Sunday, January 10, 2016

මාරක පොලිස් අනතුරු වලින් බේරීමට උපදෙස් මාලවක්



1. මගුල් ගෙවල්, මල ගෙවල්, කොටහලු ගෙවල්, උපන්දින සාද වැනි නීති විරෝධී, සාමය කඩවන ‍රැස්වීම් නොපැවත්වීම

2. එවැනි උත්සව තිබෙන තැන් වලින් හැකි තාක් ඈත් වී සිටීම

3.  තට්‍ටු ගෙවල් වල සිට අරක්කු නොබීම

4. තමන් අරක්කු නොබීවත් ඉල්ලූ විට දීම සඳහා අරක්කු බෝතල් දෙකක් ලඟ තබා ගැනීම

5.. බැරි වෙලාවත් අත් අඩංගුවට පත් වුවහොත් හිර මැදිරියේ ජනේලයක එල්ලීමට සිතෙන නිසා ඒ සඳහා උපකාරි වන , බඳපටි, ටයිපටි, සරම් කමිස, ජංගි ඇතුලු කිසිම දෙයක් හිර මැදිරිය තුලට ගෙන නොයාම .

6. අවි ආයුධ, මත් ද්‍රව්‍ය වැනි දෑ  සඟවා තිබෙන තැන් පෙන්වන්නට යැයි කියූ විට ලබා දීම සඳහා ඒවා ඇති තැන් මනාව සිතියම් ගත කොට ලඟ තබා ගැනීම.

හෝ මේ කිසිවක් කර ගත නොහැකි නම් ලජ්ජා බය ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෙක් සිටින රටකට යාම

සහ වෙනත් එවැනි දෑ තම තම නැණ පමණින් කිරීම



11 comments:

  1. බොහොම ස්තුතියි උපදෙස් මාලාවට , අම්මප බං පොලිස් කාරයෝ දකිනකොටත් හිරිකිතයි

    ReplyDelete
  2. හැක් හැක්... හැක්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  3. අැරපං කට........................

    ReplyDelete
  4. රටේ වැදගත්ම ආයතන දෙකක් උන පාර්ලිමේන්තුවටත් පොලිසියටත් උගත් බුද්ධිමත් මිනිස්සු පය නොතියන එකේ අරුමය තමයි මේ.

    ReplyDelete
  5. අනේ මන්ද අපේ රටේ නීතිය සහ පොලීසිය ගැන අහන්නම ලැබෙන්නෙ ඉස්සර “විනෝද සමයෙ“ කතාම තමයි .

    ReplyDelete
  6. ලංකාවේ පොලීසිය නා ගැනීම අතින් සෑහෙන්න ඉහලයි.

    ReplyDelete