එවිට රනිල්ගේ ආරක්ෂකයා වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ,මානව හිමිකම් ආදි එකී නොකී බොහෝ දේ වෙනුවෙන් පෙනී සිටින බව කියමින් , තම දිවි නොතකා ආණ්ඩුවේ ඒකාධිපතිවාදයට එරෙහිව සටන් වදින බව පෙන්වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියයි.
ඊ නිව්ස් අඩවිය රනිල් ආරක්ෂා කරමින් සජිත් ප්‍රේමදාසට පහර දීමටද එකල අමතක නොකලේය.
අද එනම් 2013.02.13 දින ඊ නිව්ස් හි පලවූ ප්‍රවෘත්තිඅකින් එජාපයේ නියෝජ්‍ය නායක තනතුරු හතරක් ඇති කිරීම ගැන රනිල්ට දෙහි කපා තිබුනි.ඔවුන්ගේ මූලිකව කියා තිබුනේ සිරිකොතට ගල් ගැසූ සජිත්ට නියෝජ්‍ය නායක කමක් නොදී ඒ අවස්ථාවේ පක්ෂය ආරක්ෂා කල රවී කරුණානායකට එම තනතුර දිය යුතු බවයි.
නමුත් මීට වසර කිහිපයකට පෙර ඊ නිව්ස් සිටියේ සජිත්ට පක්ෂපාති මතයකය.
එසේ නම් මේ වෙනස කුමක්ද?
පිලිතුර ඉතා සරලය.
ඊ නිව්ස් ගිනි තැබූ අවස්ථාවේ පෙරට අවුත් ආධාර කලේ රවී කරුණානයක වීම ඊට හේතුවයි.
මේ මාධ්‍ය හා මාධ්‍යකරුවන් කොපමණ ලාභ දැයි සිතා බලන්න.
සටහන- ජවිපෙ දෙකඩ වීමෙන් පසු ඊ නිව්ස් දිගින් දිගටම ජවිපෙ ආරක්ෂා කරමින් ජවිපෙන් කැඩී ගිය කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමින්ට පහර දෙන්නේ ඇයිදැයි ඔබට සිතා ගත හැකිද?
