Showing posts with label අනුරුද්ධ පාදෙණිය. Show all posts
Showing posts with label අනුරුද්ධ පාදෙණිය. Show all posts

Wednesday, June 1, 2016

රාජිත නරක බබා දැන් ප්‍රදර්ශනයේ

 

......වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලැයිස්තු ප්‍රධානව දෙකයි. එකක් post intern ලිස්ට් එක නොහොත් පශ්චාත් සීමාවාසික ලැයිස්තුව. ඒකෙ තමයි පරිවාස කාලය අවසන් කරපු අයට වෛද්‍යවරු විදියට ලබා දෙන මුල්ම පත්වීම් ලැයිස්තුව. මේ ලිස්ට් එකට ඉල්ලුම් කරන්නේ වෛද්‍ය සේවයට මුලින්ම බැඳෙන වෛද්‍යවරු. එයාල තමයි වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩුම සේවා කාලයක් සහිත පිරිස. මේකේ ප්‍රමුඛතාවය හම්බෙන්නේ තමන්ගේ කණ්ඩායමේ ලබා ගත්තු කුසලතා මට්ටම( batch එකේ merit rank එක.)

අනෙක තමයි වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව. යම් සේවා ස්ථානයක අවුරුදු 2ක් හෝ වැඩි කාලයක් සේවය සම්පුර්ණ කරපු අයට මේ ලැයිස්තුවට ඉල්ලුම් කරන්න පුළුවන්. මේකේ ප්‍රමුඛතාවය හම්බෙන්නේ තමන්ගේ ජ්‍යෙෂ්ටත්වයට.

මීට අමතරව special appeal list, north east list, කියන ස්ථාන මාරු ලයිස්තුත් තියෙනවා.

පශ්චාත් සීමාවාසික ලැයිස්තුව හැර අනෙක් සියලුම ලැයිස්තු වලින් වෛද්‍යවරයෙකුට ස්ථාන මාරුවක් ලැබුණු පලියට එයාට ඒ ස්ථාන මාරුව ලැබුණු තැනට යන්න වෙන්නේ නෑ. තමන් ගියාම සිදු වන පුරප්පාඩුවට වෛද්‍යවරයෙක් එනකන් හිටපු තැනම ඉන්න වෙනවා.

සාමාන්‍යයෙන් දුර බැහැර-පර්යන්තය එකකට වෛද්‍යවරුන්ගේ ඉල්ලුම අඩුයි. ඒක නිසා වාර්ෂික ස්ථාන මාරු ඉල්ලුම් කිරීමේදී එවැනි ස්ථාන වලට වෛද්‍යවරු ඉල්ලුම් කරනවා අඩුයි. ඒක නිසා ස්ථාන මාරු නියෝගය ලැබිල වුනත් පුරප්පාඩුව නොපිරීම මත පර්යන්තයක වැඩ කරන කෙනාට අකමැත්තෙන් තව අවුරුද්දක් දෙකක් සමහර විට 3ක් වුනත් වැඩ කරන්න වෙච්චි වෙලාවල් තියෙනවා.

මේ හේතුව නිසා අදාළ වෛද්‍යවරයා දෙපැත්තකින් තැලෙනවා. එකක් තමයි තමන් අකමැති සේවා ස්ථානයක වැඩිපුර වැඩ කිරීමට සිදු වීම. අනික් පැත්තෙන් තමන් කැමති සේවා ස්ථානයේ වැඩ කිරීමට හැකි වන කාලය අඩු වීම. මොකද යම් සේවා ස්ථානයක වැඩ කරන්න පුළුවන් අදාළ ස්ථාන මාරු වීම් නියෝගය ලැබිල අවුරුදු 4ක් වෙනකන් විතරයි. ඒ කියන්නේ පර්යන්තයක වැඩ කළත් ඒක ගණන් ගන්නේ වෙන්නේ ජනප්‍රිය ස්ථානයේ වැඩ කළා කියල. (මේ සිද්ධ වෙන්න ඕනි නියම විදියද කියන එක ගැන විවාදයක් තිබ්බත් සිද්ධ වෙන්නේ මේක.)

මේ ප්‍රශ්නෙට මුහුණ දෙන වෛද්‍යවරුන්ගෙන් අයුතු ලෙස ප්‍රයෝජනය ගන්න වෙනත් වෘත්තීය සමිතියක් නොකරන විදියට GMOA එකේ ඉහල නිලධාරින් පාවිච්චි කළා.

මේ පුරප්පාඩු  පිරවීමේ අයිතිය ඔවුන් අතට ගත්තා. ඒක ඔවුන්ගේ අභිමතය පරිදි තමයි සිදු වුනේ. ඒ කියන්නේ තමන් වෙනුවට වෛද්‍යවරයෙක් අනුයුක්ත කර ගන්න නම් GMOA ඉහල නිලධාරීන්ට තම පක්ෂපාතිත්වය දක්වන්න ඕනි.

 ඒ කියන්නේ GMOA ‍රැස්වීම් වලට එන්න ඕනි. කොටින්ම කිව්වොත් GMOA එකට මූන පෙන්නගත්තේ නැත්නම් එයාට නිදහස්   වෙන්න වෛද්‍යවරයෙක් එවන්නේ නෑ. පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් මේක සිද්ධ වෙන්නේ දේශපාලනඥයෙක් තමන් දිනවන්න වැඩ කරපු අයට රස්සා හදල දෙනවා වගේ.

මේ පාර සිද්ධ වුනේ අදාළ පුරප්පාඩු පිරවීම අමාත්‍යාංශය    යටතට ගත්තා. අමාත්‍යාංශය  මේ පර්යන්ත පුරප්පාඩු බහුතරයක් පිරවීමට පශ්චාත් සීමාවාසික ලැයිස්තුව  ලිස්ට් එක යොදා ගත්තා.

මේක මේ විදියට දිගටම  වුනොත් වෛද්‍යවරුන්ට තමන්ගේ සේවා ස්ථානයෙන් නිදහස් වෙන්න GMOA එක පස්සේ යන්න ඕනි වෙන්නේ නෑ.

මේකෙන් GMOA ඉහල නිලධාරීන්ගේ ඒකාධිකාරියට  එකට බඩු  හම්බෙනවා. ඒකයි ඔවුන් ඔච්චරම කලබල වෙලා තියෙන්නේ. මොකද මේක ඔවුන්ගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නයක්.

මේකේ අනික් පැත්ත විතරයි GMOA එක කියන්නේ . ඒ කියන්නේ ජනප්‍රිය ස්ථාන වල නියමිත කාලය වැඩ කරපු අයට පර්යන්ත වලට නිදහස්  වෙන්න අදාළ පුරප්පාඩු පුරවන්න මේ පශ්චාත් සීමාවාසික ලැයිස්තුව   භාවිතා කරන්නේ නෑ කියන එක.

GMOA එක කිසිම වෙලාවක චෝදනා කරන්නේ නෑ පර්යන්ත රෝහල් වල පුරප්පාඩු පශ්චාත් සීමාවාසික ලැයිස්තුවෙන් එකෙන් පුරවල මදි කියල.

මාධ්‍ය ප්‍රකාශක රෝහල් කීපයක් නම් කළා මේ ප්‍රශ්නෙදි. යාපනය, අම්පාර, ජාතික රෝහල සහ මඩකලපුව. මේ රෝහල් ගැන විශේෂයෙන් මාධ්‍ය ප්‍රකාශක කියන්න ඇත්තේ ලොකුම ගැටළු ඇති වුනේ මේ රෝහල් වලට කියන නිසා වෙන්න ඇති නේ.

මෙව්වයේ ඉන්න ස්ථාන මාරු ලැබූ වෛද්‍යවරුන්ට පර්යන්ත වලට යන්න මේ ලැයිස්තුවෙන් වෛද්යවවරු ආව මදි කියන එක තමයි එයා චෝදනා කළේ.  ජාතික රෝහල ඇර ඉතිරි රෝහල් කොළඹින් දුර තිබ්බට එව්වා එක්කෝ පළාත් මහා රෝහල්. නැත්නම් ශික්ෂණ රෝහල්. මෙව්වා දුෂ්කර රෝහල් විදියට සලකන්න බෑ කොළඹින් දුර තිබ්බ පලියට.

මේ රෝහල් වල වුනත් පර්යන්ත වලට ස්ථාන මාරු ලැබුණු වෛද්‍යවරු ඉන්නවා නම් එයාල අනිවාර්යයෙන්ම නිදහස් විය යුතුයි. ඒකෙ කතා දෙකක් නෑ. ඒත් ඒ වෛද්‍යවරුන්ගෙන් ඇති වෙන පුරප්පාඩු පුරවන එක ලේසියි පර්යන්ත පුරවනවට වඩා.

අනික වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ජනප්‍රියරෝහල් පුරවන්න යොදා ගන්න එක සාධාරණයි පර්යන්ත පුරවන්න යොදා ගන්නවට වඩා. මොකද වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුවට ඉල්ලන්නේ ජ්‍යෙෂ්ට වෛද්‍යවරු නිසා.

ඒ වගේම රාජිත කියනවා වැහිච්චි රෝහල් තිස් ගානක් අරින්න පුළුවන් ලු මේ විදියට වෛද්‍යවරු පිරෙව්වහම. මේකේ ඇත්ත නැත්ත ගැන මාධ්‍ය ප්‍රකාශක පිළිතුරු දෙන්නේ නෑ.

කොහොම හැදුවත් මේ  ලැයිස්තුවෙන්  පර්යන්ත රෝහල් තමයි වැඩිපුර  පිරෙන්නේ . මේ පාර ඒ රෝහල් වලට යන, කාගේවත් පස්සේ ගිහින් වැඩක් කර නොගන්න කෙලින් ඉන්න කොන්දක් ඇති වෛද්‍යවරුන්ට කවදා හරි මාරු වීමක්  හම්බුනාට පස්සෙත් නිදහස් වෙන්න විදියක් නැති වුනාම තමයි මේ ප්‍රශ්නේ හොඳටම තේරෙන්නේ.

මේ එක්ක මාධ්‍ය ප්‍රකාශක තව චෝදනාවක් ගේනවා රාජිතගේ පවුල් පාලනය සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ් ක්‍රියාත්මක වෙනවා කියල. ඒක නිසා සෞඛ්‍ය ඇමතිට අස් වෙන්නලු.

හැබැයි ඒ චෝදනාව ගේන්න එයාලට මේ මාරු ලැයිස්තුව ලිස්ට් එකේ ප්‍රශ්නේ එනකන් ඉන්න වුණා. ඇයි දන්නේ නෑ.

බැරි වෙලාවත් GMOA එක කියන ලිස්ට් එකට රාජිත එකඟ වෙනවා නම් රාජිත ඇමතිකමෙන් අස් වෙන්න ඕනි නැද්ද??

එහෙම එකඟ වුනොත් රාජිතගේ පවුල් පාලනේ ප්‍රශ්නයක් වෙන්න, ආයිත් පාරක් GMOA එකේ අය කියන දේවල් වලට එකඟ නොවෙනකන් ඉන්න ඕනිද?

සටහන-- FB උපුටා ගැනීමකි. GMOA ක්‍රියාකලාපය ගැන මගේ වෙනම කියවීමක් ඇත. නමුත් වර්තමාන ප්‍රශ්නය මේ ලේඛකයා හොඳින් විස්තර කර ඇති නිසා  සුළු සුළු සංශෝධන සහිතව මේ පල කරමි, දුහුනන් දැනුම් උදෙසා


 රාජිත හොඳ බබා ලඟදීම බලාපොරොත්තු වෙන්න

Monday, June 22, 2015

පා (දඩයින්) ගේ ගේ පාදඩ වැඩ

 
රටේ  හැම නාස්තාදි වැඩක් ම කරන්නේ අටවත් පාස් නැති නූගත් රස්තියාදුකාර දේශපාලකයෝ කියලා අපිට ඒ ගොල්ලෝ කියනවා. ඒක නිසා ඒ වගේ රස්තියාදු කාරයෝ පාර්ලිමේන්තුවට එන එක වලක්වන්න ඔන්න දැන් 20 වෙනි සංශෝධනේකුත් ගෙනැල්ලා .

කස්ටියට මතක ඇතිනේ පහුගිය කාලේ මැතිවරණ තිබ්බ හැටි.  මහජන මුදලින්ම කැම්පේන් කරපු හැටි. මන්දිරවලට එක එක දවසට නොයෙක් නොයෙක් කට්ටිය ගෙනැල්ලා කන්ට බොන්ට දීලා චන්ද අල්ලස් දීලා ....


එක දවසක දොස්තරලා, තව දවසක ඉංජිනේරුවෝ. ඊ ලඟට නලු නිලියෝ, පත්තර කාරයෝ, ග්‍රාමසේවකලා, ඔය විදියට අහවල් මන්දිරේට නොගෙනාපු කෙනෙක් නැහැ.ගෙනැල්ලා මහජනමුදලින් කන්ට බොන්ට දීලා චන්දය ඉල්ලනවා.

හොඳයි, අපි කියමුකො චන්ද දවස් වල ඒ වගේ වැඩ කරන්නේ නූගත්, මැර ,ප්‍රජාතන්ත්‍රවාදය බල්ලාට දාපු, දේශපාලකයෝ කියලා.

එතකොට තමන් ලංකාවෙන්ම උගත් පිරිස කියන දොස්තර මහත්තුරුත් ඒ වැඩේ කරන එක හොඳද?

ජූනි 27 තියෙන රජයේ වෛද්‍ය නිලදාරි සංගමේ චන්දෙට ඉදිරිපත් වෙන පාදෙනියගේ කණ්ඩායම සංගමේ සාමජිකයන්ට පණිවිඩයක්  යවලා 2016 පාසැල් වලට ළමයින් ඇතුල් කර ගන්ට ඕනෑ නම් ජූනි 23 සංගමේ තියෙන ‍රැස්වීමට එන්ට කියලා. කොහොමද පාර. නාවොත් ළමයට ඉස්කෝල නැතිලු.
 
27 චන්දේ තියන කම් ඉන්ට බැරිව තියන මේ තදියම මොකද්ද?

මේ වෙනකොට චන්දේ තියන්ට විසිරුවලා තියෙන සංගමයක් මේ වගේ ඉල්ලීමක් කොරන එක මොන තරම් සදාචාර සම්පන්නද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ.

මහින්ද මාමිගේ අරලිය දන්සැලෙයි පාදෙනිය අයියාගේ  මේ වැඩෙයි අතර වෙනසක් තීයෙනවාද?

කිසිම වෙනසක් නැහැ.

මේකෙන් එන්ට තියෙන නිගමනේ තමා මේ වගේ ජරා වැඩ කරන එක බලලෝභි දේශපාලුවන්ට විතරක් සීමා වෙච්චි දෙයක් නොවේ කියලා.

තමන් මහා උගත් බුද්දිමතුන් කියලා පෙන්න ගෙන ඉන්න අය උනත් බලයට තියෙන කෑදර කම හමුවේ ඕනෑම පාදඩ වැඩක් කරන්න පෙලඹෙනවා .

රට හදන්න නම්  මුලින්ම මේ පාදඩ සංස්කෘතිය  පරාජය කරන්න ඕනෑ.

වෙන මගක් නැහැ.


Sunday, June 7, 2015

මගේ සිහිනය


මම මහින්ද අයියට කඩේ ගිහින් , යුනියන් එකත් කඩේ යවලා අපේ යුනියන් එක පාවලා දුන්නා, දේශපාලනේ යුනියන් එක ඇතුලට ගෙනත් ඒක විනාශ කරලා දැම්මා කියලා සමහරු කියනවා. එහෙම කියන්නේ ඇත්ත දන්නේ නැති  අය.

මට යුනියන් එක විනාශ කරන්න ඕනෑ වුනේ නැහැ. ඇත්තම කියනවා නම් මට යුනියන් එකක් ඕනෑ වුනේම නෑ. මට ඕනෑ වුනේ වෙන දෙයක්.

අනික් හැමෝටම වගේ මටත් සිහිනයක් තිබුනා. ඒක පොඩි හීනයක් නෙවේ. ඒ හීනේ හැබෑ කරගන්න පුලුවන් උනා නම් සමහර විට අපේ යුනියන් එකේ අයියලා, මල්ලිලා අක්කලා නංගිලාටත් පොඩි සප් එකක් දෙන්න ඉඩ තිබුනා.

මම හවසට හවසට අරලිය මන්දිරේට ගිහින් මහින්ද අයියාට සපෝර්ට් කලේ ගොඩක් දුර දිග බලලා.

මහින්ද අයියා දිනුව නම් මම හිතන් හිටියේ මොනවා හරි කරලා කුරුණෑගල දිස්ත්‍රික්කෙන් මහ චන්දේට ඉල්ලන්න. ඒකට ඕනෑ පසුබිම හදා ගන්න තමා මම ඒ  දවස් වල නාථ ලාගේ කට්ටියත් එක්ක එකතුවෙලා පොහොර වලට විරුද්දව කතා කලේ. මොකොද නැත්නම් මම කෙනෙක් ඉන්නව කියලා දන්නේ අපේ කස්ටිය විතරනේ.

ඉතින් චන්දේ  දිනලා සෞඛ්‍ය ඇමති වෙන එක තමා මගේ පැලෑන. එක පාරට ඇමති කමක් ගන්න බැරි වුනොත් උප ඇමති වෙලා ඊ ලඟට ඇමති වෙන්න.

ඊටත් පස්සේ හිමිහිට අගමැති වෙලා අන්තිමේ දී ජනාධිපති වෙන්න.

ජනාධිපති වුනාම වෙන වැඩ කරලා වෙලාවක් තිබුනොත් බැරියැ අපේ කට්ටියගේ ප්‍රශ්න විසඳන්න.

අපි දකින හීන මොනවා වුනත් මගේ හිතේ පොඩි කුකුසක් තිබුනා මට නොමිනේෂන් නොදෙයිදෝ කියලා. මොනවා කිව්වත් අපේ දොස්තර කට්ටිය ඉන්නේ 15000ක් විතරනේ. එකෙනුත් මට චන්දේ දෙන්නේ 2000ක් විතර.ඉතින් ඇත්තටම කිව්වොත් ගම්සභා චන්දයක් දිනාගන්න බැරි තත්වයක් නේ තියෙන්නේ. අනික මම අපේ යුනියන් චන්දේ දී දාන වැඩ කිඩ ඔය මහ චන්දේකදී දාන්න පුලුවන් වෙයිද කියලා කවුද දන්නේ,

ඒක හින්දා මම  කෝකටත් කියලා ප්ලෑන් බී එකකුත් තියාගෙන හිටියේ.

ඒක තමා සෞඛ්‍ය අමාත්‍යාංශේ ලේකම්කම.

ඒත් අන්තිමට මොකද වුනේ. මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි කිව්ව වගේ මගේ මහින්ද අයියා පැරදුනා නේ.

ඉතින් මම දැන් ආපහු අපේ යුනියන් එකේ සභාපතිකොමට ඉල්ලනවා. ඔයාලා මට චන්දේ දෙන්න හොඳේ. මොනවා කරන්නද දුක තමා.

කොහොමට ඉන්න හිටපු මිනිහෙක්ද?

Tuesday, June 2, 2015

පාදෙණිය, පැණිදෙණිය, පේරාදෙණිය


අපේ කාලේ  පැණිදෙනියේ කම්මලේ ඉගෙනගත්තු පාදෙණිය  හරි ප්‍රසිද්ධ මිනිහා. එය නුවර වටේ පිටේ  කෙල්ලන්ට  ඇඩ්‍රස් එක දූන්නේ පාදෙණිය ,පැණිදෙනිය ,පේරාදෙණිය කියලා.

මට මේ ඇඩ්‍රස් කතාව මතක් මතක් වුනේ මේ දවස් වල තියෙන රජයේ වෛද්‍ය  නිලධාරි සංගමේ නිලවරණේ නිසා.

මේ චන්දෙට එක් පැත්තකින් ඉල්ලන්නේ වාර ගණනාවක්ම සභාපති විදියට හිටි අනුරුද්ධ පාදෙණිය. මිනිහා අර මම මුලින් කිව් පාදෙණියගේ නෑයෙක්ද දන්නේ නැහැ.

ඒත් මිනිහා වැඩ කරන්නේ නම් මහින්ද රාජපක්ෂගේ ලඟම නෑයෙක් වගේ. මහින්දත් වාරදෙකක් මදි වෙලා තුන් වැනි සැරේටත් ඉල්ලලා කෙලවා ගත්තනේ.

පාදෙණිය නොහොත් අපේ පොඩි මහින්දත් ඒ මහින්දට ලඟින්ම ඉඳගෙන උදව් කරා.ඒ දවස් වල අරලිය මන්දිරේමයි හිටියේ.

ඕනේ නම් මිනිහගේ ඇඩ්‍රස් එක ඒ දවස් වල ලියන්න තිබ්බා
" පාදෙණිය, අරලිය ගහ , කොල්ලුපිටිය " කියලා.

ලොකු මහින්ද ජනාධිපති චන්දෙට  සකල රාජ්‍ය බලය යොදා ගෙන මහජන දේපල  හිතු මනාපෙට පාවිච්චි කලේ මැද මූලනෙන් ගෙනාව වගේනේ.

මතකනේ ඒ දවස් වලරාජ මාධ්‍ය ද, සිල් රෙදිද, සමෘද්ධි ද ,බයිසිකල් ද, මෝටර් බයිසිකල් ද, අරලිය දන්සැල් ද ,මතක් වෙනකොටත් ආශාවේ බැහැ.

අපේ පොඩි මහින්ද නොහොත් දොස්තර පාදෙණියත් චන්දේ කරන්නේ ලොකු මහින්ද වගේමයි.

මිනිහා චන්දෙට පාවිච්චි කරන්නේ සංගමේ සම්පත්.  ඇරපු අතක් නෑ අයියා වගේමයි.

චන්දේ සංවිධානය කරන්නේ පාදෙණිය.

තැපල් චන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නේ පාදෙණිය.

ඒවා යවන්නේ කාටද කියලා තීරණය කරන්නේ පාදෙණිය.

ඒවා තැපැල් කරන්නේ පාදෙණිය.

ඒවා ලකුණු කරන්නේත් පාදෙණිය.

ඒවා ගණන් කරන්නේ ත් පාදෙණිය

ප්‍රථිපල දෙන්නෙත් පාදෙණිය.

අඩු ගානේ මිනිහාගේ විරුද්ධවාදින්ට තැපල් චන්ද ලැයිස්තුවවත් දෙන්නේ නැහැ.

කොටින්ම කිව්වොත් මහින්දම තමා.

හැබැයි ඉතින් ඔය විදියටම චන්දේ කොරපු මහින්දත් පැරදුනා.