Saturday, December 6, 2014

මෙන්න තවත් ඡන්ද ප්‍රථිපලයක්

ත‍ටු හැලී නිරුවත් වූ මැකෝ ගිරවා

අරලිය මන්දිරයට බය්යන් හා ගොයියන් දහස් ගණනින් කැඳවා මහජන මුදලින් උන්ට ආප්ප ගිල්වමින් හා ලයිට් කණු වල කටවුට් දහස් ගණන් එල්වමින් ඡන්දය දිනීමට සිතු උතුමාණෝ  වැඩේ කීරීම අමාරු  බවත් තත්වය හිතුවාට වඩා නරක  බවත් අවබෝධ කරගෙන සිටී. 

වැඩේ කෙලවුනොත් වස්තු ඉසුරු බවබෝග සැප සම්පත් සියල්ල හැර දමා දුරි භූත වීමට සිදු  වන බව දැනී රක පුත් වී  සදාචාරෙ බලු බල්ලට ගියාවේ කියා මොනවා හෝ කර චන්දය දිනීමට , නැවත වතාවක් මේ රටේ චන්ද දායකයින් රවටා ගැනීම කල යුතුය.

ඉදින් මේ රටේ ජහමනයා ‍රැවටීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවත වතාවක් ජනයාට අල්ලසක් දී තිබේ . ඒ පැට්‍රොල් හා ඩීසල් මිල සුපියල් හතකින් පහල දැමීමෙනි. 

දැන් ඡන්දදායකයින් වන අප තීරණය කළ යුත්තේ රුපියල් හතකට අපේ අනාගතය පාවා දෙනවාද නැත්ද යන්නයි.

6 comments:

  1. හම්මේ සෑහෙන ගාණකින් නෙව පාත දාල තියෙන්නෙ
    සෑහෙන්න බොන්න වෙන පුස්නයක්...
    මේම ගිහින් අරක්කු සිගරට් ටිකත් අඩු කරයිද දල්ලෑ
    අනේ මයින්ද මාමි

    ReplyDelete
  2. ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල බැහැල තියෙන්නෙත් රුපියල් හතයි. ඒකයි ඔය.

    ReplyDelete
  3. අර මැකෝ නං නියමයි.:-)

    ReplyDelete
  4. මේක කොහොමටත් අපේම සල්ලිවලින් අපිටම අල්ලස් දීමක්.

    ඕක අනිත් පැත්තට තේරුම් ගත්තොත් නරකද? මෙච්චර කල් සුපියල් හත ගානෙ අපෙන් මංකොල්ල කාලා !

    ReplyDelete
  5. මහින්ද අයියාගේ කැම්පේන් එකට ගැළපෙන ටී.වී. ඇඩ් එකක්.
    අපේ මාරයා අයියා පරණ තාලේ 40 ශ්රී ලොරියක් එළවා ගෙන යනවා. එතකොටම එයාගේ මොබයිල් එකට එස්.එම්.එස්. එකක් එනවා.
    දැන් කැමරාවට මොබයිල් එකේ සමීප රූපයක්. "තවත් සන්ධාන මන්ත්රී කෙනෙක් එජාපයට එක් වුණා" එස්. එම්. එස් එක කියනවා අපේ මාරයා අයියාට හිටි හැටියේ චූ බර වුණාක් සේ පේනවා. මූණ අඳුරු වෙනවා. එයා ලොරිය නවතා චූ කරන්න කැලේට දුවනවා. හයියෙන් දුවන්නේ චූ බර වැඩි හින්දා.
    දැන් කැමරාවට මාරයා අයියා චූ කරන එකේ සමීප රූපයක්. (පිටුපසින්) අපේ මාරයා අයියා "යතාවාරි වහාපූරා පරිපූරෙන්ති සාගරං..." කිය කියා වීසිකරපු පොල් කටුවකට චූ කරනවා.
    දැන් පේන්නේ පොල්කටුවේ සමීප රූපයක්. අපේ මාරයා අයියාගේ චූ වලින් පොල් කටුව කිරි උතුරද්දි වගේ පිටාර ගලනවා. පසුබිමින් ඇහෙන්නේ අපේ මාරයියාගේ ගැඹුරු කටහඬ.
    "අපට ඉතින් මහින්ද අයියා නැතුව වෙන කවුද? මේ සැරෙත් අපි ඔක්කෝම මහින්ද අයියාටම තමයි."

    ReplyDelete
    Replies
    1. Yako Maaarayawa maragena kaahanko!!!

      Delete