Showing posts with label මුසාවාද. Show all posts
Showing posts with label මුසාවාද. Show all posts

Sunday, February 26, 2017

මානසික වෛද්‍යවරයෙක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත.



ලංකාවේ විශ්ව විද්‍යාලයකට යාමට නොහැකිව රූබල් කාමි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වල්ගයේ එල්ලී රුසියානු වෛද්‍ය උපාධියක් ලබා ලංකාවේ විශ්ව විද්‍යාල ගැන මහා වෛරයක්, කෝන්තරයක් පිරිමසා ගැනීමට තැත් කරන මානසික වෛද්‍යවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකුට ප්‍රතිකාර කිරීම සඳහා සුදුසු කම් ලත් මානසික වෛද්‍යවරයෙක් කඩිනමින් අවශ්‍යව ඇත.

රෝග ලක්ෂණ

1. නිදහස් අධ්‍යාපනය නයාට අඳුකොල මෙන් වීම
2. ඇමෙරිකාව, කැනඩාව හා යුරෝපය වන්දනා කිරීම
3.  තමන් දන්න බව පෙන්වන ,එහෙත් නොදන්නා මනෝ විද්‍යාවෙන් සෑම දෙයක්ම විශ්ලේෂණය කිරීමට තැත් කිරීම
4.අන්තරය, ලංකාවේ වෛද්‍යවරුන් ,ඇතුලු ලංකාවේ සියලු දෙයක්ම පහත් කොට සැලකීම
5. ලෝකයේ සිටින මහා බුද්ධිමතා ,උගතා තමා යැයි සිතීම
6.PTSD, PTSD  යැයි වරින් වර හඬ නැගීම
7.ලොවෙත් නැති කවුරුන් හෝ සමග ඡායාරූප ගෙන අහවලා මහා බුඩ්ඩිමතෙකි, මම ඔහුගේ මිතුරාය ,සගයාය ,ආදි වශයෙන් ලිවීම
8.රුසියාවේ වසර කීපයක් ඉගෙන ගෙන ඇති නිසා සාර් නිකොලායි තමන්ගේ බාප්පා ලෙසත්, රස්පුටින් ගුරුවරයා ලෙසත් සිතීම
9. පුද්ගල චරිත ඝාතනයට ප්‍රිය වීම
10. චතුරසේනාරත්න සින්ඩ්‍රෝමයෙන් පෙලීම- ඉතිහාසයේ සිදුවීම් වලට තම සම්බන්ධය හෝ අඩුම වශයෙන් තමන්ගේ නෑයෙක් හෝ සම්බන්ධ යැයි නිතර කීම


මේ ආදි රෝග ලක්ෂණ රාශියක් ඇති මේ පුද්ගලයා පිං තකා සුව කර දීමට කැමති මනෝ වෛද්‍යවරයෙකු සිටී නම් කඩිනමින් ඉදිරිපත් වන්න. දැනටම ප්‍රමාද වැඩියි.

Friday, February 19, 2016

කතන්දර

 
මම අද මේ දූලා පුතාලට කතන්දර දෙකක්ම කියලා දෙන්ටයි හදන්නේ? හොඳින් අහගෙන ඉන්ට.


පලමුවැනි කතන්දරය-

ඔන්න එකෝමත් එක රටක හිටියලු ගමරාල කෙනෙක්. දවසක් ගම මහගේ ගියාලු එයාගේ ගෙදර , අම්මා තාත්තා බලන්න. ගම මහගේ එහෙම ගමේ ගියාම දවසක් දෙකක් නතර වෙලා , ඉඳලා තමයි ආපහු එන්නේ. ඉතින් ඒ දවස්වලට ගමරාල හරිම පාලුවෙන් තමා ගෙදර ඉන්නේ. කලේ පැන් ඇත, නැවුම් රහ නැත, පුලුස්සා ගත් රොටිය කරවිය  වගේ කවි කිය කියා දවල් දවස ගත කරගෙන තනි පැදුරේ සුසුම් හෙල හෙල නිදා ගන්නවා.

ඔන්න ඉතින් මේ කියන දවසේත් ගමරාල තනියම පැදුරේ නිදා ගෙන ඉන්න කොට ගමරාල ගැන දුක හිතුන ශක්‍ර දේවේන්ද්‍රයා ගමරාලගේ අල්ලපු ගෙදර උන්න රූබර කාන්තාව ගමරාලගේ පැදුරේ පැත්තකින් නිදිකොරවලා ගියාලු , ගමරාලට තනිවට.

හැබැයි පහුවෙනිදා එලිවෙද්දී ගම මහගේ ආපහු ආවාලු. ඇවිත් බලන කොට ගමරාලයි අර ලලනාවයි එක පැදුරේ බුදිලු. ගමරාල හත් අතේ දිවුරලා කිව්වලු මේ ස්ත්‍රියාව තමන්ගේ පැදුරට ආව විදිය දන්නේ නැහැ කියලා. ඒත් ගම මහගේ නෙවේලු විශ්වාස කලේ.

හොඳයි දැන් මේ කතාව අහගෙන උන්න උපාසක මහත්තුරු ,නෝනලා කියන්න බලන්න ගමරාල වැරදිද කියලා?

නැහැනෙ?

දෙවැනි කතන්දරය-

ඔන්න එකෝමත් එක රටක, ඉස්සෙල්ලා රටේ නෙවේ වෙන රටක. හිටියලු හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ හරිම සිල්වත්, පිංවත් , ධනවත්, මහන කෙනෙක්ලු. උන්වහන්සේ හීනියට සෙන්ට් ටිකක් ගාලා, පට සිවුර ඇඳලා ටී වී එකේ බණ කියන කොට අහන් ඉන්න උපාසක උපාසකාවියෝ ඔක්කොම සෝවාන් පලයට පත් වෙනවලු. අපේ මේ හාමුදුරු නමත් අඩුම ගානේ සකෘදාගාමි වෙලා ඇති කියලා තමා කවුරුත් හිතුවේ.
ඒ වගෙම තමා ,අපේ හාමුදුරුවෝ බොහෝම ලොකුවට දාන පාරමිතාව පුරමිනුයි හිටියේ.

ඉතින් ඒ නිසා රටේම ඉන්න මිනිස්සු තමන්ට කෑම බීම සපයන්න බැරි බල්ලො, බලල්ලු ,හරක්, එලුවෝ , බූරුවෝ, කුකුලෝ, කිකිලියෝ විතරක් නෙවේ උකුනෝ මකුනෝ මැක්කෝ පවා මේ පන්සලට ගෙනත් ඇරලනවලු. මොකද ඒ උපාසක කට්ටිය දන්නවා අපේ හාමුදුරුවො මොකා ගෙනාවත් නොසලකා ඉන්නේ නෑ කියලා.

ඕන්න ඔය කාලේ ඒ රටේ හිටියලු හස්ති රෝසන කියලා මනුස්සයෙක්. මේ මනුස්සයා ඉස්සර කාලේ සිටාණ කෙනෙක්. හැබයි පස්සේ කාලෙක රාජ  උදහසට ලක් වෙලා ධනය නැති භංග වෙලා හිටියේ .

 ඉතින් මේ හස්තිරෝසන ලඟ උන්නා අපූරු අලි පැටියෙක්. ඌට කන්න බොන්න දෙන්න තියා තමන්ට කන්න බොන්නත් නැති වෙලා හිටපු  හස්තිරෝසන මොකද කලේ? ශක්‍ර දෙවියන්ට කන්නලව් කරාලු මේ අලි පැටියාව හදා ගන්න උදව් කරන්න කියලා.

එතකොට  අලිපැටියා ගැනයි, හස්තිරෝසන ගැනයි කම්පා වෙච්චි ශක්‍ර දේවයන්ගේ පඬුපුල් ආසනේ රත් වෙලා ඇවිත් අර අලි පැටියාව  ,  අපේ හාමුදුරුවන්ගේ ආරාමේ ඇතුලට දාලා ගියාලු.

හැබැයි මේ අලි පැට්ටා රජ්ජුරුවන්ට අයිති එකෙක්ලු. දැන් රාජපුරුෂයෝ අපේ හාමුදුරුවන්ව අලි චෞරයෙක් කියලා දණ්ඩනය දෙන්ට ලෑස්තිලු.

ඔන්න ඔහොමලු සිද්ද වුනේ.

හොඳයි දැන් ඔයාලා කියන්න අපේ හාමුදුරුවෝ වැරදිද කියලා.

නෑ නේද?