ඉස්පිරිතාලෙට ඇතුල් වෙනකොටම හැඩකාර නර්ස් නෝනා කෙනෙක් ඇවිත් මගේ අතින් අල්ලගෙන ගියා කියපංකෝ දොස්තර මහත්තයා ලඟට. උන්නැහේ වෙද නලාව මගේ සර්වාංගේ පුරාම තියලා පැය තුන් කාලක් විතර පරීස්සා කොරලා හිටං කියපි මාව වාට්‍ටුවට ඇතුල් කරලා ලේස්ති කරන්න කියලා. මගේ ඇඟේ හීන් දාඩිය දැම්මා , මොකොටද ලේස්ති කරන්නේ කියලා. ඔපරේෂමක් වත් කරන්න යනවද කියලා හිතුවේ. කැස්සට බෙහෙත් ගන්න ඇවිත් කකුලක් නැතිව යන්න වෙයිද කියලා හිතුනා. ඇයි ඉතින් වම් කකුල වෙනුවට දකුනු කකුල කපපු උදවියනේ.
මට වාට්‍ටුවේ ටික වෙලාවයි ඉන්න ලැබුනේ. මාව රෝද පුටුවක තියලා අරන් ගියා කියපංකෝ තැනකට.අම්මපා හෙලි පෑඩ් එකක්. එතැන නවත්තලා තිබුනා රතු කුරුසයක් ගහපු හෙලිකොප්ටරයකට මාව පටවගෙන ආවේ නැතිද කොළඹටම. එහෙමයි සලකන්නේ මිනිස්සුන්ට. මම හිතුවේ මාව කොළඹ මහ ඉස්පිරිතාලෙට දාන්න යනවා කියලා. මොන ?
හෙලිකොප්පරේ කොළඹත් පහු කරගෙන යනවා, ගෙහුන් ගෙහුන් ගියේ නැත්ද කටුනායක එයාර්පෝර්ට් එකටම. එතැනින් පැටෙව්වා මාව ප්ලේන් එකකට. සුරුස් ගාල සිංගප්පූරුවේ. මවුන්ට් එලිසබෙත් ඉස්පිරිතාලේ.
එහෙමයි අපේ ආණ්ඩුව හෙම්බිරිස්සාවක් හැදුනත් රටේ සාමාන්නිය ජනතාවට සලකන්නේ. රජයේ වියදමින් මවුන්ට් එලිසබෙත් එකට මාව එව්වා කියහන්කෝ. කවුරු වීස්වාස කොරයිද විටමින් සී පෙති ටිකකුයි පැරසිටමෝල් සුට්ටකුයි ඇන්න යන්ට ඉස්පිරිතාලේ ගිය මම සිංගප්පූරුවේ සුපිරි ඉස්පිරිතාලෙක.
හෙම්බිරිස්සාව හොඳ වුනාම ආයේ ලංකාවට එන්නම් හොඳෙ. මෙහෙ එච්චර පාලුවක් නැහැ. අල්ලපු කාමර වල පිරිලා ඉන්නේ කැකිරාවෙන්, අඟුනකොලපැලැස්සෙන්, පදවියෙන් ට්‍රාන්සර් කරලා එවපු හීන් මැනිකෙලා, ලොකු බන්ඩලා, සූටින්ලා කට්ටිය.
බයි බයි.
සටහන-
මේ ලියුම කොටන්නෙත් ඉසිප්‍රිතාලෙන්ම ලෙඩ්ඩුන්ට දෙන ලැප්ටොප් එකකින් හොඳේ.


.jpg)