Monday, June 20, 2016

මගේ විරු සොහොයුරු සොහොයුරියනි



 රාජපාක්ෂික දඩ බල්ලන්ගේ කෲර මර්ධනයට නොබියව මුහුණ දෙමින් ,  නිදහස් අධ්‍යාපන අයිතීන් මෙන්ම පොදු ජන නිදහස වෙනුවෙන්ද ඔව්හු  සටන් කළහ.

ලාංකීය ශිෂ්‍ය  ව්‍යාපාරය ගොඩ නංවමින් තම ලේ, කඳුලු, දහඩිය  මතින් ඔව්හු එය පෝෂණය කළහ. 

එදවස පැවති ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ නිල හා නොනිල වධකාගාර තුල අත් පා කපා දමා, ඇස් , කන් උගුලවා  හිසට ඇණ ගසා  ඔවුන් මරා දැමුණි. 

සමූහ මිනී වලවල් තුලත්, මහමග අද්දර ගිනිගත් ටයර යටත් ,ඔව්හු තම අවසන් ගමන් ගියහ.

 පෞද්ගලික සුඛ විහරණයන් පසෙක ලා  පොදු අරමුණක්   වෙනුවෙන්   සටන් කරමින්,  අනේක වධ බන්ධනයන්ට ගොදුරු වී , ඒ අඳුරු හා බියකරු යුගයේදී ඔව්හු  තම ජීවිතය කැප  කළහ.

මේ සටහන ඔවුන් වෙනුවෙනි


 රස නැති කැවිලි කා වන පොත් කළ  දරුවෝ
රකුස් සෙනග විත් උන් හට වද     කෙරුවෝ
විසල් නුවර ලෙස මුළු රට ගිනි   දැමුවෝ
හදින් සිදුරු වූ  උණු රුධිරය   හෙලුවෝ
 
ගිනිගත් ටයර යට නුඹ දැවුණේ ද  ස කි
ගඟ දිය මතින් මුහුදට පා වී ද  සකි
සගයන් සමග පොදු වලකට වී ද සකි
අඩුවක් කන්න උඹ ආයෙත් ඒ ද සකි

(ජූනි 20 ජාතික ශිෂ්‍ය වීර දිනයයි)

10 comments:

  1. owun miyagiye palamuwa mawbima, devanuwa egenuma patayeni. Thamanwa meheyavu deshapalana nayakayange moda kama wenuweni.

    ReplyDelete
    Replies
    1. Aththada. Oya Mara Dewayne danne

      Delete
  2. මචං මේ සේරම කතා ඇත්ත.

    නමුත් මොකක් ද ඒ පොදු අරමුණ?

    ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වීම? දෙමල ජනයාගේ ප්‍රශ්න පිළි නොගැනීම? ජවිපෙ පාලනයක් ස්ථාපිත කිරීම?

    මහා ඛේදවාචකයක්......!!!

    ReplyDelete
    Replies
    1. ඒ සටනේ බරපතල අඩු පාඩු තිබුනා ඒක හැබැයි. නොයෙක් ඇජෙන්ඩා තිබුනා, ඒකත් හැබැයි. නමුත් අපි ශිෂ්‍යයෝ විදියට ඔතැන හිටියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් එකාධිපති පාලනකයට විරුද්ධව.

      Delete
  3. දැන් තවත් හරක් ටිකක් පාරට බැහැලා කෑ ගහනවා.. විප්ලව කරපු නායකයෝ පාංශූකූල එක්ක නිවන් යනවා.. විජේවීර උඩ ඉඳන් හිනා වෙවි බලාගෙන උන්නලු..

    ReplyDelete
    Replies
    1. උඩ ඉඳන්?

      මාතලන් ඒකෙන් කියන්නේ විජේවීර දිව්‍යලෝකේය කියන අදහසද?

      Delete

  4. "පෞද්ගලික සුඛ විහරණයන් පසෙක ලා පොදු අරමුණක් වෙනුවෙන් සටන් කරමින්, අනේක වධ බන්ධනයන්ට ගොදුරු වී , ඒ අඳුරු හා බියකරු යුගයේදී ඔව්හු තම ජීවිතය කැප කළහ."

    ඔවුන් අපේ හදවත් තුළින් මිය නොයන්නෙ ඒ නිසාමයි. අමාවකගේ උපහාරයට හිස නමා ආචාර කරමි.

    ReplyDelete
  5. රාජපක්ෂ ආණ්ඩුව කාලේ ශිෂ්‍යයෝ පාරට බැහැලා උද්ඝෝෂණය කරද්දී ඒවාට හුරේ දාපු සපෝර්ට් එක දුන්නු කස්ටිය අද උන් පාරට බහින කොට කියනවා හරක්ලු... හ්ම්ම් දේශපාලනේ ඔහොම තමා ,,

    ReplyDelete
  6. 84 -85 kale BCC eke hitiya Jayantha weerasekara. Miniha ampare pathe. Miniha mata kivuwa. Api maragena marunath eka karanawa kiyala. Eka mokakda kiyala mama adatath kalpana karanawa. Thawa porak motor bycle eke handunkuru wikka. OOO eka kare covering up. OOta kokka gaha ganna bari wunama oo mata kivva KOTU KARANAWA Kiyala.

    ReplyDelete
  7. නොමඟ යැවීම් නිසා දිවි තොරගත් තරුණයන්, දේශපාලන හේතු සහ පෞද්ගලික හේතු නිසා මරා දැමූ අයත්, තනතුරක් දැරීම නිසා කැරලිකාරීන් විසින් මැරුම් කෑ අයත්, කැරලි කරුවන්ගේ උදහස නිසා මැරුම් කෑ ගරු ස්වාමීන් වහන්සේලා ඇතුලු සියළුම දෙනාත් සසර වසනා තුරු එවන් මරණයකට ගොදුරු නොවේවා.

    ReplyDelete