Showing posts with label සංස්කෘතිය. Show all posts
Showing posts with label සංස්කෘතිය. Show all posts

Wednesday, July 20, 2016

එකම පන්තියේ අපි ගල් ගැසිය යුත්තේ කාටද?‘‘ -A letter from a Jaffna University Tamil Student-

 
ආදරණීය විශ්ව විද්‍යාල සහෝදරවරුනි,
පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයයේ සිදු වූ සිද්ධිය සහ ඊට අදාළ පුවත් සම්බන්ධව ද කිසිදු කතාබහකට මා අකැමතිය . පොලු ගත්තෝය, ගල් ගැසුවෝය, තුවාල සිදුවිය ,පොලීසිය පැමිණියේය , සිංහලය දමිළය කියා ජනතාව කුපිත කර වර්ණනා කරන සියලු මාධ්‍යවලට පිටතින් සිටීමට මම කැමැත්තෙමි.
මේ අවස්ථාව අප සාකච්ඡා කළ යුතු මොහතකි .
එදා විශ්ව විද්‍යාලය පසු කොට එන විට එහි ඉතා විශාල නිහැඩියාවක් තිබිණි. විශ්වවිද්‍යාලයය පොලිසියෙන් වට කර තිබිණි. දහවලේ සිදු වූ සිද්ධියත් මාධ්‍යයෙන් එය විකෘති කිරීමත් අතර මඟදී අසන්නට ලැබූ දේවලුත් මා ආවේගයකට පත් කළේය. නිවසට පැමිණි විගස මුහුණු පොතේ දමන ලද අදහසද මම පසුව අයින් කළෙමි. මා තුළ ද භීතිය හා හැඟීම් වෙලාගත් සේය. ඔබත් එවැනිය . අපගේ හිත්වල කහටක් නොමැති බවට අපගේ හිතට එක් වරක් කියා දෙමු.
දැන්,
මෙතෙක් සිදු වූ ජන ඝට්ටනය (ජන වාර්ගික ගැටුම) , අපගේ හැඟීම් කොතෙක් යටත් කර ඇත්තේද කියා වටහා ගත හැකිය. පසුගියදා විශ්ව විද්‍යාලයයේ සිසුන් අතර සිදු වූ ගැටුමේදී සිසුන් මැදිහත් වුවාට වඩා සමාජ ජාල හරහා වෙනත් අය තීව්‍ර ලෙස මැදිහත් වූහ. විශේෂයෙන්ම රැකවරණයක් ඇති විදෙස් ගත වුවන්ට සහ බලයත් දේශ පාලන හයියත් ඇති අයට අප ආයුධ දරා සටන් කළ යුතුය යන හැඟීම ඇත. සැම ජාතියකම මෙවන් පසුගාමී අදහස් ඇත්තෝ බහුලය.
මෙය විශ්ව විද්‍යාලයයේ ගැටුමකි . පෙර සේම එය තුරුම්පුවක් ලෙස සිංහල සහ දමිළ ජනමාධ්‍ය භාවිතා කරමින් සිටියේය . හොදින් බැලුවහොත් එය පුද්ගලානුරූපීය. පළමුව කුපිත වී අත් එසවුවන්ගේ සහ එයට උත්තරයක් වශයෙන් අත් එසවුවන්ගේ ප්‍රශ්නයකි . එම කොටස් දෙකෙහිම පිරිස් විශ්ව විද්‍යාලය තුළ සැරිසරති .
ඔවුහු එදා එහි ඉබේ පහළ වුවෝ නොවෙති. මෑතක සිට මෙය සීතල යුද්ධයක් ලෙස ගිණි පුපුරු දමමින් තිබුණේය . විහාරයක් සැදිය යුතුයි කියන පෝස්ටර , නන්දි පිළිමය කැඩීම , බංකු කැඩීම් විද්‍යා පීඨයට සමීපතමව හොර රහසේ සහ එළිපිට සිදුවූ සිද්ධි එදා පුපුරු ගැසුවේය. මෙය ක්ෂණිකව සිදු වුවක් නොවේ . බොහෝ උපසිද්ධිහි සමීපතම පිපිරීම්ය.


සාතිශය දමිළ සහ සාතිශය සිංහල සිසුන් පිල් දෙකකට රදවා ගහ ගන්නා ලෙස කීමට ජන මාධ්‍ය සහ සාමාජ ජාල ක්‍රියා කරයි . ඔවුන්ගේ රසාස්වාදයට සහ උනන්දුවට සිසුන් පළි නැත.
සැම ජාතියකටම තමන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට අයිතිය ඇත. එය මර්දනය මගින් ද, ජාතිවාදය මගින්ද පීඩාවට පත්කරන ලද සමාජයක ජීවත් වන්නන් හට බලෙන් පැටවීම ගැටළුවකි . එහෙත් විශ්ව විද්‍යාලයට පිටින් ගොඩ නැගෙන බුද්ධ ප්‍රතිමා වලට එක ඇඟිල්ලක් හෝ දිගු නොවූයේ ඇයි ද යන්න ගැටළුවකි. මේ තුළ කුමක් හෝ කුමන්ත්‍රණයක් සිදුවන බව නම් පැහැදිලිය.
සැවොම නිදහසේ හා සාමයෙන් සිටිතියි කියා කියන්නවුන්ගෙන් මා අසනුයේ එසේ නම් මා පෙර කියූ පෝස්ටර සිද්ධිය, පිළිම බිඳීම ආදිය සිදුවූයේ කෙසේද යන්නයි. සැබැවින්ම සියලු දෙනාගේ ක්‍රියාවක් නොව දෘෂ්ටිවාදී පසුගාමී අදහස් ඇත්තවුන්ගේ ක්‍රියාය.


යාපනය විශ්ව විද්‍යාලයට පෙර නොවූ ලෙස සිංහල සිසුන් වැඩි වැඩියෙන් ඇතුළු කරන්නේ ජාතිවාදී හැඟීමෙන්ද? පීඨ කිහිපයක හැර සෙසු පීඨවල සිංහල දෙමළ සිසුන් මුහුණට මුහුණ හමුවුණත් සිනහවක් නැතිව යන්නේ ඇයි දැයි කීමට පිළිගත හැකි තාර්කික පිළිතුරක් පාලනාධිකාරියට තිබේද? මේවා සිංහල සිසුන්ගේ වැරදි කියා කිව නොහැකිය. මේවා ජාතිවාදයෙන් නෑවී සිටින පාලකයන්ගේ ක්‍රියා ය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සිට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දක්වා ඊට වග කිව යුතුය.

ජල පවිත්‍රකය මගින් ජලය ලබා ගැනීමේ සිට සිංහල දමිළ සිසුන්ගේ ප්‍රශ්නය දිනෙන් දින තීව්‍ර වීම පරිපාලනය කවදා තේරුම් ගනීද?

පාලකයන් මේවාට උත්තර දීමට ප්‍රමාද වීම තුළ මෙය දරුණු ව්‍යසනයක් දක්වා වර්ධනය විය හැකිය. මෙම දරුණු රෝගය නැවතත් අප විනාශයට ගෙන ගොස් නතර කරනු ඇත .
දෙමළ හා සිංහල සිසුන් අතර මෙන්ම මුස්ලිම් හා දමිළ සිසුන් අතරේ ගැටළු ඇත. ඒවා සාමාන්‍ය ලෙස පසු කර යා හැකිද? මුස්ලිම් සිසුන්ගේ යාඥා කාමරයට ගැසූ කළු තෙල් පැල්ලම් තවමත් මැකී ගොස් නැත.

එකම පීඨයේ එකට සිටින තුන් ජාතියේම සිසුහු පිටස්තරයන්ගේ සිතීමකට හුරු වෙමින් සිටිති. පිටස්තරයන් සම්ප්‍රේෂණය කරන පසුගාමී අදහස් වසරක් පාසා ඔවුන්ගේ යටි සිත්වල පැල පදියම් වෙමින් තිබේ.

නිවාඩු ලබා දීමෙන් සිතේ කහට හෝ සිතේ ඇති ප්‍රතිවිරුද්ධ අදහස් නොහොත් මුවහත් පිහිය නැවතත් කොපුව තුලට දමන්නේය. පාලනාධිකාරිය කවදත් එසේය . කොපුව තුලට දමන ලද පිහිය එළියට ගෙන අප විනාශ කරාවිදෝ කියන ප්‍රශ්නය ඇත.

ගැටුම් සමතය ,ගැටුම් තත්ත්ව වෙනස් කිරීම්, ගැටුම් වෙන්කිරීම් ආදිය විෂය නිර්දේශයට පමණක් සීමා කර ඇත.

අප මින් පසු මර්දනයට එරෙහිව අවි නොඑසව්මට සිත් සාදා ගනිමු .

පාරම්පරිකත්වය , පෞද්ගලිකත්වය සහ අපගේ වාසස්ථාන විනාශ කරන්නෝ සිසුහු නොවෙති. එසේ කරනවුන් පිටුපස ඇත්තේ බලය මෙන්ම ප්‍රාථමික අදහස් සහිත දේශපාලනඥයන් සහ මුදල් කොල්ල කන්නවුන්ය . එය අප තේරුම් ගත යුතුය. සාකච්ඡා තලයෙන් මේවා විසඳා ගැනීමෙන් සිසුන් ඉදිරියේ මෙවන් දැ යළි නොනවතින්නේය .
අපගේ වාසස්ථානය වෙනුවෙන් අප සටන් කළ යුතුය. එහෙත් එය හැගීම් ප්‍රකෝප වීම් යන තලයන්හි සිදු නොවිය යුතුය . සාකච්ඡා තලයෙහි සිදු විය යුත්තකි. ඔබව ප්‍රකෝප කර එම ගිනිදැල් මගින් උණුසුම ලබන්නවුන් හට ඔබේ ප්‍රශ්නයක් කියාගෙන යන විට දේශපාලන වේදිකා සරසමින් කාට හෝ එරෙහිව ගල් ගසන පාර්ශ්වයන් සමග එක්වීමට සිදු වනු ඇත.
අපි සිසුහුය. ඔවුන් මෙන් කුහකයෝ නොවෙමු. අපි එකම පීඩක පරිසරයක එකම පන්තියේ සැරිසරන්නෙමු. ඉගෙන ගන්නෙමු. එදිනෙදා මුහුණට මුහුණට හමු වන්නෙමු.
නැගිට පරස්පරතාවයන් බලන අපි මිනිසුන් ලෙස ඉපදෙන්නෙමු. යළිත් අපි සිනාසීමට පටන්ගමු.

මෙයට,
ආදරණීය
යධාර්තන් .
(ප්‍රදීප් ගුණරත්නම්)
යාපනය විශ්ව විද්‍යාලයය
දෙවැනි වසර ශිෂ්‍ය


උපුටාගැනීම -Sri Lanka Young Journalists' Association

Sunday, July 17, 2016

හූ කියන වල





කෞශිගේ නාට්ටියකට පේරාදෙනි වලේ හූ කියපු එකට කස්ටියටම මල පැනලාය. ඕක මල පනින්න ඕනෑ දෙයක් නෙවේය. කොල්ලෝ ඕනෑ එකටයි එපා එකටයි හැම මගුලටම හූ කියනවාය. ඒකේ බයි ටොයි ජාතික චින්තන , බහු ජාතික කුමන්ත්‍රණ ආදි මොනවත් නැතය.  ඒක වලේ හැටිය.

හැබැයි අපි දන්න කාලේ නම් වලේ හූ කිව්වේ බලන් ඉන්න  බැරි වාතම වාත ෆුල් චාටර් , නාට්ටිවලටය. ඈනුම් ඇරලා ඇරලා දෙපාරක් විතර නින්දත් ගියාට පස්සේ මේ මොන මගුලක්ද මචන් දෙමු හූවක් කියලා හූ කියනවාය.

මට මතක විදියට  චෙරි උයන කියන නාට්ට්ටිය නවත්තලා අකුලන් යන කම්  , 1986 මුල හරියේ, හූ කිව්වාය. ඒක චෙකොව් ගේ කතාවක් උනත් රන්ජිත් ධර්මකීර්ති නාට්ටිය හදලා තිබුනේ  චාටර් විදියටය. ආයි නම් මෙහෙ නාට්ටිය ගේන්නේ නෑ කියා එදා රන්ජිත් මල පැනලා කිව්වේය. පස්සෙ කාලෙක එයා ආපහු ආවද කියා මතක නැතිය.

ඔහොම හූ කියලා එලවගත්ත කෙනෙක් තමා සනත් නන්දසිරි,, එයා ආවා මට මතක හැටියට 1992 විතර  පේරාදෙනියේ සංගීත රාත්‍රියකට , ඒක තිබුනේ වලේ නෙවේ ජිම් එකේ.විස්ස විද්දියාල ක්‍රීඩා සංගමේට ආධාර කරන්න  සංගීතේ පැවත්තුවේ. ඒකට ආවා අමරදේව ලොක්කා , සනත් මල්කාන්ති ජෝඩුව,නිරංජලා , ඇතුලු තව ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ මහ ගොඩක්.

අපි සැට් වෙලාම හිටියේ සනත් නන්දසිරිට හූ කියන්න. මොකද මිනිහා ඒ දවස් වල ප්‍රේමදාසගේ ගම් උදාවේ සිංදු කියන්න යනවා. පට්ට යූ ඇන්,පී කාරයා . අපිට ප්‍රේමදාස පෙන්නන්ඩ බෑනේ.ඒක නිසා අපිට සනත් නන්දසිරිත් පෙන්නන්ඩ බෑ ( ඒ දවස්වල)

මුල්ම සිංදුව අමරදේව මාස්ටර්ගෙන් සරස්වති,, ජිම් එකම මීයට පිම්බා වගේ අහගෙන හිටියා. අංක දෙක අමරදේව , සනත් නන්දසිරි ජෝඩුව කියන  ජගදා නන්දන මහා කාරුණික ... පටන් ගන්න කොට  පොඩි පොඩි සද්ද කීපයක් ආවත් ඒක මැකිලා ගියා ජිම් එක අඳුරේ නිස්සබ්ද්ද තාවේ.ඊට පස්සේ අමරදේව සිංදු කීපයක් කිව්වා නෝ සද්ද , ඉවර උනාම පැලෙන්න අත්පුඩි විසිල්. නැගලා යනවා සාජ්ජේ/

ඔන්න ඊලඟට ආපි සනත් නන්දසිරි .. හුකෑස් කියපි , මිනිහා ස්ටේජ් එකට නගින කොටම   එකයි දෙකයි තුනයි 

හූඌඌඌඌඌඌඌඌඌ  ....

එකම හූවයි , මිනිහා ටිකක් වෙලා බැලුවා නවතියිද කියලා මොන.. බැස්සා ස්ටේජ් එකෙන්.. සංවිධායකයෝ එක්ක ක‍ටුකු‍ටු ගාලා ආයෙත් ආපි , මේ සැරේ මල්කාන්තිත් එක්ක. මොන යුග ගීද? ආයෙත් ජිම් එක දෙදරන්න හූව ආවට වඩා වේගෙන් බැස්සා ගියා ස්ටේජ් එක පිටිපස්සට .. මිනිහා තරහේ වෙව්ලනවා . .

 මයේ හිතේ ඒ කාලෙත් මිනිහා සෞන්දර්ය විශ්ව විද්‍යාලේ ප්‍රොෆෙසර් ද කොහෙද.. එව්වා අපිට වැඩක් නෑ ,, මල්කාන්ති හෝ ගාලා අඬනවා, ඇයි මල්ලිලා අපිට මෙහෙම කලේ කිය කියා.

ඔය අස්සේ වික්ටර් රත්නායකගේ පුතා ජයන්ත ඇවිත් කියනවා මරු වැඩේ  අපේ තාත්තටත් ඔය පාඩම දෙන්න තිබුනා නම් හොඳයි එයත් යනවනේ ගම් උදා ගානේ කියලා. හැබැයි එදා සංගීතෙට වික්ටර් ආවේ නෑ..ඒ නිසා බේරුනා
.
ඔව්වා ඔහොම තමා හූ කියනවා .ඒක පේරාදෙනියේ ජාතික ගීය වගේ. හැබැයි ඉතින් කිස් කරන එකට විරුද්ඩ වෙලා හූ කියපු එකනම් වැරදි. මොකද හවහට හවහට ඔය කවුරුත් ජිම් එක පිටිපස්සෙ, වූස් එකේ  ආර්ට්   තියටරේ පිටිපස්සේ ගල් කනු අතරේ , සයන්ස් බිල්ඩින් පිටිපස්සේ ආදි හැම තැනම කටවල් කනවා ..

ඉතින්  හූ කිව්වේ මොකටද කියලා හිතා ගන්නත් අමාරුයි. සමහර විට අපි තවම හැබෑ සිද්දිය  දන්නේ නැතුව ඇති . ඔය කුණු වලින් ගැහුවය, ගල් ගැහුවය වගේ කතා නම් ටිකක් විශ්වාස කරන්නත් අමාරුයි. හැබැයි එලියේ සමාජේ වගේම ඇතුලෙත් ඉන්නවා සංස්කෘතික උණකාරයෝ, ටිකක්, ඔය සංඝාවාසේ පැත්තෙත් ඇති . ඉන් හුඟ දෙනා අර ජනප්‍රිය යෙදුමෙන් කියනවානම් බයියෝ ,නොවේ නම් බයියන්ගේ අනුගාමිකයෝ. විශේෂයෙන් ඔය රාවණා බලය, බොදු බලය වගේ ඒවා.

 ඕක විස්ස විජ්ජාලේ ඇතුලේ විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවේ. ඕවා විස්ස විජ්ජාලෙට ආවේත් මේ සමාජෙන්මයි . මොකද ඒකෙම උන් තමා  විස්ස විද්දියාලෙට එන්නෙත්. පොදු සමාජේ මති මතාන්තර, කසල කුණු ඔක්කොම ඇඟේ තවරගෙන , ඒ විෂ බීජත් එක්කයි උන් එන්නේ. සමහරු ඒවායින් ඇතුලේදී  ගැලවෙනවා, සමහරු ඒ  පසුගාමි චින්තනයම ,ඊනියා සිංහල බෞද්ධ,  වික්ටෝරියානු  කුහක මතවාදත් එක්කම  එලියට  යනවා


උන් හිතන්නේ කිස් කරාම සංස්කෘතිය සුන්නත් දූලි වෙනවා කියලා , ඒක මහා අසභ්‍ය දෙයක් ය කියන්නේ . හැබයි මිනිස්සු මරලා පාරවල් ගානේ දානකොට , අතුරුදහන් කොරනකොට , පොඩි උන්ගේ මොල කෑලි මොටාර් වලින් සුනු විසුනු වෙනකොට ඒක සභ්‍යයි. හොඳයි.ඒක කිරිබත් කන්න ඕනෑ වැඩක්.

ඒක නිසා පේරාදෙනියේ විතරක් නෙවේ සමාජයේ ඉන්න ප්‍රගතිශීලි  හා එසේ කියාගන්න සියලු දෙනා එකතු වෙලා මේ ඊනියා සදාචාරවාදි ‍රැල්ල,කඩලා බිඳලා දාන්න ඕනෑ. එහෙම නො උනොත් හෙට තමන්ගේ ගෑනි එක්ක නිදන කාමරේ ඉන්න එකත් මේ අපතයෝ තහන්ම් කරනවා ෂුවර්.