරත්න,ගාමිණි සහ තවත් එක් අයෙකි.

පැහැර ගැනීම සිදුවන අවස්ථාවේ අදාළ නිවසේ සිටි උපුල් ඉන්ද්‍රලාල් දසනායක නැමැත්තා විසින් ලබා දෙන ලද සාක්ෂි සටහනේ දැක්වෙනුයේ උක්ත දිනයෙහි සවස 4-5 ත් අතර කාලයේ ටෲපර් රථ දෙකකින් සහ නිසාන් ඩබල් කැබ් රථයකින් පැමිණි හමුදා භට පිරිසක් විසින් නිවස වටලා එහි සිටි සියළු පිරිමින් පිටතට ගෙන බිම දණ ගැස්වු බවයි. පසුව පිස්තෝලයක් කරකවමින් පැමිණි පුද්ගලයෙක් තමන් කැප්ටන් බැද්දෙවෙල ලෙස හඳුන්වා දුන් බවත් ඔහු කියා සිටියි.

ඇස් ඉගිල්ලූ මළ සිරුරු

පුද්ගලයන් පැහැරගනු ලැබු නිවසේ ගෘහ මුලිකයා වු ඒ. දයානන්ද නැමැත්තාගේ මවගේ සහෝදරයෙකු වු විශ්‍රාමික හමුදා සැරයන් පි.එම්.සෙනරත් බණ්ඩා එම පැහැර ගැනීම පිළිබඳව මෙසේ කියා තිබේ:
''අත්අඩංගුවට ගත්ත සියළු දෙනාගේම අත් පිටුපස්සට කරලා ගැට ගැසුවා. ඇඳගෙන හිටිය කමිස ගලවලා මුණ වැහුවා. පස්සේ අපිට කිවුවා හෙට උදේට පල්ලේකැලේ කඳවුරට වරෙල්ලා, මුන්ව භාර දෙන්නම් කියලා. පසුවදා පල්ලේකැලේ කඳවුරට ගිහින් මගේ හමුදා හැඳුන්ම්පත පෙන්වලා කැප්ටන් කෙනෙක්ගෙන් ඇහුවා ගෙනාපු අය කෝ කියලා. ඔහු කිවුවා අපි ගෙනාවේ නැහැ, මේක උඩුගම්පලගේ වැඩක් ඉක්මනට ගිහින් මරලා දාලා තියෙන තැන්වල බලපල්ලා යනුවෙන්. සිද්ධියෙන් දින හතරකට පස්සේ අපිට ආරංචි වුණා මාරස්සන පාලමක් ලඟ පුද්ගලයෝ හතර දෙනෙක්ව මරලා දලා තිබිලා නුවර පොලිස් මෝචරියට ගෙනත් දා තිබෙනවා කියා. අපි ගිහින් ඒවා බැලුවා. ඒ මළ සිරුරු හතර මගේ ඥාති පුත්‍රයා වන දයානන්ද, ලැම්බට් පෙරේරා, රණසිංහ සහ ගාමිණි යන අයගෙයි. හඳුනාගන්න බැරි තරමටම විරුපී කරලා දසවද දිලායි මරලා තිබුණේ. ඇස් උගුල්ලලා, ඇස්වලට වෙඩි තියලා ඔලු ගලවලා මරලා තිබුණේ. අනෙක් අයගේ සිරුරු හමුවුණේවත් ඉන්න තැනක් ගැනවත් මේ වනකම් ආරංචියක් නැහැ''.

කෙසේ නමුත් පැහැරගැනීමට ලක්වු ආර්.ඩබ්.විජේසිංහ නැමැත්තාගේ සොහොයුරෙකු වන දිසානායක මුදියන්සෙලාගේ ජයතිලක නැමැත්තා  විසින් සපයන ලද සාක්‍ෂියට අනුව මෙම පැහැර ගැනීම සහ ඝාතනයන්ට හේතුව අතුරුදහන් වු ඇතැමුන් ප්‍රදේශයේ එවක දේශපාලන බලවතාව සිටි පී.බී. කවිරත්නට එරෙහිව දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වීම ය.
දකුණේදී රාජ්‍ය හමුදා සහ ආරක්‍ෂක අංශ විසින් කරන අපරාධ පිළිබඳ සාක්‍ෂි වාර්තා '90 දශකයේ මුල් වසර කිහිපයෙන් පසු මාධ්‍ය වාර්තාවලින් ක්‍රමානුකලව අතුරුදහන් විය. ඒ, උතුරු නැගෙනහිර පළාත්වල අලුත් වටයකින් දියත් කෙරුණු දෙමළාට එරෙහි නව සංග්‍රාමයට අවශ්‍ය 'ජීව ගුණයෙන්' ජාතිය පණ පොවනු පිණිස දකුණේ සංහාරයන් අමතක කළ යුතුව තිබූ නිසාවෙනි. චෙම්මනි ගැන නොතකා හරින්නට නම් ඕවිලිකන්ද මතකයෙන් මකාලිය යුතුව තිබුණි.  '90 දශකයේ පළමු භාගයේදී  අළුගෝසු හමුදා සේ සමාජ වෛරයට පාත්‍ර වූ රාජ්‍යයේ නිල සේනා එම දශකයේම දෙවන භාගයේදී දෑ හිතකාමී රණ ශූරයන් සේ බෞතීස්මය ලැබීමේ රහස එයයි.☐


කිත්සිරි විජේසිංහ
http://www.jdslanka.org/s/index.php/2014-12-24-03-23-00/2014-12-24-03-25-15/496-2015-12-04-11-39-05

Monday, June 20, 2016

මගේ විරු සොහොයුරු සොහොයුරියනි



 රාජපාක්ෂික දඩ බල්ලන්ගේ කෲර මර්ධනයට නොබියව මුහුණ දෙමින් ,  නිදහස් අධ්‍යාපන අයිතීන් මෙන්ම පොදු ජන නිදහස වෙනුවෙන්ද ඔව්හු  සටන් කළහ.

ලාංකීය ශිෂ්‍ය  ව්‍යාපාරය ගොඩ නංවමින් තම ලේ, කඳුලු, දහඩිය  මතින් ඔව්හු එය පෝෂණය කළහ. 

එදවස පැවති ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ නිල හා නොනිල වධකාගාර තුල අත් පා කපා දමා, ඇස් , කන් උගුලවා  හිසට ඇණ ගසා  ඔවුන් මරා දැමුණි. 

සමූහ මිනී වලවල් තුලත්, මහමග අද්දර ගිනිගත් ටයර යටත් ,ඔව්හු තම අවසන් ගමන් ගියහ.

 පෞද්ගලික සුඛ විහරණයන් පසෙක ලා  පොදු අරමුණක්   වෙනුවෙන්   සටන් කරමින්,  අනේක වධ බන්ධනයන්ට ගොදුරු වී , ඒ අඳුරු හා බියකරු යුගයේදී ඔව්හු  තම ජීවිතය කැප  කළහ.

මේ සටහන ඔවුන් වෙනුවෙනි


 රස නැති කැවිලි කා වන පොත් කළ  දරුවෝ
රකුස් සෙනග විත් උන් හට වද     කෙරුවෝ
විසල් නුවර ලෙස මුළු රට ගිනි   දැමුවෝ
හදින් සිදුරු වූ  උණු රුධිරය   හෙලුවෝ
 
ගිනිගත් ටයර යට නුඹ දැවුණේ ද  ස කි
ගඟ දිය මතින් මුහුදට පා වී ද  සකි
සගයන් සමග පොදු වලකට වී ද සකි
අඩුවක් කන්න උඹ ආයෙත් ඒ ද සකි

(ජූනි 20 ජාතික ශිෂ්‍ය වීර දිනයයි)

Saturday, June 18, 2016

සෝමවංශයට පසු වදනක්


 
සෝමවංශ අමරසිංහ යනු කිසි දිනක මගේ ප්‍රියතම දේශපාලකයෙක් වී සිටියේ නැත. ඇත්තම කිවහොත් ඔහු ගැන තරම් දුරට අප්‍රසාදයක්ද මගේ හිතේ තිබුණේය. විශේෂයෙන් පැය ගණන් ගත කරමින් ඔහු වේදිකා මත කරන අග මුල නැති කතා ගැන මා සිටියේ දැඩි අප්‍රසාදයකිනි.
 
එහෙත් පුද්ගලයෙකු වශයෙන් ඔහු ඉතාම ප්‍රිය මනාප විය. 89 දෑවන්ත සංහාරයෙන් පසු විනාශ වූ ජවිපෙ නැවත ගොඩ නැගීමට ඔහු මහත් මෙහෙයක් කලේය.ධවල භීෂණයෙන් පණ බේරාගෙන ඔහු පලා ගිය සැටි ගැනත්, එතෙරදී ඔහුගේ සමහර ක්‍රියාකරකම් ගැනත් විවේචන තිබෙන බව සැබෑ මුත් වැ‍ටුනු පක්ෂය ගොඩ නගන්නට ඔහු ගේ කැප වීම අවතක්සේරු කළ නොහැක. සමහර විටක ඔහු නොසිටියේ නම් මීට වඩා හොඳ විදියකට සියල්ල සිදු වීමට ඉඩ තිබුණේ යැයි කෙනෙකුට කිව හැකි වුවද ( W3LANKA පැරා වැනි අය) ඔහු සිටි නිසා ඒ ගැන කතා කිරීම අදාල නැති දෙයකි.
 
නැගීටීමට මෙන්ම 2004න් පසු  පක්ෂයේ වැටීමටද ඔහුගේ ක්‍රියා කලාපය මහත්සේ දායක වූ බව නොකියා බැරිය.සෝමවංශ සහෝදරයා නොහොත් සිරි අයියාගේ සභාගවාදි , ජාතිකවාදි දේශපාලනය ජවිපෙට විශාල හානියක් කල අතර තවමත් එයින් ගොඩ ඒමට හැකියාවක් ලැබී නැත. සමහර විටෙක් ලැබෙන්නේද නැති වන්නට පුලුවන.
 
සිරි අයියාගේ ජීවිතයේ අවසාන කාලය මහත් ඛේදවාචකයක් විය. සමහර විට ඔහු ආ ගමනේ තර්කාන්විත අවසානය එය විය හැක.
 
මේ සියලු  අඩු ලුහුඬු කම් තිබියදී වුවද  ඔහුගේ නිහතමානි කම, නාහෙට නාහන ගතිය, සෘජු බව හා කැපවීම අනර්ඝය. ඒ සියල්ලටත් උඩින් මා ඔහුට කැමති වතාවක් පුවත්පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කී දෙයක් නිසාය.
 
ඔහුගේ සොහොයුරියක් ගණිකා වෘත්තියේ යෙදුනේ යැයි එකල චෝදනවක් එල්ල වෙමින් පැවති අතර ඒ ගැන පුවත්පතේ ලේඛකයා විමසු විට ඔහු දුන්නේ  සොඳුරු පිළිතුරකි.
 
"ඇය ගණිකාවක් වුනත් ඒ මගේ සහෝදරියයි"
 
තමන් අතින් රිය අනතුරක් වූ විට පවා පලා යන දේශපාලකයින් අතර එලෙස කෙලින් කතා කිරීමට ,හැකි උන්   ඉතා විරලය.
 
ඔබට සුව නින්දක් සිරි අයියේ.

(සටහන- සෝමවංශ අමරසිංහ සහෝදරයාගේ මරණය ගැන තමන්ට කිසි හැඟීමක් නැතැයි W3LANKA ලියන අජිත් පැරකුම් සහෝදරයා කියා තිබිණි. එතුමාට කොහොමටත් කිසි දෙයක් ගැන,  විශේෂයෙන් එතුමාගේ අතීතය ගැන කිසි හැඟීමක් නැතැයි පෙන්වන්නට ලොකු උත්සාහයක් ගනිමින් සිටී. ඒ ගැන අපි එතුමාට සුබ පතමු. එතුමා මේ ගැන තමන්ගේ ශාස්තෘ පොතේ ද ලියා තිබුනේ යැයි ඊ ලඟට කියනු ඇත. එම නිසා අපි එතුමාගේ ශාස්තෘ පොතට ද සුබ පතමු.)

Friday, June 3, 2016

කව්ද යකෝ ඒ බලු වැඩේ කළේ?

 
 
 

අපේ ගරු විජිත හේරත් මන්ත්‍රී තුමා වාහනයක් පැදගෙන ඇවිත් ටෙලිෆෝන් කණුවක හප්පලා මහ ජර මරයක්ය.  විජිත මන්ත්‍රී තුමා බීලා හිටියා කියලා ඒ අව් අස්සේ රාවයක්ද  තිබේය.

සමහරුන් මේකෙන් මාර ආතල් එකක් ගන්නවාය. තව සමහරු අම්බානකට දුක් වෙනවාය. අපිනම් ඉතින් මධ්‍යම ප්‍රතිපදාවෙන් මේ වෙන දේවල් දිහා පටිසෝතගාමි විදියට බලා ඉන්නෙමුය. මොකද කිව්වොත් විජිත හේරත් තුමා බොන්නේ අරක්කුද , විස්කිද එහෙම නැත්නම් වතුරද කියන එක අපිට අදාල නැතිය. 

එතුමා කන බොන එක එතුමාගේ වැඩක්ය. සමාවෙන්න , එතුමාගේ හා එතුමාගේ පක්ෂයේ වැඩක්ය. හැබැයි එතුමා කන බොන මිනිහෙක් නම් අපි කැමතිය. මක් නිසාද යත් කන බොන මිනිස්සුන්ගේ අක්මාව නරක් වුනත් පපුව හොඳයි කියා පැ‍රැණි දාර්ශනිකයෝ කියා තිබෙන නිසාත් තව කාරණයක් නිසාත්ය.

එනම් අපිත් ඉතින් ඔය  වැඩේ කොරන නිසා අපේ විජිත මන්ත්‍රීතුමා අපේ ක්ලබ් එකේ මිනිහෙක් වීම ගැන සතු‍ටු නිසාත්ය. අනික ඉතින් දේශපාලන පක්ෂ අමද්‍යප ව්‍යාපාර වෙන්නම ඕනෑ කියලා නීතියක්ද නැතිය.

හැබැයි ඉතින් විජිත හේරත් මන්ත්‍රී තුමා නම් කියන්නේ එතුමා එතුමා ඇක්සිඩන්ට් එක වෙන වෙලාවේ බීලා හිටියේ නෑ කියලාය. හැබයි තමන් නොබොන මිනිහෙක් කියලා එතුමා  කියන්නේ නැත. එතුමා කියන්නේ මම ඒ වෙලාවේ බීලා හිටියේ නැත කියලාය.

වෙන්ටත් ඕනෑ එහෙමය. මොකද කිව්වොත් බීලා වාහන එලවන එක මාරන්තික නිසාය. නොබී ඔහොම නම් බීලා කොහොම වෙයිද? එම නිසා අපි එතුමාට දෙවරක් ගරු කරනවාය. එක වරක් එතුමාද අපි වාගෙම  කන බොන මිනිහෙක් වීම ගැනය. දෙක වරට එතුමා බීලා වාහන නො එලවපු එක ගැනය.

හැබැයි මේ සීන් කෝන් එක ගැන මටත් පොඩි කොස්සක් නොහොත් ප්‍රශ්නයක් තිබේ. ඒ තුමා නොබී හිටි බව උසාවියත් පිලි අරගෙන තිබේ .

 නමුත් ....

නමුත්    එතුමාගේ කටෙන් මත් පැන් ගඳ ආ බව අධිකරණ වෛද්‍ය තුමිය කියා තිබේ.

දැන් මගේ ප්‍රශ්නය නම් එතුමා බීවේ නැත්නම්  " එතුමා බීවේත් නැතිනම් එතුමාගේ  කටේ අරක්කු ගෑවේ මොන පසික්කා‍ටුවාද, අපේ ගරු මන්ත්‍රී තුමාට නොදැනෙන්න එහෙම කළේ කොහොමද " කියලාය. 
 
හා කියමු බලන්ට.

සටහන- ආයේ සැරයක් කියන්නේ අපි බීමට විරුද්ධ නැති බවය.

Tuesday, August 18, 2015

ආඬි හත්දෙනාගේ කැඳහැලිය සහ ජවිපෙ චන්ද පදනම



රටේ සියලුම දේශපාලන විචාරකයින්, දේශපාලකයින් හා දේශපාලනය ගැන උනන්දු ජනතාවගෙන් බහුතරයක්  විසින් ආසන 12ක් 15 ක් පමණ ගනු ඇතැයි  සිතූ ජනතා විමුක්ති පෙරමුණට මහ මැතිවරණයෙන් ලැබී ඇත්තේ ආසන හතරකි.මෙය ජවිපෙ තම ඉලක්කය වශයෙන් තබාගෙන සිටි ආසන 24 හා විපක්ෂනායක සිහිනයට බොහෝ දුරින් වූ ප්‍රථිඵලයකි.

පසුගිය මැතිවරණ කාලය පුරාවටම අප හා කථා කළ බොහෝ දෙනෙකුන් කියා සිටියේ පාර්ලිමේන්තුව තුල හඬක් නගන්නට නම් ජවිපෙ සිටීම අනිවාර්ය බවයි. උග්‍ර එජාප පාක්ෂිකයන් හා සංධානවාදින්ද එලෙස අදහස් පල කල අය අතර සිටියහ.

එසේ නම් ජවිපෙට සිදු වූයේ කුමක්ද?

ආඬි හත් දෙනාගේ කැඳ හැලිය එන්නේ මෙතැනදීය. අනිකා කැඳ හැලියට හාල් දමාවි යැයි සිතා බොරුවට හාල් දමනවා මෙන් පෙන්නු ආඬින් මෙන් ජවිපෙ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයැයි කිවු බොහෝ දෙනෙක් ජවිපෙට චන්දය දී නැත. ඔවුන් ජවිපෙ මාර හොඳයි කියමින් තමන්ගේ පාරම්පරික දේශපාලන පක්ෂ වන එජාපයට හා සංධානයට චන්දේ දී ඇත. ඔවුන්ගේ කතා අසා ඇන්දුනු ජවිපෙ නායකයින්  සිහින ලොවක අතරමං වී සිටි අතර එයින් බිමට වැ‍ටුනේ චන්ද ප්‍රථිපල එන විටය. මේඅනුව බලන විට මෙවර චන්ද දායකයින් විසින් ජවිපෙ රවටා තිබේ . මෙතෙක් කල් සිදු වූ දේශපාලන පක්ෂ විසින් චන්ද  දායකයි න් ‍රැවටීම මෙවර කණ පිට හැරවී තිබේ.

ජවිපෙ ‍රැව‍ටුනේ චන්දදායකයින්ට පමණක් නොවේ.ජවිපෙ තමන්ටමත් ‍රැව‍ටුණේය. එනම් තම පක්ෂ ගැන තිබෙන අධි තක්සේරුවයි. එය ජවිපෙට සෑහෙන කලක පටන් තිබෙන රෝගයකි. ඔවුන් තමන් විසින් පවත්වනු ලබන සංදර්ශන වලින්ම වශී වී තමන්ට නැති බලයක් තිබෙනවා යැයි විශ්වාස කරන්නට පටන් ගනියි.මහින්ද රාජපක්ෂ කලා මෙන් ජවිපෙ ද තම ‍රැස්වීම් වලට රටේ නොයෙක් දෙස සිටින තම සාමාජිකයන් ගෙන්වා සෙනග පෙන්වන අතර මහින්ද මෙන්ම එම සෙනග  දැක වශී වෙයි. ඉන්පසු ඔවුන් කටයුතු කරන්නේ එම මායාව සත්‍ය ලෙස විශ්වාස කරමිනි. ඉන්පසු අහස් මාලිගා හදන ඔවුන් පොලවට වැටෙන්නේ  චන්ද ප්‍රථිපල එන විටය.මෙවරත් සිදු වූයේ එයයි.

Sunday, April 19, 2015

සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වූයේ ඇයි.?


19 ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා මේ දිනවල  talk of the town  වී ඇත්තේ සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වීමේ සිද්ධියයි.

අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වීම එක්කෝ ජවිපෙ කියන පරිදි හුදෙක් පෞද්ගලික කාරණාවක් නිසා ම වුවත් විය හැකිය. එනම් අනුර කුමාර සමග හෝ ජවිපෙ වෙනත් නායකයෙක් සමග මල පැන ගත් තීරණයක් වීමට ඉඩ ඇතැයි ඔහුව හඳුනන බොහෝ අය කියති.

එසේ නොමැති නම් සෝමවංශ මහතා  කියන පරිදි  ජවිපෙ ධනපති පක්ෂ සමග කරන ගනුදෙනු ගැන කළ කිරී වෙනම විප්ලවාදි පක්ෂයක් ගොඩ නැගීම සඳහා ඉවත් වූවා යැයි යමෙකුට කියන්නටත් හැකිය. එහෙත් එය එතරම් පිලිගත නොහැකි තර්කයක් වනුයේ සෝමවංශ අමරසිංහ මහතා පසුගිය කාලයේ හැසිරී ඇති අන්දම දෙස බලන විටය.

විමල් වීරවංශ පක්ෂය කඩා ගෙන ගියේ පක්ෂයේ බහුතරය මහින්ද සමග සභාග ආණ්ඩුවකට යාමට විරුද්ධ වීම නිසාය. ඒ අවස්ථාවේ සෝමවංශ සහෝදරයා පැහැදිලි ලෙසම සිටියේ වීරවංශගේ මතයේය.විශේෂයෙන්ම ජවිපෙ සභාගවාදි මගකට ඇදගෙන යාමට මුල් වී ක්‍රියා කලේ සෝමවංශ අමරසිංහ බව කියවේ.

සිදු වීමට ඉඩ ඇති අනික් කාරණය නම් මහින්ද හා වීරවංශ එක් ව ඇටවූ උගුලක අමරසිංහ හසු වීමය. ඔහු පක්ෂයෙන් ඉවත් වීමට තුඩු දුන් තවත් හේතුවක් වශයෙන් මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට රාජ්‍ය විරොධී කුමන්ත්‍රණය ගැන ජවිපෙ හඬක් නොනැගීම ගැන සඳහන් කරන විට සෝමවංශගේ නික්මීම පි‍ටුපස සිටින සැබෑ බලවේග වසං කිරීමේ උත්සාහයක් දෝයි සිතෙන තරමට එය ලාමකය.

මේ මොන කරුණක් මත සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වූවත් මහින්ද සහ වීරවංශ සමාගම මේ වන විට ඔහුට කොක්ක ගසා ඇති බවක් නම් පෙනෙන්නට තිබේ . දේශපාලනික වශයෙන් පමණක් නොව සදාචාරත්මක වශයෙන්ද අන්තයටම පිරිහී , පසු ගිය කාලයේ බැසිල් රාජපක්ෂ ලඟ කොන්ත්‍රාත් කරුවකු මෙන් වැඩ කළ හිටපු ජවිපෙ මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල වැන්නෙක් සමගම සාකච්ඡා කිරීමට සෝමවංශ අමරසිංහ ඉදිරිපත් වීම තුලින් ඒ බව මනාව පෙනී යයි.


Sunday, February 1, 2015

කුමාර මහත්තයාට අත නොතබනු



පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයේ නොනිල නායක හා මධ්‍යම කාරක සභික කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයාට එරෙහිව කරමින් පවතින දේශපාලන හිරිහැර අපි තරයේ හෙලා දකිමු. 

ඔහු මේ රටේ පුරවැසියෙකි. ඔහු රටින් පලා යාමට සිදු වූයේ  රාජපක්ෂ රෙජිමයේ  හිංසාවන් නිසාය. දැන් රෙජිමය පරාජය කර යහ පාලනයක් ගොඩ නගා තිබේ. එහි නායකයින් , රෙජිමයේ පලි ගැනීම් නිසා විදේශ ගත වී සිටින සියල්ලන්ට නැවත මව් බිමට පැමිණීමට ආරාධනා කර තිබේ. 

එහෙත් ලංකාවට පැමිණ දේශපාලනය කිරීමට සැරසෙන කුමාර් ගුණරත්නම්ට මෙම යහපාලනය අදාල නොවන බවක් පෙනේ. දිගින් දිගටම ඔහුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා හිංසා කරමින් ඔහුව ආපසු යැවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වේ. මෙය නම් දේශපාලන පලි ගැනීමක් මිස අන් කිසිවක් නොවේ. 

ඒඔහු නැවත ලංකාවට පැමිණ තම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයාට උදව් කලේ පැවති ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉ‍ටු කිරීමට යැයි වන උපකල්පනයේ පිහිටා සිටය.ඔවුන්ගේ එම ක්‍රියාවෙන් විපක්ෂ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට පාඩුවක් විය හැකි බවත්, රාජපක්ෂට වාසි වූ බවත් ආණ්ඩු වේ ආධාරකරුවන්  නගන චෝදනාවයි. එය එසේම වූවා කියා උපකල්පනය කලත් කුමාර් ගුණරත්නම්ගෙන් පලි ගැනීම ගැලපෙන්නේ යහපාලනයේ කුමන කොටස සමගදැයි අපට තේරුම් ගත නොහැක.

1989 පරාජයෙන් පසුව ජවිපෙ ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසි 1994 දී ඔවුන්ටද මෙවැනි  චෝදනාවකට ලක් වීමට සිදු විය. ඒ එවකට පැවති එජාප රජයේ කොන්ත්‍රාත්තුවක් ඉ‍ටු කරමින් විපක්ෂ සංධානය පරාජය කිරීමට එජාපයට උදව් කරන බවයි. අද ජවිපෙ එම චෝදනාවම තමන්ගෙන් කැඩී ගිය පෙසපෙට කිරීම  මොන තරම් සදාචාරත්මක දැයි ඔවුන් සිතන බවක් නොපෙනේ. කෙසේ වුවත් ඔවුන් කුමාර් ලංකාවේ සිටීම ගැන නම් කැමති නැති බව පැහැදිලිවම පෙනේ. ජවිපෙ නායකයින් ලංකා ඊ නිව්ස් වැනි ආයතන හරහා දිගින් දිගටම , කුමාර් පි‍ටුවහල් කරනුයි හඬ නගනුයේත්, නව රජය තුල තමන්ට ඇති සම්බන්ධතා භාවිතා කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඔහුට හිරිහැර කරවන්නේත් එබැවිනි.

එම නිසා  කෙනෙක් දරන දේශපාලනය මතය කුමක් වුවත් ඔහුට හෝ ඇයට ඒ මතය දැරීමට ඇති අයිතිය ට පහර නොගසන මෙන්  අපි තරයේ ඉල්ලා සිටිමු. 


එම අයිතිය තිබිය යුත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා දිනවීමට කටයුතු කළ රනිල් වික්‍රමසිංහ, රවී කරුණානයක හෝ අනුර කුමාර දිසානායකට පමක් නොවේ. එය කුමාර් ගුණරත්නම්ට , සිරිතුංග ජයසූරියට , විජේ ඩයස්ට හෝ පානි විජේසුන්දරට ද එක සේ තිබිය යුතුය. යහපාලනය යනු එයයි.

Thursday, January 1, 2015

වීරවංශ ; වීරයාගේ සිට ද්‍රෝහියා දක්වා සිතියම සැකෙවින් !



රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටින මුර බල්ලා බවට පත්වෙමින් - රාජපක්ෂ විරෝධී කඳවුර වෙත විවිධාකාරයෙන් බුරා පනින විමල් වීරවංශ පිළිබඳව බොහෝ සටහන් තැබෙන අතරවාරයේ මෙබන්දක් ලිවීම අවශ්‍යයැයි හැඟී ගියේය. සැබවින්ම විමල් වීරවංශ යනු කවුද ? ඔහුගේ දේශපාලන ගමන අපට `උගන්වන` යමක් ඇත්ද? ඒ කුමක්ද? පක්ෂයේ සිටි අති දක්ෂම ප්‍රචාරක ලේකම්වරයා, ඉතිහාසයේ නින්දිතම තුච්ජම්තම ද්‍රෝහියා තෙක් පැමිණීමේ දේශපාලන සිතියම කෙබඳුද? වීරයා සහ ද්‍රෝහියා අතර වෙනස නිකම්ම නිකම් සාහිත්‍යමය `කෙස් ගසක්` පමණක්ද? එහෙමත් නැත්නම්, අප නොදකින හෝ දකින්නට අකමැති වෙනත් කලාපයක පවතින සහමුළින්ම දේශපාලනික හේතුවක්ද?

විමල් වීරවංශගේ විවේචකයන් බහුතරයක් ඔහුගේ `පෙළපත්නාමය` ප්‍රශ්න කරයි. සත්‍ය වශයෙන්ම `වීරසංගිලි පනික්කියලාගේ` යනුවෙන් වාසගමක් ඔහුට ඇත්දැයි මම නොදනිමි. එය එසේ වුවත් එහි ඇති ප්‍රශ්නයක් නැත. (අනෙක් අතට - වීරවංශගේ සත්‍ය පෙළපත්නාමය වීරවංශ ම යැයි සිතමු. එසේ හෙයින් ඔහුගේ දේශපාලන වියරුව `හොඳ` වෙනවාද?) එවැන්නක් මතු කිරීමේ `අරමුණ`, වීරවංශ `අඩු කුලේ` අයකු බව ඒත්තු ගැන්වීම නම්, එය බල්ලාගේ අසූචි වලින් ඌටම ගැසීමක් වැනිය. එකක්, වීරවංශ නඩත්තු කිරීමට ආශා කරන පසුගාමීත්වයේම පදාසයක් වන `කුල කතාන්දරය` නැවත සමාජගත කිරීම එයින් සිදුවෙයි. අනෙක, ඒ වීරවංශගේම භාෂාවයි. ඔහු කී දෙනෙකුගේ ජාතිය - වර්ගය පිරිහෙළමින් කතාකරනවාද?

රවී කරුණානායකට ඔහු කියන්නේ රවින්ද්‍ර සන්ද්‍රේෂ් කියාය. ප්‍රභාකරන්ට ඔහු කියන්නේ පිරබාහරන්ය. දෙමල නම සිංහලට වර නගා එසේ කීමෙන් ප්‍රභාකරන්ගේ දෙමළ ජාතිකවාදී ආස්ථානය සිංහල භාෂා අවියෙන් දෙපළු වන්නේ යැයි ගුණදාස අමරසේකර කීවා විය හැකිය. කෙනෙකුගේ සිංහල නොවන බව - බෞද්ධ නොවන බව හුවා දැක්වීමට වීරවංශ ඉතා කැමැතිය. ඇතැම්විට ඒ, මහා දේශපාලනයේ ජාතිවාදී බලපෑමට අමතරව, ඔහු මුහුණ දුන් කිසියම් ක්ෂුද්‍ර සමාජ පීඩනයක ප්‍රති පීඩනය විය හැකි මුත් අප ඔහුට එරෙහිව පසුගාමී අවි නොඑසවිය යුතුය. මන්ද යත්, එයින් ඇතැම්විට `වීරවංශ` නමැති දේශපාලනඥයා වැට්ටවිය හැකි මුත් `වීරවංශ` නමැති පසුගාමී වර්ගවාදී සංකේතය යළි යළිත් ස්ථාපිත වෙයි.

ඊළඟට, වීරවංශගේ `අධ්‍යාපන මට්ටම` ප්‍රශ්න කෙරෙනු දැක්ක හැකිය. එයද අනවශ්‍ය අල්ලා ගැනීමකැයි සිතමි. ධනේශ්වර අධ්‍යාපන මට්ටමේ සීමාව තීරණය කෙරෙන්නේ ඒ ඒ පවුල්වල - ඒවායේ පසුබිමේ ඇති - ආර්ථික මට්ටම අනුව මිස වෙන යමක් අනුව නොවේ. ඔහු පක්ෂයට සම්බන්ධව සිටි කාලයේ අධ්‍යාපන කටයුතු අඩාල වීම තේරුම්ගත හැකි තර්කයකි. සමාජ ප්‍රශ්නවල සමාජ මූලයන් දකින්නකුට `අට පාස්` වැනි සාධක ගෙනහැර දැක්විය නොහැකිය. මා දන්නා තරමට මාටින් වික්‍රමසිංහද පාසලේ ඉහළට උගෙන නැත. එහෙත් ඔහු, පාලකයන්ගේ දෙපා ලොවන්නෙක් වූයේද නැත. එවැන්නෝ තව බොහෝ වෙති. වීරවංශගේ `අධ්‍යාපන මට්ටම` ප්‍රශ්න කිරීම, පාසල් අධ්‍යාපනයේ වරම් අහිමි වූවනට කෙරෙන අපහාසයකි. පාසල් නොගියේම මුත් හෘදය සාක්ෂිය අහිමි කර නොගත් මිනිස්සු බොහෝ වෙති.

වීරවංශ බිහිවීමට හේතු විමසන ලද ඇතැම් සංවාදයන්හිදී `පක්ෂයේ මානව සම්පත් හිඟය නිසා සාපේක්ෂ හැකියාවන් පෙන් වූ වීරවංශ වැන්නන් ඉහලට ආ බව` නිතර කියැවෙයි. එය අසත්‍යයක්ම නොවන මුත් සම්පූර්ණ සත්‍යයද නොවේ. පක්ෂය අනුදත් දේශපාලන මතවාදයන් සමග හොඳින්ම පෑහුනු - ඒ මතවාද විසින් තෝරන ලද ක්‍රියාමාර්ග සමග මැනවින් බද්ධ වූ පුද්ගලයා වීරවංශය. පක්ෂයේ මතය ජාතිවාදයේ පිළිකන්නට යනවිට හොඳටම බිරුවේ වීරවංශ නිසා ඔහු `වීරයා` විය. ගුණදාස අමරසේකරලා - ඇල්ලේ ගුණවංශලා සමග යෙදුනු දේශපාලන සංසර්ගයේදී ඔහු දක්ෂතම රමණයේ යෙදෙන්නා විය. මේ ලියුම්කරුද ඒ රමණය දෙස බලා ආස්වාදය කළ අතීතයකට හිමිකම් කියයි.

පක්ෂයට (රූපිකව හෝ) විජේවීර වැනි නායකයකු (බහුජන දේශපාලනය [?] සඳහා) ඕනෑ විය. හිරු පුවත්පතේ සිටි විමලසිරි ගම්ලත් සහෝදරයා විමල් වීරවංශ බවට රූපාන්තරණය විය. (විජේ`වීර` - `වීර`වංශ! ) අදටත් ඔහුට ඇතැම් පැරැණි සාමාජිකයෙක් කියන්නේ `ගම්ලත්` කියාය. එහෙත් එකල පක්ෂය, ඉතාම දැනුවත්ව `වීරවංශ` යන නම භාවිතා කරන්නැයි පක්ෂ කමිටුවලදී අවධාරණය කරනු ලැබීය. මේ ලියුම්කරු ඊට සක්ෂිකරුවෙකි. එදා අඩුම තරමේ එවැනි `විශේෂ වේශ නිරූපනයකට ලක් නොකර` ඔහු දේශපාලනික නායකයකු කරන්නට පක්ෂය කටයුතු කළා නම් ඉතිහාසය වෙනස්වන්නටත් ඉඩ තිබිණි. එහෙත්, එන්නත ශරීරගත වූයේ එලෙසිනි.

අනෙක් අතට. පක්ෂයට `විජේවීර` වැනි කථිකයකු ඕනෑ විය. වීරවංශ ඒ නාඩිය අල්ලාගත්තේය. විජේවීරගේ කතා ශෛලිය මුල් කාලයේ අමු අමුවේ කොපි කර, පස්සේ කාලයක එයින් තමන්ගේම ශෛලියක් හදාගත්තේ, අතුල මුලින් රූකාන්තගේ සින්දු කියා පසුව තම ශෛලියකට මාරු වූ පරිද්දෙනි. පක්ෂය ඉවසා සිටියේය. පන්තියට මතය ගෙනයන්නට `කටක්` උවමනා නිසා ඉවසා සිටියේය. ඒ කතාවලට සාමාජික අත්පොළසන් නාදය එන්න එන්නට වැඩිවනවිටත් පක්ෂය ඉවසා සිටියේය. ``සහෝදරත්වය නොවැ`` කියමින් ඉවසා සිටියේය. ඒ කතාවලට ටිකෙන් ටික - බිඳෙන් බිඳ ජාතිවාදය, සංස්කෘතික පසුගාමීත්වය, ග්‍රාම්‍යත්වය මුහු වන විට කිසිවකුටත් එය හැඟුණේ - දැනුණේ නැත. අපි සියල්ලෝම ඒ කතා ශෛලියට වශී වී සිටියෙමු. අපි සියල්ලෝම ඉවසුවෙමු. එන්නත් වූ රසායනයන් රහසේ ඔඩු දුවමින් තිබෙන්නට ඇති.

වරක් හෙන්රි පේද්‍රිස් පිටියේ පැවැති රැළියකදී, ඔහු චන්ද්‍රිකාගේ පුත්‍රයා මංගල සමරවීරගේ ලිංගිකත්වයටද, චන්ද්‍රිකාගේ දියණිය සනත් ගුණතිලකගේ ලිංගිකත්වයටද ඈඳමින් කතාවක් කළේය. ``දැන් චන්ද්‍රිකා නෝනා හැම එකටම ජේවීපී එක වගකිව යුතුයි කියනව. හත්වලාමේ, හෙට අනිද්දට ඔය අරලියගහ මන්දිරේ දිහාවේ කරක් ගහනකොට සනත් ගොයියා අතින් යසෝදරාට මොනව හරි වුණොත් - මංගල උන්නැහෙ අතින් විමුක්තිට මොනව හරි වුණොත් ඒකටත් කියයි ජේවීපී එක වගකියන්න ඕන කියල`` යනුවෙන් අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා හඬනගා කියද්දී අපි හූ කියමින් ඔල්වරසන් දුන්නෙමු. අප හූ කියා ගතයුතුව තිබුණේ අපටම - අපේම අදහස් වලට - අපේම පසුගාමීත්වයන්වලට වුවත් - අපේම නොදියුණු දෘෂ්ටීන්වලටවුවත් අපි චන්ද්‍රිකාට සනත්ට මංගලට හූ කීවෙමු.

වීරවංශ ගරිල්ලා ඇඳුමේ කොල පාටට තොප්පියක් දමන්නට පටන් ගත්තේය. එකල ජනප්‍රිය වූ `ටයිටැනික් කොල්ලාගේ කට් එක`ට කොණ්ඩය කපා සිටි ඔහු `හරියට නිකං චේ වගේ` විය. දෙපැත්තට පහළට වැටෙන ඒ කොණ්ඩයට අර තොප්පිය දැමූ විට `ටොප්`ය. සාමාජිකයෝ ඔහුට අපමණ ආදරය කරන්නට පටන්ගත්හ. ජීවමාන `චේ` පක්ෂයේ සිටියා බඳු විය. ඔය `තොප්පිය` ගැන `ලස්සන` අතුරු කතාවක් ලියුම්කරු සතුව ඇත. එය මෙතැනට අදාළ හෙයින් සටහන් කරමි. වර්ෂය 1998 හෝ 1999 විය යුතුය. පක්ෂය මැයි රැලියට සූදානම් වෙයි. කොළඹින් පිට එක්තරා දිස්ත්‍රික් කමිටුවක් කැඳවෙයි. 94 ආගමනයෙන් පසු ඒ වනවිට පවත්වා ඇත්තේ මැයි රැළි කිහිපයකි. ඒවායේ තිබූ `අඩුපාඩු` හදාගෙන `මැයි දිනයට` සූදානම් වීම සඳහා `උපදෙස්` ලැබිණි. පෙළපාලියට විවිධ වර්ගයේ - විවිධ වර්ණයේ `තොප්පි` නොපැළඳ පක්ෂයෙන් සපයන `රතු තොප්පි` පමණක් පළඳින ලෙස `උපදෙස්` ලැබිණි.

අපි මැයි රැලියට ගියෙමු. සියල්ලෝම රතු තොප්පියෙන් සැරසී සිටියහ. එහෙත් අපේ `වීරයා` ගේ හිසේ තිබුණේ අර `කොල පාට` තොප්පියයි. එය පැළඳු කළ ඔහු ඉතාම කඩවසම්ය. අපිළිවෙල කොණ්ඩයත් එහෙ මෙහෙ දුවන විචක්ෂණ දෑසත් හිමි - ඩබල් පොකට් ෂර්ට් එකත් ඊටම ගැලපෙන කළු කලිසමත් හැඳි තරුණ නායකයා අප මෝහනය කළේය. ඔහු එස් ද එස් ජයසිංහ පිටිය පුරා ඇවිදිමින් මෙගෆෝනයකින් අදාළ උපදෙස් දෙමින් සිටියේය. එහෙත් එවකට ඇට්ටර නවක සාමාජිකයකු වූ ( නමුත් පසුව හොඳින් `සංවිධානගත` වූ) ගැටවරයකුගේ හිතට `කොස්සක්` ආවේය. ``අපිට රතු තොප්පි දාන්න කියල ඇයි ගම්ලත් සහෝදරයා වෙන විදිහක එකක් දැම්මේ. ඔක්කොම පක්ෂෙනම් එක විදිහක් තියෙන්න එපායැ`` යනුවෙන් ඔහුගේ සිතට නැගුණු ප්‍රශ්නය, එයින් පසුදිනෙක `මූලස්ථානයෙන් ආ සහෝදරයකුගෙන්` ඇසුවේය. (එදා `මූලස්ථානයෙන් ආ සහෝදරයා` පසු කලෙක `ඛණ්ඩනයෙන්` පසු `ඊළඟ පක්ෂයේ` නායකයකු වීම හරිම ඉරණම්සහගතය.) ඔහු දුන් පිළිතුර වූයේ, ``එය විදේශගත සහෝදරයකුගෙන් ලැබුණු ත්‍යාගයකි. එය පළඳින ලද්දේ පක්ෂය දැනුවත්වය`` යන්නය. ගැටවර සාමාජිකයා නිහඬ විය.

මේ කාරණාව `තොප්පියකට` ලඝු කරගත යුතු නැත. වමේ පක්ෂ නායකයකු සමානයන් අතර ප්‍රමුඛයකු වියයුතු මිස අසමානයන් අතර විශේෂිතයකු නොවිය යුතුය. එහෙත් වීරවංශට එන්නත් වූයේ එය නොව ඊට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ අදේශපාලනයයි. ඒ අදේශපාලන එන්නත තුළ තිබූ පසුගාමී රසායනයන්, සන්ධාන දේශපාලනයත් සමග - ධනේශ්වර නායකයන්ගේ ඇසුරත් සමග - ධනේශ්වර ජාතිකවාදී `බුද්ධිමතුන්ගේ` ඇසුරත් සමග - රජගෙවල්වල පස් පෑගීමත් සමග - විශාල මන්දිරවල ටයිල් මත ඇවිද යාමත් සමග සක්‍රීය වන්නට පටන්ගත්තේය. සෑම අනිවාර්යක්ම අහම්බයක් නොවන මුත් සෑම අහම්බයක්ම අනිවාර්යක් වන බව `දර්ශනය` උගන්වද්දී පක්ෂය අපට කියා දුන්නේය. පොල් ගෙඩියක් ළමයකුගේ ඔළුවට වැටීම අහම්බයක් වුවත්, පොල් ගස පිහිටා ඇති ස්ථානය, ළමයා එතැනින්ම ගමන් කිරීම, ඔහු ගමන් කළ වේගය, පොල් ගෙඩිය පතිත වීමේ වේගය යන කරුණු වල තර්කානුකූල අනිවාර්යය පොල්ගෙඩිය ඔළුවට වැටීම බව නිදසුනකින් කියාදෙනු ලැබීය.

ඒ නිදසුන `වීරවංශ නමැති ළමයා`ටද අදාළය. ළමයාගේ දක්ෂකම්වලට වශී වූ ගෙදර ඇත්තන් අහක බලාගෙන සිටිද්දී ඇරියස් ගොඩක් සමග සිටි ළමයා අපයෝජනයට ලක් වූයේය. අද විමල් වීරවංශ යනු බොහෝවිට ඔහුටමත් පිළිකුල දනවන දේශපාලන ක්ෂුද්‍ර ප්‍රාණියෙකි. ඔහු වැනි ග්‍රාම්‍ය කථිකයකු පක්ෂ දෙකේම නැත. ඔහු වැනි සෝබනකාරයකු පක්ෂ දෙකේම නැත. ඔහු වැනි තොප්පි වීරයකු පක්ෂ දෙකේම නැත. එහෙත් විමල් වීරවංශලා කොහෙන් හෝ මතුවිය හැකිය. එය වළක්වාලන්නටනම් අර `අදේශපාලන එන්නත` භාවිතාවෙන් ඉවත්කළ යුතුය. එය නායකයන්ට විතරක් කළ හැක්කක් නොවේ. සමස්ත සාමාජිකයත්වයම අවදියෙන් සිට කළ යුතුය. `බහුජන දේශපාලනය` තුළටත් වඩා පරෙස්සම් විය යුත්තේ `අභ්‍යන්තර සංවිධාන` දේශපාලනය තුළදීය. තවමත් ඇතැමුන් `මතවාදීමය වශයෙන් වැරදි තොප්පි` අභිමානයෙන් පැළඳ ඇත. ඒවා නොඉවසා අභ්‍යන්තර වශයෙන් සටන් වැදීම විප්ලවවාදී නොවන්නේද?

-කුමාර වීරසිංහ-
උපුටා ගත්තේ ෆේස් බුකියෙනි

Thursday, December 26, 2013

ජවිපෙට සුභ පැතුම්


කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල සිටින නිර්ධනින්ට  තිබූ අවසාන ප්‍රශ්නයත් විසඳීමට නිර්ධනීන්ගේ විප්ලවවාදි පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ගත් උත්සාහයක් ධනපති එජාප හා ශ්‍රිලනිප මන්ත්‍රීන්ගේ ක්‍රියා නිසා පසුගියදා නූලෙන් ව්‍යවර්ථ වී තිබේ.

ජංගම ලී බඩු වෙලෙන්ඳන් නිසා ප්‍රාදේශීය සභාවට බදු ගෙවන ස්ථීර ව්‍යාපාරික ප්‍රජාවට හානි සිදුවන බවත් එම නිසා ජංගම ලී බඩු වෙලෙඳාම තහනම් කළ යුතු බවත් ජවිපෙ මන්ත්‍රී ධර්ම ප්‍රිය  දිසානායක මහතා විසින් යෝජනා කර තිබේ.

 ධනපති පක්ෂ විසින්   පරාජය කර තිබෙන්නේ මෙම විප්ලවවාදි යෝජනාවයි.

ජවිපෙ මෙම නව අරගලය පිලිබඳව ඔවුන්ට සුබ පතන අතර අවශ්‍ය නම් මෙවැනි තවත් යෝජනා ඕනෑ තරම් මතක කර දීමට හැකි බව සටහන් කරන්නේ විප්ලවවාදි සහෝදරත්වයෙනි.

උදාහරණයක් ලෙස තැන් තැන් වල ගොස් මේසන් වැඩ කරන මේසන් බාස්ලා නිසා මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් වලට පහර වදින නිසා එය තහනම් කිරීමට යෝජනාවක් මී ලඟට ගෙන ආ හැකිය.

එසේ නැතිනම් ඉරිදා පොලේ එලවලු වෙලඳාම් කිරීම නිසා රංජිත් පේජ්ගේ ෆුඩ් දේශප්‍රේමි ෆුඩ් සිටියට පහර වදින බැවින් ඉරිදා පොලවල් තහනම් කිරීමේ යෝජනාවක් වුවත් ගෙන ආ හැකිය.





Wednesday, November 13, 2013

තවත් ඉල් මාසයක්


තවත් ඉල්  මාසයක් පැමිණ ඇත
පා ඇඟිලි අතරින් චිචිරි චිරි මඩ පනින 
සීත හිරිගඩු පිපෙන වැසි සුලං හමායන
එනමුදු හදවත උණුසුම් කරන 
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

ටයර් සෑ මත දැවී ගිය උන්ගේ
මතක අමතක වූ 
බො‍රැල්ල කනත්තේ  ආදාහනාගාරයේ
පණ පිටින් දැවී ගිය ඔහුගේ හඬ නෑසෙනා
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

රතු පාට යැයි සිතා 
රෝස පැහැ කමිස ඇඳ පැමිණ 
රෙජිෆෝර්ම් වලින් තැනු ස්මාරක වලට
මල් කළඹ  තියා වඳින්නට 
තවත් ඉල් මාසයක් පැමිණ ඇත.

Friday, April 5, 2013

71 හා 2013



ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතාමත් සුවිශේෂි සන්ධිස්ථානයක් වන  1971 අප්‍රේල් අරගලයේ මියගියවුන් වෙනුවෙන් 42 වැනි වතාවටත් අද දින සැමරුම් පැවැත්වේ.

ලංකාව තම නින්දගමකැයි සිතා සිටි රදල අර‍ටු වෙව්ලවමින් පීඩනයට එරෙහිව නැගී සිටී නව යොවුන් වියේ පසු වූ තරුණ පිරිසගේ සන්නද්ධ අරගලයෙන් ලාංකීය දේශපාලනය ඔසවා පොලවේ ගැසිණි.

එම සිදුවීමෙන් මෙරට දේශපාලනයට වූයේ යහපතක්ද අයපතක්ද යන්න වසර 42 කට පසුත් තවමත් වාද විවාද පවතී.එම සිදු වීමේ බලපෑම කොතෙක්ද යන්න   එම කැරල්ලට සහභාගි වී , පසු කලෙක එයින් අංශක90 හෝ 180 ක් ම  කැරකැවුනු පුද්ගලයින් පවා ,තමන් 71 කැ‍රැල්ලේ අහවල් විත්තිකරුවා , මම අහවල් පොලිසියට පහර දෙන්නට ගියා ,ආදි වශයෙන් වටනාකම් ලබා ගැනීමට දරණ උත්සාහයෙන්ම පෙනේ. කවුරුන් මොනවා කීවත් එයට ඇති වටිනාකම ලබා දිය යුතුය.

71 අරගලයේ සැබෑ හිමිකරුවන් තමන් යැයි කියමින් ජනතා විමුක්ති පෙරමුණත් , පෙර‍ටුගාමි සමාජවාදි පක්ෂයත් අද දෙතැනකට වී රතු කමිස හැඳ සමරු  උත්සවවල කතා පවත්වනු ඇත. රෙජිෆෝර්ම් සමරු පලක වලට මල් තබනු ඇත. අවසානයේ විසිර යනු ඇත.

එහෙත් තමන් 71 සැබෑ උරුමකරුවන් යැයි පෙන්වීමට මේ දෙපිරිසටම මීට වඩා යමක් , මේ මොහොතේ සමාජය විසින් බරපතල ලෙස ඉල්ලා සිටින යමක් කල යුතුව තිබේ.

එනම් ප‍ටු මනස් ඇති ,පසුගාමි,අන්තවාදි කල්ලි විසින් ලාංකීය සමාජයට කිරීමට උත්සාහ දරණ මහා විනාශය වැලක්වීමට පෙරමුණ ගැනීමය.

එක් අතෙකින් ආගම්වාද හා ජාතිවාදය අවුලවමිනුත් අනික් අතින් ඉතාමත් පසුගාමි ඇදැහිලි හා ආගමික මතාන්තර සමාජය තුල ස්ථාපිත කරමිනුත් එම පිරිස් ලංකාව නැවත වතාවක් ක්‍රි.පූ 200 300 යුගයට ගෙන යාමට උත්සාහ කරමින් සිටිති.

71 අරගලයට හා එය තුල දිවි පිදූ අරගලකරුවන්ටත්  මේ මොහොතේ , ජවිපෙ හා පෙසපේ කණ්ඩායම් දෙකටම , පිදිය හැකි හොඳම උපහාරය නම් මේ අන්තවාදයට, මේ ජාතිවාදයට , ආගම්වාදයට  එරෙහිව තම මුළු ශක්තියෙන්  සටන් කිරීමයි.  හැබැයි ඒ එසේ කිරීමට ඔවුන්ට අවශ්‍ය නම්  පමණි.