Showing posts with label හෙල උරුමය. Show all posts
Showing posts with label හෙල උරුමය. Show all posts

Thursday, September 12, 2013

ඔබ මේ ඊරිසියාව දු‍ටුවාද?



ඇමෙරිකාවට වී සිටිමින් ලංකාව ඇතුලු ලෝකයේ අනෙක් සියලු රටවල් තුට්‍ටු දෙකට දමා ලිපි ලියමින් සිටි ඇරුණි ෂපිරෝ නම් කාන්තාව  හිටි හැටියේ දේශප්‍රේමි ලඳක් වී  ලංකාවේ බිහි වූ විශිෂ්ට මානව හිමිකම් ක්‍රියා කාරිනියක් වූ අභාවප්‍රාප්ත සුනිලා අබේසේකරට  මඩ ගසමින් ලිපියක් ලියා තම බොගේ පල කර තිබේ.

මේ ලිපිය පුරාම ෂපිරෝ පෙන්වන්නේ තම කුඩු කේඩු කම, ඊරිසියාව  මිස අන් කිසිවක් නෙවේ.

 ෂපිරෝ ගේ ලිපිය අනුව 13 හැවීරිදි දැරියන් දූෂණය කිරීම හොඳය. ඒවා එලි කිරීම නරකය.

 එසේම ඇය තම මොලයේ තරම පෙන්වමින්  තම මත සනාථ කිරීමට යොදා ගන්නේ ආණ්ඩුවේ සිළුමින පුවත් පතයි. ලිපියේ අන්තර්ගතය ගැන එතැනින් එහාට කතා කිරීම පලක්  නැත.

 ඇයට මේ ලිපිය වෙනුවෙන් කීයක් ගෙව්වා දැයි අසන්නට අපිට හිතෙන්නේ ඇය කියන කරුනු අනුවමය.

මේවා කෙසේ වෙතත් ඇය තම ලිපිය මගින් පෙන්වා ඇත්තේ තමන් ජාතික හෙල උරුමයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරට, වීරවංශගේ පක්ෂයේ නියෝජ්‍ය නායක කමට පමණක් නොව බොදු බල සේනාව , සිහල රාවය වැනි සංවිධාන වලත් ඉහලම තනතුරු වලට සුදුසු බවයි.

Friday, May 17, 2013

කන්‍යාරත්නලාගේ පතිවෘත්තාව

image from rasmusaa.wordpress.com


ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති කන්‍යාරත්න කරුණාරත්න විසින් එහි කථිකාචාර්යවරයෙක් වන අනුරුද්ධ ප්‍රදීප්ගේ සේවය අවසන් කර තිබේ . හේතුව ඔහු තම පශ්චාත් උපාධි සුදුසුකම් නියමිත කාලය වන වසර අටකින් ලබා නොගැනීමයි. මෙහි විහිලුව වන්නේ තම සරසවියේ සිසුවියන්ගේ කන්‍යා බාවය පරික්ෂා කිරීම සඳහා ඔවුන් අල්ලා රෝහල් වලට පටවන මේ කන්‍යාරත්න උපකුලපතිවරයා තම සුදුසුකම් සපුරා තිබෙන්න වසර පහලොවකින් වීමයි.

විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය කියන්නේ මෙම සේවය අත් හි‍ටුවීම දේශපාලන පලි ගැනීමක් බවයි.එය එසේ නම් බරපතල තත්වයකි. යමෙකුගේ දේශපාලන අයිතිය  බලහත්කාරයෙන් මැඩලීම වැරදිය.

අනුරුද්ධ ප්‍රදීප් යනු හෙල උරුමයේ දේශපාලන න්‍යායචාර්යවරයාය. එය උග්‍ර වර්ගවාදි ජාතිවාදි සංවිධානයකි. එහෙත් එම දේශපාලනයේ යෙදීමට ප්‍රදීප්ට වුවමනා නම් ඔහුට ඒ සඳහා අයිතිය තිබිය යුතුය. හෙල උරුමයේ දේශපාලනය අප පිලි නොගත්තත් එහි යෙදීමට ප්‍රදීප්ට ඇති අයිතිය අපි පිලිගනිමු. එසේම එවන් දේශපාලනයක ඔහු යෙදීම ගැන අපි කණගා‍ටු වෙමු.

නමුත් මේ ඊනියා  හෙල උරුමය රට කරවන  පාලක සංධානයේ ප්‍රබල සාමාජිකයෙකි. එසේ නම් එම ආණ්ඩුවටම කඩේ යන කන්‍යාරත්න උපකුලපතියා ප්‍රදීප් ගෙන් පලි ගන්නේ  ඇයි.නිසැකවම ප්‍රදීප්ගේ හෙල උරුම  දේශපාලනය නිසා නම් නොවේ.

ඔවුන් ප්‍රදීප්ට පහර දෙන්නේ  ප්‍රදීප් නිදහස් අධ්‍යාපනය ගැන රටේ පාලකයින් දරණ මතයට එරෙහි ප්‍රබල ප්‍රකාශකයෙක් නිසාය. ඔහු අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව ප්‍රබල හා තාර්කික හඬක් නගන නිසාය.  ඒ නිසාම අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම තම එකම අරමුණ කරගෙන සිටින උසස් අධ්‍යාපන ඇමතිවරයා හා ඔහුගේ මේසපල්ලෙන් වැටෙන ක‍ටු කන කන්‍යාරත්න බඳු නිව‍ටුන්ගේ වෛරයට බඳුන් වී සිටින නිසාය.

එම නිසාම අපි මේ එස්.බී /කන්‍යාරත්න හවුලේ දේශපාලන පලි ගැනීම පිලිකුල් සහගත  ලෙස හෙලා දකිමු.