Saturday, December 12, 2015

රනිලුන්ගේ වාසනාව නොහොත් ජාතියට බිහි වූ නව ප්‍රාඥයා


ශ්‍රී ලංකාවට ඉහල අහසේ අලුත් තරුවක් පායා තිබේ . එසේ මෙසේ තරුවක් නොවේ. ගුරු තරුවක්ය. එතුමාගේ ප්‍රඥාව දෙගොඩ තලා යන්නේ රාජාංගනයේ වාන් දොර‍ටු ඇරිය විට වම් ඉවුරේ ඇල උතුරන ලෙසටය. කළු ගඟ වැහි කාලයට උතුර උතුරා ගොඩ ගලන ලෙසය. එවන් වූ බුද්ධිමය පුංජයක් ලක් පොලව මත කිසි දා පහල වී නැති ලෙසකි. ඔහු අසලදී  කොග්ගල ප්‍රාඥයා හිරු අබියස කදෝ පැනියෙක් බඳුය. ඉදින් කදෝ පැනියෙක් අබියස කියනු කුමක්ද?

අප මේ කියන්නේ  කවුරුන් ගැනදැයි කියන්නට  කලින් එතුමාගේ දර්ශනය  කුමක්දැයි බලමු.

1. ලංකාවේ සිටින්නේ ගතානුගතික මාක්ස්වාදීන්ය. ඔවුන් වැඩ කරන්නේ නිර්ධන පංතික ආඥාදායකත්වයක් පිහිටු වීම සඳහා ය.  අපේ උතුමාට අනුව ඒක වැරදිය. ඔවුන් කළ යුතුව ඇත්තේ තමන් කරන පරිදි දනපති ආණ්ඩුවක් බලයට ගෙන ඒමට උදව් කිරීමය

2. නිර්ධන පංතියට නායකත්වය දිය යුත්තේ මාක්ස්වාදි පක්ෂ නොව  යූ ඇන්පිය බඳු ධනපති පක්ෂයි.

3. රජයේ සේවකයින්ට, දොස්තරලාට ශිෂ්‍යයින්ට ‍රැකියා විරහිතයින්ට වර්ජන, උද්ඝෝෂණ  කිරීම තහනම්ය. මක් නිසාද යත් ඔවුන්  නිර්ධන පංතිය නොවේ. ඔවුන් නිර්ධන පංතිය නොවන්නේ තමාගේ නවීන දර්ශනය අනුවද නැතහොත් ගතානුගතික මාක්ස්වාදය අනුවද යන්න කීමට එතුමාට මදක් අමතක වී තිබේ

4. සියවසකට වැඩිකාලයක් තිස්සේ ගතානුගතික මාක්ස්වාදින් ගෙනගිය  පංති විග්‍රහය ම ව්‍යාජයක් බව අප මහත්මා සොයා ගෙන ඇත. ඒ අනුව ලෙනින් , ට්‍රොට්ස්කි, රෝසා ,ග්‍රාම්ස්චි , ඇතුලු සියලු මාක්ස්වාදින් පටලවාගෙගන තිබෙන මේ පටලැවිල්ල මේ තුමා ලිහා ඇති අතර බුද්ධිමය දේපල ප්‍රශ්නයක් නිසා පේටන්ට් අයිතිය ගන්නා තෙක් එය රහසක් වශයෙන් තබා ගනු ලැබේ.

5.  ලංකාවේ දේශපාලන බලය හිමි පංතිය ධනපති පංතිය ය යන්න මිථ්‍යාවකි. බොරුවකි. අමු කෙබරයකි. විද්‍යාත්මක ලෙස විග්‍රහ කලහොත්  රනිල් වික්‍රමසිංහ ධනපති පංති නියෝජිතයකු ලෙස සැලකිය හැකි මුත්, මෛත්‍රීපාල සිරිසේන  නිර්ධන පංතික සටන් කරුවෙකි.  

6.  නව ලිබරල්වාදයය කියා දෙයක් නැත. රනිල්ගේ 2002 ආණ්ඩුව  පෞද්ගලික අංශයට බර දෙමින් ප්‍රාග්ධන ගෝලීයකරණයට රට විවෘත කිරීමට උත්සහ කළත් දැන් තිබෙන රනිල්ගේ ආණ්ඩුව එහෙම නැත. එය සමාජවාදීය.ඒ හැර ලංකාවේ තිබූ  වෙන කිසිම ආණ්ඩුවක් ධනපති ආණ්ඩුවක් නොවේ. සමාජවාදි ආණ්ඩුය.  දැන් තිබෙන්නේද  ධනපති ආණ්ඩුවක් නොව සමාජවාදි ආණ්ඩුවකි. එයට විරුද්ධ වීම විප්ලවයට විරුද්ධ වීමකි.

7. එසේම ලංකාව තුල ධනපතිඔයන්ද නැත. ඉන්නේ හැරී ජයවර්ධන, මලික් සමරවික්‍රම , දම්මික පෙරේරා වැනි සමාජවාදින් පමණි.ඔවුන් ගොලීය ධනවාදයට විරුද්ධය.

8. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් කලේත් සමාජවාදින්ය.රජයේ සේවකයින් යනු ලේ උරා බොන වැම්පයර් බඳු සත්ව කොට්ඨාසයකි. ඔවුන්ව දුරින් දුරු කළ යුතුය.

9. රාජ්‍ය අංශය දුර්වල කර විනාශ කළ යුතුය. සැබෑ මාක්ස්වාදය නම් එයයි. පාසැල් හා  රෝහල්  බිස්නස් බවට පත් කළ යුතුය.

10. කුමාරසිංහ සිරිසේනට මාසයකට ලක්ෂ අනූවක් දුන්නාට කමක් නැත. හැබැයි රජයේ සේවකයින් වැඩි පඩි ඉල්ලීම දුෂ්ට ක්‍රියාවකි.

11. පීඩිතයින්ගේ දරුවන්ට දොස්තර කම් හෝ වෙනත් එවැනි ‍රැකියා ලබා ගැනීමට ඉඩ නොදිය යුතුය.

 12. රනිල්ගේ ආණ්ඩුවට විරුද්ධ වීම ආනන්තරීය පාප කර්මයකි. සමාජවාදයට විරුද්ධ වීමකි. භ්‍රෂ්ඨයෙක් වීමකි.

13. රජයට විරුධ වන උන්ට , රතු කොඩි දමමින් උද්ඝෝෂණ කරන උන්ට හොඳ පාඩමක් උගැන්විය යුතුය. ආරම්භයක් විදියට ඔවුන් සියලු දෙනාම රාජපක්ෂ වාදින් විදියට හංවඩු ගැසිය යුතුය. හරියටම කිවහොත් පසුගිය රාජපක්ෂ රෙජිමයට විරුද්ධ වූවන් කොටි හිතවාදින් ලෙස නම් කලා මෙන්ය.
 

සටහන- මේ ආකාර වූ දාර්ශනික අදහස් සමූහයක් සමාජ ගත කරන ප්‍රාඥයා අන් කිසිවෙක් නොව W3Lanka  ලියන පැරා තුමා මය.

15 comments:

  1. පැරා තුමා ලියන ඒවායින් 10%කට විතර නම් එකග වෙන්ඩ පුළුවන්! ඉතුරුවා ඉතින් අනේ මන්දා!!

    ReplyDelete
  2. රජයේ සේවකයින්, දොස්තරලා, ශිශ්‍යයින් නිර්ධන පන්තිය ලෙස අර්තකථනය කරාම ආදායම් මාර්ගයක් රැකියාවක් නැති අයට කියන්නේ මොකක් කියලද? වමේ ආණ්ඩු රස්සාවල් තියෙන අයයි, උසස් අධ්‍යාපනය ලබන අයයි පාරට බස්සගන්න විදිහට ධනපතීන් සහ ඒගොල්ල විතරක් ඉන්නවනම් ඔබේ තර්කයයි වමේ තර්කයයි හරි. තාම හරියට සංවිධානාත්මක වෙලා නැති ගොවියො , කිසිම දෙයක් නැති මිනිස්සු තමයි ඇත්ත නිර්ධන පංතිය. ඒ වෙනුවෙන් හැමදාම හැමදාම හිතුවේ එක්සත් ජාතික පක්ශය විතරයි. නොමිලේ සහල්, නොමිලේ අධ්‍යාපනය, වෙන නම් වලින් ගෙනගිය ජනසවිය, උදාගම් ව්‍යාපාරය, ගොවියන්ට මහවැලි ව්‍යාපාරය සහ ගල් ඔය ව්‍යාපාරය, නිදහස් වෙලඳ කලාප රැකියා, ඇඟලුම් කර්මාන්ත 200, ලමයින්ට නොමිලේ පොත්, නොමිලේ නිල ඇඳුම්, දිවා ආහාර, ඒවා ඔක්කොම දීල තියෙන්නෙ ඒ එක පක්ශය බලයේ ඉන්නකොට කියන එක පැහැදිලියි. එතකොට රැකියා නැති අය, ගොවියො, ඉඩම් නැති අය වැනි 'ධනපතීන්' ගැන හිතන්නෙ ක්‍රියා කරන්නේ ධනපති එක්සත් ජාතික පක්ෂය තමයි.

    ReplyDelete
    Replies
    1. ඔළුව අතගාල බලපන් අං දෙකක් එන්න පටන් අරන්ද කියල. සිරිකොතේ පුන්නක්කු කෑවට ඔහොම ප්‍රසිදියේ රෙන්න එපා බන්, හිරිකිතේ බෑ!

      Delete
    2. මරුනේ ඇනෝ තර්කය කඩල ටියෙන අපූරුව අති ඉහලයි. ඔබ තුමාගේ ණුවන, දේශපාලනය ඉතිහාසය ගැන තියෙන දැනීම, නිධනයන් ගැන තියෙන දර්ශණය, ඒ අනුව කරල තියෙන ගැඹුරු විග්‍රහය, උණ්ඩුක පුච්චය, ගැන ඇත්තටම ආඩම්බරයි.

      Delete
    3. //රජයේ සේවකයින්, දොස්තරලා, ශිශ්‍යයින් නිර්ධන පන්තිය ලෙස අර්තකථනය කරාම ආදායම් මාර්ගයක් රැකියාවක් නැති අයට කියන්නේ මොකක් කියලද?//

      හිනායනවා ඔයි! තොපිවගේ අම්බරුවෝ 21 වැනි සියවසේත් ඉන්නවා දකිනකොට. නිර්ධනයා හා ධනපතියා කියන එක තීරණය වෙන්නේ යමෙකුට ප්‍රාග්ධනයට ඇති සම්බන්දය මත. මිනිහෙක් කුඹුරු කෙටුව කියල ඌ අනිවාර්යෙන් නිර්ධනයෙක් වෙන්නේ නෑ වගේම ටයි එකක් දාගෙන ලෙඩ්ඩු බැලුව කියල ඌ අනිවාර්යෙන් ධනපතියෙක් වෙන්නෙත් නෑ. තවත් සරල කරනවානම් x නමැති සලකන මොහොතක පර්ස් එකේ තියෙනේ සල්ලි ප්‍රමාණය අනුව නෙමෙයි මිනිහෙක් නිර්ධනයෙක්ද ධනපතියෙක්ද කියන එක තීරණය වෙන්නේ. පර්ස් එකට සල්ලි ආපු විදිය අනුව.


      ප්‍රාග්ධනය ගැන සරලව,
      MARX’S
      CAPITAL
      Fourth Edition
      Ben Fine and Alfredo Saad-Filho

      Delete
    4. මාක්ස් ගොයියගෙ අර්ථකතනය හරියි කියල පිලිගන්න ගොබ්බයො ගැන මොන කතාද? උගේ තර්ක හරි සමහර වංශ, කුල, වල අයට විතරක් ප්‍රාග්ධනයට ඇක්සස් තිබුණ කාලේ. එතකොට ඔය සූරාකන්න පුලුවන් වෙන්න ඇති. උගේ පොතේ විතරක් හරියන තියරි වලට ගිය රටවල් අනාථ වෙලා ගිය හැටි දැක්කනේ ඔක්කොම. ඔය ගොන් තියරි වලින් වතු ජනසතුව, ඉඩම් සීමා පණත් වලින් රටේ ප්‍රාධාන නිශ්පාදන අංශෙකුයි, සිංහල ව්‍යවසායක පන්තියයි නැතිකරලත් අවුරුදු ගාණක්නේ. අතිරික්තය ඔක්කොම ශ්‍රමය නිසාය කියලා ගොන් තර්ක නිසා ලෝකෙ කොච්චර මිනිස්සු අනාථ වුනාද? ඌ කතා කලේ රස්සාවල් තියෙන උන් ගැනනෙ. ඔව්ව වැඩවසම් යුගවලට හොඳයි. මිනිස්සුන්ගෙ ආර්ත්මාර්ථකාමීත්වය එදත් තිබුණ අදත් තියෙනවා. ඒවත් එක්ක ඔය පොතේ තර්ක ගැලපෙන්නේ නැහැ. වෙලඳපොල ආර්ථිකය කියන එක අඩුම ගානේ ස්වාභාවික එහෙම නැත්නම් ප්‍රැක්ටිකල් බවක් තියෙනවා මොන අඩුපාඩු තිබ්බත්. ඒකෙ තරඟ කරන්න බැරිවෙන දුබලයන්ට සමාජ ආරක්ශන ක්‍රමයක් තිබීම නම් අනිවාර්‍යයි. ඒවට තියෙන්න ඕන සල්ලි තමයි ඔය මාර්ක්ස්ගෙ නිර්ධනයන් වැඩවර්ජන හරාහ ගසාකන්න යන්නේ.

      දැන් ධනපතියෙක් සූරාකනකං බලාගෙන ඉන්න නැතුව යමක් නිශ්පාදනය කරන්න අදහසක් තියෙනවනං බැන්කු ණයක් හරි නැත්නම් වෙන්චර් ප්‍රාග්ධනය අරගෙන මාර්ක්ස් ගේ ධනපතියෙන් වෙන්න පුළුවන්නේ. උගේ තියරිය ටිකක් හරි වැඩ කරයි රටක ෆුල් එම්ප්ලෝයිමන්ට් තියනකොට. මාර්ක්ස් කියනවිදිහට රස්සාවල් තියෙන වුන් නිර්ධන පංතිය කියමුකො. එතකොට රස්සාවල් නැති ආදායමක් නැති එකාට තියෙන තියරිය මොකද්ද? උන්ට කියන්නේ පොන පන්තිය කියලද?

      Delete
    5. මොකාද මේ ඉයන් කියන පොන්නයා

      ඔච්චර තටමන්නෙ නැතුව මම යූ ඇන්පීයට කඩේ යනව කියල කෙටියෙන් ලියල දාපන්, මොකටද වචන නාස්ති කරන්නෙ

      Delete
    6. ඔව් මචං ඇනෝ. උඹට තේරෙන දේවල් නේද?

      Delete
    7. වැඩිය තප්පුලන්න එපා ඉයන්, උඹ කෙප්ප වස්සෙක් කියන එකට අමතරව මොන වර්ගයේ දෙමුහුම් හරකෙක්ද කියන එකත් උඹ ලියන වචනයක් ගානේ එලියට එනවා.

      උඹල වගේ උන්ට ආණ්ඩු බලේ ලබා දෙන්න පුක ඉරාගෙන, නිදි මරාගෙන බ්ලොග් පොස්ට් දාපු බුකියේ මරන් මැරෙන්න දගලපු පුකේ වම්මු ගැන මතක් වෙන කොට හිනා ගිහිල්ල වැඩිවෙලා අන්තිමේ පඩත් යනව.

      Delete
    8. ඉයන් මම හිතන්නේ මාක්ස්ට ගොයියා කීවත් උගේ උගේ කියල බනින එකේ තේරුමක් නැහැ. මාට් මතකයි මම ශපිරෝ හා උදිත එක්කත් වාද කලා මේ ගැන. මාක්ස් කිව්වා තියරිය වැඩවසම් යුගයේ නොව ඊට පසුව පැමිනි කාර්මික විප්ලවය යුගයටයි වඩාත් අදාල. මේ අතිරික්තය ගැන මමත් ලියල තිබෙනවා.
      http://kolambagamaya.blogspot.co.uk/2014/07/blog-post_10.html
      ලංකාවේ ගතානුගතික මස්ක්වාදීන් පිරිසක් ඉන්න බව මමත් පිලි ගන්නවා. යුඇන්පී එකේ ධනපතියන් ගොඩක් නොව ඔවුන්ට මධ්‍යම පන්තිය හා පහල පන්තිත් චන්දෙ දෙන බවත් මම පිලි ගන්නවා. මෙතන අර චීන සංස්කෘතික විප්ලවය වෙලාවේ ගමේ කඩ කාරයා මැරුව කට්ටිය හිටියනේ. ඒ මාක්ස්වාදය දන්නා තරම තමයි එතන. එහෙම දෙයක් ලංකාවෙත් සිද්ද වුණා. නමුත් මාක්ස් කියන්නේ හොඳ උගතෙක්. ගරහන්නට ඕනෑ කෙනෙක් නොවේ. මම එදා උදිතලටත් මේක කිව්වා. ඇමෙරිකාවේ හිටිය කියල ගරහන්න එපා කියල. මොකද ඇමෙරිකාවේ ඉන්නං හොන ආර්ථික විද්‍යාඥයෝ පවා ප්‍රාග්ධනය කියවනවා.
      අනික නිව්ටන් ගේ නියම අයින්ස්ටයින් ගෙන් වැරදි කියල ඔප්පු වුනාට නිව්ටන්ගේ නියම අපි තවම් පාවිච්චි කරන ඒ ඒ තත්වයන් යටතේ. කවුරුත් කියන්න මු නිව්ටන් බුරුවෙක් නේ කියල. අයින්ස්ටයින් ගේ නියම ක්වන්ටම් වවිද්‍යාවේදී හෙලේ වුනාට කවුරුත් කියන්නේ නැහැ අයින්ස්ටයින් වැරදි කියල. මාක්ස්ගේ තියරියේ වැරදීමට වඩා පාවිච්චි කරපු අයගේ වැරදීමක් තිබෙනවා කියලයි මම හිතන්නේ . ජිජැක් ල වගේ අය කරන්නේ මේක ප්‍රතිශෝධනය කරන එක.

      Delete
  3. සිරිකොතේ ලලක්කා
    _________________

    වම්මුත් දැක්කා,
    මේවගේ පුකේ වමෙක් නොදැක්කා,
    ජෝකර්ලාත් දැක්කා,
    මේවගේ විගඩමේක් නොදැක්කා!
    පිස්සොත් දැක්කා,
    මේවගේ ලෙඩ්ඩු නොදැක්කා!
    කඩේ යනවත් දැක්කා,
    මේවගේ සීනි කිරනු නොදැක්කා!

    Bajar Eke Lalakka

    ReplyDelete
  4. මචෝ උඹේ මොළේ පෑදෙන්න මේක කියවලා බලපන්

    http://lankanian.blogspot.com/2015/12/blog-post_12.html

    ReplyDelete
  5. දේශපාලන අන්ධ භක්තිකයින් මාධ්‍ය හැසුරුවන්න හෝ මාධ්‍යකරණයේ යෙදෙන්න ගියොත් ඇති වෙන අලකලංචිය තමයි ඔය පෙනෙන්නේ.

    ReplyDelete
  6. පැරාට ඔහුගේ මතය ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. ඔහු කාට කඩේ ගියත් අපිට ප්‍රශ්නයක් නැත.

    ReplyDelete
    Replies
    1. This is the "Hora" wicharaka" with a fake account !

      Delete