Showing posts with label හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය. Show all posts
Showing posts with label හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය. Show all posts

Tuesday, April 29, 2014

අප හද වේ බැතිමල්


ලබන සතියේ හෝමාගම මහින්ද රාජපක්ෂ මහ විද්‍යාලයේ  පවත්වනු ලබන උත්සවයකට පැමිණීමට නියමිත අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පිලිගැනීම සඳහා පිලිගැනීමේ ගීතයක් ලියා දෙන්නැයි උත්සව සංවිධාන කමි‍ටුව කලාමැදිරියාගෙන් ඉල්ලා සිටියේය.  ඒ  වෙනුවෙන් පබැඳුනු ගීය පහතින් දැක්වේ. 

පිලි ගනිමු හද බැතිනි සොඳා 
බන්ධුල ගුණවර්ධන මැතිඳා
අධ්‍යාපන ඇමති සොඳා 
ලක්මව් කැත කළ පහඳා
අප හද වේ බැතිමල්


ආනන්ද නාලන්ද රෝයල් හා  කැලේ
පාසල් සියල්ලටම කෙලවා දමා
අප පාසල් මව් ඔසවා තැබු උතුමා
පිලිගනිමු වැඳ සැමදා

ප්‍රශ්න පත්‍ර හදන ලෙක්චරස් හා ප්‍රොෆෙසරස්
ගෙන්වා දෙමින් දී නැණ නුවණ බෙදමිනා
අප පාසල් මව් ඔසවා තැබූ උතුමා 
පිලිගනිමු වැඳ සැමදා

ප්‍රශ්න පත්‍ර උත්තර  හා සමගින් 
අප වෙත දෙනු මැතිඳු
විභාගයට බොහො කලින්
අප පාසල් මවු  මව් අංක එක කරමිනා

උසස් පෙල ද සාපෙල  හා කෙලවා දමා
ශිෂ්‍යත්වෙත් බංග කරමිනා  රටේ ම
අප පාසල් මව් ඔසවා තැබු උතුමා
පිලිගනිමු වැඳ සැමදා

සටහන- අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන උසස් පෙල ප්‍රශ්න පත්‍ර සකස් කරන ආචාර්ය මහාචාර්ය වරුන්ට හෝමාගම රාජපක්ෂ විදුහලේ සම්මන්ත්‍රණ කරන මෙන් නියෝග කරයි.