Tuesday, June 18, 2019

කොන්ඩම් බාල්දි



මීට කලකට ඉහතදී ජයවර්ධනපුර සරසවියේ උප කුලපතියෙක් සිසුවියන්ගේ කන්‍යා භාවය සොයන්නට දඟලමින් මහත් විපිරියාසයක් කොලේය. ඒ තුමා දැන් කොහේ ඉන්නවාදැයි අපි නොදනිමු.

නමුත් දැන් ඒ ජාතියේම තවත් ඩයලයක් ෆීල්ඩ් එකට බැස තිබේ. ඒ රුහුණු සරසවියේ උප කුලපති  උන්නාන්න්සේය. ඒ තුමා ශිෂ්‍ය සංගම් කාර්යාලයකින් කොන්ඩම් බාල්දියක්  හොයාගත් බව කියමින් ජපුර කරුනාරත්න වර්ගයේ ඝෝෂාවක් , එනම් උඩු බීරිමක් ,කරමින් සිටී.

දැන් එතුමා අපට කියන්නට හදන්නේ කුමක්ද?

සරසවි සිසුන් ලිංගික ක්‍රියා කිරීමේදී කොන්ඩම් නොපැලඳිය යුතු බවද.?

 එවිට කෙල්ලන්ට ලැබෙන බබාලා නඩත්තු කරන්නේ අමරසේන උන්නැහෙද?

සමහර විට එතුමා මේ දිනවල නැගලා යන මාතෘකාවක් වන සිංහල ජාතිය බෝ කිරීම සඳහා සරස්වි සිසු සිසුවියන් යොදා ගැනීමේ ව්‍යාපෘතියක් බාරගෙන තිබෙනවා වෙන්නට පුලුවන. එහෙම ව්‍යාපෘතියක් ඇත්නම් ඒ බව කෙලින්ම කිව්වා නම් වඩා හොඳය. එවිට ඔය වැඩේට ස්වේච්ඡාවෙන්ම ඉද්‍රිපත් වී ආධාර කිරීමට ඕනෑ තරම් පිරිස් ඉදිරිපත් වනු ඇතිය.

සටහන- කොන්ඩම් බාල්දි තිබුනාද නොතිබුනාද අපි දන්නේ නැත. අපිට එකක් සහතිකය. සරසවි කොල්ලන් කෙල්ලන් කොන්ඩම්  පාවිච්චි කරනවා නම් එය, පසුව ගබ්සා කරනවාට වඩා දහස් ගුණයක් හොඳය.

https://pittnews.com/article/65843/news/student-health-to-distribute-free-condoms/

Tuesday, January 8, 2019

කැෆේ සහ නෙස්කැෆේ




අපි හිතන් හිටියේ කැෆේ සංවිධානය කියන්නේ මැතිවරණ නිරීක්ෂණ  සංවිධානයක්ය කියලා. ඒ උනත් දැන් තමා දන්නේ ඒක උත්සව අවස්ථාවන්ට නෙස්කැෆේ මැෂින් කුලියට දෙන්න අටව ගත්ත උත්සව භාණ්ඩ කුලියට දෙන තැනක් කියලා.

ධම්ම ගැන නම් කථා කරලා වැඩක් නෑ.  මෙතැන එකම ප්‍රශ්නේ රාඝවන් උන්නැහේ. එක අතකට ඒකෙත් ප්‍රශ්නයක්   නෑ. රාඝවන් කරලා තියෙන්නේත් ඉතා හොඳින් තහවුරු වෙච්ච මතයක් නැවතත් ඔප්පු කරලා පෙන්නන එක. ඒ කියන්නේ "යමක් වේනම් සුදුස්සාටම ලැබිය යුතු "  කියලා නෙවේ. බලයට මුදලට යට නොවන්නෝ විරලය කියන එක.

ඔහොම යන්

Thursday, January 3, 2019

මහ සොහොනේ රීරි යකා




ශ්‍රී ලංකාවේ බිහි වූ අපකීර්තිමත් , තිරිසන් වදකයෙක් හා උම්මත්තක ඝාතකයෙක් වූ ප්‍රේමදාස උඩුගම්පොල නම් වූ මිනී මරුවා මියගොසිනි.1987-89 ජවිපෙ කැරළි සමයේ  ජවිපෙ කැරලි කරුවන් යැයි සැක පිට අත් අඩංගුවට ගත් තරුණයින්ගේ කණට බෝල් පොයින්ට් පෑන් ඇතුල් කර හා ඔවුන්ගේ ගුද මාර්ගයට ක‍ටුකම්බි දමා වද දී මරා දැමූ මේ වදකයාගේ මරණය ගැන කණාමැදිරියා සිය සාතිශය සතුට මෙසේ පල කර සිටියි.

කණගා‍ටුව නම් මේ වදකයාට ස්වභාවික මරණයක් අත් වීමයි. මේ වදකයා උතුරු මැද, දකුණ හා මධ්‍යම පලාත් වල තරුණයින් දහස් ගණනක් මොහුගේ වද බන්දනයන්ට ගොදුරු වී මිය ගියද , මෙම අසත්පුරුෂයා නීතිය හමුවට ගෙන ඒමට කිසිවෙක් කටයුතු නොකිරීම කණගා‍ටුවට කරුණකි.

උඩුගම්පොල  මුල සිටම දුෂ්ඨ පොලිස් කාරයා විය. 1980 ,81  කාලයේදී ජවිපෙ සාමකාමි මැතිවරණ දේශපානයේ යෙදෙන විටත් මොහු ජවිපෙ සාමාජිකයන් අත් අඩංගුවට ගනිමින් වධ හිංසා කලේය. 1982 දි  මොහුට විරුද්ධව දරමිටිපොල රතනසාර හිමි මානව හිමි කම් නඩුවක් පවරා ජය ගත් අතර , තම පෞද්ගලික මුදලින් ගෙවන ලෙස උසාවිය විසින් මොහුට නියම කළ රු.10000 වන්දි මුදල ජේ ආර් රජයේ මුදලින් ගෙවා මොහු පොලි අධිකාරෛ තනතුරට ද උසස් කලේය.තමන් යා යුතු ගමන් මග තේරුම් කර ගත් උඩුගම්පොල ඉන්පසු යූ ඇන් පියේ විරුද්ධ කාරයින්ට එරෙහිව දුෂ්ඨ ව්‍යාපාරයක නියලුණේය . ඉතින් මෙම තිරිසනා මෙසේ මිනි මැරීමට පටන් ගත්තේ ඔහුගේ මව් සහ ඥාතීන් ජවිපෙ විසින් මරා දැමීමෙන් පසු යැයි කියන මාතලන්  වැනි කුක්කු බබාලාට කිව යුත්තේ ඔවැනි කතා හොඳ කොන්ඩේ බැඳපු යූ ඇන් පී කාරයින්ට බවය.