Showing posts with label පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. Show all posts
Showing posts with label පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය. Show all posts

Wednesday, February 1, 2017

හොර උපාධි කඩේ පිළිගනු !


 

අද ලැබුණ තීන්දුව ගැන අප වඩා බියවිය යුත්තේ SAITM ශිෂ්‍යයන්ට වෛද්‍ය පත්වීම් ලැබෙන නිසා නොවේ, නිදහස් අධ්‍යාපනයේ මළගම නිසාත් නොවේ (ඔය කියන නිදහස් අධ්‍යාපනය මියගොස් ...බොහෝකල්‍ ය) , අධිකරණයේ ස්වාධීනත්වය පරශ්නකාරී වන නිසාත් නොවේ... සැබෑ ප්‍රශ්ණය ගරු අධිකරණය විසින් නිර්වචනය කර ඇති පරිදි වෛද්‍ය උපාධිදාරීන්ට ලංකාවේ ලියාපදිංචිය තීරණය කිරීමෙහි ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කාර්යයභාරයයි. එසේ තීරණය කිරීමේදී වෛද්‍ය සභාව (SLMC ) කෙතෙක් දුරට බලයක් උසුලන්නේද , ඇමතිවරයාට කොපමණ බලයක් ඇතිද යනුවෙන් අධිකරණ තීන්දුවෙන් පෙනීයන කාරණා ඇඟ කිලිපොලා යන සුලුය.



සයිටම් වෛද්‍ය උපාධිදාරීන්ට ලියාපදිංචිය ලබාදෙන ලෙස දුන් තීන්දුවේ පදනම ආරංචි වන ආකාරයට මෙසේයි. මේ කරුණු වෙනස් විය හැක.


වෛද්‍ය උපාධිදාරීන්ට ලියාපදිංචිය ලබා දීමේදී ශ්‍රිලංකා වෛද්‍ය සභාවට නෛතික බලතලයක් නැත. ඇත්තේ නිර්දේශ නිකුත්කිරීමේ හැකියාව පමණි. එම නිර්දේශ යන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාටය. එසේ නිකුත්කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ හෝ නිශේදනය කිරීමේ සම්පූර්ණ බලය ඇත්තේ සෞඛ්‍ය ඇමති වරයාටය. මීට පෙර වෛද්‍ය සභාව  මගින් සයිටම් ආයතනය වෛද්‍ය උපාදිය ලබාදීමට අවශ්‍ය සුදුසුකම් ලබා නැතිබවට වාර්තා අමාත්‍යවරයාට ඉදිරිපත්කර ඇත. මෙතෙක් කල් සයිටම් සම්බන්ධයෙන් එසේ නිකුත් කල නිර්දේශය සෞඛ්‍ය ඇමතිතුමා විසින් (කුමක් හෝ හේතුවකට )සැලකිල්ලට ගෙන නැත. අධිකරණ නියෝගය වන්නේ එසේ සැලකිල්ලට නොගැනීම වරදක් බවත්, එය වරදක් ලෙස සලකා දඬුවම ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සයිටම් උපාධිදාරීන්ට ලියාපදිංචිය ලබා දීමයි. මීට එහා ගිය දඬුවමක් ඇමතිට ලබා දී නැත.
දැන් අධිකරණය අර්ථකථනය කරන පරිදි කුමන හෝ තත්වයක තිබෙන වෛද්‍යපීඨයක උපාදිය පිලිගැනීමේ සහ එයින් එලියට එන වෛද්‍ය උපාධිදාරියෙකුට වෛද්‍යවරයකු ලෙස ලංකාවේ ලියාපදිංචි වී වැඩ කිරීමේ යෝග්‍යතාව නිර්දේශකිරීමේ SLMC 'නිර්දේශ' පිලිගැනීමේ හෝ නොගැනීමේ හැකියාව සෞඛ්‍ය ඇමතිවරයාට ඇත. එය සිදුවන්නේ ඔහුගේ දැනුමේ අවබෝධයේ හැටියටය. ( ලංකාවේ සිදුවිය හැකි possibilities , scenarios ගැන මතක් කර හිරිගඩු පිපෙන හැටි බලන්න )




ඉතින් මේ කියන හැටියට ලංකාවට SLMC එකක් මොකටද? සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙපමණ සංවේදී කරුණක් නියාමනය සිදුවිය යුත්තේ ඇමති අතින් නම් මේ රටේ සෞඛ්‍යයේ අනිත් තැන් නියාමනය කරන්නේ මොන එකකටද? Guidelines, protocol, training programs , researches, inquiries කර මේ quality එක පවත්වාගැනීමට මෙච්චර මහන්සියක් වෙන්නෙ මොකටද? මේ ඕනෙම එකක් අභියෝගයට ලක් කිරීමේ හැකියාව දැන් ලැබී ඇත. SLMC හි ශක්තිය දැන් ප්‍රශ්න කර හමාරය. මේ හානිය මෙතනින් නවතින එකක් නැත. උදාහරණයකට ගතහොත් වෛද්‍යසභාවෙන් නියාමනය කෙරුණු pharmacy, nursing, paramedics, dental ආදී අංශ ගණනක් මේ මගින් ඉතිහාසයේ නොවූ විරූ තරම් ප්‍රශ්න වලට මුහුණ දෙනු ඇත. මෙච්චර කාලයකට අවම බලපෑමක් යටතේ ලංකාවේ සෞඛ්‍යය නියාමනය කරපු SLMC හි ඩියුටි එක ජෝක් එකක් කර ඇත. මෙය වහා නිවැරදි කර ගත යුතුය. SLMC රැක ගැනීමට , එහි නෛතික සිදුරු වසා සවිමත් කිරීමට පුලුල් නීතිමය, දේශපාලන ක්‍රියාවලියක් දියත් කල යුතුය. ජනවාරි 8 ස්වාධීන කොමිෂන් සභා ගැන සිහින දැක දැක මේ ආණ්ඩුව පත්කරගත්ත මිනිස්සුන්ට අඩුම තරමේ මෙච්චර කල් පොඩ්ඩක් හරි ස්වාධීනව වැඩ කරපු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වත් රැක දිය යුතුය.(https://www.facebook.com/FreeEducationSL/?hc_ref=NEWSFEED)


Thursday, December 17, 2015

සයිටම් සහ සායන

 
 

ඔන්න මම  පටන් ගත්තා " ලර්නර්ස් " එකක්,
හැබැයි වාහන නම් නැහැ..............................


පොඩි හෝල් එකක තියරි පටන් ගත්තා කියහන්කෝ
ලෙක්චරස්ලා විදියට හිතවතුන් කීප දෙනෙකුත් බඳවා ගත්තා


හැබැයි උන්ගෙන් සම හරක්ට ලැයිසන් නෑ තමයි.. තමයි.. ඉතින්
පොත බලාගෙන තියරි උගන්නන්න ලැයිසන් ඕනෑය?

දැන් මේකේ ශිෂ්‍යන්ට කියලා නඩුවක් දාන්නයි හිතන් ඉන්නේ
ප්‍රැක්ටිකල්වලට ලංගම බස් ඉල්ලලා


අවුලක් නෑ ෂුවර් එකට හම්බ වෙනවා
මොකද ප්‍රවාහන ඇමතිගේ දුවත් ලැයිසන්  ගන්න හදන්නේ
මගේ ලර්නර්ස් එකෙන්.