Showing posts with label බියොන්ඩ් ෆ්‍රේම්. Show all posts
Showing posts with label බියොන්ඩ් ෆ්‍රේම්. Show all posts

Saturday, October 20, 2012

බියොන්ඩ්ෆ්‍රේම්ගේ හා අපේ මියන්මාර් ගමන


2010 ජනාධිපතිවරණයට පසු , එවකට සිටි ප්‍රකට බ්ලොග් කරුවෙකු වන බියොන්ඩ් ෆ්‍රේම් තමන් මියන්මාරය කරා නැව් නගින බව උපහාසයෙන් යුතුව කියා සිටියේය
.
ඔහු ව්‍යංගයෙන් කිව්වේ හමුදා පාලනයක් පවතින මියන්මාරය ලංකාවට වඩා හොඳ බවයි.

ඔහු  එසේ කියද්දී පෙරමුණේ රාල වැනි රාජපක්ෂික අන්තේවාසික බ්ලොග් කරුවන් බියොන්ඩ් ෆ්‍රේම්ව පට්ට ගැසුවේ ඔහුගේ ව්‍යංගය පවා වටහා ගත නොහැකිවය.

යම්තම වසර  තුනක් ගත වී තිබේ . ආශ්චර්යමත් ලංකාවේ ජනී ජනයා දැන් මියන්මාරය බලා නැව් නැගීමට පටන් ගෙන තිබේ.

මුලින්ම වැඩේ පටන් ගෙන ඇත්තේ ලංකාවේ වාහන ආනයන කරුවන්ය. වාහන වලට පනවා ඇති අධික බදු නිසා තම වෙලඳාම කඩා වැටී ඇති නිසා නව වෙලඳපොලවල් සොයා යාමට මෙසේ වෙලෙන්දෝ පෙලඹ සිටිති.

තමන්ගේ නාස්තිකාර වියදම් සඳහා මුදල් සොයා ගැනීම සඳහා වත්මන් පාලක රෙජිමය වාහන වලට පමණක් නොව  කුඩා දරුවාගේ කිරිපිටිපැකට්‍ටුවේ සිට අත්‍යවශ්‍ය ආහාර දක්වා වන සෑම දෙයකටම  පොදු ජනයාට දරා ගත නොහැකි අහස උසට බදු ගසමින් සිටියි.

එසේ බදු අය කර සොයා ගන්නා මුදලින් ජාතියේ ලොකු හා පොඩි පුතුන් හින්දි නිලියන් ගෙන්වමින් හා මාර්ග වසමින්  පිස්සු කෙලිද්දී  රටේ පොදු ජනයාට වේලක් ඇර වේලක්වත් කෑමට නම් මියන්මාරයට හෝ අඩු තරමෙන් මාල දිවයිනටවත් නැව් නැගීමට නම් නොදුරේ දී සිදු වනු නො අනුමානය.