Saturday, May 2, 2015

නිර්මාල්ට ගෝත්‍රවාදි, ජාතිවාදි මැරයින් පහර දෙයි


දේශපාලන වශයෙන් අනාථව වැලේ වැල් නැතිව සිටින  විමල් වීරවංස , වාසුදේව, දිනේශ් නඩයේ මැයි දින ‍රැලිය නැරඹීමට ගිය  ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ට විමල් වාසු නඩයේ රාජපක්ෂ වාදි ගෝත්‍රවාදි මැරයින් විසින් පහර දීම  අපි තරයේම හෙලා දකිමු.

මෙම පහරදීම සාධරණීකරණය කිරීමට ඕනෑ තරම් තර්ක ගෙන එන්නට දැනටමත් වීරවංශ නඩය දත කට මදිමින් සිටියත්, විරුද්ධ මත දරන්නන් පිලිබඳව ඔවුන් ගේ හැසිරීම කවදත්  අන්ත පාදඩ හා පැසිස්ට් පන්නයේ බව ද  කවුරුත් දන්නා සත්‍යයකි.

 මහින්ද රාජපක්ෂ පරාජයෙන් වියරු වැටී සිටින මේ ජඩයින් බලය නැති විටත් හැසිරෙන්නේ මෙලෙස නම් ඔවුන්ගේ මහනායක වන මහින්ද රාජපක්ෂ නැවත බලයට පත් වුවහොත් හැසිරෙන්නේ කෙලෙසදැයි සිතා ගත හැක. එසේම පසු ගිය රජය කාලයේ ඔවුන් හැසිරුන ආකරයද අප සිහිපත් කරගත යුතුය.

 එම නිසා මම ජාතිවාදි, ගෝත්‍රවාදි නඩය හැකිතාක් ඉක්මනින් සම්පූර්ණයෙන්ම පරාජය කර දැමීම අද දවසේ අපගේ මූලික හා ප්‍රමුඛ වගකීම බව මෙම සිදු වීම අපට නැවත සිහිපත් කරදෙයි.

Tuesday, April 28, 2015

නොවේ එවන් උපවාස ලොවේ

 
අපෙ ලොක්කා ගෙනයන්නට
අල්ලස් කොමිසමට
හිතුවා මදි යහපාලකයෝ
උපවාසයක් කෙරුවෙමු අප
ලොක්කා වෙනුවෙන්
අපිට කන්නට ඉඩ දුන්
අපේම ලොක්කා
අහා කදිමය
නොවේ එවන් උපවාස ලොවේ
රෑට බතට ප්‍රයිඩ් රයිස් , ඩෙවල්ඩ් චිකන්
ආරක්ෂාවට පොලීසියෙන්
විස්කි සමග සෝඩා
කැන්ටිමෙනුයි බයිට් අපිට
රාත්‍රියට කිරි කෝපි
රෝල්ස් පැටිස් කේක් කාලා
බිල ගෙවපන් මහ ජනයා
කාඩ් ගහලා
සිංදු කියලා
බබාලාගෙන් ආතල් ගෙන
නිදාගතිමු පාපිස්සෙ

Sunday, April 26, 2015

ගොම්මන්පිලගේ අමුඩේ


අපේ රටේ විතරක් නෙවේ  කොයි  දේශේ වුනත් දේශප්‍රේමින් කියලා  කියන්නේ රටට, ජාතියට ආදරය කොරන කට්ටියට.

 ඒ ගොල්ලෝ ජාතික ගීයට, ජාතික කොඩියට ,තව තව ජාතික සංකේතවලට හරියට ගරු කරනවා. අපේ රටෙත් එහෙම තමා. පහුගිය දවස් වල ජාතික ගීය දෙමලෙන් ගායනා කරන්න ඉඩ දීම ගැන අපේ දේශප්‍රේමින් නටපු ඩෙඟාව මතකයිනේ.

එහෙම නටපු එක ප්‍රධාන නැට්‍ටුවෙක් තමා උදය ගොම්මන්පිල කියන්නේ. 

හැබැයි එහෙව් ඩෙඟා නටපු ගොම්මන්පිල  ඊයේ පෙරේදා තිබුනු උද්ඝෝෂණයකට ඇන්න ඇවිත් තිබුනේ විකෘති කරපු ජාතික කොඩියක්.  ඒ ගැන එයා කියන්නේ  මාර කතාවක්. තමන්ගේ අතේ තිබුණු ජාතික කොඩිය විකෘති කරපු එකක් කියලා මම දන්නේ නැහැ  කියලා.

කොහොමද දේශප්‍රේමිත්වයේ තරම.  තමන්ගේ රටේ ජාතික කොඩියවත් හරියට අඳුනන්නේ නැති දේශප්‍රේමියොනේ අපේ රටේ ඉන්නේ. 

ඔය සැට් එක එදා එකතු වුනේත් මහා දේශප්‍රේමියෙක් ව අල්ලස් කොමිසමෙන් ගලවා ගන්නනේ. තමන්ගේ රටේ ජාතික කොඩිය අඳුනන එක දේශප්‍රේමියෙක්වත් ඔතැන හිටියේ නැද්ද අම්මපා,

සටහන- මේ සිද්ධිය ගැන ඩලස් අලහප්පෙරුම,  ගොම්මන්පිල ඇතුලුදේශප්‍රේමි තුමාලා  තවදුරටත්  කියා හිටියේ තමන්ගේ අමුඩේ රුන්නේ නොදන්නා පිරිසක් බවයි. 

foto lankaenews

Wednesday, April 22, 2015

2015 අප්‍රේල් 21 වැනි දින සිදූ වූ විශේෂ සිදු වීම්



1. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස්  දීමක් ගැන ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසමට පැමිණෙන මෙන් කළ නියෝගයට එතුමාගේ අනුගාමික මන්ත්‍රීවරුන්ගේ විරෝධය පල වීම.

2. එතුමාගේ පුත්‍රයා හා ප්‍රමුඛ එම මන්ත්‍රී වරුන් පාර්ලිමේන්තුවේ උපවාස කිරීම. හිටපු ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ , විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන,බන්දුල ගුණවර්ධන ඇතුලු පිරිසක් එම උපවාසයට නායකත්වය දීම

3. පාර්ලිමේන්තුවෙන් පිටතදී ත් මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් ඔහුව අල්ලස් කොමිසම ඉදිරියට ගෙන යෑමට එරෙහිව උද්ඝෝෂණය කිරීම. සුධර්මන් රදලියගොඩ, හඩ්සන් සමරසිංහ එම උද්ඝෝෂණයට එක් වී සිටීම.

4. මහින්ද රාජපක්ෂව අල්ලස් කොමිසමට නොකැඳවා අල්ලස් කොමිසම ඔහු හමුවට යැවීමට රජයට සිදු වීම

5. අල්ලස් චෝදනා එල්ල වූ දකුණු කොරියාවේ අගමැති වරයා ඉල්ලා අස් වීම

Monday, April 20, 2015

අලි බාබා සහ හොරු හතලිහ


හොරෙක් ඉන්නවා. ඌ හොරා කනවා, මංකොල්ල කනවා, පගා ගහනවා ,කොමිස් ගහනවා, අනුන්ගේ දේපොල පැහැර ගන්නවා,මිනී මරනවා , කප්පම් ගන්නවා , කරන්ට පුලුවන් මරි වැඩ ඔක්කොම කරනවා. තනියෙමත් නෙවේ. තව කම්බ හොරු සැට් එකකුත් එක්ක සෙට් වෙලා. පොලෝසියත් හොරාට බයයි. නොදැක්කා වගේ අහක බලා ගෙන ඉන්නවා.

ඔහොම ටිකක් කල් යන කොට අලුත් ඕ. අයි. සී . මහත්තයෙක් පොලෝසියට ඇවිත් අපේ හොරාට පණිවිඩයක් එවනවා" ඒයි හෙට උදේ පොලිසියට ඇවිත් කට උත්තරයක් දීපන්" කියලා

එතකොට හොරත් එක්ක එකට හොරකමේ ගිය, එකට මං කොල්ල කාපු, කප්පම් ගත්ත හොරු සැට් එකට  මල පැනලා පෙලපාලියක් යනවා "අපේ හොරාට අත නොතබනු "," හොරකමට ඉඩ දෙනු", වගේ සටන් පාට කිය කිය. 

දැන්  පොලෝසිය මොකද කරන්න ඕනෑ

පොඩි හොරුන්ගේ ගෝරනාඩුවට බය වෙලා මහ හොරාට යන්ට දෙනවාද?

නැත්නම් මහ හොරයි පොඩි හොරුයි ඔක්කොම එකට කුද ලාගෙන ගිහින් කූඩුවේ දානවාද?



Sunday, April 19, 2015

සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වූයේ ඇයි.?


19 ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා මේ දිනවල  talk of the town  වී ඇත්තේ සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වීමේ සිද්ධියයි.

අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වීම එක්කෝ ජවිපෙ කියන පරිදි හුදෙක් පෞද්ගලික කාරණාවක් නිසා ම වුවත් විය හැකිය. එනම් අනුර කුමාර සමග හෝ ජවිපෙ වෙනත් නායකයෙක් සමග මල පැන ගත් තීරණයක් වීමට ඉඩ ඇතැයි ඔහුව හඳුනන බොහෝ අය කියති.

එසේ නොමැති නම් සෝමවංශ මහතා  කියන පරිදි  ජවිපෙ ධනපති පක්ෂ සමග කරන ගනුදෙනු ගැන කළ කිරී වෙනම විප්ලවාදි පක්ෂයක් ගොඩ නැගීම සඳහා ඉවත් වූවා යැයි යමෙකුට කියන්නටත් හැකිය. එහෙත් එය එතරම් පිලිගත නොහැකි තර්කයක් වනුයේ සෝමවංශ අමරසිංහ මහතා පසුගිය කාලයේ හැසිරී ඇති අන්දම දෙස බලන විටය.

විමල් වීරවංශ පක්ෂය කඩා ගෙන ගියේ පක්ෂයේ බහුතරය මහින්ද සමග සභාග ආණ්ඩුවකට යාමට විරුද්ධ වීම නිසාය. ඒ අවස්ථාවේ සෝමවංශ සහෝදරයා පැහැදිලි ලෙසම සිටියේ වීරවංශගේ මතයේය.විශේෂයෙන්ම ජවිපෙ සභාගවාදි මගකට ඇදගෙන යාමට මුල් වී ක්‍රියා කලේ සෝමවංශ අමරසිංහ බව කියවේ.

සිදු වීමට ඉඩ ඇති අනික් කාරණය නම් මහින්ද හා වීරවංශ එක් ව ඇටවූ උගුලක අමරසිංහ හසු වීමය. ඔහු පක්ෂයෙන් ඉවත් වීමට තුඩු දුන් තවත් හේතුවක් වශයෙන් මහින්ද රාජපක්ෂගේ කුප්‍රකට රාජ්‍ය විරොධී කුමන්ත්‍රණය ගැන ජවිපෙ හඬක් නොනැගීම ගැන සඳහන් කරන විට සෝමවංශගේ නික්මීම පි‍ටුපස සිටින සැබෑ බලවේග වසං කිරීමේ උත්සාහයක් දෝයි සිතෙන තරමට එය ලාමකය.

මේ මොන කරුණක් මත සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත් වූවත් මහින්ද සහ වීරවංශ සමාගම මේ වන විට ඔහුට කොක්ක ගසා ඇති බවක් නම් පෙනෙන්නට තිබේ . දේශපාලනික වශයෙන් පමණක් නොව සදාචාරත්මක වශයෙන්ද අන්තයටම පිරිහී , පසු ගිය කාලයේ බැසිල් රාජපක්ෂ ලඟ කොන්ත්‍රාත් කරුවකු මෙන් වැඩ කළ හිටපු ජවිපෙ මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල වැන්නෙක් සමගම සාකච්ඡා කිරීමට සෝමවංශ අමරසිංහ ඉදිරිපත් වීම තුලින් ඒ බව මනාව පෙනී යයි.


Thursday, April 16, 2015

වෙලේ සුදා


සී අයි ඩීයෙන් පැනලා ගොහින්දෝ
වාෂ්පයක් සේ  අතුරුදහන් දෝ
යහපාලන වහපාලන වේදෝ
වෙලේ සුදා ඔබ කොතැන ගියාදෝ

දුමියාගේ සල්ලි බලවත් වේදෝ
ආයුද පෙන්නන්නට අරන් ගිහින් දෝ
අනේ සුදා උඹ අමතක වේදෝ
වෙලේ සුදා ඔබ කොතැන ගියාදෝ

Wednesday, April 1, 2015

වතුර බෙදන මහත්තුරු


අනේ සුසානෝ මම කොළඹ යනකොට
කලබලයක්ය  කොල්ලුපිටි හංදියේ
කඳුලු  ගෑස් එක්කම ගිනිරාමේට
වතුර බෙදනවා පොලොසියේ මහත්තුරු

මොකදැයි කියලා වට පිට බලන කොට
පන්දාහක් දෙනවා කියු යහපාලකයෝ
දෙදාස් පන්සීයක්ම කපලා නොකියාම
අපමණ අගයක්ද මේකත් කියාපියෝ

රංචාගොඩ ළමයා










Monday, March 23, 2015

ඔබට සුභ ගමන් .


පසන් කොඩිකාර නම් වූ අපූරු මිනිසා , ලේඛකයා, පරිවර්තකයා අප අතරින් නික්ම ගොස් තිබේ.

මින් පසු ඔහු අතින් රුසියානු සාහිත්‍ය සිංහලට නොනැගෙනු ඇත. ස්ටාලින්ගේ ආධිපත්‍යයට එරෙහි වූ මාස්ටර් හා මාගරිටාලා ගැන නොලියවෙනු ඇත.

අර්බාත් වීදියේ විසූ සාෂාලා , ලේනා බුද්යාගින්ලා , නීනා ලා ගැන සුන්දර ( හා අසුන්දර)   මතක ඔහු තරම් හොඳින් අප ඉදිරියේ මැව්වේ ද ? අර්බාත් දරුවෝ  ඇනටෝලි රිබකොව්ගේ  ඒ අපූරු නිර්මාණය පසන් කොඩිකාර කොතරම් අපූරු ලෙස පරිවර්තනය කර තිබුනේ දැයි කිවහොත් මේ පරිවර්තනයක් දැයි විටෙක සිතුනි. 

සෝවියට් දේශයේ රුසියන් භාෂාවෙන් උගෙන රුසියානු හා සෝවියට් සාහිත්‍ය රුසියන් භාෂාවෙන්ම සිංහලට පෙරලූ දැදිගම වී, රුද්‍රිගෝ, පියසේන මානිල්ගම පරම්පරාවේ අන්තිමයා ඔහු  වෙන්නට ඉඩ තිබේ.

ඉතින් ඔහුත් නික්ම ගොසිනි.ඔහු මෙතරම් ඉක්මණින් මෙලොවින් සමුගත්තේ ඔහුත් සාෂා පන්ක්‍රාතොව් මෙන් මෙලොවට නොගැලපෙන කෙනෙකුන් වූ නිසාදැයි නොදනිමි.


Saturday, March 21, 2015

ළමයාගේ තාත්තා



ඉන් පසුව අභයාරාමයේදී ගම්පහ දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය නායකයන්ගේ රැස්‌වීම පැවැත්විණි. එහිදී දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති තිලාන් පෙරේරා හරි අපූරු කතාවක්‌ කීවේය.

"ජනාධිපතිතුමනි, මම අද තාත්තා කෙනෙක්‌ වුණා"

"ඇත්තද......... හරිම සන්තෝෂයි. ඔබත් එහෙනම් රනිල්ව පැරැද්දුවා......" යෑයි හිටපු ජනාධිපති මහින්ද විහිළුවක්‌ කළේය.

"ඒක නෙමෙයි හරි වැඩේ. මගේ බිරිඳ තවම ඉස්‌පිරිතාලේ. එයා කිව්වා මට අද එයා ළඟින් හෙල්ලෙන්න එපා කියලා. මම කිව්වා මම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවන්න තියෙනවා කියලා. බිරිඳ කිව්වා එයාව දාලා කොහේවත් යන්න එපා කියලා.

ඇත්තද? එයාට අමාරුද. ඉතින් ඔයා ඇයි ආවේ. මහින්ද ඇසීය.

කතාව කියල ඉවර නෑනේ. සර්.... ඊට පස්‌සේ මම කිව්වා දවල් 11. 00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හම්බවෙන්නත් තියෙනවා කියලා. මෙන්න අපේ නෝනා කියනවා මම මෙතන වැඩ බලා ගන්නම්. ඔයා ඒක නම් වරද්දන්නේ නැතුව යන්න කියලා. ඔන්න ඕකයි සර් වෙනස

සටහන- මාර වෙනස නේද මෙයාලා  , මේ වගේ වෙනස් කම් පේන්නේ ඉතින් වෙල්ගම මුදලාලිටම තමා. පව් නේද තිලාන්ට 


( උපුටා ගැනීම දිවයින බෝතල් පත්තරේ) .

Thursday, March 5, 2015

දොස්තර නෝනා හා ඇඟලුම් සේවිකාව



පහතින් දැක්වෙන්නේ එකම පුවත් පතක ( දිවයින ) වෙනස් අපරාධයන් දෙකක් කළ කාන්තාවන් දෙදෙනෙක් ගැන පල වූ මාධ්‍ය වාර්තා දෙකකි. එයින් එකක් වෛද්‍යවරියක් විසින් පහර දී බරපතල තුවාල සිදු කිරීමකි. අනික නූගත් දමිල තරුණියක් විසින්  කල මෝඩ වැඩකි. 

තරුණියගේ නම හෙලිකරන පුවත්පත අදාල වෛද්‍යවරියගේ නම  මහේෂි විජේරත්න බව කියන්නට මැලි වෙයි. ඇය නිකම්ම දොස්තර නෝනාය.වාර්තා දෙකම ලියා ඇත්තේද එකම වාර්තා කරුවෙකි.

දොස්‌තර නෝනාගේ වීදුරු කටු ප්‍රහාරයෙන් කාන්තාවගේ අතට බරපතළ තුවාල
(චමින්ද සිල්වා)
කොළඹ තරු පහේ හෝටලයකදී වෛද්‍යවරියක විසින් කාන්තාවකට බෝතලයකින් පහර දී පසුව වීදුරුවක්‌ද කඩා එයින් තුවාල සිදුකළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

කාන්තාවට පහරදුන් වෛද්‍යවරිය භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ වෛද්‍ය වාර්තා නිකුත් කළ වෛද්‍යවරිය බව ද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඊයේ (02 වැනිදා) පැවැසීය.

හෝටලය තුළදී පහර කෑමට ලක්‌ වූ කාන්තාව සමඟ වෛද්‍යවරිය බහින්බස්‌වී පසුව වෛද්‍යවරිය විසින් වීදුරුවක්‌ කඩා කාන්තාවගේ අතට පහර දී ඇත.

එම පහරදීමේදී කාන්තාවගේ අතට බරපතළ තුවාල සිදු වී ඇති අතර ඇය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු අතට මැහුම් 16 ක්‌ දමා ඇත. පසුගිය 28 වැනිදා රාත්‍රි 10 ට පමණ සිදුවූ මෙම සිද්ධියට අදාළ වෛද්‍යවරිය කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස්‌ ඇප මත ඊයේ (02 වැනිදා) මුදා හැර ඇත


සීගිරි කැටපත් පවුරේ ඉංග්‍රීසි අකුරු ලියූ තරුණිය දෙවසරක්‌ හිරේ

(චමින්ද සිල්වා)

සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී වල ඉංග්‍රීසි අක්‍ෂර ලියූ තරුණියකට දඹුල්ල මහෙස්‌ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා විසින් පෙරේදා (02 වැනිදා) වසර දෙකක සිර දඬුවම් නියම කර ඇත.

මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි සින්නතම්බි උදේනි නමැති ඇඟලුම් කම්හල් සේවිකාවකි. මඩකලපුව ප්‍රදේශයේ සිට පිරිසක්‌ සමඟ සීගිරිය නැරඹීමට පැමිණි සැකකාර තරුණිය සීගිරි කුරුටු ගී මත ඉංග්‍රීසි අක්‍ෂර ලියමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පුරාවිද්‍යා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම දඬුවම නියම කරනු ලැබීය.

Tuesday, March 3, 2015

ස්ත්‍රී දූෂණ ආයුධ තහනම් කරනු

 
ෆුල් ෆේස් හෙල්මට් පැලඳ අවුත් මංකොල්ල කෑම් කරන නිසා ෆුල් ෆේස් හෙල්මට් දැමීම තහනම් කිරීමට යහපාලන ආණ්ඩුවේ පොලෝසිය තීරණය කර තිබේ. මේ පොලොස්  කොට්ටෝරුවන්ට මහත්තුරුන්ට ඒ ආකාරයෙන් තහනම් කළ යුතු තවත් උපකරණ කීපයක් මතක් කර දීම යහපාලනයේ අභිවෘද්ධිය පතන කලා මැදිරියා තම වගකීමක් ලෙස සලකයි.

එම නිසා අපි පහත යෝජනා ගරු ගාම්භීර ලෙස ඉදිරිපත් කරමු

1. පාන් කපන පිහියෙන් බඩ කපා මැරිය හැකි නිසා පාන් කැපීම තහනම් කල යුතුය.

2. මාලු කපන පිහියෙන් මිනිසුන් මැරිය හැක. තහනම් කරන්න.

3. අපේ ගමේ මිනිහෙක් උදැල්ලෙන් ගසා ඔහුගේ සතුරෙක් මැරුවේය. වහාම උදලු තහනම් කරන්න.

4. මේ ආකරයෙන්ම පොරව, දෑකැත්ත, මිටිය, නියන , ආදි සියලු උල් ආයුධ තහනම් කල යුතුය.

5. ස්ත්‍රීන් දූෂණය කිරීමට ඉඩ ඇති  නිසා සියලු පිරිමින්ගේ ජුන්ඩා කපා ඉවත් කල යුතුය.