Saturday, May 30, 2015

ලොත‍රැයියක් මිලට ගන්න.


19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පස්සේ 20 සංශෝධනයක් ගේන එක ගැන සමාජයේ මහ ලොකු කතාවක්. මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නලු. තියෙන සමානුපාත ක්‍රමේ හොඳ නැති නිසා අලුත් ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා.

ඒ වගේ පිස්සු යෝජනාවක් මමනම් දැකලා නැහැ.

මේ යෝජනාව හදපු අයට, ඒකට පක්ෂව කතා කරන ආණ්ඩුවේ,  විපක්ෂේ මහත්තුරුන්ට ,  මාධ්‍ය ඔස්තාර්ලාට හැමෝටම කියන්න තියෙන්නේ ලොත‍රැයි ටිකට් එකක් මිලට ගන්න කියලා.

මොකද දන්නවද?

කියමනක් තියෙනවා ලොත‍රැයි ටිකට් කියන්නේ ගණන් බැරි අයට ගහන බද්දක් කියලා.

සටහන- මේ 20 ගැන විස්තර ලියන්න දැන් කම්මැලියි. පස්සෙ දවසක ලියන්නම්.

Tuesday, May 26, 2015

ෆුල්ෆේස් හෙල්මට්කරුවෝ දිගට හරහට වෙඩි තබති



වරින් වර සෑහෙන කාලයක් තිස්සේ අධිකරණයේ වාරණයකට ලක්ව තිබෙන  ෆුල් ෆේස් හෙල්මට් තහනම අත හැරීමට ශ්‍රී ලංකා පොලීසිය සූදානම් නැති බව පෙනෙන්නට තිබේ . 

පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වැනි වූ , පොලීසියේ එම ක්‍රියාවට අපේ රටේ  ජනමාධ්‍ය ද හොඳ සහයක් ලබා දෙයි. 

අද සවස ගෙලිඔය ප්‍රදේශයෙ සිදු වූ මංකොල්ල කෑමකට ලංකාදීප වෙබ් අඩවිය යොදා තිබූ හෙඩිම වූයේ  " ෆුල්ෆේස් හෙල්මට්කරුවෝ දිගට හරහට වෙඩි තබති" යන්නය.

එසේම එම පුවතේ ප්‍රමුඛතාව ලබා දී තිබුනේ ෆුල් කොල්ලකරුවන්  ෆුල් ෆේස් හෙල්මට් පැළැඳ සිටි බවටය. 
http://www.lankadeepa.lk/index.php/top_story/319987

ශ්‍රී ලංකාවේ පොලීසියට සැදී තිබෙන මෙම ෆුල් ෆේස් හෙල්මට් ගිනියමට හේතුව වහාම සොයා බැලිය යුතුව ඇත.

Friday, May 22, 2015

වාසුලාට කාසි නැහැ වගෙ දැන්

 
වාසුලාට  කාසි නැහැ වගෙ දැන්
පර්සිලාට කෙලවිලානේ  ඉතින්
සල්ලි වලට  හිත ගිහිල්ල වමා ලට  හොරෙන්
වාසුවා දැන්  ප....යා වෙලා  බං
 හා අහා හා හා හා
 
 
විප්ලව කතාවයි  ට්‍රොස්ට්කිගේ  ‍රැවුලයි 
ඒ කාලේ මාරයි  තමයි //
වමා ලටත් ඇඬෙනවා දුකෙන්
 
 
මැදමූලනේ ඉන්න ලොකු අය්යණ්ඩියේ  ඔන්න
මොකදෝ උඹට මේ උනේ  //
ප....යා වෙලා ඉන්නේ වාසු  මග බලන් 


Tuesday, May 19, 2015

සුධර්මන්ගේ නිදහසේ පහන් වැට


කොළඹ විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී ඊයේ (18 දා) පස්‌වරුවේ පැවති "නිදහසේ පහන් වැට" රණවිරු සැමරුම් උළෙල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවත්වුණි.

විජයග්‍රහණයේ හය වැනි සැමරුම නිමිත්තෙන් මාතෘ භූමිය සංවිධානය මගින් සංවිධානය කළ මෙම රණවිරු සැමරුම් උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විද්වතුන් හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌වූහ.

එම පිරිස අතර මන්ත්‍රී විමල් වීරවංශ මහතා හා සුධර්මන් රදලියගොඩ මහතාද සිටියේය.



සටහන- සටහන් මොකටද නම් දෙක දැක්කාම

වෙනස කුමක්ද


කිරිබත්ගොඩ ලොකු  ගණින්නාන්සේගෙ ගේ මහා පලතුරු පූජාව හා නේපාලයේ හින්දූන් විසින් කරනු ලබන මහා සත්ව බිලි පූජාව අතර කිසි වෙනසක්  මට නම් පෙනෙන්නේ නැත .  ඔබට පෙනේද.



මේ දෙකම එක වර්ගයේ මිථ්‍යාදෘෂ්ටික  බිලි පූජාවන්ය.එකම වෙනස භාවිතා කරන පූජා භාණ්ඩයේ වෙනස පමනි.

Sunday, May 17, 2015

ජාතිවාදය හා පරිසර ප්‍රේමය-


මේ දිනවල ලංකාවේ සිටින ජාතිවාදින් සියලුදෙනා හිටි ගමන් පරිසර හිතවාදින් වී ඇමති රිෂාඩ් බදුර්ඩීන් විසින් කරනුවා යැයි කියනු ලබන විල්පත්තු වන විනාශයට එරෙහිව සටන වැද සිටිති. 

ඒ වැඩේ එක අතකින් හොඳය. කවුරු කලත් වැ‍රැද්ද වැ‍රැද්දමය.  කාගේ වුනත් වැරද්දට විරුද්ධ විය යුතුය. ඒක හැබෑවකි.

එහෙත් වන විනාශයට විරුද්ධ වන්නේ  ජාතිවාදි ස්ථාවරයකින් නම් එතැන තව වැ‍රැද්දක් ඇත. එනම් ජාති වාදයයි. වන විනාශයටත් වඩා ජාතිවාදය විනාශකාරිය. එම නිසා වන විනාශයට මෙන්ම එයට එරෙහි වීම  ජාතිවාදි අරමුණු වෙනුවෙන් යොදා ගැනීමටද අප විරුද්ධය.

මෙහිදී අපට තව ප්‍රශ්නයක් පැන නැගේ. 

එනම් මීට වසර කිහිපයකට පෙර ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලොන්නරුව සෝමාවතිය අභයභූමියේ හෙක්ටයාර් දසදහස් ගණනක් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් වන මුරලිදරන් හා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහටත් ඔවුන්ගේ විදේශීය ආයෝජකයා වන කුප්‍රකට ඩෝලේ සමාගමටත් පවරා දෙන විට මේ ඊනියා පරිසර වාදින් සිටියේ කොහෙද යන්නයි. පසුගිය රජයේ දේශප්‍රේමි අමෙරිකානු  හවුල්කරුවන් සෝමාවතියේ වන අක්කර දහස් ගණනක් විනාශ කරද්දී දිවයින හෝ හිරු වැනි මාධ්‍ය ආයතන වල ඇස් කන් බිහිරි වී තිබුණා විය යුතුය.

වෙන එකක් තබා එම ඩෝලේ සමාගම තවමත් තම විනාශය කර ගෙන යත් දීම මෙම ඊනියා මාධ්‍ය වාර්තා කර තිබුනේ රජයේ අණින් ( එවකට තිබූ ) මෙම වන විනාශය නතර කර වගා කර තිබූ කෙහෙල් පැල ද ගලවා දැමූ බවයි. මෙය සම්පූර්ණ අසත්‍යයක් බව දැන දැන ම කල දෙයකි.
මෙම ඩෝල් කරුවන්ට එවක තිබූ දේශප්‍රේමි රජය විසින් පවරා තිබෙන වනාන්තර ප්‍රමාණය මෙසේය.

කන්තලේ චුන්නකාඩු රක්ෂිතය- අක්කර 15,000
සෝමාවතිය වනෝද්‍යානය -අක්කර 11,600
ඌව කුඩා ඔය අක්කර 3000
බුත්තල අක්කර 500
http://news.mongabay.com/2011/1004-hance_dole_satellite.html

Saturday, May 2, 2015

නිර්මාල්ට ගෝත්‍රවාදි, ජාතිවාදි මැරයින් පහර දෙයි


දේශපාලන වශයෙන් අනාථව වැලේ වැල් නැතිව සිටින  විමල් වීරවංස , වාසුදේව, දිනේශ් නඩයේ මැයි දින ‍රැලිය නැරඹීමට ගිය  ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ට විමල් වාසු නඩයේ රාජපක්ෂ වාදි ගෝත්‍රවාදි මැරයින් විසින් පහර දීම  අපි තරයේම හෙලා දකිමු.

මෙම පහරදීම සාධරණීකරණය කිරීමට ඕනෑ තරම් තර්ක ගෙන එන්නට දැනටමත් වීරවංශ නඩය දත කට මදිමින් සිටියත්, විරුද්ධ මත දරන්නන් පිලිබඳව ඔවුන් ගේ හැසිරීම කවදත්  අන්ත පාදඩ හා පැසිස්ට් පන්නයේ බව ද  කවුරුත් දන්නා සත්‍යයකි.

 මහින්ද රාජපක්ෂ පරාජයෙන් වියරු වැටී සිටින මේ ජඩයින් බලය නැති විටත් හැසිරෙන්නේ මෙලෙස නම් ඔවුන්ගේ මහනායක වන මහින්ද රාජපක්ෂ නැවත බලයට පත් වුවහොත් හැසිරෙන්නේ කෙලෙසදැයි සිතා ගත හැක. එසේම පසු ගිය රජය කාලයේ ඔවුන් හැසිරුන ආකරයද අප සිහිපත් කරගත යුතුය.

 එම නිසා මම ජාතිවාදි, ගෝත්‍රවාදි නඩය හැකිතාක් ඉක්මනින් සම්පූර්ණයෙන්ම පරාජය කර දැමීම අද දවසේ අපගේ මූලික හා ප්‍රමුඛ වගකීම බව මෙම සිදු වීම අපට නැවත සිහිපත් කරදෙයි.