Sunday, August 23, 2015

විජේනායකගේ ඛේදවාචකය නොහොත් දේවාලයේ පොල්ගැසූ හිටපු විප්ලවවාදියා

 
විජේනායක මගේ මල්ලියේ
ඇයි කලුතරට වී නොසිටියේ//
 
ජානිපෙ කුණු ගොඩේ ඉඳගෙන විමලෙගේ පව් සෝදනා
කලුතරත් නෑ ගම්පහත් නෑ ජාතික ලැයිස්තුවේ නම නැතිවෙලා 
විජේනායක කඩේ ගියා ඇති ගෙදර පල  ‍තෝ පච  වුණා
 
 විජේනායක මගේ මල්ලියේ
ඇයි කලුතරට වී නොසිටියේ//
 
 නවගමු ගොහින් උඹ ගැහුවානේ  පොල් දේවාලයේ 
ඒ වුනත් නෑ උඹේ නම ජාතික ලැයිස්තුවේ  කිම්ද නොදැනේ කාරණා
කෙස් ගොහින් පොල්තෙල් උලාලා  නුඹේ තට්ටය බබලනා
 
විජේනායක මගේ මල්ලියේ
ඇයි කලුතරට  වී නොසිටියේ//
 

Friday, August 21, 2015

ඥාණවන්තම චන්දදායකයින් සිටින්නේ කොහේද?

 
පසුගිය අගෝස්තු 17 දා පැවත් වූ මහමැතිවරණයේදී ශ්‍රී ලංකාවේ චන්දදායකයින් විසින් නොයෙක් ආකාරයේ තීන්දු ලබා දී තිබේ. මෙම තීන්දු පිළිබඳව ගැඹුරින් සලකා බලා වඩාත්ම ඥාණවන්ත තීරණය ලබා දී ඇත්තේ මොන දිස්ත්‍රික්කයේ චන්ද දායකයින් දැයි සොයා බැලීමට මට සිත් වූයේ ඒ තීන්දු වල ඇති බුද්ධිමත් භාවය එකෙනෙකට දෙවැනි නොවන නිසාය.

මාගෙ අදහස අනුව වර්ගීකරණය පහත දැක්වේ.

අංක 7
ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි අංක 1 ට දිනවු රත්නපුර ප්‍රබුද්ධ සංධාන පාක්ෂික ජනතාව

අංක 6
රත්තරන් නොහොත් රෝහිත අබේවර්ධන දිනවූ කලුතර සංධාන ජනතාව

අංක 5
ලක්ෂ්මන් වසන්ත පෙරේරා වැඩිම මනාපයෙන් දිනවූ මාතලේ එතනෝල් ලැදි ජනතාව

අංක 4
නිමල් ලංසා දිනවූ ගම්පහ කුඩු ජනතාව

අංක 3
නාමල් රාජපක්ෂ හම්බන්තොටින් ඉහලින්ම දිනවූ ඒ සුප්‍රබුද්ධ ජනතාව

අංක 2
විමල්  වීරවංශ හා උදය ගම්මන්පිල වැඩිම මනාපයෙන් දිනවූ කොළඹ දිස්ත්‍රික්කයේ දේශප්‍රේමි ජනතාව

අංක 1
ඔව් ජයග්‍රහණය හිමිවන්නේ මහින්ද රාජපක්ෂ වැඩිම මනාපයෙන් දිනවූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒ  සංවේදී , කෘතවේදි, ඖෂධවේදි ජනතාව


Tuesday, August 18, 2015

ආඬි හත්දෙනාගේ කැඳහැලිය සහ ජවිපෙ චන්ද පදනම



රටේ සියලුම දේශපාලන විචාරකයින්, දේශපාලකයින් හා දේශපාලනය ගැන උනන්දු ජනතාවගෙන් බහුතරයක්  විසින් ආසන 12ක් 15 ක් පමණ ගනු ඇතැයි  සිතූ ජනතා විමුක්ති පෙරමුණට මහ මැතිවරණයෙන් ලැබී ඇත්තේ ආසන හතරකි.මෙය ජවිපෙ තම ඉලක්කය වශයෙන් තබාගෙන සිටි ආසන 24 හා විපක්ෂනායක සිහිනයට බොහෝ දුරින් වූ ප්‍රථිඵලයකි.

පසුගිය මැතිවරණ කාලය පුරාවටම අප හා කථා කළ බොහෝ දෙනෙකුන් කියා සිටියේ පාර්ලිමේන්තුව තුල හඬක් නගන්නට නම් ජවිපෙ සිටීම අනිවාර්ය බවයි. උග්‍ර එජාප පාක්ෂිකයන් හා සංධානවාදින්ද එලෙස අදහස් පල කල අය අතර සිටියහ.

එසේ නම් ජවිපෙට සිදු වූයේ කුමක්ද?

ආඬි හත් දෙනාගේ කැඳ හැලිය එන්නේ මෙතැනදීය. අනිකා කැඳ හැලියට හාල් දමාවි යැයි සිතා බොරුවට හාල් දමනවා මෙන් පෙන්නු ආඬින් මෙන් ජවිපෙ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයැයි කිවු බොහෝ දෙනෙක් ජවිපෙට චන්දය දී නැත. ඔවුන් ජවිපෙ මාර හොඳයි කියමින් තමන්ගේ පාරම්පරික දේශපාලන පක්ෂ වන එජාපයට හා සංධානයට චන්දේ දී ඇත. ඔවුන්ගේ කතා අසා ඇන්දුනු ජවිපෙ නායකයින්  සිහින ලොවක අතරමං වී සිටි අතර එයින් බිමට වැ‍ටුනේ චන්ද ප්‍රථිපල එන විටය. මේඅනුව බලන විට මෙවර චන්ද දායකයින් විසින් ජවිපෙ රවටා තිබේ . මෙතෙක් කල් සිදු වූ දේශපාලන පක්ෂ විසින් චන්ද  දායකයි න් ‍රැවටීම මෙවර කණ පිට හැරවී තිබේ.

ජවිපෙ ‍රැව‍ටුනේ චන්දදායකයින්ට පමණක් නොවේ.ජවිපෙ තමන්ටමත් ‍රැව‍ටුණේය. එනම් තම පක්ෂ ගැන තිබෙන අධි තක්සේරුවයි. එය ජවිපෙට සෑහෙන කලක පටන් තිබෙන රෝගයකි. ඔවුන් තමන් විසින් පවත්වනු ලබන සංදර්ශන වලින්ම වශී වී තමන්ට නැති බලයක් තිබෙනවා යැයි විශ්වාස කරන්නට පටන් ගනියි.මහින්ද රාජපක්ෂ කලා මෙන් ජවිපෙ ද තම ‍රැස්වීම් වලට රටේ නොයෙක් දෙස සිටින තම සාමාජිකයන් ගෙන්වා සෙනග පෙන්වන අතර මහින්ද මෙන්ම එම සෙනග  දැක වශී වෙයි. ඉන්පසු ඔවුන් කටයුතු කරන්නේ එම මායාව සත්‍ය ලෙස විශ්වාස කරමිනි. ඉන්පසු අහස් මාලිගා හදන ඔවුන් පොලවට වැටෙන්නේ  චන්ද ප්‍රථිපල එන විටය.මෙවරත් සිදු වූයේ එයයි.