Showing posts with label ඇඹිලිපිටිය සිසු ඝාතනය. Show all posts
Showing posts with label ඇඹිලිපිටිය සිසු ඝාතනය. Show all posts

Thursday, August 23, 2018

අපි දසසිල් උපාසක නොහොත් ඈපාගේ පාපොච්චාරණය නොහොත් ජයතුංගගේ කුහකවත













1989 ඇඹිලිපිටිය සිසු ඝාතනයට සම්බන්ධව හිර දඬුවම් ලැබ පැමිණ සිටින ජාලිය ඈපා නැමත්තෙකුගේ සාකච්ඡාවක් රුවන් ජයතුන්ගේ බ්ලොග් පි‍ටුවේ පල කර ඇත. මේ වනාහි ජයතුංගට සුපූරුදු මඩ ශෛලියයෙන් ලියාඇති තවත් එක් කුණු හරුපයක් පමණි. ජයතුංගට අනුව ඈපා මාරම මාර පොරකි. උපාධි, විදේශ පුහුණු , ලෝකල් පුහුණු , තව උතුරුකරේ සටන් , ආදියෙන් සමන්විත කිසිදා පව් නොකරන ඒ මදිවාට හතරපෝයටම සිල් ගන්න පොරකි.ඉතින් එහෙව් ඈපා කියන දේ සහ එසේ කිව්වා යැයි ජයතුංග ලියන දේ බලමු.

මේ දෙබාන උත්සාහ කරන්නේ 1989 දී ඈපා ප්‍රමුඛ මිනීමරුවන් විසින් කළ  ඒ පාසල් සිසු ඝාතන සාධරණීකරණය කිරීමටය.මොවුන්ට අනුවතමන්  විසින් ඝාතනය කළ පාසල් සිසුන් දරුණු මිනීමරුවන්ය. ඇඹිලිපිටිය ප්‍රදේශය හොල්ලාගෙන සිට ඇත්තේ ඔවුන්ය. ( ඉතින් එහෙව් උන් මරා දැම්මාම මක් වෙනවාද?)

මෙම සිසු ඝාතන සියල්ල මෙම ම්ලේච්ඡ ඈපා ප්‍රමුඛ නඩයක් විසින් කළ බවට ඔහුගේම මුවින් පිට වී ඇත.

1. මල්වත්ත සිසුවා නොමරන ලෙස තමන් කී බව- එසේනම් අනික් සිසුන් මරා දමද්දී උඩ බලාගෙන සිටියාද?
2. එම සිසු ඝාතන සාධාරණ බව පැවසීමට ඔහු කියන්නේ එම සිසුන් මිනී මැරුම් පවා කළ බවයි.  ඔහුට ඒ බව ඔප්පු කළ හැකිද? නැත. ඔහු මේ උත්සාහ කරන්නේ දෙවන වතාවටත් එම සිසුන් මරා දැමීමටයි.

මෙම ජයතුංග ලිපියේඇති හාස්‍යජනකම කරුණ වන්නේ ජයතුංග පන්දුව ඔසවා දී ඩෑෂ් පහර එල්ල කිරීමට ඈපාට අවස්ථාව ලබා දීමයි. මෙන්න බලන්න.

1. අතුරුදහන් වූ සිසුන් ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටියාද ? ඔබට එසේ සිටි සිසුන් නම් වශයෙන් කිව හැකිද(මොකද බැරි)

2.ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය යට සිටි බුද්ධික කුලතුංග නම් ජවිපෙ ක්‍රියාධරයා ගැන කවුරුත් දන්නේ නෑ ඔහු පිලිබඳව සඳහනකුත් නෑ. ඔහුගේ භූමිකාව මොකක්ද ? (ඔය මොකක් හරි කියපන් ඈපා මචං)

3.ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ  සිටි සිසුන් විසින්  සිදු කල කඩාකප්පල්කාරී ක්‍රියා මොනවාද ? (උඹට ඕනෑ දෙයක් ලියාපං ජයේ මචං)


ජයතුංග ප්‍රශ්න අසන විට ඈපා ෆෝර්ම් වී උඩ පැන පැන රිසි සේ නෙලයි. තමන් එසේ නොවේ යැයි පැවසීමට එම සිසුන් අප අතර නැති නිසා ඈපාට හෝ ජයතුංගට කිසි විචිකිච්චාවක්,ලැජ්ජාවක්  නැතුවා සේය. 

මාරයි ජයතුංග ඔයානම් ඈ. ඔයත් මාරයි ඈ ඈපා