Showing posts with label Media Freedom. Show all posts
Showing posts with label Media Freedom. Show all posts

Wednesday, May 7, 2014

ලංකාවේ මාධ්‍ය නිදහස රෙද්ද පල්ලෙන් පෙරෙයි.


ශ්‍රි ලංකාවේ තිබෙන්නේ සුපිරි ප්‍රජාතන්තර වාදයකැයිද , ඕනෑම කෙනෙකුට දකුණේ සිට උතුරටත්, බටහිර සිට නැගෙනහිරටත් පමණක් නොව උඩ සිට සිට යටටත් යට සිට උඩටත් යා හැකි යැයි ආණ්ඩුවේ ලොක්කන් කියන්නේ ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන්, මාධ්‍ය නිදහස සීමා කිරීම් හා ප්‍රජාතාන්ත්‍රික අයිතීන් අහිමි කිරීම් උත්සන්න වෙමින් තිබෙන බවට බටහිර ජාතීන් කරන චෝදනා වලට පිළිතුරු වශයෙනි.  

ඒවා සියල්ල බොරු චෝදනා බවත් දෙමල ඩයස් පෝරාවේ  උවමනාවට බටහිර ජාතින් හා එක්ව මෙරට දේශද්‍රෝහීන් එක්ව කරන චෝදනා බවත් වීරවංශ ප්‍රමුඛ  ආණ්ඩුවේ හොරණෑ මොරදෙමින් සිටිති. මාසයකට සැරයක් රජගෙදර ගොස් කුරහන් පිට්‍ටු ගිල දමන  මාධ්‍ය ආයතන ප්‍රධානින් හා පුවත්පත් කතුවරුන්ද ඒවාට උඩ ගෙඩි දමමින් සිටියි. මේ මාසික සංග්‍රහයට කලක් එක් වූ ලක්බිම කතෘ සමන් වග ආරච්චි තම ධූරයෙන් ඉල්ලා අස් වී බී.බී සිය සමග කරන ලද ප්‍රකාශයකින් එම නිදහසේ තරම මනාව හෙලි වේ. 

වග ආරච්චි මහතාගේ ප්‍රකාශය මෙසේය.

"පුවත්පතේ පාලනාධිකාරියට එල්ල වූ දේශපාලන බලපෑම් හේතුවෙන් කර්තෘ ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පාලනාධිකාරිය තමන්ට දැනුම්දුන් බව දිනපතා ලක්බිම පුවත්පතේ හිටපු කර්තෘ සහ ජනමාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධන සම්බන්ධීකාරක සමන් වගආරච්චි ප්‍රකාශ කරයි. එම දැනුම්දීම ප්‍රකාර සිය අස්වීම පාලනාධිකාරියට භාර දුන් බවද සමන් වගආරච්චි සංදේශයට කියා සිටියේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෙන්ව සිටි ජනමාධ්‍ය සංවිධාන එක් කොට ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් තමන් ගෙන ගිය අරගලය පුවත්පතේ පාලනාධිකාරියට බලපෑම් එල්ල වීමට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.

“මාධ්‍ය නිදහස පිළිබඳව මේ සංවිධාන ආරම්භ කරන කොටම, මාව පත්තරෙන් ඉවත් කිරීමට බලයේ  සිටින සහ බලය නැති කණ්ඩායම් පාලනාධිකාරියට දැඩි බලපෑම් එල්ල කළා,” යනුවෙන් ඔහු කියා සිටියේය.

“ඒකෙ උච්ඡතම අවස්ථාව පසුගිය දෙදින තුල ක්‍රියාත්මක වුනා; මගෙන් ඉල්ලා සිටියා මේ එන පීඩනය දරාගන්න බැහැ, ඒක හින්ද තීරණයක් ගන්න කියලා.”

ලංකාවේ පාලකයින්ගේ රෙද්ද පල්ලෙන් පෙරෙන නිදහස එයයි. ඔවුන් දේශ ද්‍රෝහීන්, කොටි හිතවාදීන්  හා බටහිර ගැත්තන් ලෙස  ලෙස නම් කරන්නේ එයට විරුද්ධ වන උන්ය.