Sunday, June 7, 2015

මගේ සිහිනය


මම මහින්ද අයියට කඩේ ගිහින් , යුනියන් එකත් කඩේ යවලා අපේ යුනියන් එක පාවලා දුන්නා, දේශපාලනේ යුනියන් එක ඇතුලට ගෙනත් ඒක විනාශ කරලා දැම්මා කියලා සමහරු කියනවා. එහෙම කියන්නේ ඇත්ත දන්නේ නැති  අය.

මට යුනියන් එක විනාශ කරන්න ඕනෑ වුනේ නැහැ. ඇත්තම කියනවා නම් මට යුනියන් එකක් ඕනෑ වුනේම නෑ. මට ඕනෑ වුනේ වෙන දෙයක්.

අනික් හැමෝටම වගේ මටත් සිහිනයක් තිබුනා. ඒක පොඩි හීනයක් නෙවේ. ඒ හීනේ හැබෑ කරගන්න පුලුවන් උනා නම් සමහර විට අපේ යුනියන් එකේ අයියලා, මල්ලිලා අක්කලා නංගිලාටත් පොඩි සප් එකක් දෙන්න ඉඩ තිබුනා.

මම හවසට හවසට අරලිය මන්දිරේට ගිහින් මහින්ද අයියාට සපෝර්ට් කලේ ගොඩක් දුර දිග බලලා.

මහින්ද අයියා දිනුව නම් මම හිතන් හිටියේ මොනවා හරි කරලා කුරුණෑගල දිස්ත්‍රික්කෙන් මහ චන්දේට ඉල්ලන්න. ඒකට ඕනෑ පසුබිම හදා ගන්න තමා මම ඒ  දවස් වල නාථ ලාගේ කට්ටියත් එක්ක එකතුවෙලා පොහොර වලට විරුද්දව කතා කලේ. මොකොද නැත්නම් මම කෙනෙක් ඉන්නව කියලා දන්නේ අපේ කස්ටිය විතරනේ.

ඉතින් චන්දේ  දිනලා සෞඛ්‍ය ඇමති වෙන එක තමා මගේ පැලෑන. එක පාරට ඇමති කමක් ගන්න බැරි වුනොත් උප ඇමති වෙලා ඊ ලඟට ඇමති වෙන්න.

ඊටත් පස්සේ හිමිහිට අගමැති වෙලා අන්තිමේ දී ජනාධිපති වෙන්න.

ජනාධිපති වුනාම වෙන වැඩ කරලා වෙලාවක් තිබුනොත් බැරියැ අපේ කට්ටියගේ ප්‍රශ්න විසඳන්න.

අපි දකින හීන මොනවා වුනත් මගේ හිතේ පොඩි කුකුසක් තිබුනා මට නොමිනේෂන් නොදෙයිදෝ කියලා. මොනවා කිව්වත් අපේ දොස්තර කට්ටිය ඉන්නේ 15000ක් විතරනේ. එකෙනුත් මට චන්දේ දෙන්නේ 2000ක් විතර.ඉතින් ඇත්තටම කිව්වොත් ගම්සභා චන්දයක් දිනාගන්න බැරි තත්වයක් නේ තියෙන්නේ. අනික මම අපේ යුනියන් චන්දේ දී දාන වැඩ කිඩ ඔය මහ චන්දේකදී දාන්න පුලුවන් වෙයිද කියලා කවුද දන්නේ,

ඒක හින්දා මම  කෝකටත් කියලා ප්ලෑන් බී එකකුත් තියාගෙන හිටියේ.

ඒක තමා සෞඛ්‍ය අමාත්‍යාංශේ ලේකම්කම.

ඒත් අන්තිමට මොකද වුනේ. මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි කිව්ව වගේ මගේ මහින්ද අයියා පැරදුනා නේ.

ඉතින් මම දැන් ආපහු අපේ යුනියන් එකේ සභාපතිකොමට ඉල්ලනවා. ඔයාලා මට චන්දේ දෙන්න හොඳේ. මොනවා කරන්නද දුක තමා.

කොහොමට ඉන්න හිටපු මිනිහෙක්ද?

6 comments:

  1. සොරි, ඔන්න කොන්දොස්තරලගෙ නිලවරණයක් උනානම් අපටත් චන්දයක් දෙන්න තිබුන.

    ReplyDelete
  2. ශිෂ්‍ය ව්‍යාපාරය සහ මෙඩ්ඩන් කියා ලිපි පෙළක් මා ලියා තියෙනවා. එහි දිගුවක් ලියන්න කලාමැදිරියාට හැකිවේවි.

    ReplyDelete
  3. "කල්ලා" ට කඩේ යනු පෙනේ....

    ReplyDelete
  4. පදේනියට ගොඩක් කස්ටිය අකැමැතියි වගේ නේද?

    ReplyDelete