Thursday, December 17, 2015

සයිටම් සහ සායන

 
 

ඔන්න මම  පටන් ගත්තා " ලර්නර්ස් " එකක්,
හැබැයි වාහන නම් නැහැ..............................


පොඩි හෝල් එකක තියරි පටන් ගත්තා කියහන්කෝ
ලෙක්චරස්ලා විදියට හිතවතුන් කීප දෙනෙකුත් බඳවා ගත්තා


හැබැයි උන්ගෙන් සම හරක්ට ලැයිසන් නෑ තමයි.. තමයි.. ඉතින්
පොත බලාගෙන තියරි උගන්නන්න ලැයිසන් ඕනෑය?

දැන් මේකේ ශිෂ්‍යන්ට කියලා නඩුවක් දාන්නයි හිතන් ඉන්නේ
ප්‍රැක්ටිකල්වලට ලංගම බස් ඉල්ලලා


අවුලක් නෑ ෂුවර් එකට හම්බ වෙනවා
මොකද ප්‍රවාහන ඇමතිගේ දුවත් ලැයිසන්  ගන්න හදන්නේ
මගේ ලර්නර්ස් එකෙන්.

29 comments:

  1. ඔය කයිය ගැහුවට අනිත් ලර්න්ස් වලටත් කාර් නැහැ ඒවා ආණ්ඩුවෙන් පිනට දෙන ඒවා. එවලින් එලියට එන එවුන් ප්‍රයිවට් බස් කාරයන්ටත් හපන්. ඔය අඩන්නේ මගියෝ ගැන හිතල නෙමේ. රූට් එකේ ඉන්කම් එක සහ දොලපිදේනි අඩුව්වී කියල බයට.

    ReplyDelete
  2. ඔය වැල් බයිලා කිව්වට අර සාලියපුර ලනර්ස් එකෙන් ලයිසොන් ගතිපු කට්ටියට එහෙම බරවාහන ලයිසොන් එකට ඉගැන්නුවේ ත්‍රීවීල් ඩ්‍රය්වර් ල නේ. තව ඇස් පෙන්නේ නැති කන් ඇහෙන්නේ නැති විවේකයෙන් ඇදට වෙලා ඉන්න ඕනේ ආදී කාලේ ලංගමේ එලවලා පැන්ෂෝන් ගිය කොයි වෙලේ දිව්‍යලෝකේ යාවිද කියන්න බැරි ආත්තල මුත්තල ටිකකුත් හිටියලු ත්‍රීවීල් කාරයෝ වහගෙන. අනේ නිකම් යන්න මෙයා බයිලා නැතුව. වම දකුණ මාරුවෙලා කපලා දාන, කාර් පර්මිට් එකෙට ලොල් වෙලා මිනිස්සුන්ට එලෝ පොල් පෙන්නන, ලෙඩට බේත් ගන්න ආපු කෙල්ලෝ දුෂණය කරලා 6 වෙනි තට්ටුවෙන් බිමට දාන උබල වගේ ඩ්‍රයිවර්ලා කොහෙන් අවත ත්‍රීවීල් දයිවර්ලට වැඩිය වෙනස් කොහෙද තියෙන්නේ ? නිකමට හරි ලෝකේ පිලිගතිපු හරි හමන් ලර්නස් එකකින් ලයිශෝන් ගතිපු එකෙක් දැකල කතාබහ කොරල ඉගෙන ගනින් ලයිශෝන් එක තියෙන්නේ මොකටද කියල. උබලගේ ක්ලිනිකල් හොදයි. එත් උබලගේ immunology, molecular diagnosis, bio-medical, phase trails, developmental biology වගේ ඒවගේ දැනුම අන්තිමයි. අනුන්ට ඊරිරිය කොරන වෙලාව පොතක් කියවල ඒවා ටිකක් ඉගෙන ගන්න බලාපන් මලයා. නැතිනම් උබත් ලුලා නැති වලේ ඉන්න පණ්ඩිතයෙක් විතරයි.

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ බස් ලයිෂන් ගන්න ඉගෙන ගන්න තියෙන ජාති!

      Delete
    2. Prashne thiyenne ona monawa iggannuwath ewa therum ganna okata yana ewunta molayak nathi eka.

      Delete
    3. immunology, molecular diagnosis, bio-medical, phase trails, developmental biology igenna ganna kalin AL bio, chemistry walata A ekak dala indapan.

      Delete
    4. chemistry වලට නම් A එකක් තියෙනවා බන්. ඒ වුනාට ඉතින් bio කලේ නැති හින්ද Bio A එකක් එන්න නම් අර මහින්ද මහත්තයාගේ කාලේ ආපු විදියට results මාරු වෙලාඑන්න ඕනේ. එක නෙවෙයි බන්, කරන්න කලින් ඔය ඔක්කොටම කලින් මොන්ටිසොරිය ටීචර් දීපු සහතිකේ, ඉස්කෝලේ 1 වසරට යන සම්මුඛ පරීක්ශනේ ලකුණු ගණන, 5 ශිෂ්‍යත්වේ ලකුණු ගණන, 9 වසරේ තාක්‍ෂණ විභාගේ සහතිකේ, O/L වැඩ 10 A දන්න එහෙම ඕනේ නැද්ද බන් එතකොට ? chemistry bio A විතරද උබට ඕනේ ? physics ඕනේ නැත්තේ උබට physics අමාරු නිසා A දාගන්න බැරි වුන හින්දද ? :D

      Delete
    5. //physics ඕනේ නැත්තේ උබට physics අමාරු නිසා A දාගන්න බැරි වුන හින්දද ? :D//

      දිස්ත්‍රික් පදනම මත Physics සාමාන්ය සමාර්තයක් වත් නොමැතිව උපාදිය දිනූවෙක් ද අප ගේ අමාවක ?

      Delete
  3. ඩ්‍රැයිවර්ලා ගේ වරදින් මගීන්ට සිදුවූ සදාකාලික ආබාධ.
    නඩු නැත!
    http://ahasenenna.blogspot.com/2015/12/blog-post_16.html

    ReplyDelete
  4. ඉතිං මොකෝ ලංගම බස් දුන්නම තියන අවුල? ලංගම බස් කියන්නෙ ඔහෙලගෙ අම්මගෙ අප්පගෙ බූදලේ නෙවෙයිනෙ. එව්ව මේ රටේ පොදු දේපල. පොදුවෙ හැමෝටම යහපතක් වෙන දේකට පොදු දේපල යෙදෙව්වම ඉතිං මොකෝ?

    කුහකකමටත් සීමාවක් තියෙන්න ඕන මහත්තයෝ...

    ReplyDelete
    Replies
    1. Ekane ban umbatath salli tibunanam umbath bus elawawane. dan ithin jack gagaha indapan.

      Delete
  5. Ane pala yanna umbayi maayi danna bus. Pol booruwa

    ReplyDelete
  6. එතකොට අර ලංගම බස් වලට යන මගීන්ගේම සේවයට අවශ්‍යම වෙන ලෝක ප්‍රවාහන සන්විධනෙත් නිර්දේශ කරපු රියදුරු සහයක අයට කොන්දොස්තරලාට ලයිසන් දෙන "para-driving licence" අවුරුදු 4 පුහුණු කාලය අවුරුදු 3 කරන්න, බස් වල පුහුණුව ඕකුන්ට අයිති නෑ අපිට විතරයි ඒවා ඕනේ කියල කිව්වේ කටින්ද උබලගේ තියෙන්නේ තනිකර කුහක කම. උබලගේ නොදන්නා කම් එලිවෙනවට තියෙන බය. එනිසා තමයි උබල ආණ්ඩුවේ සම සෞක්‍ය උපාධියටත් වැඩේ දෙන්න තැටමුවේ. යකෝ ආණ්ඩුවෙන් උන්ට දීපු අවුරුදු 4 උපාධිය අවුරුදු 3ට අඩු කරන්න කියල ටීවී එකේ මාධ්‍ය සාකච්චා වලටත් අවා අර හේ#ත් කියන අවජාතක කාලකන්නි බල්ලා. එහෙවු තොපි දැන් නිදහස් අද්‍ය්පනේ සුරකින්න කතා කරන්නේ රෙද්දක් ඇදගෙනද ? උබල ඔය සයිටම් එකට කෙලින්න හදන්නේත් වෙන මගුලකට නෙවෙයි හීනමානය ඊරිසියාව නිසා. අශුචි අනුභව කලත් ඒක හැඳි ගෑරුප්පු වලින් කාපන් ඇග පුරා ගාගන්නේ නැතුව. අනුන්ට ඔය තරම් ඊරිසිය කරන උබල වගේ එවුන් මැරෙන්නේ පනුවෝ ගහල. යකෝ PP කරලා සල්ලි හම්බකරපන්. මහන්සිවෙලා ඉගෙනගෙන හිගන්නෝ වගේ ඉන්න කියල අපි කියන්නේ නෑ. හොද පඩියක් අරගෙන හොදට ජීවත් වෙයල්ලා. එත් අනික් එවුන්ටත් ඒ අයිතියම තියෙන බවත් තේරුම් ගනිල්ලා. කාර් පෙර්මිට් එකට ස්ට්‍රියික් කරලා බුලත් විට ට රෙද්ද උස්සන වීදි ගණිකාවෝ වගේ වෙන්න එපා. දොස්තරලා දෙවිවරු වගේ කියල ගමේ අහිංසක මිනිහ කියන වචනේ නම්බුව තියාගනින්.

    ReplyDelete
  7. කොච්චර ඊරිසියාවද කියලා කිවුවොත් අමාවක ගේ පස්ස ගිනිගන්නවා....

    ReplyDelete
    Replies
    1. Umagenam deela deela passe gini niwila athine

      Delete
    2. // Umagenam deela deela passe gini niwila athine //

      ඔන්න ඔන්න ඊරිසියාව අවර ගනයේ වචන වලින් එලියට පනිනවා....

      සන්සුන් වන්න අමාවක පින්වත....

      ඔය පිරිත් පැන් වලඉන් ගිනිගන්න පස්ස පැත්ත නිවාගන්න...

      Delete
    3. It was not me. I will answer u all tomorrow kalamdiriya

      Delete
    4. epa ube answer one na. irisyawe palila marila kunuwela pala wena kohe hari gihin. thopi wage aga pura wisa duwana ewwo kunuwunoth e palatjema pastikath wisa wewi.

      Delete
  8. කාගෙන් ඉගෙන ගත්තත් මොකෝ .... අනේ ,... වැඩේ කෙරෙනවා නම් .... සහතික වැදගත් නෑ.... නාහෙට අහන්නේ නැත්නම් driving පිහිටනවා .sure

    ReplyDelete
  9. තියෙන ඒව වහන්න කියල ඉල්ලන්නෙ නැතුව ඒවයේ ගුණාත්මක භාවය වැඩි කරගන්න අරගල කලානම්
    සල්ලි නැති එවුන්ටත් යන්න පුලුවන් වෙන්න සිසු ණය ක්‍රමයක් හදන්න අරගල කලානම්
    එහෙමනම් තමයි පිලිගන්න පුලුවන් උඹල හිතන්නේ මඟියන් ගැන.
    තියෙන ඒව වහන්න කියන්නෙ ඉරිසියාව නෙමෙයි ඩ්‍රයිවර්ල ගාන සීමා කරල වාසි ගන්න මිසක් වෙන කිසිම දේකට නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉයන් අපේ රටේ ගැනුන්ව විකුනන්න ඕනේ නැහැ හොද විශ්විද්‍යාල ටිකක් දාල දැනුම විකිණුවා නම්. බංගලාදේශේ, පිලිපීනෙ, ඉන්දියාව හොදට ඒක කරනවා. අපේ ඉන්න උගත්තු ටික හොදම ඇති අඩුමුදලට දැනුම ලෝකෙට විකුනන්න. ඩොලර් රටට ගෙන්න පුළුවන් පලදායී වගේම නම්බුකාර විදියක්. තවමත් අපිට හොදටම පුළුවන් මාලදිවයින, නයිජීරියාව වැනි රටවලට දැනුම විකුනන්න. ටෙක්නිකල් යුනිවර්සි ටිකක් පටන් ගන්න විතරයි ඕනේ. පිටරවලින් වැඩිපුර ශිෂයෝ ආවොත් අපේ ළමයින්ට ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්නත් පුළුවන් සමහර රටවල් කරනවා වගේ. ජර්මනිය නම් දැන් පිටරටින් එන ළමයින්ටත් නොමිලේ අද්‍යාපනය ලබාදෙනවා. එතකොට අවුරුදු 20කින් විතර ලංකාවෙත් ඉන්න හැමෝම වගේ උපාධි දාරියෝ වේවි. ඒක හොද අපරාධ අඩු සමාජයකට ලොකු උදව්වක් වේවි. ගොඩක් එවුන් හිතන්නේ තමුන්ගේ දරුවා විතරයි ඉහලට යන්න ඕනේ අනික් එව්වෝ පහල ඉන්න ඕනේ කියල. උබලගේ දරුවෝ දොස්තර උපාධියට වලට යවන කොට එහගෙදර ඉන්න හිගන්නාගේ දරුවටත් උබලගේ වියදමෙන්න හරි තාක්ෂණ උපාධියක්වත් ලබාදුන්නොත් විතරයි උබලගේ දරුවොන්ට නිදහසේ හිතේ බයක් නැතුව ජීවත් වෙන්න ලැබෙන්නේ. එත් උබලගේ දොස්තර දරුවෝ ඉන්න කිට්ටුව ඉන්න එහා ගෙදර එකගේ දරුවා කුඩ්ඩෙක්, පාතාලයෙක් වුනොත් උබලගේ දරුවට ඔය දොස්තර සල්ලි තිබුනට නිදහසේ ජීවත්වෙන්න් ලැබෙන්න නෑ. කලමදිරියා වගේ කුහකයන්ට තෙරෙනේ නැත්තෙත් ඕකමයි.

      Delete
  10. අධ්‍යාපනයත් සෞඛ්‍ය සේවයත් මුදලාලිකරණය කර විකුණාගෙන කෑම මේ හැම ආණ්ඩුවේම ප‍්‍රතිපත්තියයි. ඒ ප‍්‍රතිපත්තියට කියන්නේ නවලිබරල් ප‍්‍රතිපත්තිය කියායි. ඒ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට මරාගෙන මැරෙන ඇමැතිවරු මේ හැම ආණ්ඩුවකම සිටියා. ඔවුන්ට මුදලාලිකරණය වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිතෙන්නේ ප‍්‍රතිපත්තිමය කරුණු නිසා පමණක් නෙවෙයි. ඔවුන්ට ලැබෙන අල්ලස් මුදල් කුට්ටි වගේම තමන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙනුත් ඔවුන් ඒ මැදිහත්වීම කරනවා. පසුගිය කාලේ කිව්වේ ඥාති සංග‍්‍රහය හෙවත් පවුල්වාදය මහින්ද රාජපක්ෂගේ ලක්ෂණයක් කියලා. ඒත් පවුල්වාදය ලංකාවේ පාලක පන්තියේම අඩු වැඩි වශයෙන් පවතින ගුණයක්. මහින්ද රාජපක්ෂ කියන්නේ ඒක මොන තරම් ජුගුප්සාජනකද කියලා සමාජයේ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නපු කෙනා. මේකට වාමාංශිකයන් කියන්නේ පසුගාමී ධනවාදය කියලා. පවුල්වාදය පරාජය කළා කියලා සතුටු වෙලා අවුරුද්දක් යන්නත් කලින් අපට ආපහු පවුල්වාදය ගැන අලූ‍ත් උදාහරණ සාකච්ඡුා කරන්න වෙලා තියෙන්නේ ඒ නිසයි. අද අපට මේ ගැන කියන්න කතා දෙකක් තියෙනවා. කතා දෙක, දෙකක්ද එකක්ද කියලා ඔබම තීරණය කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම කතා එකක් බන්. තොපේ ඉර්රිසියව. ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමේ ඇති කරපු හඩ්සන් සිල්වා වගේ උතුම් වෛද්‍යවරුන්ටත් උබලගේ ඔය කුහක කම නිසා කොච්චර හරස් කැපුවද ? ඒ මනුස්සයාගේ වෛද්‍ය උපාධිය රුසියානු එකක් කියල තොපේ ඔය සායනික දැනුම ඇරෙන්න මෙලෝ මගුලක් නොදන්නා ගොන් වහසේලා කොච්චර අපහාස කරාද. රෝහල් වලම හිටිය උබල තේරුම් නොගත්ත දේ අර රේමන්ඩ් මල්ශාලාවේ අයිතිකාරයෙක් වෙන ආසියාවේ ඉන්න ලාබාලම full qualified embalmer වෙන ෂනොන් රේමන්ඩ් පත්තරේට කියපු දේවල් වලින් වත් ඉගෙන ගන්න බලපන්. ඒ මිනිහ රස්සාවට මිනී කැපීමෙන් ජීවිතේ ගැන තේරුම් ගතිපු දේවලින් දශමයක් වත් තේරුම් අරගෙන නෑ උබල තේරුම් අරගෙන නෑ ප්‍රැක්ටිකල් වලට මිනී කැපුවට. ඔච්චරම කුහක වෙන්නෙපා බන් මැරුණම කුණුවෙන්නත් දෙයක් ඉතුරු වෙන්න එපාය. දැන්ම ඔය තරම් ඉරිසියාවේ කුනුවුනොත් මොකක්වත් ඉතුරු වෙනෙකක් නෑ.

      Delete
  11. පළමු වැනි කතාව
    ලංකාවේ නීතියට අනුව ලංකාවේ රෝගීන්ට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරු අනිවාර්යයෙන්ම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුයි. එලෙස ලියාපදිංචි නොවී ප‍්‍රතිකාර කරන වෛද්‍යවරු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනෙනවා. රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සියලූ‍ දෙනාම එලෙස ලියාපදිංචි වූ සුදුසුකම් සහිත වෛද්‍යවරුන් බවට
    රෝගීන්ට සහතිකයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය වගකීමක් තිබෙනවා. නමුත් පෞද්ගලික රෝහල්වලින් ප‍්‍රතිකාර ගැනීමේදී අපට තිබෙන සහතිකය කුමක්ද? පෞද්ගලික රෝහල්වල ප‍්‍රධාන අරමුණ සේවයක් සැපයීම නොව වැඩි වැඩියෙන් ලාභ ඉපයීම නිසා මේ ගැන සහතිකයක් නෑ. නමුත් වැඩි වැඩියෙන් ලාභ උපයන්න නම් රෝගීන්ගේ විශ්වාසය දිනා ගත යුතු නිසා පෞද්ගලික රෝහල් මේ දක්වා යම් ප‍්‍රමිතියක් පවත්වා ගත්තා. මේ තත්වය වෙනස් වුණේ දේශපාලන හිතවත්කම මත රජයේ බැංකුවල මුදල්ම ණයට ගෙන පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන ‘‍පාදඩ මුදලාලි පැලැන්තියක්’‍ මතු වීමත් සමඟ. ඒ සඳහා හොඳම නිදසුන මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල පවත්වාගෙන යන සමාගම. ලංකාව වගේ පසුගාමී ධනවාදයක් සහිත රටක පෞද්ගලිකකරණය ගමන් කරන්නේ මේ දිශාවට තමයි කියන වාමාංශිකයන් නම් කියන්නේ මේක අහම්බයක් නෙවෙයි, අනිවාර්යක් කියලා.
    පසුගියදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පොලිස් මුලස්ථානයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක් කළා. ඔවුන් ඒ පැමිණිල්ල ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවටත් යොමු කළා. ඒ පැමිණිල්ලට අනුව මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් අතර ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් වගේම අදාළ විෂයයන් සඳහා සුදුසුකම් සපුරා නැති වෛද්‍යවරුන් සිටිනවා. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය වසර පහකට වරක් අලූ‍ත් කළ යුතුයි. මේ වෛද්‍යවරුන් එලෙස ලියාපදිංචිය යාවත්කාලීන කරගෙන නැහැ. මේ පැමිණිල්ල සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය පාදක කර ගෙන තිබුණේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ වෛද්‍යවරුන්ගේ නම් ලැයිස්තුව සහ වෛද්‍ය සභාවේ යඑඑචථරැුරැුඅඅඅගිරසක්බන්පැාසජ්කජදමබජසකගදරටරැුරුටසිඑරහගචයච නිල වෙබ් අඩවියේ සඳහන් ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය.

    එම නාම ලේඛනයට අනුව දීපාල් සේනක වීරසේකර, ටී.බී. දිසානායක, පී.ඒ.එස්.ආර්. පතිරණ, රසික මුතුකුඩ, රන්දුල සමරසිංහ, එස්. සිවකුමාර්, කුලසිරි බුද්ධකෝරාළ, කරු නානායක්කාර, හිරාන් විමල් අමරසේකර, චමින්ද අල්ගම, ඒෂණ ද සිල්වා, සවීන්ද්‍ර සමරසේකර, රන්ජිත් ජයවර්ධන යන වෛද්‍යවරුන්ගේ නම් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍ය ලියාපදිංචි නාම ලේඛනයේ සඳහන් වන්නේ නෑ. ඒ අතරින් ඇතැම් අය සේවය කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් ලෙස නිසා අවදානම තවත් බරපතලයි. මෙසේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ වෛද්‍යවරු අතර මාදුළුවාවේ සෝභිත හිමිට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයාත් සිටින බව වාර්තා වෙනවා. සෝභිත හිමි අපවත් වුණේ මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ප‍්‍රතිකාර වැරදීමෙන් බවට බෞද්ධ භික්ෂූන් වහන්සේනමක් කළ පැමිණිල්ලක් මේ වන විට වෛද්‍ය සභාවේ විභාගයට ගැනෙමින් පවතිනවා. මේ වෛද්‍යවරුන් නීත්‍යානුකූලව ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් බව හෙළිදරව් වුණේ ඒ අතර. මේ තරම් බරපතළ ප‍්‍රශ්නයක් වෙලත් පැමිණිල්ලක් ලැබී තිබියදීත් පොලිසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ක‍්‍රියාත්මක නොවෙන්නේ ඇයි? දෙවැනි කතාවේ තියෙන්නේ ඒ අබිරහස.

    ReplyDelete
    Replies
    1. //පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන ‘‍පාදඩ මුදලාලි පැලැන්තියක්'// ඒතකොට උදේ 8 ට කලින් සහ හවස 4න් පස්සේ ඒ පාදඩ මුදලාලි පැලැන්තියේ කියල උබ කියන ඔය රෝහල් වල චැනල් කරන අයටත් ‘‍පාදඩ දොස්තර මුදලාලි පැලැන්තියක්' කියලද අපි කියන්න ඕනේ ? මචන් තමුන්ගේ සේවාව හරියට කරලා ඊට පස්සේ වෙලාවේ රටේ මිනිස්සුන්ට තමුන්ගේ දැනුමෙන් සේවයක් කරලා සාධාරණ අයකිරීමකින් අදායමක් ලබන එක වැරදියි කියල මම නම් කියන්නේ නැහැ. ඒවගේම කියමු බලන්න අර වම වෙඅනුවට දකුණ කපපු එකාට, මාතර කෙල්ලගේ අත කපන්න ව්වෙන තැනට වැඩ සැලැස්සුව එවුන්ට උබේ ඔය වෛද්‍ය සභාව අහවල් එකද කොලේ ? තොපේ ඔය සභාව මාතර කෙල්ලගේ අත කපන්න සිද්ද කලාට චෝදනා පත්‍ර දුන්නම උබල ඔය සභාව ප්‍රතිකාර ප්‍රමාණය 90% කින අඩු කරන්න කියල උපදෙස් දුන්නේ නැද්ද උන්ට ? රාගම මනොවදිය සයනයට අපු පොඩි කොල්ලෙකුට අතවර කරපු මනෝවෛද්‍ය විශේෂඥය තව උබේ ඔය පාදඩ සභාවෙන්ම රකිනවා නේද ? උබේ සභාවත් කොරන්නේ අර ආණ්ඩුවෙන් නිදහස් අධ්‍යපනෙනේ සම සෞක්‍ය උපාධි එවුන්ගේ අද්‍යන කාලය අඩු කරන්න කියනවා වගේ පාදඩ වැඩම විතරයි.

      Delete
  12. දෙවැනි කතාව

    මේ ප‍්‍රශ්නයට රාජ්‍ය මැදිහත්වීම නැති වීම පසුපස පැහැදිලිවම දේශපාලන බලපෑමක් තිබෙනවා. ඉස්සර නෙවිල් ප‍්‍රනාන්දු බේර ගන්න, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යානුකූල කරන්න මැදිහත් වුණේ එස්.බී. දිසානායක. ඒ සඳහා ඔහුට බලපෑවේ ප‍්‍රතිපත්තිමය කරුණු පමණක් නෙවෙයි. එස්.බී. සියලූ‍ සමාජ ආරක්ෂණ සේවාවන් වෙළෙඳ භාණ්ඩ බවට පත් කරලා, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය ආදී සේවාවන් පෞද්ගලිකකරණය විය යුතුයි කියන නවලිබරල් ප‍්‍රතිපත්තියේ සිටින කෙනෙක්. නමුත් අධ්‍යාපනයයි, සෞඛ්‍ය සේවයයි මුදලාලිකරණය කරන්න නෙවිල් ප‍්‍රනාන්දු එක්ක එස්.බී. අත්වැල් බැඳ ගත්තේ පවතින නීති පවා උල්ලංඝනය කරමින්. (රාජපක්ෂ පාලන කාලය තුළ තිබුණු ඒ තත්වය යහපාලනයට ආවැඩූ වෘත්තිකයන් හැඳින් වූයේ ‘‍අවනීතිය’‍ ලෙස. එයට පිළිතුර ලෙස ඔවුන් ඉදිරිපත් කළේ ‘‍නීතියේ ආධිපත්‍යය’‍.* මේ යාළුකම පිටුපස අල්ලස් ගනුදෙනුවක් තිබෙනවාද කියලාත් ඒ දිනවල සැකයක් මතු වුණා. ඒක ඔප්පු කරන්න බැරි වුණත් සැකය දිගටම පවතිනවා.
    ඒ අතර රාජපක්ෂ පාලනය බිඳ වැටුණා. ඒ සඳහා පවුල් පාලනයට එරෙහිව සහ අවනීතියට එරෙහිව ඉදිරිපත් කළ සටන් පාඨ විශාල කාර්ය කොටසක් කළා. ඒත් අලූ‍ත් ආණ්ඩුව යටතේ මොකද වෙන්නේ? නෙවිල් ප‍්‍රනාන්දු රෝහල පැහැදිලි ලෙසම ලංකාවේ නීතිය, වෛද්‍ය ආඥා පනත උල්ලංඝනය කර තිබියදීත් නීතිය ක‍්‍රියාවේ යෙදවෙන්නේ නෑ. ඒ ගැන පැමිණිලි කරලා සතියකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබුණත් විමර්ශන කටයුතු ආරම්භ වෙලාත් නෑ. මේ විදියටනම් විමර්ශන ඉදිරියේදී කරන පාටකුත් නෑ. කෝ එතකොට අවනීතියට එරෙහිව ගෙනෙනවා කිව්ව නීතියේ ආධිපත්‍යය? නීතිය භාවිත කරන්නේ ජනතාවට එරෙහිව විතරයි. පාලකයන්ට සහ ඔවුන්ගේ මිතුරන්ට, ඥාතීන්ට ඒ නීති එකක්වත් බලපාන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, එලෙස නීතිය ක‍්‍රියාවේ යෙදවෙන්නේ නැත්තේ මේකට පවුල්වාදයත් සම්බන්ධ නිසා. එතකොට පරාජය කරනවා කිව්ව පවුල්වාදය පරාජය වෙලාත් නෑ. නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල සහ ඔහුට අයත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට මේ තරම් ලැදියාවක් හැදෙන්න හේතුව මොකක්ද කියලා අපට පැහැදිලි සාක්ෂි තියෙනවා.
    ද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීතිමය අනුමැතිය දෙන්න, ඒකට රජයේ රෝහල්වල සායනික පුහුණුව දෙන්න මේ දවස්වල ලොකු ශ‍්‍රමයක් වැය කරන්නේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න. ඔහු පසුගිය සතියේ මේ වෙනුවෙන් තමන්ටම එරෙහි නඩුවකුත් දා ගත්තා. අධිකරණ නියෝගයක් කඩ කළා කියලා රාජිතගේ අනුකූලතාවය සහ අනුග‍්‍රහය යටතේම සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නඩුවක් ගොනු කළා. තමන්ට එරෙහිව තමන්ම නඩු පවරාගෙන ඒ නඩුවේදී රජයේ රෝහල්වල සායනික පුහුණුව දෙන්නම් කියලා තමන්ම එකඟතාවකට ඇවිල්ලා මේක නීත්‍යානුකූල කරන්නයි සෞඛ්‍ය ඇමැතිවරයා සූදානම් වුණේ. ඒත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නඩුවට මැදිහත් වුණ නිසා සැලැස්ම අසාර්ථක වුණා. නඩුව ඉල්ලා අස්කර ගන්න සිදු වුණා. රාජිතට නෙවිල් ප‍්‍රනාන්දු රෝහල සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන මේ තරම් තිබෙන ‘‍ලව් එක’‍ මොකක්ද? සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ ලේලි, පුතා වන චතුර සේනාරත්නගේ බිරිඳ අධ්‍යාපනය ලබන්නේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ. ඇයගේ නම සරූපා සමන්ගි මනතුංග. ශිෂ්‍ය අංකය ඵත්‍ 121 ත්‍ 006 ඵෘ 77. ඕක තමයි හොරේ. රාජිතගේ මේ ආදරය කැස්ස වගේම හංගන්න බෑ. ඒක මුළු රටම දන්නවා. රාජිත පවුල් පාලනය, අවනීතිය ගැන ගොඩක් දේවල් කියලා බලයට ඇවිත් අන්තිමට තමන්ගේ ලේලිය වෙනුවෙන්, පවතින නීතියත් උල්ලංඝනය කරමින් හොර වෙද කඩයකට අනුග‍්‍රහය දෙනවා. මේ හොර වැඬේට සම්බන්ධ රාජිත විතරක් නෙවෙයි. උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේ‍්‍රරුගේ ඥාති දියණියන්, සොහොයුරන්ගේ දියණියන් වන
    ගොඩගමගේ විනු බිසේකා ගේ‍්‍රරු සහ සෙනුරි යසාරා ගේ‍්‍රරු මේ වෙද කඩයේ ශිෂ්‍යාවන්. දැනට මෛත‍්‍රී පිලේ සමීපතමයකු වී සිටින හිටපු අගමැති දී.මු. ජයරත්නගේ ලේලි, ඔහුගේ පුතා වන මන්ත‍්‍රී අනුරාධ ජයරත්නගේ බිරිඳ, දිලිනි හේරත් ජයරත්න අධ්‍යාපනය ලබන්නේත් මේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ. මේ ආණ්ඩුවේ වගේම පසුගිය ආණ්ඩුවේත් ප‍්‍රබලයන් රැුසකගේ ඥාති සංග‍්‍රහය ගැන උදාහරණ වෙද කඩයෙන්ම දෙන්න පුළුවන්. විජිත් විජිතමුණි සොයිසාගේ පුතකු වන ගගිඳු විජිතමුණි සොයිසා මේ සඳහා එක උදාහරණයක්.

    ඒ අනුව පළමු කතාව වන මේ සුදුසුකම් නැති පෞද්ගලික රෝහලට නීතිය ක‍්‍රියාත්මක නොවීමයි, දෙවැනි කතාව වන මැති ඇමැතිවරුන්ගේ ඥාතීන් එයට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබීමයි යන කතා දෙක අතර සම්බන්ධය ඔබට තේරෙනවා ඇති. ඔන්න ඔහොමයි ‘‍යහ’‍පාලකයෝ අවනීතිය සහ පවුල් පාලනය පරාජය කළේ.

    ReplyDelete
    Replies
    1. එතකොට අර ආණ්ඩුවේ සම සෞක්‍ය හෙද වැනි උපාධි අපේක්ෂකයෝන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව දෙන්න තිබුන සැලැස්ම ඒ කාලේදී ම අසාර්ථක කොරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දත කාවේ මොකෝ ? මම හැමතිස්සෙම සම-සෞක්‍ය සිද්දිය ගැන අයේ අයේ කියන්නේ ඒක උබලගේ ඔය බලු සංගමේ කුහක කම පෙන්නන කැඩපතක් වගේ නිසා. සයිටම් එකට රජයේ රෝහල්වල සායනික පුහුණුව විරුද්දව පුද්ගලික වෙද කඩේ කියල කියන ඉරිච්ච ජංගිය ඉස්සරහට තියාගෙන හෙළුව යන්තමට වහගත්තට සම-සෞක්‍ය උපාධි අපේක්ෂකොයෝට රජයේ රෝහල්වල සායනික පුහුණුව දෙන්න එපා එකේ අවුරුදු 4 උපාධි කාලය අවුරුදු 3ට අඩු කරන්නන කියපු කතාවල් උබලගේ හෙළුව වහගන්න නම් උබලට ඉතුරු වෙලා තියෙන්නේ කුහක දොස්තරලාට (කුහක නැති මහත්තුරු නොනලත් කීප දෙනෙක් ඉන්නවා ) පමණක් පේන සීතාම්බර සළුවෙන් ම තමයි. තමුන් විතරයි උගත් බුද්දිමත් කියල හිතාගෙන ඉන්න කුහක දොස්තරලා කුහක වෛද්‍ය ශිෂ්‍යයන් ඒ සීතාම්බර සළුවෙන් අපුරුවට පේන හෙළුව නොදැක්කට අපි වගේ මෝඩයෝන්ට උබලගේ ඔය උලවූ සභාවේත් එකේ ඉන්න ඉරිසියාවෙන් කුණුවුන එවුන්ගෙත්, වෛද්‍ය පීටවල ඉන්න සමහර කුහකයොත් හෙළුව පේනවා බන්. ඔය දැන් පෙන්නුවා ඇති. වහගනින්.

      Delete
  13. උත්තර දෙන්න බැරි නිසා නේද වෙන පොස්ට් දානවා කියල දුවන්නේ ? වෙන ඒවා දාන්න කලින් මේ දාපු එකට අපු කොමෙන්ට් ටික ඩීෆෙන්ඩ් කරගෙන ඉදපන්. එක වචනයක් කියන්න ඩොකෙක් වත් නෑ උබ ඩොක්කුන්ගේ පශ්චාත් භාගේ දිවෙන් හෝදන්න ගියාට.

    ReplyDelete
  14. එතකොට මාලබේ SAITM එක වහන්න කියලා මුන් බෙරිහන් දෙන්නෙ එතන අධ්‍යාපනයේ ප්‍රමිතියක් නැති නිසා නේ?. ඔව් ඕයි ඒකත් ඇත්ත. හදිස්සියෙ වත් මේකෙන් බිහිවෙන ඩොකෙක් අතින් ලෙඩෙක් මැරුණොත් දෙයියනේ මොන දෙයියන්ට කියන්නද? හදිස්සියෙ වත් මේකෙන් බිහිවෙන ඩොකෙක් අතින් කෙල්ලෙක්ගෙ හොඳට තියෙන අතක් කැපුවොත් එහෙම වැරදිලා මොන දෙයියන්ඩ කියන්ඩද? ඒක ලංකා ඉතිහාසයේ ඩොකෙක්ගෙ අත් වැරදීමකින් හෝ නොදැනුවත් කමක් නිසා ලෙඩෙක් මැරුණ පළවෙනි අවස්ථාව වෙනවා නේද කියලා හිතෙනකොට ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා. අනේ ඉතින් මේ විස්ස විද්යාල සිස්ස ප්‍රජාව අපිව මෙහෙම රැක බලාගන්න ඉන්න කල් අපිට බය වෙන්න නම් දෙයක් නෑ දෙයියෝ ! මොන තරම් විසාල උපද්‍රව අනතුරු වලින්ද මූලා….සමාවෙන්න….මේ උතුම් මිනිස්සු අපිව බේරගන්නෙ ඈ? නිකන් තුන් හිතකවත් තියාගන්න එපා මේ උතුං මිනිස්සු මේ අරගල කරන්නෙ තමන්ගෙ රස්සාව කුළයක් කරගෙන, ඒකට වෙන අය සෙට්වෙන එක නවත්තන්නය, රටේ ඩොක්කු වැඩි වෙනකොට උදේ පාන්ද හතරෙ ඉඳන් මජ්ජම රාත්තිරිය වෙනකල් හිටු කියලා තැන් තැන්වල ලෙඩ්ඩුන්ගෙ හිතේ හැටියට ගාණ කපන්න තියෙන මාකට් එක බෙදිලා යයි කියලා බයට වගේ අවලම් බලු කථා. හොඳේ?

    ඇහුවට තරහා වෙන් නැත්තං පුතාලා, මේ රටේ හැම හන්දියකම, කඩ පිළකම, අගු පිළකම ප්‍රයිවට් හොස්පිටල්, මෙඩිකල් සෙන්ටර්, ලේ හුජ්ජා පරීක්සා ස්ථාන එහෙම තියෙනවනෙ පුතේ !.. එව්වයෙ ප්‍රමිතිය බලලා ඒවයේ ප්‍රමිතිය නැති ඒවා වහන්න කියලා පුතාලා පාරට බහින්නෙ කවදෑ? මං නං ඉන්තේරුවෙන්ම දන්නවා අපේ ආරක්සාව ගැන, අපේ සේවාවන් වල ප්‍රමිතිය ගැන රෑද, දවල්ද කියල බලන්නෙ නැතුව, නොකා නොබී, හුලිජ්ජ බාන්ඩ පිළට වත් යාගන්ඩ වෙලාවක් නැතුව කැපවෙලා ඉන්න පුතාලා ළඟදිම ඒ වැඩේටත් අත ගහනවා කියලා. එදාට පුතාලගෙ පාවිච්චියට ගන්න ඕං මේ ආතා දැම්ම තියලා සටන් පාඨ ටිකක් ලියලා තියඤ්ඤං. අපි වෙනුවෙන් මේ තරම් කැප වෙන මේ දරුවන්ට අපට ඇහැක් හැටියෙන් එහෙමවත් උදව්වක් නොකළොත් අපි වගේ කෙළෙහි ගුණයක් නැති අසමජ්ජාති හැත්තක් තවත් ඉන්නවයැ?

    “පෞද්ගලික රෝහල් වසා දමා රජයේ රෝහල් ගණන වැඩි කරනු!”

    “ප්‍රමිතියකින් තොර ලෙඩුන් මරණ පෞද්ගලික රෝහල් “ප්‍රතිකාර කඩ” වසා දමව්!”

    “නවඕක, හාසිරි, හාසිරි සර්ජිකොල්, ඩුර්ඩාන්ස්, නෝසීස්, ලංකා ඔස්පිටාල්ස් (හැපලෝ), ආසා සැන්ට්‍රොල් රජයට පවරා ගනු !”

    “නයින් බෙල්ස් වසා දමා මාතෘ වාට්ටු ගණන, සායන ගණන වැඩි කරනු !”

    “සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය නොකරනු !”

    “නිදහස් සෞඛ්‍ය සේවය සුරකිනු! සෞඛ්‍ය විකිණීම සඳහා නොවේ!”

    “වෛද්‍ය ප්‍රතිකාර මුදළට විකිණීම වහා නවතනු !”

    “රුපියල් දෙකේ පෙත්ත රුපියල් අසූවට විකුණන තිරිසන් සමාගම් රෙපාලා පුදන රට සවාරි, තෑගි බෝග, සල්ලි එපා ! සේනක බිබිළේ ඖෂධ ප්‍රතිපත්ති ක්‍රියාවේ යොදවනු !”

    පුතාලා ඒ වැඩේට පාරට බහින දාක මේ ආතාවත් සිහි කොරලා මේ හටන් පාඨ වලින් බෝඩ් ලෑලි ලියාගෙන යන්ඩලා. එතකොට මේ ආතාගෙත් ඇහැට කඳුළක් උණයි මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය සුරකින්න ආතාට පුලුහන් හැටියට සම්මාදම් උනාය කියලා හිටං. ආතා ඩොම්බ සුවර් එකටම දන්නවා මේ මාලබේ SAITM වැඩෙන් පස්සෙ පුතාලා දූලා ඊළඟට බහින්නෙ ඒ වැඩේට කියලා. මයෙ රත්තරං පුතාලා දූලා එකතුවෙලා මේ රටේ අපිට පට්ටම නිදහස්, පට්ටම නොමිළේ, පට්ටම පට පට ආරක්ෂිත සෞඛ්‍ය සේවයක් පිහිටුවනවා කියලා මට සාදු සුවර්! ඒ නිසා මේ ඉල්ලීම් ඉටු කරපියව් කියලා කෑ දෙන්න ආතාත් පාරට බහිනවා ඕං. ඊළඟ පාර පුතාලා දූලා සංවිජානය කොරන්ඩ ඕනෑ නවදිල්ලියෙ ඉඳන් කොළඹට පාගමනක් ! මයෙ වයස බලන් නැතුව මං එනවා උඹලා එක්ක පයින් යන්ඩ! පුලුහන් නම් ඉන්දියාවෙ එව්වත් වහගෙන එමු පුතේ ඔයි ගමන්ම

    copied from damith kathaka blog

    ReplyDelete