Showing posts with label කුමාර්. Show all posts
Showing posts with label කුමාර්. Show all posts

Thursday, February 14, 2013

රනිල්, සජිත්, රවි,අනුර , කුමාර්, සිරස හා ඊ නිව්ස්



රනිල් වික්‍රමසිංහ සමග මොකක්දෝ කෝන්තරයක් හදාගත් කිලී මහරාජා තම සිරස මාධ්‍ය ජාලය මගින් රනිල්ට දිගට හරහට පමණක් නොව උසට හා පලලටත් පහර දුන්නේ මාධ්‍ය කලාවේ සියලු සදාචාර ධර්මයන් අමු අමුවේ  කෙලසමින් රනිල්ගේ විරුද්ධවාදින්ට පවා පිලිකුල් සිතෙන පරිදිය.

එවිට රනිල්ගේ ආරක්ෂකයා වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ,මානව හිමිකම් ආදි එකී නොකී බොහෝ දේ වෙනුවෙන් පෙනී සිටින බව කියමින් , තම දිවි නොතකා ආණ්ඩුවේ ඒකාධිපතිවාදයට එරෙහිව සටන් වදින බව පෙන්වන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියයි.

ඊ නිව්ස් අඩවිය රනිල් ආරක්ෂා කරමින් සජිත් ප්‍රේමදාසට පහර දීමටද එකල  අමතක නොකලේය.

අද එනම් 2013.02.13 දින ඊ නිව්ස් හි පලවූ ප්‍රවෘත්තිඅකින් එජාපයේ නියෝජ්‍ය නායක තනතුරු හතරක් ඇති කිරීම ගැන රනිල්ට දෙහි කපා තිබුනි.ඔවුන්ගේ මූලිකව කියා තිබුනේ සිරිකොතට ගල් ගැසූ සජිත්ට නියෝජ්‍ය නායක කමක් නොදී ඒ අවස්ථාවේ පක්ෂය  ආරක්ෂා කල රවී කරුණානායකට එම තනතුර දිය යුතු බවයි.

නමුත් මීට වසර කිහිපයකට පෙර ඊ නිව්ස් සිටියේ සජිත්ට පක්ෂපාති මතයකය.

එසේ නම් මේ වෙනස කුමක්ද?

පිලිතුර ඉතා සරලය.

ඊ නිව්ස් ගිනි තැබූ අවස්ථාවේ පෙරට අවුත් ආධාර කලේ රවී කරුණානයක වීම ඊට හේතුවයි.

මේ මාධ්‍ය හා මාධ්‍යකරුවන් කොපමණ ලාභ දැයි සිතා බලන්න.

සටහන- ජවිපෙ දෙකඩ වීමෙන් පසු ඊ නිව්ස් දිගින් දිගටම ජවිපෙ ආරක්ෂා කරමින් ජවිපෙන් කැඩී ගිය කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙර‍ටුගාමින්ට පහර දෙන්නේ ඇයිදැයි ඔබට සිතා ගත හැකිද?