මැරුණු මිනිසුන් ගැන ගුණකථන කළ යුතුම ද? යි ලිපියක් W3 Lanka ලියන පැරකුම් ලියා තිබිණි. එම ලිපියේ ඔහු බන්දුල විතානගේ නම් වූ කලා කරුවා ගැන මෙසේ ලියා තිබිණි."බන්දුල විතානගේ සාමකාමී, අහිංසක කලාකරුවෙකි. ඔහු සමාජයට කළ හොඳක් මිස වරදක් ගැන සිහිපත් වන්නේ නැත. "
මේ ලිපිය ලියන මාද සිතුවේ එසේය. බන්දුල විතානගේ යනු මා ඉතා ප්‍රිය කල කලාකරුවෙකි. එහෙත් පසු ගිය දා දිවයින පත්‍රයේ පල වූ ලිපියක් දුටු මම මගේ අදහස වෙනස් කරගත්තෙමි.
ඒ ලිපියට අනුව බන්දුල විතානගේ යනු අවර ගණයේ කලා කෘතී කල පහත් කලා කරුවෙකි. මේ ලියන්නේ එසේ මෙසේ කෙනෙක් නොව මහ ඇමති කෙනෙකුන්ගේ පෞද්ගලික සහකාර කෙනෙක් නිසා බොරුවක් වන්නට බැරිය
පහතින් ඇත්තේ ඒ ලිපියේ සේයා රුවකි.
සටහන- නොදන්නා කලාවක් හා කලාකරුවන් ලියන්නට ගොස් මඩ නාගන්නවාට වඩා තමුන් දන්න සාස්තරේ, එනම් බඩ තඩි මහ ඇමති කෙනෙකුට දාස කම් ක්‍රමින් සිටීම හොඳ බව කණහැර ආරච්චි මහත්තයාට දැන්විය හැකි කෙනෙක් සිටී නම් ලොකු උදව්වකි.
