Showing posts with label කඩු. Show all posts
Showing posts with label කඩු. Show all posts

Thursday, December 27, 2012

ක‍ටුගේ බින්දේ කන් ගැට්ටා තනියමයි , අම්මපා



කෞතුකාගාරයේ සොරකම නියත වශයෙන්ම කර ඇත්තේ කන් ගැට්ටා බවත් එය සියයට තුන්සීයක් විශ්වාස බවත්  ඊයේ පුවත්පත් සාකච්ඡාවකට සහභාගි වෙමින් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවසූ බව වාර්තා විය.කන් ගැට්ටා එම සොරකම ම කර ඇත්තේ තනියම බවත් ඔහු පසුපස කිසිවෙකු සිට නැති බවත් ඒ මහතා  සහතික වී තිබේ. විය. ඒ මහතා කියන්නටත් කලින් අපි නම් ඒ බව දැන සිටියෙමු.අපට එය සියයට තුන්සීයක් නොව හාරසීයක්ම විශ්වාසය.

අප ඒ බව දැන ගත්තේ අපගේ ගවේෂණශීලි මාධ්‍ය භාවිතාව නිසා කන්ගැට්ටා ගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ සටහන් පිටපතක් අපට ලැබුණු නිසාය. මෙය අපට ලැබුණු විදිය කිසිසේත්ම හෙලිදරව් නොකරන අතර ලංකාවේ සිටින ඉස්තරම්ම ගවේෂණශීලි මාධ්‍යවේදියා වශයෙන් අපට ඒ සඳහා අයිතියක් ඇති බවත් නොතීසී පිට නොතීසී ආවත් එය එසේ වන බවත්  පමණක් සටහන් කරනු කැමත්තෙමි.

එම සටහන සම්පූර්ණයෙන් ම හා සංස්කරණයකින් තොරව පහත දැක්වේ.

මෙහි ක.ගැ යනු කන් ගැට්ටා බවත්  ප්‍ර.නි. යනු ප්‍රශ්න කරන නිලධාරියා බවත් සලකන්න.

ප්‍ර.නි.- ආ එන්න පුතා වාඩි වෙන්න, සුභ උදෑසනක්

ක.ගැ.- ස්තූතියි, අපේ සර්.

ප්‍ර.නි.-අපි මොනවත් බීලම කතා කරමුකෝ. මොනවද ඔබතුමා බොන්න කැමති? ටී, ප්ලේන්ටී, කූල් ඩ්‍රින්ක්, සැර බීමක්,

ක.ගැ-ප්ලේන්ටියක් හොඳා අපේ සර්, වැඩි සීනි

ප්‍ර.නි. -සිග‍රැට් එකක් දෙන්නෙයි?

ක.ගැ- එපා අපේ සර්, මං ඉතිං බීඩි කාරයනේ හි හි, සර්ට කමක් නැත්නම් මං ලඟ පොඩි බඩුවක් තියෙනවා ,ඔතලා ගන්නද?

ප්‍ර.නි- එහෙනම් මටත් එක්කම ඔතහන්කෝ, මස්කට් කෑල්ලකුත් ගෙන්නන්නැයි?

ක.ගැ- අපේ සර්රුත් දන්නවා එහෙනම් ක්‍රමේ.

ප්‍ර.නි. -ආයේ මොකද බං, අපි කියලා, ඒවායින් කමක් නෑ. දැන් කියහන්කෝ උඹ ක‍ටුගේ බින්ද හැටි,උඹ එක්ක තව කවුරුවත් හිටියද බං?.

ක.ගැ- පිස්සුද සර් ඕක මම තනියම දූන්න ගේමක්නේ, ආයේ සර්ට මාව විශ්වාශ නැද්ද?

ප්‍ර.නි. - අනේ නෑ බං , එහෙම එකකට නෙවේ මම නිකමට ඇහුවේ.ආ උඹත් ඇදහන් ඩම් එකක්,

ක.ගැ.- ඒක මිසක්,

ප්‍ර.නි. - හැබෑට උඹ මොනවද බං ඔය කෙහෙම්මල් ක‍ටුගේ බිඳින්න අරං ගිය ආයුද?

ක.ගැ.- බීඩි මිටියක් විතරයි සර්, අපේ සර්රුත් අදින්න උගුරක්

ප්‍ර.නි. - හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්, මොකක් කිව්වා බීඩි මිටියක් විතරයි, කොහොමද බං බීඩි මිටියකින් ක‍ටු ගේ බින්දේ?

ක.ගැ.- මෙහෙමනේ සර්, මම ටිකට් එකක් අරගෙන ඇතුලට ගියා , රෑ වෙනකම් දොර මුල්ලකට වෙලා බීඩි බිබී හිටියා,බීඩි කිව්වට බඩු මිටියකුත් දාලා තමා බිව්වේ. ඒ දුමට මුරකාරයෝ මත් වෙලා නින්ද ගියා ,  රෑ වුනාම ඇඟිලි සලකුණු තුනක් තියලා, මම බඩුයි කඩුයි අරගෙන ආවා, හරිම සිම්පල් පැලෑනක් අපේ සර්,

ප්‍ර.නි-  පැලෑන නම් මරු බං, ඒත් උඹ  ඇඟිලි සලකුණු තුනක් තිව්වේ මොකද ? ඉඳා උගුරක් ඇදලම කියහං

ක.ගැ.- ඇයි සර් මේ වැඩේ කලේ මම විතරක් කියලා පේන්ටනේ සර්,

ප්‍ර.නි.- හොඳා හොඳා කොල්ලෝ දැන් කියපන්කෝ උඹ දොරවල් වහලා තියෙද්දී රෑ ක‍ටු ගෙයින් එලියට ආවේ කොහොමද  කියලා..

ක.ගැ- හි හි .. සර් ඕකත් වැඩක්ද? මම අරන් ගිය බෙඩ් ෂීට් එක උඩ තට්‍ටුවේ ජනේලෙක ගැට ගහලා බිමට බැස්සා.

ප්‍ර.නි.- ඈ බං කොල්ලෝ උඹ අරං ගියේ බීඩි මිටියක් ඉතරයි කිව්වා නේද?කොයින්ද බෙඩ් ෂීට් එකක්

ක.ගැ- මෙහෙමනේ සර්. ඔන්න මම බඩු ටිකත් අරගෙන එලියට එන්න කියලා බලන කොට තමා දැක්කේ ෂීට් එක ගෙදර අමතක වෙලා ඇවිත් කියලා. මම ටක් ගාලා ගෙදර දුවලා ෂීට් එක  අරගෙන ආපහු ඇවිත් ඒක ජනේලේ ගැට ගහලා ඒක දිගේ  එලියට ආවා. අරිනේ අපේ සර්.ඕන් ඒනම් අපි ගියා සලාම් කිව්වා.

 ප්‍ර.නි- රායිට් සනා ,ඒත් මට එක දෙයක් කියපන්කෝ, ඒක ඕෆ් රෙකෝර්ඩ්, මොකද බන් උඹ ඔච්චර වටින දේවල් තියෙද්දී ඔය උස්සන් යන්ටත් අමාරු කඩු අරන් ගියේ?

ක.ගැ- මේකනේ සර්,මේ දවස් වල කඩ්ඩ නැතිව මොකුත් කරන්ට බෑනේ අපේ සර්