Monday, July 27, 2015

මේ චන්දයෙන් මහින්ද ජයගැනීමට ඉඩ තිබේ

 
 
පිච්ච මල් පූජාව අවසානයේ       ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ ඉහළ අහසේ ආශ්චර්යයක්‌
නාච්චාදූව - ප්‍රභාත් වනසිංහ


      අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී පෙරේදා (25 දා) පැවැති පිච්චමල් පූජා පිංකම අවසන්වන මොහොතේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඉහළ බටහිර අහසේ දේදුන්නක්‌ සේ දිස්‌වූ අතර මෙය දේව ආශිර්වාදයක්‌ දැයි පවසමින් බැතිමත්හු සාදුකාර පැවැත්වූහ.

පෙරේදා සවස පෙරහැරින් පිච්චමල් රැගෙනවිත් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව පහත මළුවේ ශ්‍රී මහා බෝධි අංකුරයක්‌ අබියස පිච්චමල් අතුරා මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ. එම පුණ්‍ය කටයුත්ත සවස 5.00 පමණ වන විට අවසන් විය. එම අවස්‌ථාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඉහළ බටහිර අහසේ දේදුන්නක්‌ සේ වර්ණයෙන් දක්‌නට ලැබිණි. ඒ මොහොතේ අනුරාධපුරයට වැසි වසින්නට ආසන්න තත්ත්වයක්‌ නොතිබූ අතර හොඳින් හිරු පායා තිබුණ හෙයින් මේ පිළිබඳව බැතිමතුන්ගේද අවධානය යොමුවිය. මෙයට පෙර ද පැවැත් වූ පිච්චමල් පූජා උත්සවවලදී ද දේව ආශිර්වාද ලැබුණේ යෑයි බැතිමතුන්ගේ පවතින විශ්වාසයත් හේතුවෙන් මේ පිළිබඳව බැතිමතුන්ගේ අවධානය වැඩි වීමටද හේතු විය.
               
උපුටා ගැනීම 2015.07 27 දිවයින පුවත්පතෙනි. මේ රටට වඩා සුදුසු නායකයා ඔහු බව මෙම පුවතින්ද  පෙනී යයි

12 comments:

  1. තියෙන ඇන මදිවට,බුද්ධාගමත් ඇනයක් වෙලා.

    ReplyDelete
  2. මේක බුකියේ දාලා සාකච්ඡා කරන්න වටින වැදගත් ප්‍රවෘත්තියක්

    ReplyDelete
  3. පිච්ච මල් පුජාව වාර්ෂිකව සිදුකරනේ ඕමල්පේ නායක හාමුදුරුවන්ගේ ප්‍රධානත්වෙන්යඑම අසිරිමත් පුජාවේදී ආශ්චර්යන් ඇතිවීම පුදුමයක් නොවේ. .අසිරිමත් පුජාවන් අඛණ්ඩව පැවැත්වීම ගැන උන්වහන්සේ ප්‍රසිද්ධය. උන්වහන්සේගේ දේශපාලන මතය වන හෙළ උරුමය මේ දිනවල සහාය දෙන්නේ රනිල් මහතාට මිස මහින්ද මහතාට නොවේ. එබැවින් පිච්ච මල් පුජාව මහින්ද මහතා දිනවන බවට සලකුණක් දැක්වූ බවට සිතීමට ඔබට ඇතිවූ සිතුවිල්ල සනාථ කිරීමට ශාක්ෂි ඉදිරිපත් කරන්නේ නම් හොඳය.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මේ ඇවිත් ඉන්නේ මහින්ද මාමාගේ සුවච කීකරු ඡන්දදායකයෙක්.

      Delete
  4. හිහි
    කලා මෙන්න මේ පෝස්ට් එකත් කියවල බලන්නකො ඒකට ඇඩ් කරල තියෙන ලිංක් එකේ තියෙන දේත් කියවලම බලන්න
    http://economatta.blogspot.com/2015/07/blog-post_27.html

    ReplyDelete
  5. නිවාඩුවක් දාල ගිහින් මේකට හිනාවෙන්න ඕනේ... ගිහින් එන්නං

    ReplyDelete
  6. අම්මපා...................... ඒයිවත්ද?????

    ReplyDelete
  7. ටෙනිසන් කුරේටත් වැඩිය කිතිකවාගන හිනාවෙන්න හැකි තව්ත් විහිළු කාරයෝ ඉන්නවනේ.

    ReplyDelete