Wednesday, March 5, 2014

තාරකා දොර‍ටු


පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට යොදා ගෙන ඇති බව කියන ස්ථානයක් අනුරාධපුර නුවර වැවේ ජලය සිදී ගිය ප‍්‍රදේශයකින් මතුව තිබේ යැයි  "ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර දේශ භක්ෂක් ග්‍රාම භක්ෂක පරන යකඩ අන්ත්‍රස්දාරක " විමල් වීරවංශ මහතාට අයත්  සී නිව්ස් වෙබ් අඩවිය විසින් හෙලිදරව් කර තිබේ.  

මෙය තාරකා දොර‍ටුවක් යැයි කියන්නේ එහි  මැටියෙන් තනා පුළුස්සා ඇති උළු කැට හා සමාන ලක්‍ෂණ ඇති කොටස් එක්තරා රටාවකට සිටුවා ඇති නිසාය.

තාරකා දොර‍ටු මේ ආකාරයට  මැටියෙන් හදනවා යැයි වීරවංශ මහතා දැන ගත්තේ කෙසේදැයි අපි නොදනිමු.

එහෙත් මේ අකාරයේ හෝ වෙනත් ආකාරයක් තාරකා දොර‍ටුවක් ලංකාවේ කොයි පලාතකින්  හෝ හමු වීම ඉතා හොඳය.

මක්  නිසාද යත් "ජනහිතකාමී දේශහිතෛශී ශ්‍රී ලංකා පුත්‍ර දේශ භක්ෂක් ග්‍රාම භක්ෂක පරන යකඩ අන්ත්‍රස්දාරක " විමල් වීරවංශ මහතා සහ ඔහුගේ හාම්පුතුන් විසින් දේශප්‍රේමය විකුනමින් රවටා ගෙන සිටින ජනතාව ඇත්ත අවබෝධ කරගත් දාට ඒ මහත්තුරුන්ට පලා යාමට ක‍ටුනායක හෝ මත්තල මදි වීමට ඉඩ ඇති බැවිනි. අනික ක‍ටුනායකින් හෝ මත්තලින් පලා ගොස් සැඟවීමට තැනක්ද ඒ වනවිට ඉතිරි නොවී තිබීමට බොහෝ දුරට ඉඩ ඇති බැවිනි.
 සටහන- මේ සියල්ලට වඩා වැදගත් කාරණය නම් තාරක දොර‍ටුවකින් පිට වූ පසු ආපසු ඒම බොරු වීමයි. එනවා නම් ආ යුත්තේ චීන්නු හැදූ රොකට්‍ටුවකය. මෑතදී චීන්නු හඳට යැවූ රොකට්‍ටුවත් අබලන් වූ පුවතක් ඇසූ නිසා එසේ ආපසු ඒම ගැන සැකයක් හිතා ගන්නට අවශ්‍ය නැත.

7 comments:

  1. යේක ෂැඩකඩපානක් කියන්නේ අර නලියා...

    ReplyDelete
  2. ජනහිතකාමී™ දේශහිතෛශී™ ශ්‍රී ලංකා පුත්‍ර® දේශ භක්ෂක් ග්‍රාම භක්ෂක® පරන යකඩ අන්ත්‍රස්දාරක™, විමල් වීරවංශ®

    ලෙස නිවැරදි වියුතුයි නේද ?

    ප.ලි
    පරණ යකඩ කෙස් එක මොකද්ද??

    ReplyDelete
    Replies
    1. හි හි නියමයි

      Delete
    2. K .P ගේ නැවක් මූ කැබලි කරලා විකුණුවා.

      Delete
    3. පරන යකඩ අන්ත්‍රස්දාරක සුදර්මන් නෙමේද...?:D

      Delete
  3. මම ඔය නිව්ස් එක දකිද්දි අනේ අනිච්චන් කියල හිතුන බන්.එතන තියෙන්නෙ උළු කැට ටිකක වතුර පාර නිසා යම් හැඩයකට එකතුවෙලා.මේ ලඟදි සංරක්ෂන වැඩ වලට ගෙනාපුව වෙන්න ඇති.මේක තාරකා දොරටුවක්ලු.අපි වෙනත් ග්‍රහලෝක එක්ක ගනුදෙනු කලා නම් සුද්දො එනකොට මෙච්චර පීචන් මට්ටමක ඉන්නවද? යකඩ නම් තිබුන තමයි.මේ මොන විකාර කතාද බන්.අනික මෙච්චරම අතේ කයිතන් වෙන ඒව කියන්න යන එක භයානකයි.ගොන් හරක් හිටන් පුන්නක්කු බිබී ඉදන් ඔළුව උස්සල බලනව.මෙහෙම බොරු කියද්දි ඕන හරකෙකුට විචිකිච්චාව ඇති වෙනවනෙ බන්

    ReplyDelete
  4. අර නලීගෙ බොගේ තිබුණ සඳකඩ පහන මේකද එතකොට

    ReplyDelete