මොවුන් දෙදෙනාගේ ම ලිපිවල එක් පොදු සාධකයක් තිබිණි. එනම් දඩාවතේ යන බල්ලන් මැරීම නැවතී ඇත්තේ බල්ලන් කෙරෙහි ආණ්ඩුව දක්වන වූ අනුකම්පාව නිසා බවයි.
"මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයාට කිසිදු අනුකම්පාවක් නො දක්වන ලදමුත්, බල්ලන්ට නම් සෑහෙන අනුකම්පාවක් දක්වයි. බල්ලන් අල්ලා මරා දැමීම මේ වන විට ලංකාවේ සම්පූර්ණයෙන් ම නතර කර තිබේ. " - W3 Lanka
"අපේ රජතුමාත් බල්ලන්ට ආදරේ නිසා, බල්ලෝ මරණ එක නවත්තලා දැම්මේය. මේ කරුමේ නිසා දැන් පාරක යන්න බැරි ගානට, කකුල් හතරේ බල්ලොත් පාරේ පිරිලාය. උන් හපා කාලා මැරෙණ සෙට් එක, කකුල් දෙකේ උන්ගේ ගෙම් වල ගනනට වඩා, බොහෝ වැඩිය. ඉන්ජැක්සන් ගහන්න යන වියදමත් බොහෝ වැඩිය"- මාතලන්
නමුත් ඇත්ත නම් බල්ලන් මැරීම මෙන්ම උන්ව වඳ සැත්කම් වලට ලක් කිරීමත් නැවතී ඇත්තේ හුදු සත්ව කරුණාව නිසා නොවන බවයි.
මේ සඳහා බලපෑම් කරන්නේ ඖෂධ නිෂ්පාදන සමාගම්ය. එකක් රුපියල් තිස් දහසක් පමණ වන ජල භීතිකා එන්නත් අලෙවිය දිගටම ඉහල මට්ටමක තබා ගැනීමට නම් මේ අයාලේ යන බලු සංහතිය ඉතාමත් අත්‍යවශ්‍ය වේ.
ඖෂධ සමාගම් ඒ වෙනුවෙන් සත්ව අවිහිංසා සමිති වලටත් මාධ්‍ය වලටත් අත දිග හැර වියදම් කරයි.සමහර විට මේ ඊනියා අවිහිංසාවාදි සමිති මේ සමාගම්වලම නිර්මාණය. පසුගිය කාලයේ ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වූ බල්ලන් වඳ සැත්කම් වලට ලක් කිරීමේ ක්‍රියාවලිය අඩපණ වීම පසුපස ද මේ සමාගම් සිටී.ජල භීතිකාවෙන් මිය යන ජනතාව ගැන වචනයක්වත් නොලියන , කතා නොකරන උන් බල්ලන මැරීම ගැන මහ හඬ නගන්නේ ඒ නිසාය.
මිනිසුන් කොතරම් මියගියත් මේ ඖෂධ සමාගම් වලට ඉන් කමක් නැත . උන්ට වැදගත් ලාභයම පමණි.

.jpg)
