Showing posts with label හම්බන්තොට වරාය. Show all posts
Showing posts with label හම්බන්තොට වරාය. Show all posts

Wednesday, January 7, 2015

ඔබේ තීරණය කුමක්ද?

කිරි උතුරන පවුලක්
යුද්ධය හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ හැරුනු විට රාජපක්ෂලාගේ ලොකුම කයිවාරුව සංවර්ධනයයි. ඔවුන් මේ සඳහා අත දිගු කර පෙන්වන්නේ නැව් නැති වරායන්, ගුවන් යානා නැති ගුවන් තොට, නාට්‍ය නැති රඟහල්, මිනිසුන් හෝ ‍රැස්වීම් නැති සම්ම්න්ත්‍රණ ශාලා , පැයට කි.මී සීයටකටවත් යා නොහැකි අධිවේගී මාර්ග, හැදූ දා සිට අලුත් වැඩියා කරන මහාමාර්ග හා කිසිම කමකට නැති නෙලුම් කුළුණු ආදියයි.

සංවර්ධනය යන්නෙන් අදහස් වෙන්නේ රටක ජනතාවට කෙටිකාලින හා දිගුකාලින ප්‍රතිලාභ ලබා දෙන්නා වූ ක්‍රියාවලියකි. එහෙත් රාජපක්ෂලාගේ ඉහත දැක් වූ සංවර්ධනයෙන් මෙරට අති මහත් බහුතරයක් වූ දුගී ජනතාවට අත් වී තිබෙන  සෙත කවරේද?

මෙම නිශ්පල ව්‍යාපෘති සඳහා ගිනි පොලියට ලබා ගන්නා ණය හා පොලී ගෙවීම සඳහා ඔවුන්ගේ කිරිපිටි ටිකෙන්, පැට්‍රල් හා භූමි තෙල් ලීටරයෙන් , සීනි 250න්, පරිප්පු සීයෙන් ගෙවීමට  සිදු වීම හැර අන් කුමක්ද? 

රාජපක්ෂලාගේ ලොකුම ආඩම්බරය නගර අලංකරණයයි. මේ වෙනුවෙන් ඔවුන් පරම්පරා ගණනාවක් ජනයා ජීවත් වූ නිවාස වලින් පලවා හරිමින් සිටිති. තමන් සිටි නිවාසද අහිමි වූ ජනයා කුකුල් කූඩු බඳු තට්‍ටු නිවෙස් තුලට ගාල් කර ඒ වෙනුවෙන් මුදල් ගෙවීමටද බල කරනු ලබමින් සිටිති. රාජපක්ෂලාගේ සංවර්ධනය එයයි.

රාජපක්ෂලා කොළඹ නගරය අලංකාර  කරමින් සිටින අතර  ඈත ගම් වල සිසු දරු දැරියන් වැල් පටවල එල්ලී ගංගා තරණය කරමින් වල් අලි ප්‍රහාර මැද පාසල් යති. ව්‍යායාම මං තීරු වලට රුපියල් කෝටි ගණන් වියදම් කරද්දී රජරට ගොවීන් වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් ලේ පීරිසිදු කිරීමේ යන්ත්‍ර හිඟකම නිසා හා ඖෂධ නොමැතිකමෙන් මිය යති. 

රාජපක්ෂලාගේ අධිවේග මාර්ග හැදීමට හා නඩත්තුවට  තම  හාල් සේරුවෙන්, කිරි පිටි ටිකෙන්, අල ගෙඩියෙන්, පරීප්පු ටිකෙන් බදු ගෙවන  දුප්පතුන්ට තම යතුරු පැදිය හෝ ත්‍රී රෝද රථය ඇතුලු කිරීමට අවසර නැති වීම රාජපක්ෂ සංවර්ධනයේ සැබෑව හෙලිදරව් කරයි. 

මෙවැනි නාස්තිකාර, ජනතාව පරම්පරා ගණනාවකට ණය කරුවන් කරන , පාලක කල්ලිය අති විශාල ලෙස කොමිස් ගසමින් මඩි තරකර ගන්නා ඊනියා සංවර්ධනයයට තව දුරටත් ඉඩ දෙනවා ද යන්න අප ජනවාරි අට වෙනිදාට තීරණය කළ යුතුව තිබේ.

ඔබේ තීරණය කුමක්ද?
එක රොටියක් බෙදා ගෙන කන පවුලක්


Thursday, April 24, 2014

සෙල්ලම් කුණු බිත්තර


පසුගියදා හම්බන්තොටදී විපක්ෂ මන්ත්‍රීන්ට හම්බන්තොට මහ ජනතාවගේ ගෝලබලායින් පහර දුන් අවස්ථාවේ ඇහ කණ පියාගෙන බලා සිටියේ යැයි පොලීසියට චෝදනා එල්ල වී තිබේ. 

නමුත් එම පහර දුන් ආණ්ඩුපාක්ෂික මහත්මයෙක් වන මත්තල බූරු පියා මහතා විසින් කරන ලද මාධ්‍ය සාකච්ඡාවකදී පොලීසිය එසේ බකං නිලා ගෙන සිටියේ මන්දැයි හෙලි වී තිබේ.

අප එම හේතුව බූරු පියා මහතාගෙන්ම අසමු.

"අම්බන්තොට වරාය ලඟදී ඌ ඇන් පී  මන්තිරිලාට අම්බානකට නෙලනවා කියලා ආරංචි වෙලා අපි සැට් එකක් අපේ නගරාධිපති තුමත් එක්ක උරේ රන් කියලා දුව ගෙන ආවා. එතකොට අපි දැක්කා ඌඇන් පී කාරයින්ට ගහන්ඩ කට්ටියක් සැට් වෙලා ඉන්නවා. මේ ඒරියා එකේ ඒම කොරන්ට දෙන්ඩ බෑනේ.  අපේ මේයර් සර් ටක් ගාලා එතැන හිටි පොඩි එකෙක්ගේ ඉණ අත ගෑවා. මං අඤ්ඤා කොරොස් වෙලා ගියා  මේ මොකද කියලා . මට ඉතුනා නුවර එලියේ ඩිපුටි මේයර් වගේ අපේ මේයර් සර්රුත් කොලු කාරයෙක් වත් ද කියලා. 

එතකොටයි මම දැක්කේ අපේ සර් පොඩි එකාගේ ඉනේ තිවිලා සෙල්ලම් පිස්තෝලයක් ඇදලා ගන්නවා. අපිත් වට පිට බැලුවා සෙල්ලම් පිස්තෝල තියාගෙන තව පොඩි එවුන් ඉන්නවාද කියලා . ඔහේ නෑ. අදිසියට මොකක් හරි කොරන්නත් එපැයි.

මං දැක්කා සෙල්ලම් පොලිස් රාලහාමි කෙනෙක් ඉටගෙන ඉන්නවා  . මම රාල ආමිගේ ඉන අත ගලා බැලුවා . මට අහු උනා බිත්තර වගේ බෝල දෙකක්. පට ගාල ඒ දෙක ගලවලා දමලා ගැඋවා . ඊට පස්සේ වටේ ඉටිය පොලොස් රාල ආමිලා ඔක්කෝගෙම බිත්තර ගලවලා ගැඋවා"

හම්බන්තොට සිදු වීමේදී පොලිස් මහතුන්  අකර්මණ්‍ය ව සිට ඇත්තේ එම මහතුන්ගේ බෝල මැරයින් විසින් එසේ ගලවා ගැනීම නිසා බව මෙම ප්‍රකාශයෙන් හෙලිවේ. ඒ ගැන ඔවුන්ට දොස් කියා පලක් නැත . බෝල නැති වූ විට කාට කාටත් සිදු වන්නේ ඔය ටිකය.කවුරුන් හෝ එය බොරු යැයි කියන්නේ  නම් විමල්  වීරවංශ, චම්පික රණවක හෝ වාසුදේව නානයක්කාර මහතුන්ගෙන් අසා බලන්න.


photo- Lankadeepa

Monday, April 21, 2014

සෙල්ලම් තුවක්කු හා සෙල්ලම් සේනලා



යූ ඇන් පී මන්ත්‍රිවරුන්ට වෙඩි තැබීමට තමන් ගෙන ආවේ සෙල්ලම් පිස්තෝලයක්    බව හම්බන්තොට නගරාධිපති තුමා කියා තිබේ. කොහොමටත්  තුවක්කු , පිස්තෝල, කඩු කිරිච්චි , කලා කිරිඤ්ඤ වගේ දේවල් එතුමාලාට සෙල්ලම් බඩු බව  අපි දන්නවාය. ඒ නිසා ඒ ගැන වැඩි කතා ඕනෑ නැත.

අනික වැලේ වැල් නැති යූ ඇන් පී කාරයින්ට  හම්බන්තොට ඇවිත් සෙල්ලම් දාන්ට ඉඩ දෙන්න බැරිය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තො‍ටුපල වගේ සෙල්ලමට හදපු තැන් වලට ගොහින් සෙල්ලම් දාන්ට කොහොමටත් බැරිය. ඒවායේ සෙල්ලම් දාන්ට පුලුවන්  තාත්තලාට  පුතාලාට  හා එයාලගේ ආවතේව කාරයින්ට විතරය.  වෙන අයට සෙල්ලම් දාන්ට ඕනෑ නම් දෑත් ශක්තිමත් කොරන ටීම් එකට  එන්ට ඕනෑය.  හම්බන්තොට විතරක් නොවේය. රටේම සෙල්ලම් දාන්ට පුලුවන් එයාලාට විතරය.

බ්ලොග් එකේ උනත් වැඩිය සෙල්ලම් දාන්ට ආවොත් සෙල්ලම් සුදු වෑන් එකක් එවන්ට ඉඩ තිබේය. ඒ නිසා මේ සෙල්ලම් මෙතැනින් නවත්තමි.


( Photos from Face Book and W3 Lanka Blog)