Image from-http://www.sl-unlimited.com
විභාගවලට සතියකට කලින් සිට ටියුෂන් පංති හා විභාග ඉලක්ක කොට ගත් සම්මන්ත්‍රණ පැවත්වීම තහනම් කරන බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන තීරණය කොර තිබේ.
උන්නැහේලා මෙහෙම කරන්නේ විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට කලින් පිට වීම නිසාය. සම්මන්ත්‍රණ හා ටියුෂන් පංති සතියකට කලින් නැවත්වුවාම එම ප්‍රශ්න පත්‍ර ශිෂ්‍යයන් අතට යන්නේ නැතැයි එතුමා කල්පනා කර තිබේ.
එතකොට විභාග ප්‍රශ්න සති දෙකකට කලින් පිට වුනොත් මොකද කරන්නේ කියා අහන්ට කෙනෙක් ඉඳලා නැතුවා වගේය. එහෙම නැත්නම් විභාග ප්‍රශ්න පත්‍ර හොරෙන් පිටවෙන්නේ හරියටම විභාගෙට සතියකට කලින් කියලා ඇමතිතුමා ටක්කෙටම දන්නවා වෙන්ට ඇතිය. ඇමතිතුමාලට ඕනෑ කට්ටියට විතරක් නොව හැම කොල්ලට බල්ලටම මේ ප්‍රශ්නපත්‍ර යන එක වලක්වන්ට මේ තහනම ගෙනාව වෙන්ටත් ඉඩ තිබේ.
ඒ අනුව අපට පෙනී යන්නේ මේ විභාග ප්‍රශ්න හොරෙන් පිට කරාට කමක් නැත. ඒවා හොර රහසේම ලොකු ගනන් වලට ගෙවල්වලටම ගොස් විකිනුවාටද කමක් නැත.හොඳ නැත්තේ ඒවා ප්‍රසිද්ධියේ ටියුෂන් පංති වල, සම්මන්ත්‍රණවල දී ගමේ ගොඩේ හඩු කොල්ලන් කෙල්ලන්ගේ අතට පත් වීමය.ප්‍රශ්න පත්තර පිට වෙන එක නවත්තන්නේ නැතිව ටියුෂන් තහනම් කරන්නේ ඒ නිසා වෙන්ට ඇතිය.
ඒ කතා කොහොම වුනත් ආඳා යවා වලපත තබා ගත්තා සේ ,අශ්වයා යවා ඉස්තාලේ වැහුවා වගේ,වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වගේ ප්‍රස්තාව පිරුලු වලට දැන් තව එකක් එක් කරගන්ට පුලුවන් "ප්‍රශ්න පත්‍ර හොරෙන් පිට කරලා ටියුෂන් තහනම් කරා වගේ " කියලා.ඒත් මදෑ.
