Monday, November 5, 2012

වීරවංශ හා වාසුදේව - අයියා මල්ලී වාගේ



 
වීරවංශ ඇමති තුමා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ යුතු යැයි කීම ගැන තමාට හිනා යන බව වාසුදේව ගරු ඇමති තුමා කියා තිබේ. වාසි දේව වාසුදේව ඇමති තුමා එසේ කියා ඇත්තේ වීරවාංශලා අමුඩේ මල පහ වෙන තෙක්  මොන තරම් තැටමුවත් ආණ්ඩුව නම් කීයටවත් 13 සංශෝදනය අත හරින්නේ නැති බව දන්නා නිසාය.

 අපිත් මේ බව මීට කලින් කියා ඇත්තෙමු. මක් නිසාද යත්  අපේ දේශප්‍රේමි ආන්ඩුවේ ප්‍රතිපත්ති තීරණය කරන්නේ ඉන්දියාව ,චීනය බඳු බලවතුන් නිසාය. කවුරු මොනවා කිව්වත් ඉන්දියාව 13 ආපිට හරවන්ට දෙන්නේ නැත. ඒ ගැන සැකක් තියා ගන්ට ඕනෑ නැත.

එසේ නම් වීරවංශලා මෙසේ මෛක්‍රපෝන කෙල වලින් නාවන්නේ මන්ද?

උත්තරය හරි සරලය. ඔවුන් ඒ ඉ‍ටු කරන්නේ මහානුභාවසම්පන්න මහ රාජෝත්තමයානන් වහන්සේ බලු ගැත්තරයන්ට කරන්ට යැයි පවරා තිබෙන කාරියයි.එනම් සතියකට දෙකකට වතාවක් මොකක් හෝ ජිමික් එකක් පෙන්වා මහජන අවධානය තමන් වෙත හරවා ගැනීමය. ඔවුන්ගේ  දේශප්‍රේමී රස්නය අඩු වන්නට නොදී තබා ගැනීමය. 

එවිට ආණ්ඩුව අධිකරණය අල්ලා කණ පිට ගැසුවත්, බඩු මිල අඟහරු ග්‍රහලෝකෙට ගියත්, වංචාව දූෂණය නීති ගත කරත් ,සුදු වෑන් තමාගෙම ගෙදර එවුන් අල්ලා ගෙන ගියත්, පඩි වැඩි කරනු වෙනුවට අඩු කරත් ,  මහජනයාට කමක් නැත. ඔවුන් වීරවංශලාගේ ජිමික් බලමින් දේශප්‍රේමයෙන් ඔද වැඩී ජාතිකාභිමාන ගී ගයමින් සිටිනු ඇත. ඒ වෙනුවෙන් මේ විහිලුවංශලාට ඇති තරම් හරි හම්බ කරගන්නට ඉඩ දී තිබේ. රට සවාරි ලැබේ . ඊට අමතරව උපවාස කරන විට ලෙමන් පෆ් හා තැඹිලි වතුරද ලැබේ .

අපිට නම් ඒ ගැන හිනා යන්නේ නැත. අපිට ඇති වන්නේ දුකකි. ඒ කලක් මහා විප්ලවවාදින් ලෙස පෙනී සිටි උන් අද වැටී ඇති වන්දිභට්ට තත්වය නිසා නොවේ. මුන්ගේ මේ බොරුවලට තවමත් ‍රැවටෙන උන් මේ රටේ සිටින නිසාය.

අනික් කාරණය නම් වීරවංශ ගැන මෙසේ කියන වාසිදේව  , අති භයානක   ඒකාධිපති පාලනයකට  පාර කපන 18 වැනි සංශෝධනයට , කොහෙවත් නැති විදේශ කුමන්ත්‍රණ ගැන වීරවංශලා කියන බයිලා ගිරවුන් මෙන්  පුනරුච්චාරනය කරමින් අත් දෙකම ඉස්සු අයෙක් වීමය.

ගරුතර වාසිදේව මැතිසඳ, ඔබත් විහිලුවංශ තරම්ම ජෝකරයෙකි. ඔබ දෙදෙනාටම ඇත්තේ එකම  ප්‍රශ්නයකි. එනම් විලි ලැජ්ජාව නැති කමයි.

21 comments:

  1. මම මර්වින් සිලවට ගරු කරනවා වාසුලාට වඩා..

    ReplyDelete
    Replies
    1. මේ කථාව වැරදියි , වාසුලගේ ප්‍රතිපත්ති සහ රජය අතර ගැටුමක් තියෙත්දි ඇස් කන් වහගෙන ඉන්න එකේ කැත පේන්නේ ඒ මිනිස්සුන්ට දේශපාලනික ප්‍රතිපත්ති ජාතියක් කවදා හෝ තිබුන නිසා . මර්වින් සිල්වා වගේ ගොබ්බයින්ට කවදාවත් එහෙම එකක් තිබුනේ වත් තියෙන්න තරම් දැනුමක් වත් නෑ , එන ඕනි එකෙකුට වැඳගෙන තමන්ගේ මැරකම් , ජඩ කම් ටික කරගෙන ඉන්න විතරයි දන්නේ . අවුරුදු 15කට විතර පස්සෙ රත්නපුරේ චන්දෙකට ගිය වාසුව මිනිස්සු පත්කරල එවන්නේ ලිස්ට් එකේ ඉන්න අනික් උන්ට සාපේක්ෂව මේ මනුස්සය වැඩක් නොකරම හිටියත් අවම වශයෙන් නරකක් නොකරන නිසා , අනික් අතින් පුලුවන් විදිහට බිම් මට්ටමේදී තමන් ලඟට එන මනුස්සයෙකුට සාධාරණයක් කරන්න ට්‍රයි කරන නිසා ,

      Delete
    2. අපේ පන්සලේ ලොකු සාධු කිව්වා හාවෝ මුවෝ මස් කන්නෙ නැති අහිංසක සත්තු උනාට. උන්ට නිවන් දකින්න බෑ කියලා. නිවන් දකින්න නම් පන්සල් එන්නම ඕනලු.

      Delete
    3. මතලන්ගේ නරුම වාදය.
      පළමු තිසිසය- කොම්පුටර් ඉංග්‍රීසි ඉගෙනගෙන රට පලයල්ලා, රට යන්න බැරි උන්ට හෙමිට හෙන ගහල ගියාවේ.
      දෙවැනි තිසිසය- මර්වින් සිල්වා ගරුකටුතු මහතෙකි.
      තෙවැනි තිසිසය- ජංගි, තනපට, කොට කලිසම් ගැන පොස්ට් දැමීමෙන් හිට්ස් > 4500 ද කොමෙන්ට්ස් > 100 ලබා ගත හැක.

      Delete
    4. ඔය එකක්වත් බැරි උන්ට. සහ ඒ දේවල් කරන උන්ට අපිත් එක්ක ඉරිසියත් අනෝ මහත්තය කොයි ගොඩේද දන්නෙ නෑ

      Delete
    5. මතලන්ගේ නරුම වාදය


      අනිවා ඈනෝ හරි., සිරාවටමයි කියන්නේ මාතලන් මේටිකේ නිකන් මාරයා වගේ.ඵ්ත් ඉතින් ඌට හොදනම් අපිට මොකද?හෑබෑයි නරුමවාදය පස්සේ යනවා වගේ ආතල් නෑ කොලුවෝ නරුමවාදය වෑඩපෙන්නන්න ගත්තහම.ආතල් ඵකට හුරේ දාපු මාතලන්ලගෙයි බෙලි වලත් අනිත් උන්ගේ බෙලි වලත් වෙනසක් නරුමවාදෙට නෑ.

      Delete
    6. @මාතලන්
      මේ අඹ ගසත් අනෙකුත් අඹගසුත් හැර තව බොහෝ ගස් ඇත. අපි අයිති තුන්වෙනි ගොඩට.

      Delete
    7. ලොකු දෙයක් අපි නම් වාසුලා වගේ දවල් මිගෙල් රෑ දනියෙල් නෑ. ජංගි ගැනත් ලියනවා, විප්ලවේ ගැනත් ලියනවා, මහින්ද ගැනත් ලියනවා, රනිල් ගැනත් ලියනවා. පුතා ඇමරිකා යවලා හැන්දෑවට විස්කි එක්ක සිකරට් එක්ක බඩුවක් ගහලා මහින්ද මහත්යගේ සට්ටඹි ජෝබ් එක කරලා රත්නපුරේ ගිහින් බන කියන්නේ නෑ. ඇත්ත ඇති සැටියෙන් කියනවා. එහෙම කියන කොට ඔයාලට දුකයි ඉරිසියයි. අපි ඉතින් කුමක් කරන්නද ඇනෝ. ඔයාලා ප්‍රභුද්ධ විදියටම බොරුවෙන් ජීවත් වෙන්නකෝ. ටටා බායි. ඇති අනේ මෙතනට..

      Delete
    8. සොරි අනේ මට එක දෙයක් අමතක උනා මගේ නම් ආයේ හිතේවත් නෑ ඇනෝ මචෝලා... මෙතනින් ඉවරයි හොඳේ.. කිසි වලියක් නැතෝ..

      Delete
    9. //තා ඇමරිකා යවලා හැන්දෑවට විස්කි එක්ක සිකරට් එක්ක බඩුවක් ගහලා මහින්ද මහත්යගේ සට්ටඹි ජෝබ් එක කරලා රත්නපුරේ ගිහින් බන කියන්නේ නෑ. ඇත්ත ඇති සැටියෙන් කියනවා.//

      උඹ එහෙම වෙන්න ඇති හැබැයි උඹ ගරු කරන මර්වින් කාරය එහෙම නෑ , උඹ කියල තියන ඔක්කොම ඌත් කරනවා , උගේ පුතාට ඇමරිකාවේ නෙමෙයි මොන මල බකාවේ ගිහිල්ලවත් යමක් ඉගන ගන්න පුලුවන් එකෙක් නෙවෙයි , තාත්තා වගේ මී වස්සෙක් . වාසු රත්නපුරේ ගිහින් බණ ගිහින් කියනවා ඇති , අරු අර ඔක්කොමත් කරන ගමන් කැලනියට ගිහිනුත් කුණුහරුප තමයි කියන්නේ

      Delete
    10. මචෝ බුවෝ මට ඔය එකෙක්වත් වැඩක් නෑ. නමුත් මර්වින් කැළණියට කළ සේවයෙන් අබ මල් රේනුවක සේවයක් වාසු සහෝ රත්නපුරේට තියා ගමටවත් කරලා නෑ. වාසුට නෙමේ බන් පබාටත් චන්දෙ නම් හම්බ උනේ. පබා අහවල් එක කලාටද. ඒ වාසු කියන නමට. ඉල්ලන්න කිපන්කෝ කොළඹින්. ඒකනේ රත්නපුරෙන් ඉල්ලන්නේ. ඔය සලකන්නේ මුත්තෙටුවගමලට වාසුට නෙමේ.

      Delete
    11. @මාතලන්
      " පුතා ඇමරිකා යවලා හැන්දෑවට විස්කි එක්ක සිකරට් එක්ක බඩුවක් ගහලා මහින්ද මහත්යගේ සට්ටඹි ජෝබ් එක කරලා රත්නපුරේ ගිහින් බන කියන්නේ නෑ" මාතලන් ඩොප්ද නැට්ට පගිලද, අපි කිවුවද බබා වාසු සුදුයි කියල.ඇයි ඔයා හිතන්නේ සර්වලෝක වාසි සියල්ලන්ම ඔයාටයි ඔයාගේ බ්ලොග් පඩන්ගුවටයි ඉරිසියා කරනවා කියල. මොකද ඔයා බයද අමාරුවෙන් කොටලා කොටලා හද ගත්තු සයිබර් චරිතෙට ගුල්ලෝ ගහයි කියල. ඔයා කියන අමන කතා ප්‍රශ්න කරාම "ප්‍රභුද්ධ" පොල්ලෙන් නෙලන එකනම් ඔයා ඔය දැන් ඉන්න නමටත් නවනින්ගිරාවයි.

      Delete
    12. බලු වැඩ දාහක් කරන ගමන් සේවයක් කලාට ඇති වැඩක් නෑ , කැලණියේ ඉන්න ගොඩක් උන් මර්වින් ගෙ කෙරුවාවල් ගැන කියනවා උඹ නොකීවට . වාසු රත්නපුර දිස්ත්‍රික්කෙට ඇහට පේන්න මොකුත් කරල නැතුව ඇති ඒත් මිනිස්සුන්ට අදටත් උදව් කරනවා , ඒ සල්ලි වලට , පන්දමට නෙවෙයි අසාධරණයක් ඇත්තටම වෙලා තියන මිනිස්සුන්ට . රත්නපුරේන් ආපු අපි දන්න කියන චරිත අරන් බලහන් උන් ඔක්කොටම වඩා මොකුත් නොකරන වාසුව හොඳයි , අනික් උන්ගේ කෙරුවාවල් තමයි ඔය කහවත්ත පැත්තේ තාම පත්තු වෙන්නේ

      Delete
    13. අන්න මචං පොයින්ට් එක වාසු නෙමෙයි එවට කටක් අරින්නේ. හැබයි මර්වින්ලා ගාව ඒ ජරා වැඩ නෑ. එතකොට උඹ කියන්නේ මර්වියා විතරද ඒවා කරන්නේ. අනිත් ඔක්කෝමත් මර්වින්ගේ බෝට්ටුවේ. මෙතනදි උනත් බලපන්. මර්වියාගේ පුතා මරන් කන්න යනවා. මනෝගේ පුතා ගැන නෝ කතා. මතක තියාගනින් මර්විනුත් මිනිස්සුන්ට උදව් කරනවා. ඒක උඹ වාසු ගැන දන්නවා වගේම. මමත් හොඳටම දන්නවා. එකම වෙනස මර්වින් ගේම් දෙන්නේ ටී වී එක්ක ගිහින් ප්‍රසිද්ධියේ. මෛත්‍රිපාල සිරිසේනලා වගේ නෙමෙයි.

      Delete
    14. //අන්න මචං පොයින්ට් එක වාසු නෙමෙයි එවට කටක් අරින්නේ//

      ඒක තමයි වාසුලගේ තියන අවුල , අනික් උන් කරන ඒවා දිහා බලාගෙන කටයි *කයි වහගෙන ඉන්න එක , ඉඳල හිටල කට ඇරියොත් යූ එන් පිය මීට වඩා අන්ත නිසා නිහඬව ඉන්නව කියයි .මර්වින් ප්‍රසිද්ධියේ කරා කියල ඌ අමුතු වීරයෙක් වෙන්නේ නෑ . ප්‍රසිද්ධියෙ කලත් , හොරෙන් කලත් ජරා වැඩේ ජරා වැඩේම තමා , මර්වියගේ ප්‍රසිද්ධියේ වැඩ වගේම අර ගාල් තැන්නේ තක්කඩි වහන්සේ වගේ හොරෙන් ගහන ගේමුත් නැත්තේ නැ

      Delete
    15. මාතලන්,
      "පුතා ඇමරිකා යවලා හැන්දෑවට විස්කි එක්ක සිකරට් එක්ක බඩුවක් ගහලා" මචන් උබ මේ කියල තියන ලිස්ට් එක පොලව පලාගෙන අප ගත වෙන්න ඕන වැරදිද? තමුන් හම්බකරපු සල්ලිවලින් නම් ඔයාගේ ලිස්ට් එකේ තියන කිසිදෙයක් වැරැද්දක් විදියට මටනම් පෙන්නේ නැ. මට නම් පෙන්නේ ජිවිතේ එන්ජෝයි කරන වාසුට ඔය ඉරිසියා කරනවා වගේ

      Delete
    16. ඇති මචෝ හති.... අපරාදේ පෝස්ට් දෙකක් විතර ලියන්න තිබුනා.. හිට්ස් ගන්න ... හික්ස්...

      Delete
    17. උපුටා ගැනීම ත්‍රිමාණ වෙබ් අඩවියෙනි,

      මාලක සිල්වා සහ ටිල්වින් සිල්වා
      සාමාන්‍යයෙන් මර්වින් සිල්වා ඇමතිවරයා සම්බන්ධයෙන් සමාජයට ඇත්තේ මහත් ව්‍යාකූල අදහසකි. එනම් සමහර අවස්ථාවන් හිදී ඔහු කරන වැඩ සම්බන්ධයෙන් විවෙිචනය කරන උදවියම තවත් සමහර අවස්ථාවන්හිදී ප්‍රකාශ කරන්නේ මොනවා වුනත් ඒ මනුෂ්‍යයා වැඩක් කරනවා. යනුවෙනි. මරිවින් සිල්වා ඇමතිවරයාට අනුවම ඔහු ඉතා හොද කීකරු ශිෂ්‍යයෙකු වන නිසා ඔහුව ඕනෑම පාසලක ෙබදවා ගන්නට විදුහල්පතිවරුන් අකමැති වන්නේ නැත. ඔහු කරන්නේ ඒ කාලයේ ජනප්‍රියතම පාසලට ඇතුල් වී තමන්ගේ වැඩක් කර ගැනීමය. ඔහුට එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කියා වෙනසක් නැත්තේ මේ නිසාවෙනි. ඔහුට කොයි ඉස්කොලෙත් එකය.
      පසුගිය දා ටිරාන් අලස් මහතාගේ ‛මවිබිම’පුවත්පත ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සමග සම්මුඛ සාකඡ්චාවක් පවත්වා තිබෙන අයුරු අප දුටිමු. මේ අකාරයෙන් මාලක සමග සාකච්ඡා කරන්නට මවිබිට අවශ්‍ය වන්නේ ඇයි? ජනතාව මාලකගේ මේ සාකච්ඡාවට ආශක්ත වන්නේ ඇයි?
      මේ කාලයේ සැමටම අවශ්‍ය වන්නේ කිසිදු කරදරයකින් තොරව ජීවත් විය හැකි නිදහස් ජීවිතයක් ගත කිරීමයි. අනෙක් අතට තමන්ට කැමති වාහනයක් පාවිච්චි කරමින්, තමන් කැමති කාන්තාවක් සමග සම්බන්ධකම් පවත්වමින්, ලංකාවේ විශාලතම හෝටලයේ පිහිනුම් තටාකයක පිහිනමින්, විවිධ රටවල ආහාර අනුභව කරමින් ජිවත් වන මාලකගේ ජීවන විලාශය පිළිබදව මවිබිම මාධ්‍යවෙිදීයාට සේම කියවන පාඨකයාත් ඇත්තේ ආශාවකි. අපි නොවිදින මොනතරම් නම් සතුටක් විනෝදයක් මාලක විදිනවා ඇත්ද යන්න කල්පනා කරන විටත් අප තව තවත් මාලක සමග අනවරතව බැදෙනවා විනා ඔහුට විරුද්ධ වන්නේ නැත.

      ඇත්තටම මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා සම්බන්ධයෙන් සමාජයෙන් ඇතිවිය යුතු විරෝධය වෙනුවට මොවුන්ගේ ජීවන විලාශයන් දෙසා බලා සතුටුවන නරුමයන් වන්නට ලංකාවේ පුරවැසියන්ට සිදුව තිබේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුල පරමාධිපත්‍ය බලය හිමි තමන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව බදු ගෙවන ජනතාවගේ මුදලින් පිය පරවෙිණී උරුමය විදහා පාමින් සුර සැප විදින උන්ට එරෙහිව හඬ අවධිකරන්නට ලංකාවේ බුද්ධිමත් ජනතාව කටයුතු නොකරන්නේ ඇයි? එක් පිරිසක් එදා වෙිල සරිකර ගන්නට නොහැකිව බඩ ගින්නේ මියදෙන රටක මාලකලා නටන නාඩගම් පත්තර වල පලකරන්නේ මාර ආතල් කතා වශයෙනි.
      සැමට අවශ්‍ය වන්නේ ජනතාවගෙන් අසාධාරණ අයුරින් අය කරන බදු මුදල් වලින් පිස්සු කෙලින උන්ට එරෙහිව සටන් කර පවතින මේ නරුමවාදී ධනවාදී සමාජ ක්‍රමය පරලා දමන්නට නොව මේ ක්‍රමයම පෝෂණය කරන ඇණ මුරිච්චි වන්නටය. කොටින්ම සැවොම ප්‍රසිද්ධියේ මාලකලාට විරුද්ධ බව පවසන අතරම රහසින් කැමති වන්නේ මාලකගේ මිත්‍රයෙකු වී ඔහු විදින විනෝදයෙන් විනෝද පිඬුවක් තමන්ටද භූක්ති විදින්නට අවස්ථාව සලස්වා ගැනීමටය.

      මෙවැනි ලිපි ව්‍යපාරික ටිරාන් අලස්ගේ මවිබිම පුවත්පතෙහි පල වන්නේ සහ ශාලිත වැනි ජ.වි.පෙ සමග වැඩකර මාක්ස්වාදය සම්බන්ධයෙන් තමන්ට යම් වැටහීමක් ඇතැයි සිතන සහෝදරයන් පවා මෙවැනි සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ තවදුරටත් මේ රටේ දේශපාලනය කිරීමෙන් පලක් නොවන බව පවසන්නටද? මෙවැනි සමාජයක් වෙනස් කරන්නට නම් ජනතාවට යටිගිරියෙන් කෑ ගසා ටිල්වින් සිල්වා ආකාරයෙන් හැසිරීමෙන් පලක් නැත.
      ටිල්වින්ලා එසේ හැසිරෙන්න ,හැසිරෙන්න ජනතාව තව තවත් මාලකලාට ආශක්ත වීම වලක්වන්නට බැරිය. ටිල්වින් සිල්වා උගත්ය. මාලක සිල්වා නූගත්ය. ටිල්වින් ජනතාවාදීය-මාලක පවුල්වාදීය, ටිල්වින් සමාජවාදීය-මාලක ධනවාදීය, විල්වින් විවිධ ලිංගික අත්හදා බැලීම් කර නැත-මාලක කරමින් සිටින්නේ හා කරණු ලැබුයේ මේවා පමණි, ටිල්වින් සංකීර්ණය-මාලක අති සරල, ටිල්වින් උත්සහා කරන්නේ පවතින සමාජයට වඩා හොද සමාජයක් නිර්මාණය කරන්නටය- මාලකට අවශ්‍ය වන්නේ පවතින සමාජය තුල උපරිම විනොදයක් භුක්ති විදින්නටය. මේ ආකාරයෙන් මේ දෙදෙනාගේ වෙනස්කම් රාශියක් ලකුණු කරන්ට පුලුවන. නමුත් මේ සමාජයේ මිනිසුන් වැඩිපුරම ආශක්ත වන්නේ ටිල්වින්ට නොව මාලකටය. මිනිසුන් ආශා කරන්නේ ටිල්වින් වගේ වන්නට නොව මාලක වගේ වන්නටය.ලංකාවේ දේශපානය කිරීම විහිලුවක් හෝ පහසු කටයුත්තක් නොවන බව අප පවසන්නේ මේ නිසාය. පහත ලිපිය කියවා මෙය අවබෝධකර ගන්න…http://3mana.com/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B7%83%E0%B7%84-%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83/

      Delete
  2. 13 නැති කරන්නට සැබැ උත්සහයක් දැරුවොත් හොඳ හොඳ සෙල්ලම් කිහිපයක් දැක ගන්නට ලැබෙනු ඇත

    ReplyDelete
  3. දිගටම ලියන්න සහෝ, අදේශපාලනික සර්වපිත්තල බ්ලොග් අවකාශයට දේශපාලනය ගෙන්න. ශුන්‍ය වාදී තකතිරුවන් කිසිදු වෙනසක් සිදු නොකරනු අතර අරමුණක් වෙනුවෙන් සටන් කරන්නන් වෙනස්කම් සිදුකරනු ඇත.

    Most importantly,
    “They may say that you are a dreamer
    But your are not the only one
    We hope some day
    They will join us
    And the
    World will be as one” Let’s say -John Lennon new version

    ReplyDelete
  4. උඹ් හරි .වේසුදේව කියන්නෙ තවත් එක බලු ගැත්තරයෙක් පමණයි.

    ReplyDelete