Showing posts with label දේශප්‍රෙමීන්. Show all posts
Showing posts with label දේශප්‍රෙමීන්. Show all posts

Saturday, May 2, 2015

නිර්මාල්ට ගෝත්‍රවාදි, ජාතිවාදි මැරයින් පහර දෙයි


දේශපාලන වශයෙන් අනාථව වැලේ වැල් නැතිව සිටින  විමල් වීරවංස , වාසුදේව, දිනේශ් නඩයේ මැයි දින ‍රැලිය නැරඹීමට ගිය  ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ට විමල් වාසු නඩයේ රාජපක්ෂ වාදි ගෝත්‍රවාදි මැරයින් විසින් පහර දීම  අපි තරයේම හෙලා දකිමු.

මෙම පහරදීම සාධරණීකරණය කිරීමට ඕනෑ තරම් තර්ක ගෙන එන්නට දැනටමත් වීරවංශ නඩය දත කට මදිමින් සිටියත්, විරුද්ධ මත දරන්නන් පිලිබඳව ඔවුන් ගේ හැසිරීම කවදත්  අන්ත පාදඩ හා පැසිස්ට් පන්නයේ බව ද  කවුරුත් දන්නා සත්‍යයකි.

 මහින්ද රාජපක්ෂ පරාජයෙන් වියරු වැටී සිටින මේ ජඩයින් බලය නැති විටත් හැසිරෙන්නේ මෙලෙස නම් ඔවුන්ගේ මහනායක වන මහින්ද රාජපක්ෂ නැවත බලයට පත් වුවහොත් හැසිරෙන්නේ කෙලෙසදැයි සිතා ගත හැක. එසේම පසු ගිය රජය කාලයේ ඔවුන් හැසිරුන ආකරයද අප සිහිපත් කරගත යුතුය.

 එම නිසා මම ජාතිවාදි, ගෝත්‍රවාදි නඩය හැකිතාක් ඉක්මනින් සම්පූර්ණයෙන්ම පරාජය කර දැමීම අද දවසේ අපගේ මූලික හා ප්‍රමුඛ වගකීම බව මෙම සිදු වීම අපට නැවත සිහිපත් කරදෙයි.

Monday, April 7, 2014

අම්මට හුඩු දේශප්‍රේමි පාදෙනිය




සටහන- මෙහෙම විලි ලැජ්ජා නැති ප්‍රකාශනයක් වෙනත් වෘත්තීය සමිතියක් මීට පෙර කර  ඇති බව ඔප්පු කලොත් කලාමැදිරියා බ්ලොග් ලිවීම අත හැර දමනු ලැබේ.

Wednesday, March 5, 2014

තාරකා දොර‍ටු


පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට යොදා ගෙන ඇති බව කියන ස්ථානයක් අනුරාධපුර නුවර වැවේ ජලය සිදී ගිය ප‍්‍රදේශයකින් මතුව තිබේ යැයි  "ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර දේශ භක්ෂක් ග්‍රාම භක්ෂක පරන යකඩ අන්ත්‍රස්දාරක " විමල් වීරවංශ මහතාට අයත්  සී නිව්ස් වෙබ් අඩවිය විසින් හෙලිදරව් කර තිබේ.  

මෙය තාරකා දොර‍ටුවක් යැයි කියන්නේ එහි  මැටියෙන් තනා පුළුස්සා ඇති උළු කැට හා සමාන ලක්‍ෂණ ඇති කොටස් එක්තරා රටාවකට සිටුවා ඇති නිසාය.

තාරකා දොර‍ටු මේ ආකාරයට  මැටියෙන් හදනවා යැයි වීරවංශ මහතා දැන ගත්තේ කෙසේදැයි අපි නොදනිමු.

එහෙත් මේ අකාරයේ හෝ වෙනත් ආකාරයක් තාරකා දොර‍ටුවක් ලංකාවේ කොයි පලාතකින්  හෝ හමු වීම ඉතා හොඳය.

මක්  නිසාද යත් "ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර දේශ භක්ෂක් ග්‍රාම භක්ෂක පරන යකඩ අන්ත්‍රස්දාරක " විමල් වීරවංශ මහතා සහ ඔහුගේ හාම්පුතුන් විසින් දේශප්‍රේමය විකුනමින් රවටා ගෙන සිටින ජනතාව ඇත්ත අවබෝධ කරගත් දාට ඒ මහත්තුරුන්ට පලා යාමට ක‍ටුනායක හෝ මත්තල මදි වීමට ඉඩ ඇති බැවිනි. අනික ක‍ටුනායකින් හෝ මත්තලින් පලා ගොස් සැඟවීමට තැනක්ද ඒ වනවිට ඉතිරි නොවී තිබීමට බොහෝ දුරට ඉඩ ඇති බැවිනි.
 සටහන- මේ සියල්ලට වඩා වැදගත් කාරණය නම් තාරක දොර‍ටුවකින් පිට වූ පසු ආපසු ඒම බොරු වීමයි. එනවා නම් ආ යුත්තේ චීන්නු හැදූ රොකට්‍ටුවකය. මෑතදී චීන්නු හඳට යැවූ රොකට්‍ටුවත් අබලන් වූ පුවතක් ඇසූ නිසා එසේ ආපසු ඒම ගැන සැකයක් හිතා ගන්නට අවශ්‍ය නැත.

Thursday, November 28, 2013

කුමකටද මව්බිමක්



මියගිය පියෙකුගේ හිස
අවසන් වරට සිඹ 
පායුග මත කඳුලක් හෙලන්නට 
පුතෙකුට ඉඩක් නැත්නම්

මියගිය මව්ගේ 
සොහොන ලඟ වැතිර
සුසුමක් හෙලන්නට ආ පුතුව
 ගෙලින් අල්ලා පි‍ටුවහල් කරයි නම්

එයට එරෙහිව හඬ නගන්නට
කිසිවෙකුත් එහි නොමැතිනම්
ජනතාව ගොලුනම් බිහිරිනම් 
කුමකටද එවන් මව්බිමක්

(මව්ගේ සොහොන වෙත යමින් සිටි ජයපාලන් කවියා  රටෙන් පි‍ටුවහල් කරයි)

Tuesday, October 22, 2013

පැකර් තුමා




රුපියල් දෙකට බූරු අතක්  ගැහුවාම

කුදලාගෙන ගොහින් කූඩුවේ දාලා

දහදාහයි දඩේ නොගෙව්වොතින්

මාස හයක්  ආන්ඩුවේ බෝඩිමට



පැකර් තුමා කැසිනෝ  ගෙන වැඩියාම

කකුල්  ඉඹලා පිලි අරගෙන වඩම්මලා

මදි නොකියන්ට බදු සහනත් දෙනවා

දරුමද්වීපේ ආස්චර්ය  එහෙම තමා


-රංචාගොඩ ළමයා-

Wednesday, April 3, 2013

හහ් හහ් හා හූ හූ හුහ් හූ - බඩ රිදෙනවා ඕයි හිනා වෙලා




"පසුගියදා බොරලැස්ගමුව පැපිලියාන ෆැෂන් බග් රෙදිපිලි ආයතනයට පහරදීම සම්බන්ධයෙන් හිමිවරු තෙනමක් ඇතුලූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත .

මෙම කලහකාරී තත්ත්වය මැඩපැවැත්වීමට පැමිණි සහහාර පොලිස් අධිකාරීවරයකුගේ රාජකාරී වලට බාධා කර එම  පොලිස් නිලධාරියාගේ හිස්වැසුමද විසිකොට කලහකාරී ලෙස හැසිරුණේ යැයි මේ හිමිවරු තෙනම මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පැමිණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැන ඇත.

මේ අතර අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පැමිණිල්ල අද යළිත් කැඳවනු ලැබූ අවස්ථාවේ පැමිණිලි පාර්ෂවයේ ඉල්ලීමක් අනුව එය සමථයකට පත්කර ගැනීමට පාර්ශ්ව දෙකම කැමැත්ත පල කර ඇත. ඒ අනුව ස්වාමීන් වහන්සේ ඇතුලු 17 දෙනාම අද අධිකරණය හමුවේදී දැඩි ලෙස අවවාදකර මුදා හැර තිබේ."

(වාර්තා කලේ ලංකා සී නිව්ස්)

සටහන- මීට වඩා වෙනස් ප්‍රථිපලයක් කවුරු හරි බලාපොරොත්තු වුනාද?
හහ් හහ් මං යනවා ඕයි යන්ට තව හිටියොත් හිනා වෙලාහ් හ්හ් හහ් හහ් හා

Tuesday, April 2, 2013

දේශප්‍රේමින්ට අනගි අවස්ථාවක්




ඔබ දේශ ප්‍රේමියෙක්ද ?

එසේනම් පහත ප්‍රශ්න වලට පිළිතුරු දී වටිනා තෑගි දිනා ගන්න.

ඔබ දේශප්‍රේමියෙක් නම් දැන් ම ඉදිරිපත් වෙන්න.මේ වටිනා අවස්ථාව පැහැර හරින්න එපා.දේශප්‍රේමින්ට පමණයි


1. ඉහතින් දැක්වෙන ගොඩනැගිල්ල ඇත්තටම කුමක්ද?

2. එය සෑදිමට ඇත්තටම වියදම් වූ  මුදල කොපමණද?

නිවැ‍රැදි පිළිතුරු එවන සියලු දේශප්‍රේමින් හට සිය පවුල සමග ඩිස්නිලන්තයේ චාරිකාවක්.

සැ.යු- ඔබේ පිළිතුර සමග ඔබ සැබෑ දේශප්‍රේමියෙක් බවට දේශහිතේෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකරගෙන් හෝ එහි ලේකම් වසන්ත බණ්ඩාරගෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කළයුතුය. ජාතික හෙළ උරුමයේ දේශප්‍රේමි සහතික දැන් වලංගු නැති බවද කරුණාවෙන් සලකන්න

Sunday, March 10, 2013

ජිනීවා- රමණය හා සුරතාන්තය




මේ දිනවල ලංකාවේ සිටින තමන් දේශප්‍රෙමීන් වශයෙන් හඳුන්වා ගන්නා අය හා එම ඊනියා දේශප්‍රේමින් විසින් දේශද්‍රෝහින් වශයෙන් හඳුන්වන අය යන දෙගොල්ලන්ම ජිනීවා හා රමණයේ යෙදෙමින් සිටිති.

මේ දෙපිරිසටම අවශ්‍ය සැඩ පරුෂ ප්‍රචණ්ඩ ,සිරුර වෙව්ලුවා දමන සුරතාන්තයකි.

එනම් ලංකාවට එරෙහිව  ප්‍රබල බලපෑමක් සහිත යෝජනාවක් සම්මත වීමය.

එවිට එම සුරතාන්තය මතක් කරමින් ලබන මාර්තු වෙන තෙක් මෙරට ජනතාව සුරතල් කිරීමට දේශප්‍රේමින්ට හැකි අතර තමන් ජය ගත්තා යැයි සතු‍ටු වීමට  අනික් කණ්ඩායමටද  හැකිය.

එම සුරතාන්තයෙන් ලැබෙන සතුටේ   ප්‍රමාණයට අනුරූපව විදුලි බිල වැඩි වන ප්‍රතිශතය  100% ක්ද ,200ක්ද , 300% ද යන්න  තීරණය වනු ඇත.

එහෙත්  එසේ රමණයේ යෙදෙන අතරම  ,ආණ්ඩුව ඉන්දියාව හා ඇමෙරිකාව සමග ඩීල් එකක්  දමා ගැනීමට හැකි වුවහොත් සුරතාන්තය එතරම් පලක් නැති දියාරු එකක් වනු ඇත.

එම නිසා රති ක්‍රීඩාවේ උච්ච ස්ථානයකට ඒමට ප්‍රථමයෙන්ම, එනම් පෙර ක්‍රීඩාවේ නියලී සිටින අතරේම  සමහර විට විදුලි බිල මෙන්ම තව බොහෝ දෑ මිල ඉහල යාම ට ඉඩ තිබේ.

කෙසේ නමුත් රමණයේ සතුට බොහෝ දෙනෙකුට දැනෙනු ඇත්තේ මාර්තුවේ අප්‍රේල් මාසයේ අවුරුදු කන විටය.