Showing posts with label ගලබොඩ අත්තේ ඥාණසාර. Show all posts
Showing posts with label ගලබොඩ අත්තේ ඥාණසාර. Show all posts

Thursday, July 3, 2014

සී අයි.ඩි. ය නානසාරගෙන් ප්‍රශ්න කරයි.


හාමුදුරුවනේ ඔබ වහන්සේ දානය වලඳලාද ඉන්නේ?

ඔබ වහන්සේට ගිලන්පස ටිකක් ලෑස්ති කරන්නද?

ඔබ වහන්සේගේ ගෝලයින්ටත් තේ ටිකක් යවන්නද හාමුදුරුවනේ?

ඔබවහන්සේගේ ජීප් එක නැවත්තුවේ අව්වෙද හාමුදුරුවනේ.?

වෙන තැනක නවත්තන්නද අපේ හාමුදුරුවනේ?

ඔබ වහන්සේගේ සිවුර හරිම ලස්සනයි. කොහෙන්ද ගත්තේ අපේ හාමුදුරුවනේ?

තේ එකට සීනි වැඩි ද අපේ හාමුදුරුවනේ?

තව බිස්කට් එකක් වලඳමුද ?

ඔබවහන්සේගේ ටැබ් එකට කීයක් උනාද අපේ හාමුදුරුවනේ? මරු භාන්ඩේ

එහෙනම් ගිහින් වඩින්ට හාමුදුරුවනේ.

(ඔච්චර තමා තියෙන ප්‍රශ්න)

Tuesday, October 29, 2013

හැම මගුලෙම හලාල්



"හැම මගුලෙම හලාල් ,කන්නේ  රෙද්දද?" මේ පසුගිය දිනක නුවර කොළඹ පාර  දිගට ඇලවී තිබුණු පෝස්ටරයකි. මේ ගැන විමසා බැලූ විට දැන ගන්නට ලැබුණේ හලාල් වලට   එරෙහිව බොදු බල සේනා විසින්පසුදින පැවැත්වීමට නියමිත රථ පෙලපාලියක් වෙනුවෙන් ඇලවූ ඒවා බවයි.

රෙද්දලාගේ රථ පෙලපාලිය අදාල දිනයේ පැවතුනු අතර ලොරි වෑන් පමණක් නොව සුඛෝපභෝගී ජීප් හා කාර් වලත් නැගී ගත් මැර පෙනුමැති තරුණ පිරිස් හා ශ්‍රමණ වේශධාරින් වාහන වල කවුලු වලින් ඔලුගෙඩි එලියට දමාගෙන හා ඒවායේ දොරවල එල්ලීගෙන " උලමගේ ලොක්කට එන්න කියාපිය, හලාල් අකුලා ගන්න කියාපිය " ආදි පාඨ කියමින් නුවර බලා ගමන් කලහ.

කාලයක් යටපත් වී තිබුණු හලාල් ප්‍රශ්නය මෙසේ නැවතත් ඉස්මතු කර ගැනීමට නානසාරට අවශ්‍ය වූයේ ඇයි. නිසැකවම මෙය හලාල් පිලිබඳ ප්‍රශ්නයක් නොවේ.

වසර තිහක් තිස්සේ හිඟන්නාගේ තුවාලය මෙන් උතුරේ යුද්දය පාවිච්චි කල ලංකාවේ ආණ්ඩුවලට තම පැවත්ම උදෙසා අලුත් දෙයක් , නව නිර්මාණයක් අවශ්‍යව තිබේ. කඩා වැටෙන ආර්ථිකය හමුවේ නියත ජනතා නැගිටීම් පාලනය කර ගැනීමට නම් එය අනිවාර්යය. නානසාරලා පාවිච්චි වෙන්නේ ඒ වෙනුවෙනි.

ඊයේ පෙරේදා හදිසියේ මතු කර ගැනීමට උත්සහ කල හලාල් විරෝධය , බොහෝ දුරට වීමට ඉඩ ඇත්තේ ආණ්ඩුවේ කැසිනෝ ප්‍රතිපත්තියට එරෙහිව  නැගෙන හඬ වෙනතක යොමු කිරීම වෙනුවෙන් නැගූ හඬක් බවයි.

කෙසේ වෙතත් නාන සාරලාට අපට කීමට ඇත්තේ රට ගිනි නොතබා රෙද්ද බැරිනම් සිවුර ගලවාගෙන හෝ කන ලෙසයි.


Wednesday, September 18, 2013

කැකිල්ලේ නාමය නගා සි‍ටුවමු, කැකිල්ලේ බලය ගොඩ නගමු



ශ්‍රී ලංකාද්වීපයේ වාසය කළ ශ්‍රේෂ්ඨතම රාජෝත්තමයාණන් හා අසමසම  ඥාණ ශක්තියකින් යුක්තව තම පාලනය  ගෙන ගියා වූත්, තම ඥාණ ශක්තියෙන් ලොවම මවිත කළා වූත්  ශ්‍රී කැකිල්ලේ මහ රජාණන් වහන්සේගේ ශ්‍රී නාමයත්, එතුමාගේ ඥාණ බලයත් ලොවට විදහා දක්වනු වස් ද කැකිල්ලේ රාජ්‍ය විචාරණ ක්‍රමය තුලින් අද ලබා ගත යුතු වූ ආදර්ශය පෙන්වනු වස් ද , කැකිල්ලේ නරපතියාණන් හා වත්මන් රාජ පරම්පරාව අතර ඥාති සම්බන්ධය සොයනු වස් ද , එතුමාගේ ශ්‍රී නාමය අපයෝජනවලින් ආරක්ෂා කරනු සඳහා ද " කැකිල්ලේ බලය " සංවිධානය පිහි‍ටුවාලන බව ශ්‍රී ලංකා වාසි සකල දේශප්‍රේමි , දේශමාමක, දේශහිතෛෂී,ජනතාව වෙත ජාති  ආලයෙන් යුක්තව මෙයින් දැනුම් දෙමු.

එසේම මින් මතුවට කැකිල්ලේ රාජොත්තමයාණන් පිලිබඳව චිත්‍රපටි, නාට්‍ය, කවි සිංදු, කෙටිකතා නවකතා හා කතන්දර ආදිය නිපදවීමට, ලිවීමට ,කියවීමට ප්‍රථම අප සංවිධානයෙන් නිසි අවසරය ලබාගත යුතු බවත් එසේ නොවුවහොත් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදු විය හැකි බවටත් තව දුරටත් මෙයින් දැනුම් දෙමු.

මීට 

ජාති ආලයෙන් යුක්තව 

කිහිල්ලේ මයිලානන්ද  

ගරු ලේකම් 
කැකිල්ලේ බලය සංවිධානය

Monday, May 20, 2013

උසි උසි

Photo - http://2.bp.blogspot.com


බල්ලන් දෙදෙනෙක් කා ගන්නා විට අපි එක්කෝ උන් දෙන්නාටම පහරක් දෙකක් දී දෙපැත්තට ඇද දමමු . එසේත් නැත්නම් උසි උසි කියා උන් දෙදෙනා තව තවත් අවුස්සමු.

මේ දිනවල ලංකාවේ සිටින එක අත්තේ පොල් බඳු ජාතිවාදින් දෙදෙනෙක් වන ගලබොඩ අත්තේ ඥාණසාර හා විමල් වීරවංශ දෙදෙනා එකිනෙකාට  විරුද්ධව මඩ , ගල් ,මුල් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටිති. මෙයින් එකෙක් ලංකාවේ වෙසෙන මුස්ලිම් ජනයාට එරෙහිව වර්ගවාදය පතුරවන්නෙක් වන අතර අනිකා දෙමල ජනයාට එරෙහිව යුද වැදී සිටියි. මේ දෙදෙනාම කටයුතු කරන්නේ තම ස්වාමියාගේ උපදෙස් පරිදිය.දෙදෙනාටම අවශ්‍ය මේ දූෂිත රෙජිමයට එරෙහිව නැග එන විරෝධය වෙනතකට හැරවීමය. එය උන් ඉතාමත් හොඳින් කරමින් සිටිති.

දැන් මේ දෙදෙන  එකිනෙකා කාගනිමින් සිටිති. ඒ ද ස්වාමින්ගේ අණ පරිදි බවට නිසැකය. 

අපි කියන්නේ මෙපමණකි.

උසි උසි