Showing posts with label මාධ්‍ය. Show all posts
Showing posts with label මාධ්‍ය. Show all posts

Thursday, November 28, 2013

කුමකටද මව්බිමක්



මියගිය පියෙකුගේ හිස
අවසන් වරට සිඹ 
පායුග මත කඳුලක් හෙලන්නට 
පුතෙකුට ඉඩක් නැත්නම්

මියගිය මව්ගේ 
සොහොන ලඟ වැතිර
සුසුමක් හෙලන්නට ආ පුතුව
 ගෙලින් අල්ලා පි‍ටුවහල් කරයි නම්

එයට එරෙහිව හඬ නගන්නට
කිසිවෙකුත් එහි නොමැතිනම්
ජනතාව ගොලුනම් බිහිරිනම් 
කුමකටද එවන් මව්බිමක්

(මව්ගේ සොහොන වෙත යමින් සිටි ජයපාලන් කවියා  රටෙන් පි‍ටුවහල් කරයි)

Tuesday, April 9, 2013

අගමැතිද අකැමතිද?



ජනාධිපති තුමා ගමනක් යනකොට   උද්ඝෝෂණයක් දෑක්කේය. එතුමා වහාම වාහනයෙන් බැස ඒ ගැන විමසුවේය. ඒ එතුමාගේ හැටිය. මෙන්න ඒ ගැන දිවයින වාර්තාව.



හැබැයි එතුමා මෛත්‍රීපාල ඇමතිතුමාගේ කතාව විස්වාස කලේ නැත. ඒ ගැන තවදුරටත් සොයා බැලුවේය. ඊට පස්සේ තීරණයක් ගත්තේය. පහතින් තියෙන්නේ ඒ ගැන දිවයින වාර්තාවයි. මේ වාර්තා දෙකම තිබුනේ එකම ලිපියේය. හැබැයි තැන් දෙකකය.



දැන් මේ වාර්තාව නොහොත් වාර්තා දෙක කියෙව්වාම අපිට පහත සඳහන් නිගමන වලට එලඹෙන්න හැකිය.

1. වැඩේ ඉක්මනින් විසඳනවා යැයි  මෛත්‍රීපාල ඇමතිතුමා කියපු දේවල් ජනාධිපතිතුමා ශත පහකට ගණන් ගෙන නැති අතර ඒ ගැන වැඩි දුර හොයා තිබේ.

2.ඊටපසු ඒ වැඩේ හරියට  කරන්න භාර දුන්නේ මෛත්‍රීපාල ඇමතිතුමාට නොව ශාන් මහ ඇමතිතුමාටය.

3. එහෙම විතරක් නොව ඒ ගැන පබ්ලිසිටි එකක් දෙන්නට වෙල්ගම කට්ටියට  භාර දුන්නේය.

4. වෙල්ගම කට්ටියත් ඒ වැඩේ ලෙසට කරලා තිබේය.

5. මෛත්‍රීපාල ඇමතිතුමා පැන්ෂන් යන කාලේ හරිය.

Sunday, February 10, 2013

දිවයින මුදලාලියි නවලෝක මුදලාලියි හරිම යාලුවෝ දෙන්නා




පසුගියදා පස් හැවිරිදි දැරියක නවලෝක රෝහලේදී එම්.ආර්.අයි. පරීක්ෂණයක් කරන අතර තුර සිදු වූ අනතුරකින් මිය ගියාය.

මේ ගැන වාර්තා කරන ලංකාවේ තිබෙන ජාතික යැයි කියා ගන්නා සංවාදශීලි, ප්‍රගතිශීලි, ගවේෂණාත්මක එකම මාධ්‍යක්වත් මේ රෝහලේ නම හෙලි කලේ නැත.ඔවුන්ට එය එක්තරා පෞද්ගලික රෝහලක් විය.

නමුත් නීති සිසුවියගේ අත  කැපු විට එය මාතර රෝහලේ වරදකින් සිදු වු දෙයක් බවත් කිසිම පැකිලීමකින් තොරව හෙලි කලේ මේ මාධ්‍යයමය.

එසේම රජයේ රෝහල් වල එන්නත් වැරදුන විට, සැත්කම් වැරදී රෝගීන් මිය යන විට, දකුණු අත වෙනුවට වම් අත කපා දමන විට අදාල  රෝහලේ නම හෙලි කිරීමට ඔවුනට කිසිම බාධාවක් නොවීය.

එය ඉතා හොඳ වැඩකි. වැරදිකරුවන් කවුදැයි රටට හෙලි කල යුතුය.

එසේනම් වෙල්ගම මුදලාලි හා අනෙකුත් මාධ්‍ය මුදලාලිලා නවලෝක රෝහලේ නම කියන්නට පැකිලෙන්නේ නවලෝක මුදලාලිට ඇති බිය නිසාද, නැතිනම් මුදලාලිලා අතර ඇති මිත්‍රකම් නිසාද?