Monday, July 27, 2015

මේ චන්දයෙන් මහින්ද ජයගැනීමට ඉඩ තිබේ

 
 
පිච්ච මල් පූජාව අවසානයේ       ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ ඉහළ අහසේ ආශ්චර්යයක්‌
නාච්චාදූව - ප්‍රභාත් වනසිංහ


      අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී පෙරේදා (25 දා) පැවැති පිච්චමල් පූජා පිංකම අවසන්වන මොහොතේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඉහළ බටහිර අහසේ දේදුන්නක්‌ සේ දිස්‌වූ අතර මෙය දේව ආශිර්වාදයක්‌ දැයි පවසමින් බැතිමත්හු සාදුකාර පැවැත්වූහ.

පෙරේදා සවස පෙරහැරින් පිච්චමල් රැගෙනවිත් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව පහත මළුවේ ශ්‍රී මහා බෝධි අංකුරයක්‌ අබියස පිච්චමල් අතුරා මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ. එම පුණ්‍ය කටයුත්ත සවස 5.00 පමණ වන විට අවසන් විය. එම අවස්‌ථාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඉහළ බටහිර අහසේ දේදුන්නක්‌ සේ වර්ණයෙන් දක්‌නට ලැබිණි. ඒ මොහොතේ අනුරාධපුරයට වැසි වසින්නට ආසන්න තත්ත්වයක්‌ නොතිබූ අතර හොඳින් හිරු පායා තිබුණ හෙයින් මේ පිළිබඳව බැතිමතුන්ගේද අවධානය යොමුවිය. මෙයට පෙර ද පැවැත් වූ පිච්චමල් පූජා උත්සවවලදී ද දේව ආශිර්වාද ලැබුණේ යෑයි බැතිමතුන්ගේ පවතින විශ්වාසයත් හේතුවෙන් මේ පිළිබඳව බැතිමතුන්ගේ අවධානය වැඩි වීමටද හේතු විය.
               
උපුටා ගැනීම 2015.07 27 දිවයින පුවත්පතෙනි. මේ රටට වඩා සුදුසු නායකයා ඔහු බව මෙම පුවතින්ද  පෙනී යයි

Wednesday, July 22, 2015

සුසිල් මල්ලියේ උඹ ගුටි කෑවා සත්තයි.



සුසිල් ප්‍රේම් මල්ලියේ
දුමින්දයාට නාමයෝජනා දුන්නේ නෑ කියලා උඹට උඹලාගෙ අප්පොච්චි මහින්ද ගැහුවා
කණ පුරා නෙලුවා
හතරගාතේ දාලා වැටෙන්ඩ ගැහුවා
ඒක ඉර හඳ වගේ ඇත්තයි
ආයේ නෑ කියන්ට තනන්ට එපා
ඒ කතා අපි කණකට ගන්නේ නෑ.
මොකොද අපි දැක්කා උඹලාගේ අප්පොච්චියා අකු‍රැස්සේදී මිනිහෙකුට ගහන්ට පනිනවා
ඒ මිනිහාගේ හැටි
පොඩ්ඩ බැයි වෙනකොට නෙලනවා
උඹටත් කණේ පාර දුන්නා කියලා දැන්වත් පිළිගනින්
බොරු බයිලා නැතිව

Wednesday, July 15, 2015

මහින්දට ආ අභිරහස් දුරකථන ඇමතුම කුමක්ද?


පසුගිය සඳුදා උත්සවයකට සහභාගි වෙමින් සිටි හිටපු ජනාධිපතිවරයා හදිසියේ ලැබුණු දුරකථන ඇමතුම නිසා එම ස්ථානයෙන් පලා ගිය බව ප්‍රවෘත්ති විකාශ තුලින් දැක ගන්නට ලැබුණි.
 
ඔහු එසේ පලා ගිය එසේ ගිය හේතුව සොයා ගිය අපට දැන ගන්නට ලැබුණේ විශ්මයජනක කථා පුවතකි.
 
එම දුරකථන ඇමතුම ලැබීමට මොහොතකට කලින් ඔහු කියමින් ඇති කථාව මෙබඳුය.
 
" අපි මේ රටේ දූෂණය, බොරුව, වංචාව නැති කරනවා,  සාමකාමී පරිසරයක් අති කරනවා ,  ජාතික ආරක්ෂාව තහවුරු කරනවා"
 
ඒ මොහොතේ සිදු වූ  දුරකථන දෙබසේ  කියවුනේ මෙවැන්නකි.
 
" සර්, මේ දැන් භූ ගර්භ විද්‍යාතනයෙන් අපේ සුසිල් ඇමතිතුමාට කෝල් එකක් ආවා"
 
"ඒ මොකක්ද සුසිල්ට ප්‍රශ්නයක්ද,"
 
"සුසිල්ට ප්‍රශ්නයක් නැහැ සර්, ඔය සර් ඉන්න තැන පොලව පැලෙනවලු, ඉක්මනට ඔතැනින් පැනගන්න සර්"
 
ඉන්පසු සිදු වූ දෙය කවුරුත් දනිති.

Saturday, July 11, 2015

කුරුණෑගල වැසියන්ට කළ අපහාසය හෙලා දකිමු

 
පසුගිය ජනවාරි 8 දා මේ රටේ ජනතාව ලක්ෂ 62ක් මහින්ද රාජපක්ෂට විරුද්ධව චන්දය පාවිච්චි කරලා ඔහුව ගෙදර යැව්වේ ඔහුගෙයි, ඔහුගේ පවුලේ උදවියගෙයි, ඔහු වටා එකතු වෙලා සිටි දුෂිත මැර කල්ලියෙයි ක්‍රියාවන් අනුමත නොකළ නිසා. ඔවුන්ගේ හොරකම්, සංවර්ධනයේ නාමයෙන් කරපු නාස්තිය හා දූෂණය, විරුද්ධවාදින් මර්ධනය කළ අන්ත පැසීස්ට්වාදි ක්‍රම වලට විරුද්ධ වුන නිසා.

ඔහුට පක්ෂව ලැබුණ චන්ද ලක්ෂ 58 බහුතරයක් නොවෙයි නම් සෑහෙන ප්‍රමාණයක්  අල්ලසින්, රාජ්‍ය බලය අයුතු ලෙස යෙදවීමෙන් හා ඔවුන් සතුව තිබුණු මාධ්‍ය ඒකාධිකාරය භාවිතා කරලා රවටා ගත්තු චන්ද.  ඒ වගේම ජාතිවාදය ආගම්වාදය අවුස්සලා හරවාගත්ත චන්ද.

මහින්ද දිනුවා නම් තමන්ට ඉන්න  වෙන්නේ අඩි හයක් යට වල පල්ලේ බව කියන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්දට නාම යෝජනා දෙන එක වෙනම කතා කළ යුතුයි.

මෙවන් වූ මහින්ද රාජපක්ෂව නැවත පාර්ලිමේන්තු යවන්න චන්දෙ දෙන්න නම්  එක්කො ඒ චන්දේ දෙන අය පිස්සෝ වෙන්න ඕනෑ. එහෙම නැත්නම් අමුම අමු පල් මෝඩයෝ වෙන්න ඕනෑ.

දැන් මහින්ද තමන්ගේ ගම් ප්‍රදේශය, බලකො‍ටුව, අත ඇරලා ඇවිත් කුරුණෑගලින් චන්දේ ඉල්ලනවා.
මහින්ද චන්දේ ඉල්ලන්න දිස්ත්‍රික්ක හතරක් , හම්බන්තොට, රත්නපුර, ගම්පහ හා කුරුණෑගල ගැන සලකා බලමින් ඉන්නවා කියලා පසුගිය දිනවල වාර්තා වුනා.

දැන් පේන්න තියෙන විදියට , මහින්ද ගණන් බලලා තියෙනවා  තමන් වගේ පැසිස්ට් පන්නයේ පාලකයෙකුටත් චන්දේ දෙන්න තරම්  මෝඩයෝ වැඩිම පිරිසක් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කේ බව.
හිටපු පරාජිත ජනාධිපතීවරයා තමන්ට කරපු මේ අපහාසේ ගැන කුරුණෑගල වැසියන්ගේ ප්‍රතිචාරය මොනවගේ එකක් වෙයිද ?

ඔවුන් රාජපක්ෂලගේ අනුමානය ඇත්ත කරයිද? එහෙම නැත්නම් තමන්ට කරපු මේ අපහාසෙ නිසා ඔහුට හොඳ පාඩමක් උගන්වයිද?

සටහන- මට මතක්  වෙන්නේ පහුගිය පලාත් සභා චන්දේ දී දයාසිරි ජයසේකර ගත්ත මනාප ගොඩ/

Monday, July 6, 2015

පරණ වමෙන් විප්ලවීය තීන්දුවක්


 
ශ්‍රී ලංකාවේ තිබූ  පරණ වාමාංශික පක්ෂ දෙකක් වන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ලංකා සමසමාජ පක්ෂය සිය දේශපාලන ගමන් මගේ ඉතාමත් ‍රැඩිකල් ,විප්ලවීය තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වේ.

එම තීන්දුව පිළිබඳව ඉමහත් සතුටට පත් ව සිටින වෙල්ගම මුදලාලි එය තම පුවක් පුවත්පතේ (දිවයින) වාර්තා කරන්නේ මෙසේය.

"ඉදිරි මහ මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කිරීමට ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය සහ ලංකා සමසමාජ පක්‍ෂය තීරණය කොට ඇත.

පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ සහ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මධ්‍යම කාරක සභා රැස්‌වීමේදී තම පක්‍ෂය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටත් සිය අපේක්‌ෂකයින් එම සන්ධානය යටතේ ඉදිරිපත් කිරීමටත් තීරණය වූ බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභික සහ මාධ්‍ය ප්‍රකාශක එල්. ආර්. ස්‌ටීවන් මහතා 'දිවයින' ට පැවැසීය.

තවද රත්නපුර, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කවලට කොමියුනිස්‌ට්‌ පක්‍ෂ අපේක්‍ෂකයන් සන්ධානයෙන් ඉදිරිපත් කිරීම සඳහා ඉදිරි දිනවල සන්ධාන නායකයන් සමඟ සාකච්ඡා කිරීමට තීරණය වූ බව ද ඒ මහතා කීය.

මේ අතර පසුගිය බ්‍රහස්‌පතින්දා පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්‌ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ලංකා සමසමාජ පක්‍ෂයේ දේශපාලන මණ්‌ඩල රැස්‌වීමේදී මෙවර මැතිවරණයට එ.ජනි.ස යට සහාය දීමටත් තම අපේක්‍ෂකයන් එම සන්ධානයෙන් ඉදිරිපත් කිරීමටත් තීරණය වූ බව ල.ස.ස.ප. නියෝජ්‍ය ලේකම් අනිල් සොයිසා මහතා පැවැසීය."

සටහන-  1963 පටන් සභාගවාදි දේශපාලනය තුල  දේශපාලනිකව  මියගොස් කුණු වෙමින්  සිටින මේ ප්‍රාණින් මෙවරද ගෙන ඇත්තේ එම තීරණයමය. ඊට වඩා අමුතුවෙන් යමක් ඔවුනට කළ නොහැකිය. එය වෙල්ගම මුදලාලිට ප්‍රවෘත්තියක්  යැයි සිතුවාට අපට නම් එසේ නොවේ.

Wednesday, July 1, 2015

චේතිය නම් වූ අප මහරජු

 
අපේ කාලයේදී නීතියේ ආධිපත්‍ය රැකුණා.

 පළිගැනීම නැවතුණා.

අපි ව්‍යවස්ථාවෙන් පිට ගියේ නෑ කිසි දිනෙක.


අපි කළ සංවර්ධන වැඩට දින 100 රජය උප්පැන්න දුන්නා

ආණ්ඩුව භාරදී හිස් අතින් ගමට ආ මට මොන චෝදනා නැගුවත් මම රටට ආදරෙයි.

දිනේෂ්, වාසුදේව, ගම්මන්පිල ආදි සියලු දෙනා එකතු කරගෙන නුගේගොඩින් ආරම්භ කළ ගමන ඒ ජන පවුර මහනුවර, ඇතුගල්පුර, රුවන්පුර, මාතර හරහා හමාගෙන ආ ඒ සුළඟ මහා බලවේගයක් වෙලා ගේ දොරකඩට අද අවිත් තියෙනවා.

(හහ් හහ් හහ් හා හිහ් හිහ් හී )

(මහින්ද රාජපක්ෂ මැදමූලනදී)

 සටහන- ඈ යකඩෝ පෝය දවසේත් මෙහෙම බොරු කියන්නේ මොන අපායේ යන්ඩද?