Wednesday, November 14, 2012

අධ්‍යාපනයට 6% කටත් වඩා වෙන් කරයි- නිර්මාල්ට කට උත්තරත් නෑ



අධ්‍යාපනය වෙනුවෙන් දල ජාතික නිෂ්පාදිතයෙන් 6% වෙන් කරන ලෙස ඉල්ලමින් සරසවි ඇදුරන් මාස තුනක් තිස්සේ වැඩ වර්ජනයක නිරත වූ අතර ,රජය එයට කදිම පිලිතුරක් දී තිබේ.

අයවැය ඉදිරිපත් කරමින්  මුදල් ඇමති උතුමාණන් පැවසුයේ අපේ රට අධ්‍යාපනයට දල ජාතික නිෂ්පාදිතයෙන් 4.1 % පමණ වියදම් කරන බවයි. ඒතුමා කියන පරිදි, පිටරටවල ඉගෙන ගන්න යන වියදම්, ටියුෂන් ගාස්තු වැනි දේවල් ද එයට අයිතිය.

ඒ අනුව බලන කල  පෙනී යන්නේ ගියේ අධ්‍යාපනයට සරසවි  ඇදුරන් ඉල්ලු 6%ටත් වඩා අප රට වියදම් කරන බවයි. පහතින් දැක්වෙන්නේ ඒ පිලිබඳ විස්තරයයි.

එතුමා කියන පරිදි ටියුෂන්, පිටරට ඉගෙනුම ජාත්‍යන්තර පාසල් ආදි සියලු දේට 4.1 %

මෙන්න එතැන් සිට

පාසල් යාම සඳහා වෑන් වලට - 3%

ටියුෂන් යාම සඳහා බස් ගාස්තු- 2%

ටියුෂන් යන දවස් වල දවල් කෑම - 4%

ටියුෂන් කට් කර චිත්‍රපටි බැලීමට- 2.1%

ටියුෂන් යාම සඳහා ඇඳුම්වලට-2.3%

ටියුෂන් වල ඉන්ටවල් එකේ සිගරට් බීමට- 4.3%

ටියුෂන් එකේ යාලු වෙච්ච කෙල්ලන්ට චොකලට් අරන් දීමට -8.7%

යාලු මිත්‍රයන් සමග එක්ව සතියකට සැරයක් සූස්ති ඇදීමට- 1.8%

විභාග ඉවර වුනු දා අරක්කු බීමට- 1.2%

රෑට පාඩම් කරන විට නයිට් කඩෙන් කොත්තු කෑමට- 3.56%

ලමයින්ගේ පොකට් මනී වලට- 10%

පිටරට අධ්‍යාපනය සඳහා යන විට ශීත ඇඳුම්වලට- 1.67%

එයාර්පෝර්ට් එකේ දී පීසා කෑමට- 4.5%

ටැක්සියකින් නවාතැනට යාමට- 4.2%

එකතුව 53.4%

තව වියදම් බොහෝ තිබෙන නමුත් සරසවි ඇදුරන්ගේ  6% ඉල්ලීම පසු කර බොහෝ දුර ගොස් ඇති  නිසා මෙයින් නවත්වමි. නිර්මාල් දැන් මොකද කියන්නේ. කට උත්තරත් නෑ නේද?

සටහන- මෙවර අයවැයෙන්   අධ්‍යාපනයට රුපියල් බිලියන 154.2 ක් ද, සෞඛ්‍යයට රුපියල් බිලියන 125 ක්ද වෙන් කරද්දී දැයට කිරුළ ප්‍රදර්ශනයට රුපියල් බිලියන 60ක් ම දී තිබේ. 

6 comments:

  1. ඇයි බන් ටියුෂන් ඉන්ටවල් එකේ නගර සභා පොදු වැසිකිලියට ගොස් රෙන්ඩ - 10%

    ReplyDelete
  2. මාමේ මට ලැම්බෝගියක් ගේන්න ටැක්ස් සෙසන් එක ගනන් බලලා කියනවයි.

    ReplyDelete
    Replies
    1. 6% නෙමෙයි. දෙනවයි කියපු මුකුත් නෑ. මොකක්ද කුණුහබ්බයක් ගැන සඳහනක් තියෙනවලු ජනවාරි වල. එතකන් ඉන්න එපයි ආයිත් පාරට බහින්න.

      Delete
  3. හෙඩිම මෙහෙම නේද එන්න ඕනේ.
    "අධ්‍යාපනයට 6% කටත් වඩා වෙන් කරයි- නිර්මාල්ට කට උත්තරත් නෑ, දීප්තිගේ කට කනේ!ධම්ම දිසානායක හා චරිත හේරත් බැසිල්ව බදාගෙන ඉබි"

    ඒවුනාට මම මේ කල්පනා කරේ මද්යස්ථානයයේ අය කියපු දෘෂ්ටිවාදයේ ජයග්‍රහණය කෝ කියල. (http://centrelk.blogspot.com/2012/10/blog-post_9.html#comment-form)

    ReplyDelete
  4. එස් .බි ගෙන් ඇහුවොත් අනිවා කියනවා දයට කිරුළට දීපු බිලියන 60 වෙන් කලෙත් අධ්‍යාපනයට තමා කියල. මොකද හිතෙන්නේ 6% කියන සටන්පාටය සවිඥානික සමාජයක හොද උනත් ලංකාවේ අමන පාලකයෝ හමුවේ 6% ගොන් පාර්ට් නේද?

    ReplyDelete
  5. ඕවට සල්ලි වෙන්කරලා කොහොමෙයි හොඳ ගොන්නු රැලක් හදාගන්නේ.

    ReplyDelete