Showing posts with label කුණු බිත්තර. Show all posts
Showing posts with label කුණු බිත්තර. Show all posts

Thursday, April 24, 2014

සෙල්ලම් කුණු බිත්තර


පසුගියදා හම්බන්තොටදී විපක්ෂ මන්ත්‍රීන්ට හම්බන්තොට මහ ජනතාවගේ ගෝලබලායින් පහර දුන් අවස්ථාවේ ඇහ කණ පියාගෙන බලා සිටියේ යැයි පොලීසියට චෝදනා එල්ල වී තිබේ. 

නමුත් එම පහර දුන් ආණ්ඩුපාක්ෂික මහත්මයෙක් වන මත්තල බූරු පියා මහතා විසින් කරන ලද මාධ්‍ය සාකච්ඡාවකදී පොලීසිය එසේ බකං නිලා ගෙන සිටියේ මන්දැයි හෙලි වී තිබේ.

අප එම හේතුව බූරු පියා මහතාගෙන්ම අසමු.

"අම්බන්තොට වරාය ලඟදී ඌ ඇන් පී  මන්තිරිලාට අම්බානකට නෙලනවා කියලා ආරංචි වෙලා අපි සැට් එකක් අපේ නගරාධිපති තුමත් එක්ක උරේ රන් කියලා දුව ගෙන ආවා. එතකොට අපි දැක්කා ඌඇන් පී කාරයින්ට ගහන්ඩ කට්ටියක් සැට් වෙලා ඉන්නවා. මේ ඒරියා එකේ ඒම කොරන්ට දෙන්ඩ බෑනේ.  අපේ මේයර් සර් ටක් ගාලා එතැන හිටි පොඩි එකෙක්ගේ ඉණ අත ගෑවා. මං අඤ්ඤා කොරොස් වෙලා ගියා  මේ මොකද කියලා . මට ඉතුනා නුවර එලියේ ඩිපුටි මේයර් වගේ අපේ මේයර් සර්රුත් කොලු කාරයෙක් වත් ද කියලා. 

එතකොටයි මම දැක්කේ අපේ සර් පොඩි එකාගේ ඉනේ තිවිලා සෙල්ලම් පිස්තෝලයක් ඇදලා ගන්නවා. අපිත් වට පිට බැලුවා සෙල්ලම් පිස්තෝල තියාගෙන තව පොඩි එවුන් ඉන්නවාද කියලා . ඔහේ නෑ. අදිසියට මොකක් හරි කොරන්නත් එපැයි.

මං දැක්කා සෙල්ලම් පොලිස් රාලහාමි කෙනෙක් ඉටගෙන ඉන්නවා  . මම රාල ආමිගේ ඉන අත ගලා බැලුවා . මට අහු උනා බිත්තර වගේ බෝල දෙකක්. පට ගාල ඒ දෙක ගලවලා දමලා ගැඋවා . ඊට පස්සේ වටේ ඉටිය පොලොස් රාල ආමිලා ඔක්කෝගෙම බිත්තර ගලවලා ගැඋවා"

හම්බන්තොට සිදු වීමේදී පොලිස් මහතුන්  අකර්මණ්‍ය ව සිට ඇත්තේ එම මහතුන්ගේ බෝල මැරයින් විසින් එසේ ගලවා ගැනීම නිසා බව මෙම ප්‍රකාශයෙන් හෙලිවේ. ඒ ගැන ඔවුන්ට දොස් කියා පලක් නැත . බෝල නැති වූ විට කාට කාටත් සිදු වන්නේ ඔය ටිකය.කවුරුන් හෝ එය බොරු යැයි කියන්නේ  නම් විමල්  වීරවංශ, චම්පික රණවක හෝ වාසුදේව නානයක්කාර මහතුන්ගෙන් අසා බලන්න.


photo- Lankadeepa

Thursday, April 4, 2013

කුණු බිත්තර හා නානසාර



අයි.පී.එල් තරඟාවලියට සහභාගි වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට කුණු බිත්තර වලින් පහර දෙන  බවට ගලබොඩාත්තේ ඥාණසාර නම් චීවරධාරියෙක් තර්ජනය කර තිබේ.

හරිම අපූරුය. දැන් සියලු ශ්‍රී ලාංකිකයන්ට ජීවත් වීමට සිදුව ඇත්තේ මේ උමතුවන් ‍රැල කියන පරිදිය.මේ පිස්සු ජාතිවාදින් ‍රැල  ලාකීය ජනජීවිතයේ සෑම අංශයකටම අත දමමින් සිටිති. ගවමස් මඩුවේ සිට නිදන කාමරය දක්වා තම බල පෑම පැතිරවීමට ඔවුන් උත්සාහ කරමින් සිටී. අප මේ ගැන මීට ප්‍රථමයෙන්ද ලියා ඇත්තෙමු.

අයි.පී.එල්. තරඟාවලිය යනු තනිකරම මුදල් මත පදනම් වූ කිසිම ක්‍රීඩාවේ තිබිය යුතු ගුණාංග කිසිත් නැති හෝ ඉතාම අඩු එකකි  .ලෝකයේ සිටින ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් එයට සහභාගි වන්නේ මුදල් වෙනුවෙනි. ඒ ගැන කතා දෙකක් නැත.සියල්ල මුදලය විකිණෙන ලෝකයක ක්‍රිකට් පමණක් එසේ නොවී තිබීමට හේතුවක්ද නැත.මේ සියල්ල වෙනම කථාය. ඒ ගැන වෙනම කතා කල හැක.

ක්‍රීඩකයන් අයි.පී.එල් යන්නේ ඔවුන්ගේ පෞද්ගලික කැමත්ත පරිදිය. සංවිධායකයන් ඔවුන් ‍තෝරාගත් නිසාය. දැන් ඔවුන් තරඟ සංවිධායකයන් සමග ගිවිසුම් අත්සන් කර තිබේ. එම ගිවිසුම් වලට ගරු කිරීමට ඔවුන් බැඳී සිටිත්. බො.බ.සේ හි පිස්සු පූසන් කී පලියට එම ගිවිසුම් ඉරා දැමිය නොහැක.

ඉන්දියාවට ක්‍රීඩකයින් නොයැවිය යුතු නම් එම තීරණය ගත යුත්තේ රජය මගිනි. කුණු බිත්තර කරුවන් නොවේ.ඉන්දියාව සමග හෝ වෙනත් රටක් සමග ප්‍රශ්නයක් ඇත්නම් එය විසඳා ගත යුත්තේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මිස කුණු බිත්තර හෝ ලෙමන් පෆ් වලින් නොවේ.මෙවනි අන්තර්ජාතික ප්‍රශ්න කුණු බිත්තර වලින් ප්‍රශ්න විසඳන්නට උත්සාහ කරන්නේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන්  විසඳා ගැනීමට බුද්ධිය නැති උන්ය.

අනිත් අතට ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම හොඳ නැත්නම් දඹදිව වන්දනාවේ යාමත් තහනම් කර ඉන්දියාවේ සරසවි වල ඉගෙන ගන්නා දහස් ගණනක් වූ ලාංකීය සිසුන්ද වහාම ආපසු කැඳවිය යුතුය. ඉන්දියාවේ පිහිටි ලංකා මහ කොමසාරිස් කාර්යාලයද වසා දැමිය යුතුය.ක්‍රිකට් ක්‍රීඩකයන්ට කුණු බිත්තර ගැසීමට පෙර මේවා කරන මෙන් බො.බ.සේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතුය.

මෙහි සැලකිල්ලට ගත යුතු වැදගත්ම කරුණ වන්නේ ගලගොඩ අත්තේ ඥාණසාර ක්‍රිකට් ක්‍රීඩකයින්ට කුණු බිත්තර ගසන බවට ,එනම් ශාරිරිකව හිංසා කරන බවට කර ඇති තර්ජනයේ නීතිමය පැත්තයි. මෙය දණ්ඩ  නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.

ඔහු මේ කථාව විහිලුවට කී කතාවක් නොවේ. මෙම පුද්ගලයා මීට ප්‍රථමයෙන් නුවරදී කතාවක් කරමින් ෆැෂන් බග් හා නෝ ලිමිට් ආයතන තුල සිංහල තරුණියන් දූෂණය කරනවා යැයි කල තර්ජනය කෙලවර වූයේ පැපිලියාන ෆැෂන් බග් ආයතනයට පහර දීමෙනි.

මිනිසුන්ට මෙසේ තර්ජනය කරමින්, පහරදෙමින් හැසිරීමට මෙම කුණු බිත්තර බඳු උම්මත්තකයින්ට ඉඩ දුනහොත් එය අවසන් විය හැක්කේ 83 බඳු මහා ඛේදවාචකයකිනි. එය නැවත්වීමට පෙරමුණ ගැනීම සිහි බුද්ධිය ඇති සැමගේ අනිවාර්ය වගකීමකි.